මෝස්තර නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි ශානි දුලාංජී මේ වනවිට වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා බොහොමයක් තුළින් අප හමුවට එයි. නිරූපණ ක්ෂේත්‍රය තුළ මෙන්ම කලා ක්ෂේත්‍රය තුළද දිගු ගමනක් යාමට අපේක්ෂා කරමින් සිටින දුලාංජී 'සාරවිට' අප සමගින් මෙලෙස සිය කලා කටයුතු පිළිබඳව අදහස් දැක්වුවෙමු.
ක්ෂේත්‍රයට ආවේ?
ක්ෂේත්‍රයට ඇවිල්ලා නම් වැඩි කාලයක් නැහැ. පුංචි කාලෙ ඉඳලා මගේ තිබුණ හීනයක් තමයි නිරූපිකාවක් වෙන එක. පාසල් අධ්‍යාපනය නිමාවත් සමග මම ක්ෂේත්‍රයට යොමු වුණා.
ඊට පස්සේ?
ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිල්පිනියක වන රොසෑන් ඩයස් මහත්මියගේ ඇකඩමියට සම්බන්ධ වෙලා නිරූපණය පිළිබඳව හැදෑරීම් කළා. ඊට පස්සෙ තමයි නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට යොමු වුණේ.
කලා කටයුතුවලට ඔබේ දායකත්වය?
දැනට වෙළෙඳ දැන්වීම් වගේම ගීත රූප රචනා කිහිපයකටම දායක වෙලා ඉඳලා තියෙනවා. ගොඩක්ම කරලා තියෙන්නේ ෆෝටෝ ෂුට්වලට පෙනී සිටීම. ඊට අමතරව මෝස්තර නිරූපණ දැක්මන් බොහෝ ප්‍රමාණයක් සඳහා දැනට දායක වෙලා තියෙනවා.
මේ දිනවල?
මේ දිනවල 'මිස් ස්කූබා' ෆැජන්ට් එකට සහභාගී වෙලා ඉන්නවා. එම තරගයේ ඉදිරියට යන්න තමයි දැනට මගේ ලොකුම ඉලක්කය වෙලා තියෙන්නේ.
නිරූපිකාවක් වුණ එක ගැන?
ගොඩක් සතුටුයි. නිරූපිකාවක් විදිහට මට ලොකු ඉලක්ක තියෙනවා. දේශීය වගේම විදේශීය නිරූපණ දැක්මන් සඳහා සහභාගී වෙලා රටට කීර්තියක් අත්කර දෙන්න තමයි බලාපොරොත්තුව. ඒ වගේම ලංකාවේ සුපිරි නිරූපිකාවක් වෙන්නත් ලොකු ආසාවක් තියෙනවා.
ක්ෂේත්‍රය තුළදී?
මේ ගමන එන්න ගොඩ දෙනෙක් මට උදව් කළා. ඒ හැමෝටම ස්තුති කරනවා. ගොඩාක්...
බුද්ධික සේනාධීර/ඡායාරූප රොමේෂ් ධනුෂ්ක
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිරූපිකාවක් විදිහට රටට කිර්තියක් ගේනවා