නිරූපණ ක්‍ෂේත්‍රයේ ලොකු ගමනක් යමින් නිරූපණයට මෙන්ම රංගනයට දක්ෂතාවක් සහ ආදරයක් දක්වන රීම් රවීනා "සාරවිට" සමඟ එක්කාසු වූ සොඳුරු මොහොතකි මේ.
කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
මේ දවස්වල Siyatha Miss Sri Lanka සහ Miss Skuba තරග සඳහා සහභාගි වෙනවා. Miss Skuba තරගයේ අවසාන 10 දෙනාට තේරුණා. ඒ තරග සඳහා අවශ්‍ය වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම Photo shootවලට අරාධනා ලැබිලා තියනවා. මගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන හෙමින් ගමනක් යනවා.
ඇයි හෙමින් ගමනක් යනවා කිව්වේ?
මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහක් වෙනවා. ඇත්තටම මට හදිස්සියක් නෑ. කියමනක් තියනවනේ ඉක්මන් කොටයි කියලා. මට ඕනේ හොඳ දෙයක් කරන්න. මං හිතන්නෙ හෙමින් යන ගමන සාර්ථකයි කියලා.
Miss Skuba තරගයේ අවසන් 10 දෙනාට තේරුන එක ගැන මොකද හිතන්නේ?
Miss Skuba තරගයේ අවසන් 10ට එන්න ලැබීම මගේ වාසනාවක් කියලා මම හිතනවා. මොකද Miss Skuba තරගාවලිය ලංකාවේ පැවත්වෙන පළවැනි වතාව. ඒ පළවැනි තරගාවලියේ පළමු 10 දෙනාට එන්න ලැබීම ගැන මං ගොඩක් සතුටු වෙනවා.
මේ ගමනට අඩිතාලම වැටුණේ කොහොමද?
මට පොඩි කාලෙ ඉඳලා ආසාවක් තිබුණා Actress කෙනෙක් වෙන්න. මගේ පාසල් කාලෙදීත් මම වේදිකා නාට්‍යවලට සහභාගි වෙලා තියනවා. වේදිකා නාට්‍යකදී මට පළවෙනි ස්ථානයට හිමි සම්මානය මම ගත්තා. ඒ සම්මානේ ලැබීමත් එක්ක මගේ ගමන ගැන තිබුණ හීනය ආසාව තවත් වැඩි වුණා. එතැන තමයි මගේ මේ ගමනට මුල්ම අඩිතාලම වුණේ.
මේ ආපු ගමනත් එක්ක හිතන්නේ මොනවද සහ මේ ගමනට උදව් කළ අය කවුද?
ඇත්තටම මම ඇවිත් තියන ගමන ගැන මම ගොඩක් සතුටු වෙනවා. මුලින්ම මගේ අම්මට විශේෂ ස්තූතියක් කරන්න ඕනේ. මොකද මගේ අම්මා හැම දේකටම මගේ ළඟින් ඉන්නවා. එයා ඉන්න නිසා තමයි මට මේ ගමන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊට පස්සෙ කියන්න ඕනේ මගේ හොඳම යාළුවා. එයා මේ ක්‍ෂේත්‍රයේ ඉන්න කෙනෙක් නෙමේ. ඒත් එයා ගොඩක් දේවල්වලින් මට උදව් කරනවා. එයා වන්දනා දිල්රුක්ෂි. මේ වෙලාවේ එයාවත් මතක් කරන්න ඕනේ. ඒ වගේම මම මේ ආපු ගමනේදී මට වචනෙකින් හරි උදවු කළ අයට මම මේ වෙලාවේ ගොඩක් ස්තූති කරනවා.
සටහන සහ ඡයරූප - ඉෂාන් සංජීව
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිරූපණයට මෙන්ම රංගනයට ආදරයක් දක්වන රීම් රවීනා