දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී පසුගිය රජය සමයේ නියෝජ්‍ය ඇමැතිවරයකුට දඩ කොළයක් ලබා දීමෙන් පසු දොඩම්ගොඩ දී පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයාට අල්ලස් කොමිසම දෙවැනි වරටත් නඩු පවරා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
2009 වසරේ මැයි මාසයේසිදුවූ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් වසර පහකට පසු සුමින්ද සමන් නම් එම කොස්තාපල්ට සහ කුමාර දුනුවිල නම් උප පොලිස් පරීක්ෂකවරයකුට අල්ලස් කොමිසමෙන් මුල් වරට නඩු පැවරුවේ කොස්තාපල්වරයා හිටපු නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකරට දඩ කොළයක් ලබා දීමේ සිදුවීමෙන් පසුවය.
පසුගිය වසරේ අප්‍රේල් පළමු වැනිදා මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා මේ දෙදෙනා අධිචෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය.කසිප්පු තිප්පොලකින් ඇල්ලූ කසිප්පු අඩු ප්‍රමාණයක් පමණක් අධිකරණයට ඉදිරිපත් කිරීමට අල්ලස් ඉල්ලීයැයි ගොනු කළ එම නඩුව ද්වේශ සහගත ලෙස ගොනු කර ඇතැයි අධිකරණයේදී කියැවිණි.
එලෙස නිදහස් කර අවුරුද්දකුත් මාස හතරකට පසු පසුගිය අගෝස්තු 19 වැනි දා එම චෝදනාවටම සුමින්ද සමන් නම් එම කොස්තාපල්වරයාට සහ කුමාර දුනුවිල නම් උප පොලිස් පරීක්ෂකට නැවත වරක් මහාධිකරණයේ නඩු පවරා තිබේ.
2014 මැයි 30 වැනි දා දොඩම්ගොඩදී පොලිස් කොස්තාපල්වරයාට පහර දී වාහනය ගිනි තබා තිබුණු අතර ඊට සම්බන්ධ සැකකරුවන් ද මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි පොලිසිය කියයි. දිගින් දිගටම ආ බව කියන බලපෑම් නිසා ඔහු ඉල්ලා අස්වූ අතර 2015 අප්‍රේල් මාසයේ දී යළි ඔහුට රැකියාව ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරේරා, ඔබට කාර් එකක් ගන්න බැරිවුණ පළියට හැම පී සී කෙනෙකුටම කාර් එකක් ගන්න බැරිවෙන්න හේතුවක් නැහැ. (නි)
ඔය කියන දේශපාලක උන්නැහේලා මේ ආණ්ඩුවේත් ඇති (නි)
උසාවියේ කාලය නාස්ති කිරීම සම්බන්ධයෙන්, අල්ලස් කොමිසමේ අදාළ නිලධාරින්ට සුදුසු දඬුවම් ලබා දියයුතුයි
නොදන්නා නිසයි අහන්නේ. එකම චෝදනාව යටතේ දෙසැරයක් චෝදනා කරන්න පුලුවන්ද, මේ විදිහට? දැන් මේකෙන් නිදහස් වුණාමත් අායෙත් නඩු පවරයිනේ! (නි)
අපේ රටේ 90% ක් ම නඩු දාන්නේ තමන්ට සාධාරණය ඉටු කරගන්න නෙමෙයි. කාටහරි කරදර කරන්න, කාගේ හරි ඉඩමක්/පාරක් නඩුව අහනකම් හරි බලෙන් භුක්ති විදන්න, පලිගන්න වගේ දේවල් වලටයි.(ම)
අල්ල ගත කසිප්පු වලට අයිති කරුවෙක් නොමැති නිසා වෙන්දේසි කලබව කියා ඔබ නිදහස් වන්න. අනේ මෙහෙමත් රටක් . (ම)
පුදුමයක් නැහැ, මේ ඇමතිලා දැන් ඉන්න තැන් බැලුුවහම (නි)
පෙරේරාට නම් තවම කාර් එකක් ගන්න බැරිවෙලා ඇති (නි)
අවුරුදු 5ක්වත් හමුදාවේ නොහිටි කෙනෙකුට ටීවී චැනල් පවා තිබුන රටක් මේක (නි)
කොන්ද කෙළින් තබාගෙන රාජකාරිය කරන පොලිස් නිලධාරීන් හට ජනතාවගේ උත්තමාචාරය! බොරුවට නඩු වලට පටලවමින් ද්වේශසහගතව ක්‍රියාකරන දේශපාලුවන් හට මඩු වලිගයේ පිහිට ලැබේවා! (නි)
පිනෑන්ස් කරලා කාර් නම් ගන්න පුළුවන්. නිදහස් වුණ නඩුවට නැවතත් නඩු දමන්නේ ඇයි? (නි)
මේ සම්බන්ධයෙන් නීතිය නවන්න බැරිද? (නි)
නීතියක් නැති දුෂිත දේශපාලනය පිරුණ රටකට කවදා හරියයිද (නි)
පෙරේරා, මොකද ලංකාවේ පොඩි රස්සාවක් කරන කෙනෙකුට කාර් එකක් ගන්න බැරිද? මෙයාගේ බිරිද ගේ රැකියාව, වෙනත් දේපල නිත්‍යානුකූල ආදායම් මෙයාලට තියෙන්නේ බැරිද? මෙතන වෙලා තියන අසාධාරණය ගැන කතා කරන්න. (නි)
අර නෝනා අස්වුණ එක හොඳයිද මන්දා (නි)
සල්ලි තියනවා නම් කොස්තාපල් වෙයිද? කාර් ගත්තේ කොහොමද? (නි)
හිතන්න බැහැ වෙනදේවල් මොනවද කියලා. අල්ලස් කොමිසමෙන් මම දන්නා තරමින් අල්ලස් දුන් කිසිවෙකුට නඩු පවරලා නැහැ. අල්ලස් ගැනීම වගේම අල්ලස් දීමත් වැරැද්දක් නේද? මුලින්ම කරන්න ඕනෑ අල්ලස් දෙන අයව අල්ලලා හිරේ දාන එකයි. එතකොට ඔය වැඩේ තරමකට හෝ නවතීවි. ඔය වැඩේ රටේ හැමතැනම තියන දෙයක්. නමුත් ඔය පරික්ෂාවට යන අයත් ඒ වැඩේ කළොත් කරන්න දෙයක් නැහැ (නි)
මේ වගේ වැඩ හින්දයි ලංකාව 21 වෙනි සියවසේදිත් දියුණුවෙමින් පවතින රටක් වෙලා තියෙන්නේ. දඩ කොළ ලියන පොලිස් නිලධාරීන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කරන ක්‍රමයක් නැද්ද? කොහොමද ආත්ම ගරුත්වය රැකගෙන රැකියාවක් කරන්නේ? (නි)