”අම්මා” චරිතයට ලැබෙන ප‍්‍රතිචාර මොන වගේද?
ඇත්තටම පුුදුමාකාර විදියට යහපත් ප‍්‍රතිචාර ලැබෙන්නෙ. කොච්චරද කිව්වොත් මගේ පුද්ගලික දුරකථන අංකය පවා සොයා ගෙන සමහර අය කතා කරනවා. ඒ චරිතය වෙනස් විදියට ඇති බව, ඒ කතා කරන බොහෝ දෙනා කියනවා. ඇත්තටම පුන්නම්මා වැනි සමහර චරිත කතා කරලා ඒ සතුට ප‍්‍රකාශ කරන්නෙ වඩාත් හැඟීම්බරවයි. ඒ ගැන ලොකු ගෞරවයක් මට තියෙන්නෙ.
ඒ අම්මා නාට්‍ය මාලාවේ අම්මාගේ චරිතය හැර, වෙනත් දායකත්වයන් මොනවද?
දෙරණ විකාශයවන අම්මා නාට්‍ය මාලාවේ රූගත කිරීම් ඉවර කළා. දැන් මේ දිනවල සිරසෙ විකාශය වූ ?ණ ටෙලි මාලාවේ රූගත කිරීම් නැවතත් පටන් ගෙන. මේ සියල්ලට අමතරව මගේ නිර්මාණ කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙනවා.
ඒ කියන්නෙ දැන් නිල්මිණි ටෙලි හා සිනමා අධ්‍යක්‍ෂවරියක්?
ඇත්තටම මම ක්ෂේත‍්‍රයට ඇවිත් රඟපෑම් කරන අතරේ, රඟපෑම් ගැන විතරක්ම හිතුවෙ නැහැ. මම කරන චරිතයට උපරිම කැපවීම කරන අතරේ අනෙකුත් අංශයන් ගැන ස්වාධීනව හැදෑරීම් කළා. සහාය අධ්‍යක්‍ෂණය ගැන හැදෑරීම් පවා කළා. ටී.වී. වෙළඳ දැන්වීම් නිර්මාණකරණයේදී සහාය අධ්‍යක්‍ෂණයෙන් පවා දායක වුණා. නමුත් ඊටත් එහා ගිහින් නිර්මාණකරණය ගැන ප‍්‍රායෝගිකව අත්දැකීම් ලැබුණා. නිරන්තරයෙන්ම නැරඹීම, කියවීම කියන දේවල් මගේ ගෙවී ගිය ජීවිතයට බද්ධ වෙලා තිබුණා. ඒත් මට නිර්මාණකරණයට පිවිසීම ගැන හදිසියක් තිබුණෙ නැහැ. නමුත් මේ වන විට තබා ඇති පරිනත බව වෙතින් මට හොඳ නිර්මාණදායකත්වයක් කළ හැකිය යන විශ්වාසය තිබෙනවා. සුදුසු කාලය එනකල් මම බලා සිටියා. නමුත් පිටින් මට රංගනයට නිර්මාණ නිරන්තරයෙන් ලැබුණු නිසා ටික ටික කල් ඇර ඇර සිටියා.
ඉදිරි කාලයේදී ඔබගේ ගමනාත්ය වන්නේ අධ්‍යක්‍ෂණ අංශයද?
අධ්‍යක්‍ෂණය වගේම නිෂ්පාදන අංශයෙනුත් මම කටයුතු කරාවි.
නමුත් සමහර අය විශ්වාස කරන්නේ ලංකාවේ වින්දනීය ටෙලි කලාව ඉවරයි කියලයි. ඔබ කොහොමද ඒ ගැන හිතන්නෙ?
ඉවරයි වගේ තමයි. ඒත් දැන් මේ ”අම්මා” වගේ ටෙලි නිර්මාණයක් දෙස බලන්න. ඒ ගැන ”දෙරණ” ආයතනයට ස්තූතිවන්ත විය යුතුමයි. මොකද අද විකාශය කෙරෙන බොහෝ නාට්‍ය රේඩියෝ නාට්‍ය වගෙයි. පෙම්වතා, පෙම්වතිය, දුෂ්ඨයා, විකටයා ඔය ඔක්කෝමලා එක්ක ගලා ගෙන යන්නෙ. එසේ තැනිනම් චිත‍්‍රකතා පත්තර වගෙයි. හොඳ නාට්‍යවලට තවමත් තියෙන්නෙ හොඳ අවකාශයක්. ඒකෙ කතා දෙකක්. නැහැ. මේ රටට අවශ්‍ය මිනිස්සුන්ට පොළවෙ පයගහලා සිටින චරිත ඇතුළත් නිර්මාණයි. මම හිතන්නෙ වින්දන චින්තනය කියලා අපි නිතරම රටේ පවතින අපරාධ ගැන විතරක් ප‍්‍රකාශ කිරීම වැරදියි. ඒ වගේ දේ නිසා වෙන්නෙ ඒවා සමාජයේ සාමාන්‍යකරණය වීමයි. අනෙක නරක දේම නිරන්තරයෙන් සමාජගත කිරීම නිසා ඒ දේවල් කරන්න සමාජය පෙළඹවීම වෙනවා වැඩියි. එනිසා වින්දනය කියලා අපි ඕනෑම දෙයක් උලූප්පාගෙන කලාව කිරීම වැරදියි.
ඔබ කොහොම කිව්වාත්, අද විදේශීය නාට්‍ය රූපවාහිිනී චැනල් අරක්ගෙන. මිනිස්සු ඒවා ආසාවෙන් නරඹන්නෙ?
එහෙම වෙන්නෙ නිරන්තරයෙන් මිනිස්සුනට ඒවා ලබාදීම නිසයි. ඉතින් එයාලා ඒ දේවල්වලට ඇබ්බැහි වෙනවා. අපි අතීතයට හැරෙමු. අපි රඟපෑ නාට්‍ය සෑම එකක්ම වාගේ අති සාර්ථක වුණේ නැද්ද? වුණා. ඒවා ප‍්‍රමිතියකින් කළ නිසයි එහෙම වුණේ.
ඔබ කිව්වා, ඔබ කියවීමට, නැරඹීමට සහ ශ‍්‍රවණය ආදී බොහෝ දේට සමීපයි කියලා. ඒ විදියට කියවා, නරඹා ජීවිතයට ලබා ගත්ත දේ මොනවද?
ඇත්තටම රංගනය අංශයෙන් මම ඒ නිසා ගොඩාක් සාර්ථකයි කියලා හිිතනවා. මම එහිදී කවුරුවත් අනුකරණය කරන්න ගියේ නැහැ. නමුත් ස්වරණා මල්ලවාරච්චි කියන චරිතය මම එක වකවානුවක රංගන ගුරුවරියක සේ ආභාෂය කරගත්තා. ජූලියා රොබර්ට්ස්ගෙ, රේවතීගේ රංගන ශෛලියට, මම ආසයි. ගෙවීගිය ජීවිතයේදීත් වගේම ඉදිරියේදීත් මගේ රංගන විෂයට මම කම්මැලිවන එකක් නැහැ. මගේ උපරිම කැපවීම කරාවි.
කැමතියි ඔබගේ ”ජීවිතය” ගැනත් යමක් කියනවා නම්?
මවක් ලෙස, ගැහැණියක ලෙස සාර්ථකයි. පුන්නම්මා වගේ ධෛර්යවන්ත චරිතයක් කියලා හිතනවා. තමුන්ගෙ දියණිය සඳහා අනාගතය ගැන හිතමින් නම්බුකාර විදියට ජීවත්වන බව මගේ හෘද සාක්‍ෂිය දන්නවා.
ඔබට ඔබගේ ජීවිතය ඇතුළේ චරිත කීපයක්ම ඔබට කරන්න වෙලා තියෙනවද? තනි ගැහැණියක ලෙස?
සෑම චරිතයකටම මුහුණ දෙන්න වෙලා තියෙනවා තමයි. අවුරුදු ගාණනක් තිස්සේ මට එහෙම වුණා. නමුත් කවදාවත් මම ඒ නිසා හඬා වැටුණේ නැහැ. තවත් ශක්තිමත් වුණා. ඉස්සර මට ඩ‍්‍රයිවින් බැහැ. හරිම බයක් තිබුණෙ. ඒත් හිත ධෛර්යවන්ත කරගෙන තනියම මම ඩ‍්‍රයිවින් ඉගෙන ගත්තා. මගේ ජීවිතය ඒ වගෙයි. මට හිතෙන්නෙ මම පිළිවෙලයි කියලයි.
කොහොමද ඔබගෙ ”සැලෝන්” ඒකේ වැඩ කටයුතු?
සුපුරුදු පරිදි රූපලාවන්‍ය අංශයේ වැඩ කරගෙන යනවා. එහිදී ඉක්මන් ගමනක් මට ඕනෑ වුණේ නැහැ. බොහෝ දේ දෙස්xවිදෙස් වශයෙන් ඉගෙන ගත්තා. ස්වභාවිකත්වයට වඩා සමීප වූ රූපලාවන්‍ය කලාවක් තමයි මගෙන් සිදු වන්නෙ. ඊට පිටුපා යන කිසිවක් කරන්නෙ නැහැ. නියම රූපලාවන්‍ය කලාව කියන්නෙත් ස්වභාවිකත්වයට සමීප වූ කලාවටයි.
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ශි
මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර
අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.
හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති
පානදුර පල්ලියමුල්ල දී අද (30) අලුයම පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නරක දේ සමාජගත කිරීම වැරැුදි වැඩක්
කාන්ති Monday, 23 March 2015 07:24 AM
ජීවිතයේ වැරදුන හැමතැනක්ම පන්නරයක් කරගග්න්න. ඔබට ජය.(ත)
අමාලි Thursday, 26 March 2015 06:23 AM
අපි ඹයාට හරි ආදරෙයි. එත් අනේ ම්හින්දට කඩේ යන්න එපා. එයා හොඳ පාලකයෙක් නෙවෙයිනේ. එයා මහ හොරෙක්. හොරෙක්ව ආයෙ රජ කරවන්න හදන්න එපා. ඹයාට අපේ හිතේ තියෙන ආදරයත් ගෞරවයත් නැතිවේගන යනවා ඒවා දැක්කම. (ස)
සුමිත් Wednesday, 11 March 2015 09:49 PM
ඔබට ජය! (නි)
සමන් Thursday, 12 March 2015 05:12 AM
නිල්මිනි ඔයාගේ රගපෑම, අම්ම ටෙලි නාට්‍යයේ හරි ලස්සනයි. ඔයා හරි ටැලන්ටඩ්. සුබ පතනවා! (ර)