IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


නියඟය තේ කෝප්පෙත් පෙරළයි

නියඟය නිසා උඩරට හා පහතරට තේ නිෂ්පාදනය පහත වැටී ඇත. නුවරඑළිය කළුගල බ්‍රෝඩ්ලන්ඩ්ස් තේවත්තේ කළමනාකරු නිලන්ත වීරසිංහ මහතා පවසනුයේ පසුගිය දින 48 දීම වැසි නොලැබුණු බවයි.

ජනවාරි හා පෙබරවාරියේ දින 5ක් පමණක් වැසි ලැබුණු බවත් මේ තත්ත්වය ඉතා බරපතල ලෙස තේ නිෂ්පාදනයට බලපාන බව කියති.

දකුණු පළාතේ එවර්ග්‍රීන් සමූහයේ අධ්‍යක්ෂ ඉන්දික නල්ලපෙරුම මහතා පවසනුයේ තේ නිෂ්පාදනය 40%කින් පහත වැටී ඇති බවයි.

බොහෝ වතු වසා දමා ඇති අතර තවත් බොහෝ වතුවල නිෂ්පාදනය අඩකින් පමණ අඩුවී ඇත. නුවරඑළියේ පානීය ජලය ද ප්‍රශ්නයක් වන ලකුණු පෙනෙන්නට ඇත.

 



අදහස් (0)

නියඟය තේ කෝප්පෙත් පෙරළයි

සෞදි සරත් Sunday, 27 March 2016 06:12 AM

රටක මෙවැනි දුර්බික්ශ එනවා පාලකයෝ ධාර්මික නැති නිසා (රේ)

:       0       0

සුරේන් Sunday, 27 March 2016 06:42 AM

රට පාවදෙනකොට ,හාමුදුරුවරු හිර කරනකොට මේවා වෙනවා ,ලෝකේ සතුටු කළාට මේ රට මෙච්චර කලක් රැකලා දීපු සිවුරට අත තිබ්බොත් ආනිසංස කොහොමත් දරුණුයි (බ)

:       0       0

අනු Sunday, 27 March 2016 08:09 AM

සුරේන් - ඒ පව් ගෙවන්න වෙලා තියෙන්නෙ අහිංසක ජනතාවටද? මට මතකයි අපි පොඩිකාලේ වැස්සම මාසයක් විතර යනකන් වත්ත මැදිං සීතල දිය පාරක් ගලාගෙන යනවා අපි නාන්නත් යන්නෙ එතනට ඒත් දැං තිබ්බ ඔකකොම කොටලා බාප්පලා වගා කරනවා ඕකයි හේතුව මිනිස්සු ස්වභාවධර්මය වනසනවා ඉතිං දුක් විදින්න වෙනවා. (ර)

:       0       0

සෑම් Sunday, 27 March 2016 08:30 AM

ලංකාව කොච්චර සුන්දර රටක්ද ?? දින 48 ක් වැසි වැටුනේ නැහැ කියන එක නුවර එලියට ලොකු දෙයක් . නමුත් මම ජීවත් වන නගරයට අවසාන වතාවට හොඳ වැස්සක් වැස්සේ 2011 පෙබරවාරි 10/11 දින දෙකේදීයි. (ර)

:       0       0

ඉන්දු Sunday, 27 March 2016 08:48 AM

දැන් සෑම් කියන්නේ වහින්නේ නැති එක හොඳයි කියලද, සුන්දරත්වයෙන් වැඩක් තියෙනවද මිනිස්සුන්ට බොන්න වතුර ටික නැත්නම්... (ර)

:       0       0

සෑම් Sunday, 27 March 2016 09:12 AM

ඉන්දු , යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් නේ ඔයා කියන්නේ . දින හතලිස් අටක් ( සති හතක්) වැස්ස නැති වුනේ ලංකා ඉතිහාසයේ පළමුවෙනි වතාවටද ?? හැම වසරකම සිංහල අවුරුද්ද ලබන්නේ නියඟයක් සමගයි . ලංකාව වගේ වාසනාවන්ත රටක සති කිහිපයක් වැස්ස නැති වුනත් ඒක නියඟයක් ලෙස සලකනවා. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ උතුරු පෙදෙසට 1992-2006 වසර දාහතරක් හරි හමන් වැස්සක් නැතිව හිටියා . ලංකාවේ ඉන්න මිනිස්සු ලංකාවට ගරහනවා මිසක් තමන් කොයි තරම් වාසනා වන්ත රටක ඉපදිලා තියනවාද කියලා තේරුම් ගන්නේ ලෝකයේ වෙනත් රටවලට ගියාමයි (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 27 March 2016 10:10 AM

සෑම් ඔබගේ කමෙන්ට් එක දැකපුවම පුදුම හිතෙනවා. අපේ ලංකාවත් එක්ක පිටරටවල් සංසන්දනය කරන්න එපා. මේ වගේ නියගයන් ලංකාවට එන්නේ බොහොම කලාතුරකින්. අපේ පළාත්වල දැනටම තේ වතුවල ගන්නම දෙයක් නැහැ. සිංහල අව්රුද්ද කවමදාකවත් නියගයක් එක්ක ලබන්නේ නැහැ. අපේ පලාත්වල ඒ කාලෙට හැමදාම වැස්ස. (ර)

:       0       0

සෑම් Sunday, 27 March 2016 10:29 AM

සුමිත්‍රා බස්නායක , මම ඔබගේ කියමන ගැන පුදුම වෙනවා . මට තාම මතකයි ඉස්සර ලංකාවේ ඉන්න කාලේ (මේ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ) සිංහල අව්රුද්දට බයිසිකල් රේස් වලට වතුර ගහන්න ළිං වල වතුර නැතිව දුර තියන ළිං වලට ගිහිල්ලා පාන්දරම බැරල් වලට වතුර එකතු කරලා ලැහැස්ති වුන හැටි . ඔබයි මමයි කතා කරන්නේ එකම ලංකාව ගැනද කියා හිතෙනවා . හැබයි මම කතා කරන්නේ 1990 ට පෙර ලංකාව ගැනයි . (ර)

:       0       0

ජොහාන් Monday, 28 March 2016 03:55 AM

නැවත වැසි පැමිණියත් මියගිය තේ ගසට යලිපණ දෙන්න හැකිද? පවතින රජය මෙන්ම ස්වාභාව ධර්මයද අපට රිදවයි. පවතින තේ මිලත් සමග අපට යලි හිස එසවීමක් හිතාගන්නටවත් බැරිය.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ දින 5 ක ශෝක කාලයක්
2024 සැප්තැම්බර් මස 29 18 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.


ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 57 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 95 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 207 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 161 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 464 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38002 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site