IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


නිරූපණ ක්ෂේත්‍රය ලස්සන තැනක්

2016-07-19-ent-23

මෙවර "සාරවිට" තරු කතාබහ ඇරඹෙන්නේ මේ දිනවල දකින වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා කිහිපයකින්ම ඔබ දකින රශ්මි ප්‍රභා සමගිනි. රූපවාහිනි ආයතන කිහිපයකින් සංවිධානය කළ "අවුරුදු කුමරි" තරග ජයගනිමින් නිරූපණ ක්ෂේත්‍රයට අවතිර්ණ වූ ඇය මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රය තුළ නමක් දිනාගෙන සිටින්නීය.

 

නිරූපිකාවක් වුණේ?

2016-07-19-ent-24නිශා මනහරි හා රිචා ලියනගේ අක්කලා මාව හැඩගන්වලා මනාලියන් දැක්මවල්වලට ඉදිරිපත් කළා. මනාලියක් ලෙස හැඩ වෙලා තරගවලට ඉදිරිපත් වෙන කොට නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු කරන පිරිස් හඳුන ගන්න පුළුවන් වුණා. ඒ හරහා තමයි නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට එන්න මාවත සැකසුණේ. හරියටම මම නිරූපණ ක්ෂේත්‍රයට පිවිසියේ 2009 අවුරුද්දේ.

 

ඔය අතරේ ඔබ ඉදිරිපත් වුණා නේද "අවුරුදු කුමරි" තරගවලට?

"අවුරුදු කුමරි" තරගවලට ඉදිරිපත් වෙන්න කලින් මම 2010 අවුරුද්දේ CIB ආයතනය විසින් සංවිධානය කරන ලද "CIM Model of the year" බියුටි ෆැජන්ට් එකට ඉදිරිපත් වෙලා එහි ජයග්‍රාහිකාව වුණා. ඊට පස්සේ තමයි "අවුරුදු කුමරි" තරගවලට ඉදිරිපත් වුණේ. 2012 අවුරුද්දේ තිබුණ "දෙරණ අවුරුදු කුමරිය" වගේම එම අවුරුද්දේ තිබුණ "සිරස කුමරිය" තරගවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ හිමි කරගත්තා. ඒ වගේම "ලක්ස්" ආයතනය විසින් සංවිධානය කළ "ලක්ස් රුවැත්ති" තරගයත් මම ජයග්‍රහණය කළා. එම තරගයේ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් මට රුපියල් දසලක්ෂයක් වටිනා රත්තරන් ආභරණ මෙන්ම දසලක්ෂයක් වටිනා මංගල සාරියක්ද ලැබුණා.

 

නමුත්, ඔබ "බ්‍රයිඩ්ල්" කෙනෙක් විදිහට විතරයි නිරූපිකාවක් විදිහට කටයුතු කරන්නෙ?

මම දැනට විවාහකයි. ඒ නිසා මගේ පෞද්ගලික ජීවිතේට හානියක් නොවන විදිහට තමයි මම නිරූපණ කටයුතු සිදු කරන්නේ. ගොඩක් වෙලාවට ඒ කාරණය නිසා තමයි මම "මනාලියන් දැක්මවල්"වලට විතරක් වැඩිපුර යොමු වෙන්න උනන්දු වෙන්නේ.

 

නිරූපිකාවක් වුණාහම බොහෝ දෙනෙකුගේ ඊළඟ පියවර වෙන්නේ රංගනය පැත්තට යොමු වෙන්න?

නැහැ. මගේ අදහසක් නැහැ රංගනය පැත්තට යොමු වෙන්න.

 

රූපවාහිනි වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා වගේ දේවල්වලට සම්බන්ධ වෙලා තියෙනවාද?

ඔව්. මා දායක වුණ "සන්ක්වික්, "ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්^ හා "හැටන් නැෂනල් බැංකුව" කරපු වෙළෙඳ දැන්විම් ගොඩක් ජනප්‍රිය වුණා. ඊට අමතරව ප්‍රසංග තිසේරාගේ "හිත හදාගන්න" කියන මියුසික් වීඩියෝවෙත් මා රංගනයෙන් දායක වුණා. දැනට මම ප්‍රසංග අයියාගේ ගීතයට අමතරව තවත් ගීත රූප රචනා කිහිපයකටම දායක වෙලා වැඩ කරලා තියෙනවා.

 

නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

හරිම ලස්සන තැනක්. සමහර අය එක විනාශ කරනවා. සමහර අය ඒකට ආදරය කරමින් ලස්සනට වෘත්තියක් විදිහට කරගෙන යනවා. රැකියාවක් කරද්දි එකේ වටිනා තියෙනවා නම් මොන රැකියාවත් හොඳයි කියලයි මට හිතෙන්නේ.

 

මේ ක්ෂේත්‍රය තුළ ඉලක්ක තියෙනවාද ඔබට?

තරගයක් කොතැනද නැත්තේ. මම කැමතියි ඒ තරගයට. එහෙම නැත්නම් එකේ ඉදිරියට යන්න බැහැ. ඒ වගේම ඉදිරියට තරගයක් නැතිව ගිහින් වැඩකුත් නැහැ. ඒ නිසා මගේ ලොකුම ඉලක්කය තමයි නිරූපණ ක්ෂේත්‍රය තුළ ඇති තරගකාරීත්වය ජයගන්න එක.

 

නිරූපිකාවක් වුණ එක ගැන?

ගොඩක් සතුටුයි. ඒ වගේම මම මගේ ජොබ් එකට ගොඩක් ආදරේයි.

 

2016-07-19-ent-22
2016-07-19-ent-21
2016-07-19-ent-20
2016-07-19-ent-19
2016-07-19-ent-18
2016-07-19-ent-16



අදහස් (0)

නිරූපණ ක්ෂේත්‍රය ලස්සන තැනක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 215 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1252 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2446 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2696 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6995 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site