දරණියගල නූරිය වතු අධිකාරී නිහාල් පෙරේරා ඝාතනයේ තවත් සැකකරුවකු වන දිනේෂ් චතුරංග (පැතුම්) හදුනා ගැනීමට අවිස්සාවේල්ල උසාවියේදී සාක්කිකරුවෝ හය දෙනෙක් සමත් වූහ.
තරිඳු ධනංජය හදුනා ගැනීමට කිසිවකුටත් නොහැකි විය.
අනිල් චම්පික විජේසිංහ අතකොටා ඇතුළු සෙසු සැකකරුවෝ 21 දෙනා අද ඉදිරිපත් කරනු නොලැබූහ.
දිනේශ් හා ධනංජය ලබන 23 වැනිදා තෙක් අවිස්සාවෙල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ජී එච් ඒ සෙනවිරත්න මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම තැනම වාසි සැකකරුවන්ට.අවාසි අගතියට පත්වෙච්ච පාර්ශ්වයටයි. විත්තිකරුවන් වරද කළ බව ඔප්පු කරන්න එතරම් පහසු නැහැ.නඩු අහනකොට සෑහෙන කාලයක් ගත වෙලා. සාක්ති දෙන්න ඉදිරිපත් වන්නත් බයයි.සාක්කිකරුවන්ට, එදා සිදුවුණු දෙය හරියට මතක නැහැ. සාක්කි පැටලෙනවා.නීතිඥයන්ගේ හරස් ප්‍රශ්නවලදී දීපු සාක්කිත් බොරුකරන්න නීතිඥයන් හරි දක්ෂයි. ඊළඟට, වරද ඔප්පුවෙලා විත්තිකරුවන්ට දඬුවම් ලැබුනත්, දේශපාලන අධිකාරිය හරහා ඒ අයට සමාව ලැබෙනවා. මෙන්න මේ විදිහට තමයි අපේ රටේ ගොඩක් දේ පසිඳෙන්නේ (නි)
අනික මැරයින්ට මිනිස්සු බයයි. එලියට ආපු දවසට සාක්කිකරුගේ පරම්පරාවම ඉවරයි.(නදී) .
නන්ද, ඔබ කියන දේ සම්පුර්ණ ඇත්ත. ඔය ටික තමයි බොහොමයක් අපරාධ නඩුවලදී සිද්ධ වෙන්නේ. ඒ නිසා වැරදිකරුවන් බේරිලා යනවා. ඒ මදිවට පොලිසියත් අපරාධකරුවන්ගේ පැත්ත ගත්තාම සාක්කි ඉදිරිපත් කරන්නේ විත්තියේ වාසියටයි. පොලිසිය විසින් බොරු නඩු පටලවපු අවස්ථා කොයි තරම් උසාවිවලදී අනාවරණය වුනාද? 'සාක්කි කරුවන් ආරක්ෂා කිරීමේ' නීතියක් ගෙනෙන්න යන කතාවක් තිබුනා. ඒකත් කෙරුනේ නැහැ මගේ හිතේ. (නි)
නඩු අවශ්‍ය නැහැ. මොවුන්ට ප්‍රසිද්ධියේ මතක හිටින දඩුවමක් දියයුතුය (නි)
නූරියේ මෙයාලට ජූරියෙන් මොනවා වෙයිද? (නි)
අත කොටයි එයාගේ මාමයි අපරාධයට සම්බන්ධ නෑ කියල චෝදනා ඉල්ලා අස්කර ගනියි. ගෝලයෝ ටික දෙනෙක් මාස 3 කට විතර හිරේ යයි. දේශපාලකයන් සම්බන්ධ නඩුවල මෙතෙක් කල් වුනේ එහෙමයි.(නදී)