IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


නර්ථනයෙන් දස්කම් පෑ දරු දැරියන්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් සම්මාන

_DSC0661

_DSC0702

_DSC0707

_DSC0729

_DSC0736

_DSC0739

_DSC0740

_DSC0748

_DSC0751

_DSC0775

_DSC0811

_DSC0927

_DSC0932

_DSC0947

_DSC0954

_DSC0963

 

 

ශ්‍රී ලංකා නිදහස් දිනය උදෙසා පැවැති විශේෂ සංස්කෘතික සංදර්ශනය සහ කටාර් ජාතික දිනයට සමගාමීව පැවැති ප්‍රජා සංස්කෘතික උළෙලයන් සඳහා සහභාගීවූ ශ්‍රී ලංකා නර්ථන කණ්ඩායම නියෝජනය කළ දරු දැරියන්ගේ දක්ෂතා ඇගයීම සහ ඔවුන්ට සම්මාන ප්‍රධානය කිරීමේ උත්සවයක් පසුගියදා තානාපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණි.


ශ්‍රී ලංකාවේ කටාර් තානාපති මහාචාර්ය ඩබ්ලිව්. එම්. කරුණාදාස මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.


සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් සහ ජාතික ගීය ගායනය කිරීමෙන් පසුව ආරම්භ වූ උත්සවයේ පිළිගැනීමේ කතාව පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවානියුක්ත සහ සුබසාධන උපදේශක ඒ. කේ. යූ. රොහණ මහතා විසිනි. ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුවේ  සභාපති ටෙනිසන් සිල්වා සහ ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුවේ ලේකම් උපාලි ලියනගේ යන මහත්වරුන් විසින් මෙවැනි සම්මාන ප්‍රදානයක් පැවැත්වීමේ අරමුණ රැස්ව සිටි පිරිසට පැහැදිලි කරනු ලැබීය.


ඉන් අනතුරුව ස්ටැෆර්ඞ් ශ්‍රී ලාංකික පාසලේ හසිනි පෙරේරා සිසුවිය විසින් “අපේ නිදහස් දිනය” යන මැයෙනුත් දිනූ රංගායතනයේ නෙතුනි සන්දනායක සිසුවිය විසින් “මගේ රට ශ්‍රී ලංකාව” යන මැයෙන් කතා පවත්වනු ලැබීය.


ඉන් අනතුරුව සභාව ඇමැතූ තානාපති මහාචාර්ය ඩබ්ලිව්. එම්. කරුණාදාස මහතා එම සිසුවියන් දෙදෙනාගේ කතා බෙහෙවින් අගය කළ අතර කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකික දුවා දරුවන්ගේ සැඟවුණු දක්ෂතා ඔප් නැංවීම මෙම සම්මාන ප්‍රදානයේ ප්‍රධානම අරමුණ බවද අවධාරණය කළේය.


කටාර් ජාතික දින සංස්කෘතික උළෙලේ නර්ථන අංශයෙන් ශ්‍රී ලංකා නැටුම් කණ්ඩායම නියෝජනය කළ සිසු සිසුවියන්ට සහ ශ්‍රී ලංකා නිදහස් දින විශේෂ සංස්කෘතික සංදර්ශනය වෙනුවෙන් නර්ථනයෙන් සහභාගීවූ ස්ටැෆර්ඞ් ශ්‍රී ලංකා පාසලේ සිසුවියන් හා සාමාජිකයන්ට සහතිකපත් සහ සම්මාන ප්‍රධානය කෙරුණි.


මීට අමතරව නර්ථනය පුහුණු කළදිනූ රංගායතනයේ රනී පතිරණ දිනුක් ලියනගේ සහ ස්ටැෆර්ඞ් ශ්‍රී ලාංකික පාසලේ ඉනෝකා ලසන්ති මුනින්ද්‍රාස යන ගුරුවරියන්ටද සම්මාන ප්‍රධානය කෙරුණි. ශ්‍රී ලංකාවේ කටාර් තානාපති මහාචාර්ය ඞ්බ්ලිව්. එම්. කරුණාදාස, සේවානියුක්ත සහ සුබසාධන උපදේශක ඒ. කේ. යූ. රොහණ, තෙවැනි ලේකම් අමුනුල්ලා, ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුවේ ටෙනිසන්, ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රධාන සම්බන්ධීකාරක රංජිත් ගුරුසිංහ, ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුවේ භාණ්ඩාගාරික රොෂාන් බාලසූරිය, ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුවේ සුබසාධක සභාපති පැන්ටලියන් පෙරේරා සහ උප භාණ්ඩාගාරික ලක්මාල් යන මහත්වරුන් විසින් මෙම සම්මාන ප්‍රධානය කළේය. 


එසේම, කටාර් ජාතික දිනය වෙනුවෙන් පැවැති සංස්කෘතික උළෙලේදී ශ්‍රී ලංකාවේ ඉදිරිපත් කිරීම් වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් සහ මානව හිමිකම් දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් සම්මාන තුනක් ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ඩබ්ලිව්. එම්. කරුණාදාස මහතා වෙත පිළිගැන්වීමද එදින සිදුකෙරුණි. මෙම සම්මාන තුනම කටාර් අභ්‍යන්තර අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුව හරහා කටාර් හි ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත ලබාදී තිබුණි.



අදහස් (0)

නර්ථනයෙන් දස්කම් පෑ දරු දැරියන්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් සම්මාන

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 109 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1362 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2815 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1759 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2964 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38549 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site