නොරොච්චෝලේ තාප බලාගාරයෙන් ඉවත් කරන ගල් අගුරු කුඩු හා අළු නිසා අවට ගොවි බිම්වලට, නිවාස වලට හානි පැමිණ , පවුල් 300ක් පමණ අසරණ වී ඇති බව කියති.
මේ ගල් අඟුරු කුඩු හා අළු මහ මුහුද ආසන්නයේ ගොඩ ගසා ඇති අතර ඒවා වාරකන් කාලයට මුහුදු සුළං සමග ගොඩබිමට බිම දිසාවට ගසාගෙන එයි.
මේ නිසා තම බත් ටික උයා කෑමට පවා අසීරුවී ඇති බවත් , තම දරුවන්ගේ පාසල් ඇදුම් එළියේ වේලා ගැනීමට පවා නොහැකි වී ඇති බවත්, බලාගාරය හදන විට මේ තත්වයන් වළක්වා ගැනීමට විවිධ ක්‍රම මෙම ව්‍යාපෘතියේ අඩංගුවී තිබු නමුත් ඒවා බලධාරින් නිසි ලෙස ක්‍රියාත්මක නොකීරීම නිසා මේ තත්ත්වය දිනෙන් දින වර්ධනය වන බවයි ජනතාව පෙන්වා දෙන්නේ. තම වගාවන් දිනෙන් දින හානි වන බවත්, මේ තත්වයට ඡලය ඉසීම , වැලි දැමීම වැනි තාවකාලික ක්‍රම භාවිතා නොකොට ස්ථීර විසඳුමක් නොලැබුණුහොත් ගම්වාසී විවිධ රෝගා බාධකවලට ලක්වී මිය යනු ඇතැයි ඔවුහු කියති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දේශපාලුවන්ට වාසි නිසා කරන වැඩ. ලෝකයේ අනිත් රටවල් ගල් අගුරු බලාගාර වහගෙන වහගෙන යනවා. අපේ දේශපාලුවෝ කොමිස් ගන්න පරණ අටමගල් මෙහාට ගේනවා. වියදමයි, පරිසර දුෂණයි අපට ඉතිරිවෙන්නේ. අනිත් රටවල් සෝලා පවර් සහ අනෙකුත් ක්‍රම වලට මාරුවෙනවා. ඒවා වැසි නිසා. අනේ මන්ද, කවද ලංකාවට සෙතක් වෙයිද කියල (බ)
සියල්ල සිදුවී ලේ ගැලීම් වලින් හමාර වෙන්න පෙර, මේ අපද්‍රව්‍ය යොදාගෙන කළහැකි අතුරු නිෂ්පාදනයක් සදහා තාක්ෂණ විශේෂඥයින්ගේ මනස යොමු කිරීම මැනවි. (බ)
ඔය තියෙන්නේ ආණ්ඩුව කරන අයගේ වැඩ. දූෂණ වැඩනම් දක්ෂ ලෙස කරනවා (නි)
මේවා ප්‍රතිචක්‍රීකරණය කරන ක්‍රමයක් ළඟදීම හොයාගනියි. එදාට හොඳ මිලකට මේවා විකුණයි. (නි)
කවුද සැපයුම්කරු? උත්තරයක් ඕනෑ. පාවිච්චි කරන ගල් අඟුරු තත්වයෙන් බාලද? (නි)
මේක පත්තරේ දාපු එක හොඳයි. දැන් පත්තරේ බලලා රටේ ප්‍රශ්න දැන ගන්න අයට මේකට විසදුමක් දෙන්න පුළුවන්.(හේ)
කවුද මේක ලංකාවට ගෙනාවේ. ගෙනල්ල මහා ලොකුවට බෝඩ් ගහලා කිව්වේ අපි තමයි සංවර්ධනය කලේ කියලා.(හේ)
ගිය ආණ්ඩුව මේක හැදුවේ නැත්නම් පක්ෂ භේදයක් නැතුව කළුවරේ ඉන්න තිබුණා. අඩු ගණනේ මේ ආණ්ඩුවෙන් වත් මෙයට වැඩ පිළිවලක් යොදන්න. මේකට බැනල හරියන්නේ නැහැ. (බ)
ගල් අඟුරු තාප බලාගාර යනු යල් පැනගිය ක්රමයකි එවැන්නක් හැදුවේ කාගේ වුවමනාවට දැයි සෙවිය යුතුය .(ම)