ඊශ්‍රායලයේ හර්සිලියා හි සේවය කරන ශ්‍රීලාංකික සාත්තු සේවිකාවක පසුගිය සිකුරාදා තමා බලාගන්න රෝගියාට දෙන ඖෂධ අධිමාත්‍රාවක් ශරීර ගත වී මිය ගියාය.
ඇය දිවි නසා ගැනීමට ඇතැයි සැක කරේ. ඊට හේතුවක් වී ඇත්තේ අන්තර් ජාලයේදී ස්කයිප් ඔස්සේ ඇය විසින් කොරියාවේ ශ්‍රී ලාංකිකයකු දැන අඳුනා ගැනීමෙන් පසු කප්පම් ඉල්ලීමේ සිද්ධියකි.
එම තරුණයා ඇගේ නිරුවත් පින්තූර අයිපෑඩයකින් හෝ ජංගම දුරකතනයකින් ලබා ගෙන ඇතැයි ද, ඒවා අන්තර්ජාලයේ මුදා නොහැරීමට නම් තමා ඉල්ලන කප්පම ගෙවිය යුතු යැයි කියා ඇතැයි පැවසේ.
දකුණු කොරියාවට ලංකාවෙන් ගිය පිරිසක් ස්කයිප් හෝ ෆේස්බුක් ඔස්සේ ඇතැම් කාන්තාවන් සමග ඇති කරගන්නා හිතවත් කමකින් පසු, පරණ ජංගම දුරකතනයක් හෝ අයිපෑඩයක් එවීමෙන් යම් විශ්වාසයක් ඇතිකර ගෙන, ඉන් අනතුරුව එම කාන්තාවන්ගේ නිරුවත් දර්ශන ලබා ගනිතියි කියති.
ඉන්පසුව මොවුන් විසින් එම දර්ශන අන්තර් ජාලයට මුදා නොහැරීමටනම් යම් කප්පම් මුදලක් ඉල්ලති. කප්පම් මුදල එකවර හෝ මාස්පතා ගෙවීමට මෙම අකරතැබ්බයට මුහුණ කාන්තාවන්ට සිදුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මිනිස්සු. කරුණාකර මෙයාලගේ ගම හෝ ආගම මොකක්ද කියලා අහන්න එපා (නි)
හොද වැඩේ. ඔහොම වෙලා මදි. නිරුවත් නොවී හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැනේ. (නි)
නුරා ගින්නේ තවත් බිල්ලක් !!!! දුර රටක හිටියත් තාක්ෂණයෙන් නිරුවත පෙන්නලා වගෙයි තේරෙන්නේ. (නි)
කොරියාවේ ගිය අයට දෙන පඩි මදිද ? (නි)
මෝඩ වැඩ කරනවට හොද පාඩම (නි)
මෝඩකමට හොද පාඩම (නි)
"බෝට්ටුවෙන් මෙහෙ ආවට ,ඕස්ට්‍රේලියාවේ මෙහෙම වෙන්නේ නැහැ" (නි)
අපේ අනෙක් කාන්තාවන්ට මේක හොද ආදර්ශයක් (නි)
කොල්ලෝ කියන කියන පළියට නිරුවත් වෙනවට හොද වැඩේ (නි)
අපේ රජය මෙවන් ශ්‍රී ලාංකිකයින්ට විරුද්ධව පියවර ගත යුතුයි. (නි)
තමන් රට ගිය පරමාර්ථය මුදුන්පත් කරගෙන රටටත් ගෞරවයක් තබාගෙන එනවා නම් ප්‍රශ්නයක් නැහැනේ (නි)
හොදම වැඩේ මෙහෙම කෙල්ලන්ට (නි)
ගැහැණුන්ගේ මොලේ හැඳි මිටේ දිගය කිවුවේ කට කහනවටැයි (නි)
කොම්පියුටරේ අරගෙන කාමරයට කොටු වුණහම ආයේ කාටවත් පෙනෙන්නේ නැහැ කියලා තමයි හිතාගෙන ඉන්නේ. (නි)
නිරුවත් වෙනවා කියන එක එතරම් ගණන් ගන්නේ නැතුව හිටපුවහම ඉවරයි. අපි උගන්නන්න ඕනෑ මිනිස්සුන්ට තම සිරුර අගය කරන්න. එතකොට මේ වගේ ඒවාට අහු වුණත්, ෆොටෝ එකට ඕනෑ දෙයක් කරගන්න කියලා ඉන්න දැන ගනියි. ජීවිතේ ඊට වඩා වටිනවා. (නි)
කොරියාවට යන බොහෝ දෙනෙකු නවාතැන් ගන්නේ බඩු නැව්ගත කිරීමේදී පාවිච්චි කරන කන්ටේනර්ස් හෙවත් ලොකු යකඩ වලින් තැනු විශාල පෙට්ටි වලය. කන්නේ බොන්නේ නිදා ගන්නේ ඒවා ඇතුලේය. ස්කයිප් මාර්ගයෙන් හෝ යාහු මැසෙන්ජර් මාර්ගයෙන් දැන හඳුනා ගන්න ගැහැනු ළමයින් රවටා මෙවැනි දේවල් කරන එක ඔවුන්ගේ විනෝදයයි (නි)
මේ වගේ ගැහැනු ලජ්ජා සහගතයි. අන්තර්ජාලයෙන් දැන හඳුනා ගන්න පිරිමින්ට තමන්ගේ නිරුවත ස්ක්යිප් හෝ වෙනත් මාර්ග වලින් පෙන්වන්නේ නුගත්කමත් ලජ්ජා නැතිකමත් වැදගත්කමත් නැතිකමත් නිසාය (නි)
මේක හොද පාඩමක් අනිත් අයට (නි)
මේවට බැනලා වැඩක් නැහැ. කාලයක් තනිවෙලා ඉන්නකොට පාළුව මකාගන්න කරන දේවල්. අර තිරිසනා කරලා තියෙන්නේ අන්තිම බලු වැඩක්. (නි)
විදේශ රට වල ඉන්න හැමෝටම හොද පාඩමක්.. (නි)
මරණය ගැන ස්ථීර නිගමනයකට එන්න අමාරුයි(නි)
මමත් කොරියාවේ සේවය කරන්නේ. මෙහෙ ගොඩක් දෙනෙක් ගාව මේ වගේ, කාන්තාවන් ගෙන් ලබාගත්තු ඡායාරූප වීඩියෝ දර්ශන හුවමාරු වෙනවා, ගොඩක් ඒවා, ඊශ්‍රායල් ඉන්න ලංකාවේ කාන්තාවන්ගේ කියලා තමා කියන්නේ. ඒ රටේ වැඩකරන කාන්තාවන්ගේ ඉහල වැටුප, රැකියාවේ නිදහස හා, අන්තර් ජාලය භාවිතා කිරීම ඉහළ මට්ටමක තිබීම තමා මෙයට හේතුව. මම හැම දෙනාගෙන්ම ඉල්ලන්නේ අන්තර්ජාලයෙන් හදුනා ගන්න අයට මොනම හේතුවක් නිසාවත් තමන්ගේ පුද්ගලික දේවල් පෙන්වන්නවත්, පුද්ගලික විස්තර කියන්නවත් එපා කියලා (නි)
කරුණාකර ඒ ඡායාරූප සියල්ලම මා වෙත ලැබීමට සළස්වන්න (නි)
හානේ! මෙහෙමත් විලිබිය නැති ගැහැනු (නි)
මේක අරාබියේ සිද්ධ වුණා නම් අපිට කතාව වෙනස් කරලා අරාබිකාරයන්ට බනින්න තිබුණා. අපරාදේ (නි)
මෙවැනි පිරිමි ලොවට බිහි කළ දෙමව්පියන්ටත් ලැජ්ජයි (නි)
මෙහෙම කෙනෙක් මැරුණම හොඳ වැඩේ කියන අය, මේ ජරාවැඩේ කරපු කෙනාට දෙයියන්ගේ පිහිටයි කියනවද? බුදුසරණයි කියනවද? මම නම් කියන්නේ එහෙම එවුන්ව අල්ලලා හම ගහන්න ඕනේ. (ස)
කෙල්ලට විතරක් බැනලා වැඩක් නෑ. (ස)
මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරලා බලු වැඩ කරන උන්ව එල්ලන්න ඕන. මෙතන අදහස් දාන ගොඩක් අය අර අසරණ ගැණු කෙනා ගැන හිතන්නේ නැහැ. මුන් හරි සුද්දවන්තයෝ. (ස)
මොකක්ද අසරණ ගෑනු කෙනා කියන්නේ? එයා රට ගිය කාරණය අමතක කර නිරුවත පෙන්නුව හින්දා ඔය දේ අත් වුණේ. නැතුව කවුරුවත් බලෙන් නිරුවත් කළේ නැහැ. තව ලංකාවේ නම කැත වෙන වැඩ කරන කොතරම් ගැහැණු ඉන්නවද? රට ගිය ගමන් සැමියා දරුවන් අමතක වෙනවා එයාලට. මේක පාඩමක් (නි)
ආදරේ අදුරන්නේ නැති මිනිස්සු! මේක දෙවියන්ගේ රටක්. දේව දඩුවම්ම ලැබේවා! (නි)
මුන්ට දඩුවම් ලැබෙනවා ..(ස)
වැඩේ කියන්නෙ මේ වගේ ප්‍රවෘත්ති පත්තරවලින් ප්‍රචාරය කරල කොපමන දැනුවත් කලත් නැවත නැවත අසන්න ලැබෙන්නෙ ඒකමනේ. (ස)
පිටරට වලදී වැඩිපුරම ලංකාවේ අයට කෙනහෙලි කම් කරන්නේ ලංකාවේ අයම තමයි,මේ වගේ අමනුස්සයෝ තමයි ලංකාවේ නම කන්නේ. අපරාඳේ වටිනා ජීවිතයක්.. (නි)
අපි හිතුවේ සෞදි වල විතරයි ඕවා වෙන්නේ කියලා (නි)
මෙතන මේ සහෝදරියට විතරක් දොස් කියන්න එපා.දැනටමත් මේ තිරිසනාව අල්ලලා කියලා තමයි කියන්නේ. මේ වෙනුවෙන් ඊශ්‍රායල් තානාපති කාර්යාලය වෙහෙසෙන බවත් දැනගන්න ලැබුනා.ලංකාවේ ඇතුළතත් මෙවැනි දේ සිදුවී තිබෙනවා.හැබැයි ඊශ්‍රායල් වල ඉන්න හැමෝම මෙහෙම නැහැ.කොරියාවේ ඉන්න හැමෝමත් එහෙම නැහැ (නි)
මේ සහෝදරි තමන්ගේ නිරුවත පෙන්නුවේ එම පුද්ගලයට ඇති ආදරය නිසා නේද? උගේ තිබෙන නෙහැදිච්චකමට මේවගේ තිරිසන් වැඩද කරන්නේ. (නි)
ඉන්පසු එම පුද්ගලයාට කියන්න ඔයා දැම්මොත් මම කප්පම් ඉල්ලුවා කියලා මේක පොලිසියට පෙන්වනවා කියලා (නි)
ඊශ්‍රායල් රජය මේ සිද්දිය හෙළිදරව් කරගැනීමට කටයුතු කරයි.තිරිසනාට එරෙහිව කොරියානු නීතිය ක්‍රියාත්මක වනු ඇත. (නි)
කොරියන් ගිහින් ඉන්න බොහෝ දෙනෙකුට එහෙ තිබෙන උණක් ඇගට එනවා. (නි)
සුබේ, මිනිස්සුන්ගේ හැගීම් සමග සෙල්ලම් කරලා පහත් වැඩ කරන අයව එල්ලන්න ඕනෑ. මෙතන අදහස් දාන ගොඩක් අය අර අසරණ ගැහැණු කෙනා ගැන හිතන්නේ නැහැ. ඔවුන් හරි සුද්දවන්තයෝ. (නි)
මේවා අපේ ගැහැණුන්ට හොද පාඩම් (නි)
දෙවියන්ගේ දේශයේ මෙහෙමත් වෙනවද?අනේ මන්දා (නි)
රට ගියත් නැතත් මීට වැඩිය කල්පනාවෙන් වැඩ කළා නම් වටිනා ජීවිතයක් රැක ගන්න තිබුනා (නි)
මේවා කරන අයට රජ කාලේ දඩුවම් දෙන්න ඕනෑ (නි)
මේක හොද පාඩමක් අනිත් අයට (නි)
නිරුවත පෙන්වන්නේ අන්තරජාලය හරහා ආදරය නිසා නොව නැහැදිච්චකම නිසාය. කිසිම දිනක සැබෑවට දැක නොමැති කවුද කොහෙද කියා නොදන්නා අයෙකුට හෝ වෙනත් විදියට හදිසියේ දැනගන්නා පිරිමින්ට නිරුවත පෙන්නීම කිසිවිටෙක අනුමත කරන්න බැහැ (නි)
ඊශ්‍රායලයේ සිටින සමහර ලාංකික කාන්තාවන් ස්කයිපේ මගින් පිරිමින්ට නිරුවත පෙන්නීම සහ නිදා සිටින යහන වෙබ් කැමරාවට හසුවන්ට තබා ඇඳිවත් නැතුව නිදා ගැනීම සිරිතක්. මෙය කවුරුත් දන්නා රහසක් (නි)
මෙවැනි අපරාධයක් කළ ඒ නරුමයාට ආත්මයක් ආත්මයක් ගණනේම පවට විපාක ලැබේවා! ඊශ්‍රායලයෙන් හෝ ලංකාවෙන් හෝ කොරියාවන් කොහෙන් වුණත් මේ වනචරයට උපරිම දඩුවම් දිය යුතුයි (නි)
කෙල්ලන්ගේ ජිවිතත් එක්ක සෙල්ලම් කරන මේ වගේ තිරිසන්නු තවත් මේ ලෝකේ ඉන්නවද? (නි)
සජිනි මදුෂානි, ඔයා කොහොමද ඒක දන්නේ? අනික ඉතාලියේත් වෙන රටවලත් ඕක වෙනවා. ගැහැනියක් වෙනුවෙන් ගැහැනියක් පෙනී නොසිටින හැටි? (නි)
නිරුවත පෙන්නපු එක වැරදියි කියලා බැනලා අදහස් දාන නංගිලට අක්කලට පෙන්නේ නැද්ද.ඒවගේ පහත් වැඩක් නොකෙරුවා නම් මේ වගේ පහත් මරණක් උරුම නැහැ කියලා. ඔබට නිවන් සැප ලැබේවා.(නදී)
මමත් ඊශ්‍රායලයේ සේවය කරන සාත්තු සේවිකාවක්. මටත් මේ වීඩියෝව බලන්න ලැබුනා යාළුවෙකුගෙන්. මෙහෙ ඇත්තටම අපිට අසීමිත නිදහසක් තියෙනවා. එහෙමයි කියලා අන්තර්ජාලයෙන් හඳුනාගත් පිරිමියෙකුට නිරුවත පෙන්වන එක කිසිසේත් අනුමත කරන්න බැහැ. ඒ වීඩියෝ එක බැලුවහම හිතාගන්න බැහැ මිනිසුන් මොනවගේ අසහනයකින්ද ඉන්නේ කියලා. අන්තර්ජාලය බුද්ධිමත්ව පරිහරණය කරන අය ඕනා තරම් ඉන්නවා. මෙහෙ හුඟාක් දෙනෙකුට කොරියන් පෙම්වතුන් ඉන්නවා. දෙදෙනාගේම තියෙන නැහැදිච්ච කමට මේවා කරගෙන අන්තිමට කප්පම් ඉල්ලීම කිසිසේත් අනුමත කරන්න බැහැ. ගැහැණියෙක් දැනගන්න ඕනේ හැගීම් වලට වඩා බුද්ධියට මුල් තැන දෙන්න. ඇය අවිවාහක සුරූපී තරුණියක්. අපරාදේ වටිනා ජීවිතයක් අහිමි කරගත්තා. මේක මෙහෙ ඉන්න අනෙක් අයද පාඩමකට ගනී කියලා මම හිතනවා. සොයුරියෙනි, ඔබගේ අසීමිත නිදහස සහ අන්තර්ජාලය බුද්ධිමත්ව පරිහරණය කරන්න.(නදී)
මේ සිද්ධිය ගැන නොදැන චෝදනා කරන්න එපා මේ ගැහැණු ළමයා විවාහ වෙලාවත් නැහැ .මේ කියන නරුමයා අවුරුදු 03 ක් මේ ළමයා සමග ඇසුරු කරලා තම මේ තත්වෙට පත් වෙලා තියෙන්නේ ඊශ්රායෙල් විතරක් නෙමේ හැම රටකම හොඳ සහ නරක පිරිසක් ඉන්නවා නරක ඉන්නේ සියයට 10 ක් අනිත් හැමෝටම මේකෙන් අපහාස කරන්න එපා ඔබේ අම්මා ,අක්කා නංගි ට මේ දේ උනානම් මොකද කරන්නේ ගයාන් ඔබට ස්තුති ඇත්ත ලීවාට මේ සම්බන්දයෙන් මෙහෙ පොලිසිය උපරිම පරීක්ෂණ ආරම්භ කරලා තියන්නේ මේ ළමයාගේ පවුලේ අයට අපගේ ශෝකය මේවට හරි වැරදි නොදැන දොස් කියන අය මීටත් වඩා වැරදි කරන අය ප්‍රසන්න සේනානායක ඔබත් මෙවැනි තොරතුරු සපයත්දී මිට වඩා සැලකිලිමත් වන්න ඊශ්රායෙල් වල ඉන්න ඔබ දන්නවා මෙහෙ හැමෝම වැරදි නොකරන බව (දී)
බුද්ධිමත් මිනිසුන් නිදි මරාගෙන හරියට කුසට අහරක් නැතුව දියුණු කළ තාක්ෂණය පහත් මට්ටමේ මානවයාට දුන්විට වෙන විපත්තිය ඕක තමයි (නි)
ආදරය සහ රාගය කියන්නේ ඉතාම මානුෂික හැගීම්. මේවා නිසා කාන්තාවන් ඉතාම අසරණ වෙනවා. රැවටෙනවා. කාන්තාවන්ගේ අසරණකම් වලින් ප්‍රයෝජන ගන්න පිරිමින් සම්පූර්ණ පිරිමින් නොවේ. කිසිම ගැහැණියෙක් කැමති නැහැ මේ සහෝදරියට තවමත් නින්දා කරන පිරිමියෙක්ව තමන්ගේ සැමියා කරගන්න. (නි)
කෙල්ලත් දැනගන්න ඕනෑ තමන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරගන්න. කොරියාවේ නොවේ කොහේ හිටියත් මේ වගේ වැඩ කරන පිරිමිත් ගැහැනුන්ගේ දුර්වල තැනක් බලලා කප්පම් ගන්න හදනවා නම් ඒක පිරිමිකමට කරනා නින්දාවක්. (නි)
මේක දෙවියනේගේ දේශය. වරදට දඩුවම . ත් දෙවියෝ දේවි.(නධී)
අමාලි සිල්වා, එතකොට ඔයා පිරිමියා කරපු වැඩේ අනුමත කරන එකද මේ කරලා තියෙන්නේ. (නි)
ගැහැනුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන මුන් තිරිසන්නු. ගැහැනුත් වැරදියි. මේවා ඉතින් දෙවියන්ට බාර දීල දඩුවම් ලැබෙනකම් බලන් ඉන්න වෙනවා.(නදී)
ඉතාලියේත් ප්‍රංශයේත් ඉන්නවා ඔහොම අන්තර්ජාලෙන් ඔය වැඩ කරන අය. (නි)
කාන්තාවත් වැරදියි. ඒවා බලලා අන්තරජාලයේ දමන එකත් බිය කර මුදල් ඉල්ලීමත් වැරදියි. කෙසේවෙතත් නිරුවත පෙන්නීමට බියක් ලැජ්ජාවක් නැති ශ්‍රී ලාංකික කන්තාවන් එමටය. පෙන්වීමට පෙර දෙවරක් සිතීමට කාලය එළඹ ඇත (නි)
සත්තු වගේ මිනිස්සු (නි)
මම දන්නා ගැහැණු කෙනෙකුත් හිටිය ඊශ්‍රායලයේ. .මම නියම නම නොකියා දාපු නම කියන්නම් ( වස්තු කියල ) එයත් මේ දෙයට බොහොම ප්‍රසිද්ධයි.(නදී)
මේ වගේ අපරාධ කරන පාදඩයන්ට ඉබේම දඬුවම් ලැබෙනවා. පෙරෙයිදා පත්තරේ තිබුනා කුඩාඔය මිනීමැරුමකට අනුබල දීපු කෙනාට දතක් ගලවන්න හිරි වැටෙන්න ගහපු බෙහෙත විෂ වෙලා මැරිලා. අර මිනිමැරුම වෙලා සතියක්වත් යන්න කලින්. (නි)
මෙවැනි අපරාධයක් කළ තිරිසනට නීතියේ පිහිටෙන් උපරිම දඩුවම් ලබා දියයුතුයි. ඒ කාන්තාවගේ දෙමව් පියන් හා සහෝදර සහෝදරියන් ගමට රටට මුහුණ දෙන්නේ කොහොමද කියලා මේ තිරිසනා නිකමටවත් හිතුවද? මේ තිරිසනා මනුස්ස අම්මා කෙනෙකුගෙයි තාත්තා කෙනෙකුගේ නම් නෙමෙයි.මොනවා වුණත් කාන්තාවන්ට මේවා හොද පාඩම්. (නි)
නීතියෙන් නොලැබුනත් පිරිමිකම වෙස්වලාගත් ඒ තිරිසනාට දෙවියන්ගෙන් දඩුවම් ලැබෙනවා ඒක අනිවාර්‍යයි.(නදී)
මේ වගේ දේවල් වලට ගෑනුන්ට විතරක් දොස් කියන්න එපා.ඔය හැම පිරිමියෙක්ම ගැහැනුන්ට දොස් කීවට ඔය බැනපු කි දෙනෙක් එහෙම ගැහැණුන්ගෙන් ස්ක්යිප් වලින් සතුටු වෙලා ඇද්ද? ඒත් දැන් හැමෝම සුදනෝ වගේ කතා කරන්නේ.එපා එහෙම කරන්න එපා.... ඔයාලගේ සහෝදරියෙක්ට දුවෙක්ට මෙහෙම දෙයක් උනොත් ඒක ඔයාලට දැනෙන්නේ කොහොමද?තරුණ ගැහැනුන්ට බොරු ආදරේ පෙන්නලා පිරිමි කරන්නේ හරි වැඩද? මේ වගේ අයට නිසි දඩුවම් ලබාදිය යූතුයි.(නදී)
ගයාන්ගේ කතාව හරි.(නදී)
හැම දෙනම මුළාව ගොස් සිටිති, හැම දෙනම එක සේ නොමග ගොස් සිටිති, යහපතක් කරන කිසිවෙක් නැත, එක් කෙනෙක්වත් නැත. (නි)
කුමාරි නංගියේ, ඔයා කියන විදියට ඒ නිරුවත් පින්තුර අරගෙන ඒවා ඒ වනචරයට යවපු එක ධාර්මික වැඩක්ද? (නි)
ඉතාලි ඉන්න වෙන්නප්පු අක්කලත් ටිකක් පරිස්සම් වුණොත් හොඳයි. ඔය නිල් චිත්‍රපට පෙන්වන හෝල් ගානේ එහෙම කොල්ලොත් එක්ක යන්න එපා. (නි)
ඇයට නිවන් සුව අත්වේවා! (නි)
මෝඩකමට බෙහෙත් නැහැලු.කරන්න ගිය වැඩේ කළා නම් ඉවරනේ.අනෙක මේ ගැහැණු ළමයට තියෙන්නේ අනෙක් ගැහැනුන්ට වඩා අමුතු නිරුවතක්ද?සියදිවි නසගත්තෙ ඇයි?යමක් කරනවානම් එහි හොඳ නරක දෙකම දරාගන්න පුළුවන් වෙන්න ඕනෑ.ඔය මිනිහ අන්තර්ජාලෙන් පෙන්නුවත් පෙන්නන්න ඕනෑ දේ තමා එයාගේ අම්මටත් තියෙන්නේ. (නි)
මෙවැනි අපරාධයක් කළ ඒ නරුමයාට ආත්මයක් ආත්මයක් ගණනේම පවට විපාක ලැබේවා! ඊශ්‍රායලයෙන් හෝ ලංකාවෙන් හෝ කොරියාවන් කොහෙන් වුණත් මේ වනචරයට උපරිම දඩුවම් දිය යුතුයි.සොබා දහමින් හෝ දඩුවම් ලැබේවී. (නි)
අපේ තව්තිසාවෙ නම් අඩ නිරුවත සාමාන්‍ය දෙයක්. හැම දෙවියෙක්ම දිව්‍යාංගනාවක්ම ඉන්නෙ උඩුකය නිරුවත්ව. ඒ හින්දා කොරියාවෙ ඊශ්‍රායලයෙ වගේ අසහනකාරයො මෙහෙ නැහැ. (නි)
මොනවා කියන්නද ..?ඇයි මේ තරම් පිරිමි ආත්මාර්ථකාමී වෙන්නේ .., මේ ගැහැණිය බලෙන් අයගේ නිරුවත පෙන්නුවද ..? නැහැනේ ,අනෙක මොහු ඇය නිරුවත පෙන්නන වෙලාවේ කීවද මොකද ගැණියේ උඹ මට නිරුවත පෙන්නනේ කියලා ..?නැහැනේ..,ඒ වෙලාවේ ඒකත් ''සතුටක්'' ලබලා පසුව ඇයට ''විපතක් '' වෙන විදියට කටයුතු කර නුඹට ..!ශාප වේවා ..!! ශාප වේවා..!!!ශාප වේවා ..!!!! (ස)
කොරියා වල ඉන්න හොද අයගේ නමත් මේ වගේ ජරා මිනිස්සු නිසා නැති වෙනවා. ගොඩක් ඉන්නේ හොද අය. මේ වගේ අය ඉන්නේ ටික දෙනයි. මොවුන් හිතන්නෙ නැහැ තමන්ගේ නංගිට එහෙම වුණොත් කොහොමද කියලා. (නි)
ගයාන්ගේ අදහස හරි. බොහෝවිට මෙවැනි දේවල් රාශියක් පිටරට සිදුවේ. හැගීම් වලට මුදලට තෑග්ගට වහල්වී වටිනා ජීවිතය නැති කර නොගන්න. දෙමාපියන්ගේ ඇස්වල කදුළු නොපුරවා ඔබලාගේ අදහසට කාරණයට මුල්තැන දෙන්න. කොරියාවේ සේවය කරන යාලුවනේ, ඔබත් ආදරය හැගීම දඩබිමක් කරගෙන වටිනා ජිවිත විනාශ නොකරන්න (නි)
මගේ ස්කයිප් එකට දවස් දෙකක් ආවා ගැහැණු නම් වලින්. මන් ඇඩ් කර ගත්තා, දෙකම කතා කරන්නේ නැහැ. කැම් එක ඔන් කරන්නෙ නැහැ. එස් එම් එස් තියනවා විතරයි. මොකද කතා කරන්නෙ නැත්තේ ඇහුවම මං වැඩ, කට්ටිය ඉන්නවා කිවුවා.මමත් හැම එකකටම පිළිතුරු දුන්නා එස් එම් එස් වලින්ම 4.5ක් හොද වචන වලින්. (නි)
ස්ක්‍රීන් එක මට පෙනෙන්න දානවා. කුණු හරුපෙන් බැන්නම ඕෆ් කරනවා. මං බ්ලොක් කරලා දැම්මා (මෙහි මුල් ටික වැරදීමකින් කලින් සෙන්ඩ් උනා ) (ස)
කොරියාවෙ ඉන්න හැමෝම මේ වගේ නෙමෙයි. මෙයාගේ නම, ගම, විස්තර ටිකක් දාන්න. (ස)
මේ ගැණු කෙනා සමඟ මොහු පාවිච්චි කරපු ස්කයිප් නේම් එකවත් දාන්නේ නම් අන් අයත් ප්‍රවේසම් වේවි නේද ., කොරියාවේ සිටින හොඳ අයටත් එය සහනයක් වේවි කියා හිතෙනවා (නදීෂා ඔබේ කියන හරි ) (ස)
මොකෝ මේ යක්කු පිටරට ගිහිල්ලත් අපේ කෙල්ලොන්වම අමාරුවේ දාන්නේ? හොයා ගන්නකො කොරියන් හරි වෙන වෙන රටවල් වල ගෑණු ටිකක්.. ඇයි මේ අපේම සහෝදරියන්ව අමාරුවේ දාන්නේ..?? (ස)
මමත් ඊශ්‍රායලයේ සාත්තු සේවිකාවක් ලෙස කාලයක් සේවය කර දැනට ඉතාලියේ සේවය කරමි . මම දන්නා බොහොම ශ්‍රී ලාංකික කාන්තාවන් සාත්තු සේවිකා කියලා රැකියාවේ නම කිව්වට . කරන්නේ ඊශ්‍රායලේ සල්ලිකාර මිනිසුන්ගේ ගෙවල් වල සිටින වයස්ගත මිනිසුන් හෝ ගැහැනුන් බලා ගැනීමය. ලැබෙන වැටුප ඉතා හොඳ එකක් ඩොලර් 800ක් සිට 1000 ක් දක්වා . නමුත් රැකියාව එතරම් ලෙහෙසි පහසු එකක් නොවේ . අර වයස්ගත අයගේ මල මුත්‍ර අයින් කිරීම ඔවුන් පිරිසිදු කිරීමත් ඔවුන්ගේ බෙහෙත් නිසි වෙලාවට දීමත් . ඔවුන් ගැනම අප කැප වීම රාජකාරි වෙලාවේ . නිවාඩු කාලයේ නොමිලේ ලැබෙන අන්තර ජාලයෙන් යහළු යෙහෙලියන් සමඟ කතා කිරීම යාහු හෝ ස්කයිප් මාර්ගයෙන් . වෙබ් කැමරාවෙන් මුහුණට මුහුණ දෙමින් . සමහරු මේ අවස්ථාව විනෝදයට හරවා ගෙන කොල්ලන් කුලප්පු කිරීමේ යෙදී ඉන්නවා. මේවා ඒවායේ විපාක තමා . මෙම සමහර ගැහැනුන් ලංකාවේ ස්වාමි පුරුෂයා සහ ළමයින්ද සිටින අයවීම විශේෂයකි . ඊශ්‍රායල් ජාතිකයන් ඉතා කරුණාවන්ත ජාතියක් . මැදපෙරදිග රටවල මෙන් නොව අපට නිදහසේ විනෝදයෙන් කාලය ගෙවීමට ඉඩ කඩ ඇත. (ස)
අවාසනාවන්තම කරණය තමයි බොහෝ කාන්තාවන් දන්නේ නැහැ මෙවැනි කප්පම් ඉල්ලීමකදී නීතියේ සහය ලබාගෙන කප්පම් ඉල්ලන්නා අන්තර්ජාතික නීතියට කොටුකරදිය හැකිය කියන බව. මින් මතුව යම් අයකුට මෙවැනි දෙයක් වුනොත් සියදිවි නහාගන්නවත්, කප්පම් දෙන්නවත් එපා. කෙලින්ම අදාල පුද්ගලයාගේ තොරතුරු සමග පොලිසියට ගොස් පැමිණිලි කරන්න. මෙය මානුෂීය දෙයක්. නිසිවයසේ ආදරේ සහ සතුට ලබන්න පෙම්වතා හෝ ස්වාමියා දීර්ඝකාලීනව ළඟ නැති වුණහම කාන්තාවන් සමහරෙක් මෙවැනි තත්ත්වන්ට පත්වෙන්න පුළුවන්. පුරුෂයනුත් එහෙමයි. ඉතින් අපි කව්රුත් මනුෂ්‍යයෝ නිසා පෞද්ගලිකව සිදුවෙන දේවල් ප්‍රසිද්ධ නොකළ යුතුයි. (නි)
මම දන්නා අන්දමට කොරියාවේ යන බොහෝ දෙනෙක් එතරම් උගත් අය නොවේ . ඔවුන්ගේ මානසික අසහනයත් මෙවැනි මෝඩ ශ්‍රී ලාංකික ගැහැනුත් එකතු උනාම මේ වගේ දේවල් සිදු වෙනවා . එහෙත් පුදුමය ඔවුන් නරඹන්නේ බොහෝ විට ලංකාවේ ස්වාමි පුරුෂයා සිටින ලොකු ළමයින් සිටින ගැහැනුන්ගේ නිරුවත. කොතරම් පහත්ද ,? දෙදෙනාම .මෙය නරඹා ලබන ආශ්වාදය කුමක්ද ? මෝඩ කමට බෙහෙත් නැත. (ස)
හොද මිනිස්සු අතර මේ වගේ තිරිසන් පිරිමිත් ඉන්නවා . .මුට වැඩි කල් නොගිහින් දෙවියන්ගෙන් දඩුවම් ලැබේවි .... (ස)
අන්තර්ජාලයේ සැරිසරද්දී ගැහැණු අය බුද්ධිමත් වියයුතුයි (නි)
මේ මැරුන ළමයාගේ නම මොකක්ද ?(නදී)
නවීන තාක්ෂණය උපයෝගී කරගෙන කරන පහත් වැඩ. නවීන තාක්ෂණය තමන්ගේ දැනුම දියුණු කිරීමට හෝ වැදගත් දෙයකට පාවිච්චි කරන්න මොලයක් නැහැ. (නි)
බයිබලයේ හැටියට දෙවියන් වහන්සේ ආදම් සහ ඒවා මවා තිබෙන්නේ නිර්වස්ත්‍රයෙන්. ඒව තහනම් කරපු ඇපල් ගහෙන් ඇපල් කාලා ආදම්ට කැවුවට පස්සෙලු දෙන්නා දන්නේ දෙන්නම නිරුවතින් කියා. නමුත් මේ සිද්ධිය පොඩ්ඩක් වෙනස් මෙතනදී. එහෙත් මෙය මැරෙන්න තරම් දෙයක් නෙමෙයි. ලැජ්ජාවක් නැතුව කළා නම්,ලැජ්ජාවක් නැතුව ජිවත් වන්නට තිබුනා.මෙය මාගේ අදහසයි. ජීවිතය නැති කර ගැනීම ලොකුම මෝඩකමකි (නි)
නිරුවත දැක්කා කියලා මැරෙන්නෙ මොකටද? හැමෝටම තියෙන දේනෙ දකින්නෙ. අමුතු දෙයක් නැහැනෙ. ගණන් ගන්නෙ නැතුව හිටියා නම් ඉවරයි (නි)
මේ අපි ඉන්න ඉතාලිවල කෙල්ලන් ඔය ඔක්කොම එළියේ දාගෙන සමහර තැන වල ඉන්නේ . මෙහෙ ඉන්නවා ගැහැණු ඇමතිවරියක්. එයා මහජනයාට එයාගේ නිරුවත් පෙන්වන්නේ බයක් නැතුව . ඕකට මැරෙන්නේ මොකටද ? ඔය දේවල් හැමොටම තියෙන අවයව. පෙන්නුවා නම් බය නැතුව මුහුණ දෙන්න . ජීවිතය වටිනවා ඔය සෑම දෙයටම වඩා . කෙසේ නමුත් මේ ළමයට සර්ව බලදාරි අල්ලාහ් දෙවියන්ගේ පිහිට පතමි. (ස)
මොන දේ උනත් ඒ කෙල්ල පව්. (ස)
(සජිනි) ඉස්සර වෙලා ඉන්න හැමෝම දිහා වැරදියට බලන්න එපා. කොරියාවේ කොල්ලෝ ඉස්සරහ නිරුවත් වුන කෙනෙක් නිසා, දෙමව්පියන්ට කන්න අඳින්න දෙන්න, දරුවන්ගේ අනාගතේ හදන්න, දුක්විදින අනන්තවත් අම්මලා සහෝදරියෝ ඉන්නවා කියලා ඔය දන්නවද??? (ස)
මමත් ඔය වගේ දෙයකට මුණ දුන්නා.තාමත් එම පින්තුර තියනවා.නමුත් මම දුක් වුණේ නැහැ.වෙනත් නමකින් පෙනී ඉදලා එම වැඩේ කළ කෙනාට හොද සුද්දයක් දුන්නා.දැන් මම විවාහ වෙලා සතුටින් ඉන්නවා.දරුවෙකුත් ඉන්නවා.අර ගත් මුදල් වලින් ව්‍යාපාරයක් කරනවා (නි)
මම දාපු ප්‍රතිචාරයට සමරුන්ට රිදිලා වගේ. තොප්පිය හරි නම් දාගන්න. එපමණයි කියන්න තියෙන්නේ. මම කිව්වේ මා දන්නා සහ දැකපු දෙයක් (නි)
තමන්ගේ වළ තමන් විසින්ම කපා ගැනීමක් (නි)
සජිනි,ඔයා විතරක් දන්න දෙයක් නෙමෙයි, දැන් ලෝකෙම දන්නවා දැක්කා.මේ රටට ආපු හුගදෙනෙක් ගොඩක් කාරුණික රැකියාවක් කරන සහෝදරියන් බව හිතන්න. (නි)
සජිනි,ඔයා දැක්කා නම් එහෙම නිරුවත අන්තර්ජාලයේ කැමරාවට හසු වෙන්න දාලා තියෙනවා, ඒ කියන්නේ ඔයත් ඒ දේම කරලා තියෙනවා? ඔයා කියන කෙනයි ඕක දැකපු ඔයයි සම කරන්න වෙන්නේ තාම ලංකාවේ නීතිගත නොකරපු යම් ක්‍රියාවකටයි (සොයුරනි මට සමාවෙන්න මෙහෙම දෙයක් ලිවුවට) (නි)
කවුරු කෙසේ ප්‍රතිචාර දැම්මත් සියයට 99 ක් ම හොරෙන් හෝ නිරුවත දැකීමට කැමති අයයි. එම හේතුව නිසාම එකී නෙකා නිරුවත පෙන්වීමට බැලිමට නොයෙක් මාධ්‍ය යොදා ගනිති. බටහිර ලෝකයේ නිරුවත් අය බැලීමට වෙනම සාප්පු තිබේ. ඔබ මුදල් ගෙවා ඇතුළුවී මිනිත්තු කිහිපයක් ඔබ ඉදිරියේ නිරුවත පෙන්නන කාන්තාවන් බොහෝය. එමෙන්ම නිරුවත මුදලට පෙන්වන පිරිමින්ද සිටිති. එහෙත් නිරුවත නිසා ජීවිතය නැති කර ගැනීම ඉතාම කණගාටුදායක දෙයකි (නි)
චන්දි, ඔබ තොප්පිය දාගෙන දඟලන්න එපා. මම විතරක් නෙමේ එය අන්තර් ජාලයෙන් බොහෝ දෙනෙක් දැක තියෙනවා. එය වෙබ් අඩවියක් .ඒකේ ඕනෙම කෙනෙකුට බලන්න කවුද පටිතග කරලා දමලා . මට ඒ වෙබ් අඩවිය මෙම පුවත්පතේ පලකරන්ට බැහැ. එය පුවත්පතට සහ එයට සම්බන්ධ පුග්ලයන්ට හොඳ නැහැ . ඔබට එය සොයා ගන්න පුළුවන් වෙබ් එකේ සරිසරනවා නම්.... (ස)
සජිනි., ඒක වෙබ් අඩවියේ තියෙනවා නම් ඇයි කවුරුවත් බය වෙන්නේ !! මට කිසිම වුවමනාවක් නැහැ අනුන්ගේ තොප්පි දාගන්න (කොහොමත් හුඟක් ගැහැණු තමන්ගේ කුණු වහගන්න අනුන්ගේ කුණු හොයනවා ) මමත් ගැහැණියක් තමයි. මට ඔය එක එක වෙබ් අඩවි වල යන්න කාලයක් නැහැ. මොකද ඉඩක් ලැබුණු ගමන් යන්නේ ලංකාදිපෙට ,මගේ යාළුවො ටික බලන්න (එසැන පුවත් බලලා ,ඒවාට අදහස් ලියලා ලොකු සතුටක් ලබනවා) ඒ හොඳටම ඇති. මගේ පාළුව, කාන්සිය මකා ගෙන මහන්සිය නිවා ගන්න. ඔයාම අනුන්ගේ කුණු හොය හොයා වෙබ් අඩවි වල සැරිසරලා හොඳට කෝප්ප ටික හෝදගන්න. (ස)
මට පෙන්නේ මේ චන්දි කියන කෙනා චන්ඩි කෙනෙක් වගේ . අනුන්ගේ ප්‍රතිචාර වලට පැනල කර ගහල , සුදනෙක් වගේ වෙන්න හෙදුවට එසැන පුවත් කියන්නනේ වෙබ් අඩවියක් , කවුරුත් වෙබ් අඩවි බලන්නේ විත්සර තොරතුරුවිශේෂයෙන් ලංකාවේ සහ අයගේ බලන්න . සජිනි කියා තිබුනේ එයමය ; එය දෙකපු දෙයක් , මේකට චන්දිට කේන්ති ගිහින් අර වෙබ් අඩවියේ ඉන්නේ චන්දි වෙන්නත් පුළුවන් එහෙනම් ; එකය් තොප්පිය ගානට ගෙලපුනේ , මේකේ කිසි වෙන කෙනෙක් චන්දි වගේ ප්‍රතිචාර දාල නැහැ (දී)
අනේ ඇන්ටන් මහත්තයෝ, ඒ ං ඉන්න නම් විදියක් නැහැ.මොකද එහෙම මොලේ අමාරුවක් දෙයියනේ කියලා තාම නම් මට නැහැ (නි)
ඇන්ටන් සුබසිංහ කව්ද සජිනිගේ .., ඒක මමයි සජිනියි බේර ගන්නම්.., ඔයා ඔයාගේ වැඩක් බලාගන්න (ගැහැණුන්ගේ දේවල් වලට හොටේ නොදා) නේද සජිනි .(නදී)
මිනිස්සුන්ගේ ආතතිය
මෙහෙමත් විනාශ අසන්න නොලැබේවා
කොහොම කිවත් දැන් අපේ රටට අහිංසක තරුණ ජීවිතයක් අහිමි වෙලා ඉවරයි. මම වෙන වෙබ් අඩවියක දැක්කා නිරුවත් ඡායාරූප ගත් තැනැත්තා බංගලිදේශ ජාතිකයෙකු කියලා. පිට රටවල වෙසෙන ලංකික අම්මලා අක්කල නංගිලා සැවොමගෙන් ඉල්ලන්නේ මේ වගේ අශිෂ්ට නරුමයන්ගෙන් ආරක්ෂාකාරී වී තමාගේ රාජකාරිය ඉටු කර නිදුකින් ලංකාවට පැමිණෙන්න කියලා.(නදී)
චන්දි නරකද හොඳ වෙද මහතෙක් ලව්වා වස්තියක් කර ගත්ත නම්. ඔය ඉක්මනට එන චණ්ඩි කම කේන්තිය අඩුවෙන්න . ඔයා ලංකාවේ රේගු නිලදාරීන් දන්නවා හොඳ වස්ති කරන වෙ මහත්වරුන් ගැන.(නදී)
ගොඩක් ස්තුතියි මොහමඩ් ෆාරුක් .., මහත්තයෝ ..!!! තව මාස 7,8කින් මම ලංකාවට එන දවසට රේගු නිලදාරීන් ගෙන් අහල දැනගන්නම්කෝ (අ)
වැරදි කරුවන්ට දඬුවම් ලැබෙන්න ඕනේ (අ)
තමන්ගේ නිරුවත පෙන්නුවේ එම පුද්ගලයට ඇති ආදරය නිසා නේද? (නි)
සහෝදරවරුනි අපි හැමදෙනාම මේ වාද විවාද අත්හැරලා, තවත් මේ වගේ සල්ලාලයින්ට හොද පාඩමක් වෙන්න නීතියෙන් කරන්න පුළුවන් දෙයක් හිතමු නේද ?වෙච්ච දේ වෙලා.දැන් මොනවද කරන්න පුළුවන් කියලා හිතමු (නි)
නිලුෂ නංගි ඔයා කියපු එක හරි තමන් ආදරේ කරන කෙනා මොනවා ඉල්ලුවත් දෙනවා එකනේ අපේ කාන්තාවෝ දරුවන් සමග අතර මන් වෙන්නේ නේද (නදී)
කාන්තාවෝ තමන්ගේ සීමාව දැනගත යුතුයි. (ස)
පව් අනේ. එහෙම කප්පම් ගන්න හොඳ නෑ. පිරිමිකමට ලැජ්ජයි.... (ස)
චන්දි අක්කේ අපේ කාන්තාවන්ට මොනවා ඉල්ල්ලුවත් දෙන්න තියෙන දෙය පැනල දෙන නිසානේ ඔය ඔක්කොම වෙන්නේ . පොඩ්ඩක් ඔය පැනල දෙන එක පරිස්සම් කර ගත්තා නම් ඔය ප්‍රශ්න අඩුවෙනවා කාන්තාවන්ට (නදී)
මන් මේකට ලියන්නේ නැහැ කියල උන්නේ .., මේවා දැක්කම නොලියා බැහැ!!! ,චන්ද්‍ර .., ඔයා ගැහැනියෙක්ද ,පිරිමියෙක්ද මම දන්නේ නැහැ පැනල දෙන කාන්තාවෝ විතරද මේ රටේ අපචාර වලට මුහුණ දෙන්නේ නිකන් අමුනුස්සයෙක් වගේ කියවන්නේපා හලෝ (ඔය තාත්තා දුව අනාත කරලා තිබුනේ දුව පැනල දීල වෙන්නැති නේ )(නදී)
මේ චන්දි කියනා කෙනාගේ ප්‍රතිචාර වැදගත් ගැහැනිකගේ වගේ නෙමෙයි. (නි)
චන්දි ප්‍රාදේශීය සැබෑවක මන්ත්‍රී කෙනෙක්ගේ කවුරුහරි වෙන්න ඕනෑ. අනික් අයව දණ ගස්සන්න වගේ යන්නේ. (නි)
මට සියයට සියක් විශ්වාසයි, ඔය චන්දි ඒකේ ඉන්නේ ගැහැනියෙක් නොව ගැහැනියෙක් වගේ පෙන්නමින් ප්‍රතිචාර දමන වෙන කෙනෙක් (නි)
එක හිතින් කොල්ලා කෙල්ලට ආදරය කළා නම් ,උගත් කොල්ලෙක් නම්,ඔය වගේ දෙයක් ජිවිතෙට කරන්නේ නැත. සමහරවිට කාන්තා ශරීරයක් දැකපු නැති මානසික රෝගියෙක් වෙන්න පුළුවන්. ඔය පුද්ගලයා සොයා ,පුද්ගලික දේවල් ප්‍රචාරය කළාට නිතිය අනුව ලැබෙන්න දඩුවම ලබා දෙන්න.යමක් කරන්න කලින් හිතා බලා කරන්න. (නි)
වන්ස.., මොහමඩ් ෆාරුක් .., වනිගසේකර .., මං මේකට නැවත වාද කරන්නේ නැහැ මොකද ඇත්ත තිත්ත නිසා.., හැබැයි මට මොකක් හරි බලයක් හෝ වරමක් ලැබුනොත් කැමති දෙයක් ලබා ගන්න මං ඉල්ලන එකම දේ තමයි ,,!!! පිරිමින්ට කන්‍යා බාවය පිහිටා .., විලි රුදාවත් විදින්න දෙන්න කියලා (ගැහැනුන්ට අපහාස කරන විට තමන්ගේ මවත් එයට ඇතුලත් වෙන බව පිරිමි නොදන්නා හැටි ) ඒකයි ගැහැණියඑක් වුන මට දුක (ස)
මමත් ගැහැනියක් නිසා මෙය ලියන්නට සිතුනි. මෙම චන්දි ගැහැනු සංහතියටම නින්දාවක් කියලා මට පෙනෙන්නේ. (නි)
චන්දි, ඔබගේ මොළය පශ්චාත් බාගයේද පිහිටා තිබෙන්නේ ? අර පිටිගල මිලානෝ දන්නවා ඕක සනීප කරන්න. එයාට පෙන්වා විසඳුමක් ලබා ගන්න. නැත්නම් හොඳ වස්තියක් කරවා ගන්න (නි)
අපි කොච්චර අදහස් දැම්මත් මිනිසුන්ගේ ගති ගුණ වෙනස් වෙන්නෙ නැහැ.චන්ඩි ලා වගේ අයගේ මෝඩකම් අඩු වෙන්නෙත් නැහැ. (නි)
දැන් මෙතන හරි වැරදි හොයන එක නෙවේ වැඩේ ,අර කෙල්ලගේ මිනිය ලංකාවට ඇරියාද කියලා හොයලා බලන්න. චන්ඩි කියන කෙනා කියපුවා බොරුත් නෙමෙයි වගේ. ඇත්තත් තියෙනවා ටිකක්. මොකද ගැහැනුන්ට චෝදනා එනවා වැඩියි පිරිමින්ට වඩා. එයා ඔප්පු කරන්නේ ඒ ගැන (නි)
ඇයි මේ අය දෙයක් කියවලා තේරුම්නොගෙන එක එක්කෙනාට අපහාස කරන්නේ? (නි)
ලංකාවේ නීති තද නැති නිසා ලංකාව අන්තිමටම ජරා වෙලා. මේ වගේ අයව ගෝල් පේස් ගෙනල්ලා ගල් ගහලා මරන්න ඕනේ. කාන්තාවන් ඇයි මේ තරම් මෝඩ විදියට හැසිරෙන්නේ? (නදී)
චන්දි නැන්දට කේන්ති ගිහින් වගේ පොඩි විහිළුවක් කරාට . ලස්සනට ඉන්න නම් කේන්ති යන්නේ නැතුව ඉන්න චන්දි නැන්දේ. මේ සියල්ල තාවකාලිකය. සුළුවට හිතන්න. (ස)
ෆාරුක්, පොඩ්ඩක් වැදගත් විදියට හැසිරෙන්න. තව පාරක් කියන්නේ නැහැ.චන්දි මගේ සහෝදරියක් (නි)