IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


නිරූපණ ක්‍ෂේත්‍රය පිළිබඳ මිනිස්සු හිතන විදිහ අපට වෙනස් කරන්න බෑ

2016-12-28-ent-70

රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙස කලා ක්‍ෂේත්‍රයට අත්පොත් තබන ඇය නිරූපණය ප්‍රගුණ කරමින් නවක යොවුන් නිරූපිකාව ලෙස ක්‍ෂේත්‍රයට පිවිසෙන්නීය. නමින් තනුලි ලකේෂා වන ඇය, නිරූපණය හා රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙස ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව පැවසීමට ‘සාරවිට’ ආලින්දයට ගොඩවැදුණේ මෙලෙසිනි.

 

ඔබ ගැන හැදින්වීමක් කළොත්?

2016-12-28-ent-67මගෙ නම උමේෂා හංෂනී. නමුත් මාව ක්‍ෂේත්‍රයේ හඳුන්වන්නෙ තනුලි ලකේෂා නමිනි. දැනට මම වෘත්තීමය රූපලාවණ්‍ය ශිල්පිනියක විදියට නිරූපණ ක්ෂේත්‍රයේ නියැළිලා සිටිනවා.

 

ක්ෂේත්‍රයට පැමිණීම?

මම නිරූපණ ක්ෂේත්‍රයට පිවිසුණේ උසස්පෙළ කරන කාලෙදීමයි. ඒ කියන්නෙ දැනට අවුරුදු එකහමාරකට කලින්.

 

වෘත්තියක් ලෙස රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තෝරාගැනීමට හේතුව‍?

මම ඒ සඳහා යොමු වෙන්නේ විනෝදාංශයක් ලෙස. නමුත් දැන් ඒක මගේ වෘත්තීය ලෙස කරගෙන යනවා.

 

සමාජය තුළ නිරූපණ ශිල්පිනියන්ට තියෙන පිළිගැනීම අඩුයි. එහෙම තත්ත්වයක් තියෙද්දිත් මේ ක්ෂේත්‍රයට පෙළඹෙන්න හිතුවෙ ඇයි?

මිනිස්සු හිතන විදිය අපිට වෙනස් කරන්න බැහැ. මිනිස්සු විවිධාකාරයි. විවිධ ක්ෂේත්‍ර ගැන විවිධ කතා කියනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නෙ නෑ මේ ක්ෂේත්‍රය ගැහැනු ළමයෙකුට හොඳ නැහැයි කියලා. ඒ වගේම තමයි ඉතාමත් විනෝදයෙන්, සතුටින් නියැළිලා ඉන්න පුළුවන් හොඳ ක්ෂේත්‍රයක්.

 

ඔබගේ වෘත්තීයත් සමග කාලය කළමනාකරණය සිදුවෙන්නේ කොහොමද?

පොඩ්ඩක් කාලවේලාව වෙන්කරගන්න අමාරුයි. නමුත් මගේ ආයතනය සහ ආයතනයේ හැමෝගෙම සහයෝගය නිසා මට ඒ සඳහා කාලය වෙන්කරගන්න අවස්ථාව ලබාදීලා තියෙනවා.

 

ඔබ දායක වුන නිර්මාණ කටයුතු ගැන කතා කළොත්?

නිර්මාණ කීපයකට සහභාගි වුනා ඒ අතරින් හිරු ආයතනයේ ‘සයිබර් ටයිම්’ විශේෂයි. වෙළෙඳ දැන්වීම් ඇතුළු තවත් නිර්මාණ කිහිපයකට මම දායක වුණා. ඒ වගේම විවිධ නිර්මාණ සඳහා ඇරයුම් ලැබෙනවා. ඉදිරියේදී ඒ දේවල් දැකබලාගන්න මගෙ රසික රසිකාවියන්ට පුළුවන් වේවි.

 

ඔබගේ වැඩි කැමැත්ත නිරූපණයටද? රංගනයටද?

නිරූපණය කියන්නෙ හැමෝටම කළ හැකි දෙයක් වුණත් එය මනාව අවබෝධකරගෙන කළ හැකි පිරිස ඉතා අවමයි. ඒ නිසා මම ගොඩක්ම කැමති නිරූපණයට.

 

ඒ කියන්නේ රඟපෑමට ඇරයුම් ලැබුණොත් භාරගන්නේ නැද්ද?

මම කැමතියි. ඒ සඳහා ආරාධනා ලැබුණොත් මම අනිවාර්යයෙන්ම භාරගන්නවා.

 

නිරූපණය සඳහා දායක වෙද්දී ගෙදරින් ලැබෙන සහයෝගය මොනවගේද?

අද මම යම් තැනක ඉන්නවානම් ඒ මගේ අම්මා නිසා. ඒ නිසා මගේ අම්මාව විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මගෙ හැමදේකටම ළඟින් ඉඳලා අම්මා මට ගොඩක් ලොකු ශක්තියක් වෙනවා.

 

ඉදිරි වැඩකටයුතු?

ලංකාවේ තියෙන හොඳම විලාසිතා දැක්මට (Pageant) මුහුණදීලා ඒවෙනුවෙන් කාලය වැයකරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

 

මතක් කළ යුතු පිරිසක් ඇති?

මගේ අම්මාව ගොඩක් මතක් කරන්න ඕන. ඒ වගේම තමයි මේ ක්ෂේත්‍රයට එන්න මගේ යාළුවෝ, මගේ ආයතන ප්‍රධානියා ඇතුළු කාර්යමණ්ඩලයේ සියලුම පිරිස, දර්ශන අයියා, දුමින්ද අයියා මේ සඳහා මට නොඅඩුව ශක්තිය ධෛර්යය දෙනවා. ඒ අයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

 

2016-12-28-ent-69
2016-12-28-ent-68
2016-12-28-ent-66
2016-12-28-ent-63
2016-12-28-ent-64
2016-12-28-ent-65



අදහස් (0)

නිරූපණ ක්‍ෂේත්‍රය පිළිබඳ මිනිස්සු හිතන විදිහ අපට වෙනස් කරන්න බෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 162 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1018 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 544 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3415 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2549 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4553 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site