IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


නිරෝධායනය නොවී සැඟව සිටි 400 ක් බාරවෙති

 

(ඉන්දිකා රාමනායක)

නිරෝධායනයට ලක් නොවී  සැගව සිටි මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ  සේවක පිරිසට වහාම පැමිණ ඉදිරිපත් වන ලෙසට පොලිසිය ඊයේ (8) සහ පෙරේදා (7) කර තිබු නියෝගයට අනුව සේවකයින් 400 ක් පමණ පිරිසක් පැමිණ සිටි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මොවුන් ගම්පහ, කැලණිය හා පෑලියගොඩ ස්ථාන 24 ට පැමිණි සිටි බව අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් සාපේෂක දන්ත, බුද්ධි අංශ හා වෙනත් වාර්තා වලට අනුව නිරෝධායනය නොවී සිටිනේනේ තවත් සේවකයන් කිහිප දෙනකු පමණක් බවට වාර්තා වී ඇතැයි ද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

එම පිරිස කොළඹ ප්‍රදේශයේ පිට සිට එම පොලිස් ස්ථාන වලට තමන්ගේ විස්තර දැනුම්  දෙන්නට ඇති බවට සැකකරන බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මෙතෙක් නිරෝධායන යොමු නොවු කිහිප දෙනෙක් හෝ සිටීනම් ඔවුන් වහාම සිටින නිවසේ  සිට තමන් මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවක කළ සේවයයකු බව පවසා පොලිසියට දැනුම් දිය යුතු බවද අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම සේවකයන් නිරෝධානය ක්‍රියාවලිය සදහා අනුගත වීම සදහා ලබා දුන්  කාලය  ඊයේ (8) දින අවසන් දිනය බවත් මෙම නියෝගය පැහැර හරිමින් යම් කිසි පුද්ගලයකු කටයුතු කරන්නේනම්  ඔවුන්ට  නිරෝධායන නීතිය යටතේ දැඩි ක්‍රියා මාර්ග ගන්නා බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය.



අදහස් (7)

නිරෝධායනය නොවී සැඟව සිටි 400 ක් බාරවෙති

Prasad Thursday, 08 October 2020 04:05 PM

අහිංසක මිනිස්සුන්ට බණින්නේ නැතිව වැරැද්ද කරපු ෆැක්ටරි කාරයාට නීතිය ක්‍රියාත්මක කරන්න.

:       15       50

Prabha Thursday, 08 October 2020 04:45 PM

මේ කාටහරි රෝගය වැළඳී තිබෙනවානම් ඒ අය කරලා තියෙන්නේ තමන්ගේ පවුල්වල අය අනතුරේ හෙලීමක් කියලා තේරුම්ගන්න ශක්තියක් නැතිවීම ගැන කණගාටුයි.

:       1       55

විජිත් Thursday, 08 October 2020 05:05 PM

මේ අය මිනිමරලාවත්, හොරකම් කරලාවත් , කුඩු බිස්නස් කරලාවත් නොවෙයි .." මේ මොකක්ද වුනේ ? " වැනි හදිස්සියේ හිසට කඩාගෙන වැටුන හෙන ගෙඩියකින් කම්පාවටත් මම මොනවාද කරන්නේ..? ගෙදර දරුවන්ට කන්න දෙන්නේ කොහොමද..?...වැනි දහසක් ප්‍රශ්න අතරේ සිරවී මැරි මැරී දවසක් දෙකක් සමාජයෙන් දුරස්වී සිටි, ඔබත් මමත් වගේම මිනිසුන් ,ගැහැනුන් කණ්ඩායමක්. සමහරවිට ඒ අයගෙන් කීප දෙනෙකුට අසාදනය වෙලා තිබෙන්නටත් පුළුවන්. මිනිස්සු කැමැත්තෙන් ලෙඩ රෝග වැළඳ ගන්නේ නැහැනේ. ලෙඩ රෝග අප කරා එනවා. එතැනදී දුප්පත් ,පොහොසත් ,සිංහල, දෙමල, මුස්ලිම් , ආගම බේද ,කුල බේද මොනවත් බලපාන්නේ නැහැ. සැපේදී වගේම දුකේදීත් ඔබ ඔබේ සහෝදර සහෝදරියන් ,නෑයින්, හිතමිතුරන් අමතක කරන්න එපා.

:       53       11

swarna hanauer Thursday, 08 October 2020 06:29 PM

තවත් පමා නොවී පැමිණීම ගැන ස්තුතියි. සියලුම දෙනාගේ ආරක්ෂාව ගැන සිතන්න.

:       0       25

anil kumara Friday, 09 October 2020 02:53 AM

මේ මිනිසුන් වැරැදි කරුවන් කරන්න කළින්, කොරෝනා අස්සේ මැතිවරණ තියපු, කොරෝනා අස්සේ මළගෙවල්වල සංදර්ශන දාපු අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න.

:       0       4

Asanka Friday, 09 October 2020 05:18 AM

මුලු රටේම ජනමාධ්‍ය මේ මිනිස්සුන්ගේ නම්ගම් ඇතුව කැමරා දික්කරගෙන, තුවක්කු දික්කරගෙන පෝලිම් ගස්සලා බස්වල නග්ගනකොට කොහොමද සමාජෙට මුහුණ දෙන්නේ... එහෙන් කට්ටියක් පද හදනවා. තව කට්ටියක් බණිනවා ලෙඩ හදාගත්තා කියලා. ලංකාවේ මිනිස්සුන්ගේ පටු ආකල්ප නිසා තමයි මෙහෙම හැංගෙන්නේ. ඒක තේරුම් ගන්න.

:       0       6

sampath Friday, 09 October 2020 11:35 AM

උස් තැන් දැක හැකිලෙන්නේ.., මිටි තැන් දැක පුප්පන්නේ... මගේ පුතා දොයියන්නේ කියලා තමයි කියන්න තියෙන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 14 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 22 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 740 0

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


දුම්රියෙන් වැටී තරුණයකු මරුට
2024 නොවැම්බර් මස 18 225 0

හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.


දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 271 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 150 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1809 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site