තරුණියන් තිදෙනකුගේ නිරුවත් දර්ශන ඇතුළත් සංයුක්ත තැටියක් හැදුවේයැයි සැකපිට බෙන්තොට කහගල්ල රන්දාගොඩ පානදුරේ චන්දිම (34) ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.
ඕනෑම කොන්දේසියක් යටතේ ඔහුට ඇප ඉල්ලූ නමුත් චීවරය දරාගත් කෙනකුගෙන් සිදුවන වරද වඩාත් බරපතල බව කියමින් මහේස්ත්‍රාත් ඇප ප්‍රතික්ෂේප කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑනුන් අඳින ඇදුම් නම් අන්තිමයි. එකපාරම මෙතරම් වරදකට මිනිසෙක් තල්ලු වෙන්නේ නැහැ. ටිකෙන් ටික කිලිටුවී අන්තිමට වරද සාමාන්‍ය දෙයක් වී බරපතල ම තැනකට එනවා. ගැහැණුන්ට පිළිවෙලට අඳින්න කී විට ඔවුන් සිතන්නේ ඔවුන්ගේ නිදහස නැතිකරනවා කියා (නි)
තනි අතින් අත්පුඩි ගහන්න බැහැ. තරුණියොත් දැන ගන්න ඕනෑ වැරදි වැඩවලට අනුබල නොදෙන්න. හාමුදුරුවෝ දුශ්ශීල නම් අපි දැන ගන්න ඕනෑ මේ වැඩ වලට උදව් නොකර ඉන්න. හාමුදුරුවන්ට ඉස්සෙල්ලා දඩුවම් දෙන්න ඕනෑ ගැහැණු ළමුන් තුන්දෙනාට (නි)
ගෆුර් - කටාර් , ඔබ ගුණගරුක අයෙක්. මිනිස් සමාජය දෙස ඔබ බලන ආකාරයත්, ඔබගේ අදහසුත් සියලු ජාතීන්ට ආදර්ශයක්. තමන්ගේ අදහසක් හෝ ප්‍රකාශයක් පලකිරීමේදී තවත් ජාතියකට, ආගමකට, රටකට, අගෞරවයක් නොවීමයි වැදගත් වන්නේ. (අ)
රාවන බලයට හෝ බල සේනාවට පුළුවන් මේ ගෙන කටයුතු කරන්න . උතුම් වූ බුද්ධ ශාසනය රැක ගැනීම යුතු කමක් සේ සලකමි . අද කාලයේ සිවුරු දාගත් තක්කඩි බොහෝ සිවුරේ මුවාවෙන් හා බුද්ධාගමේ මුවාවෙන් බොහෝ ජරා වැඩ කරති . (අ)
මෙහිදී දුසිල්වත් චිවරදරියට වඩා දඬුවම් කල යුත්තේ ඔහුට නිරුවත් දර්ශන ගැනිමට ආධාර කල ගැහැනුන් සොයා දඬුවම් කිරීමය . අද අපගේ සිංහල කාන්තාවන්ගේ අශිලාචාර වැඩ බොහෝය . පාසල් යන වයසේ ගැහුණු ළමයින් පවා මෙවැනි දේ වලට ඇබ්බැහිවී තිබේ . වගකිව යුත්තන් මේ ගෙන වහා පියවරක් ගත යුතුය (අ)
මෙවැනිම චිවරදාරියෙක් ෆ්රන්සයේ පැරිස් නුවර ලාංකික පන්සලක සිටිය අහෝ දුකකි මේ වන විපත (අ)
ඕකට ආපු උපාසක අම්මල කැමති උනේ කොහොමද ? (අ)
මහා නා හිමි වරුනි, බුද්ධ චීවරයේ ගරුත්වය සදහා ,යම් වරදක් කර නීතියේ රැහැනට අසුවුණු වහාම , පලමුම පියවර වසයෙන් සිවුර ගලවා තැබීමට නියම කරන්න , පින් අත් වෙයි
අනේ අනිච්චං! (නි)
ගෆුර්,ඔබ අගය කරමි. (නි)
ෆස්රුල් ගෆූර්, ඔබතුමාට කැමතිදේ ඔබ ලියන්න, අනිත් අයට නීති දාන්න ඔබ කවුද? ඔබතුමා මේ දවස්වල හෙළයන් අතරේ ප්‍රසිද්ධ චරිතයක් නිසාද? (නි)
වීර,මොහමඩ් කියපු දේ ඕනෑ කෙනෙකුට තේරෙනවා,ඔහේට නොතේරුනාට (නි)
අපි ඔක්කොම හොද අයනේ! මෙවන් දේවල් කිරීම මෙවන් අයට නොහොබී (නි)
මේ විදියේ රාගික අයත් උන්නාන්සේලා අතර ඉන්නවා වගේ (නි)
මානසික රෝගී හාමුදුරුවන්ට සමවාදී බුද්ධාගම රැකගමු ඔබ සැමට තෙරුවන්සරණයි (අ)
මහේස්ත්‍රාත් තුමාගේ තීන්දුව සුපිරි , කරුණාකර බොදුබල සේනාව ප්‍රමුකත්වය ගෙන මොහුට විරුධව සාධාරණ විනය පරීක්ෂණයක් පවත්වා වැරදි කරු නම් ශාස්හනයෙන් නෙරප දමන්න (අ)
මුස්ලිම් අය කරුණාකරලා මේ සම්බන්ධව අදහස් පළකිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි. අනවශ්‍ය දේවල් ලිවීමෙන් අපේ සමගියට විශාල බාධාවක් ඇති වෙනවා නොඅනුමානය. (නි)
ඔය කාන්තාවන් තිදෙනාට මුලින්ම දඩුවම් දෙන්න ඕනෑ (නි)
වීඩියෝ එක නැද්ද? (නි)
යහපත් දෙයක් කළත් විවේචනය කරන එකේ, ඒ අයට දැන් කියන්න තියෙන්නේ "මේක බෞද්ධ රටක්" කියලා කියා ගන්න නිසා මේවායේ වගකීමත් නම්බුවත් ඔය දාගත් නමටම දාගන්න කියලා තමයි (නි)
සිවිල් උසාවිය මේ සිද්දිය ගෙන විභාග කරන එක විය යුතු දෙයකි. නමුත් මේ වගේ චීවරධාරීන් සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් ඇතළු සන්ගාධිකරණ මොනවද කරන්නේ...? චීවරයට නිගා කරන සංවිධාන සහ තවත් එව්වා හැටහුටාමාරක් තියෙනවා. එව්වාට මොනවද කරන්නේ..? (නදී)
කමල්, 2050 වෙනකම් ??, මමනම් හිතන්නේ පුජ්‍ය පක්ෂය තමතමන්ගේ ආගම ආරක්ෂා කරන අතර අන් ආගම් සමග සහජීවනෙන් සිටීම ට කටයුතු නොකලොත් ඕනෑම ආගමක් හෝ දර්ශනයක් විනාශ මුඛයට යාම නොවැලක්විය හැක, නවීන මිනිසාගේ මොලේ දියුණු නිසා තමාට අවශ්‍ය කුමක්ද හෙතම හොදින් දනී. (දී)
මේවා පොලිසි නොගිහින් ගමෙන්ම ඉවරකරන්න පුළුවන්නේ. (දී)
මේවා බුදු දහමට නිගරු වන වැඩ (දී)
මහා නාහිමි වරුණේ නවත්තන්න වැඩ කරන්න (දී)
අයියෝ හාමුදුරුවනේ ලැජ්ජයි
දඩුවමට තරාතිරම බලන්න හොද නැහැ (දී)
මේ හාමුදුරුවන් උපැවිදි කළ යුතුයි.මෙවන් භික්ෂුන් නිසා ශාසනයට වෙන්නේ ලොකු හානියක්.(අ)
අපේ රටේ ඉන්න ලොකු හාමුදුරුවරුන්ට කොච්චර මිනිමැරුවත් මංකොල්ලකෑවත්, සිව්ර දාගෙන මොන වැරදි කළත් කමක් නැහැ, හරක් මරන්නෙ නැතුව (නි)
ෂෙරිෆ් - මම කාටවත් නීති දැම්මේ නැහැ.අපි සියලු දෙනාගේම යහපත උදෙසා ඉල්ලීමක් පමනය් කරලා තියෙන්නේ. හනික ඔයා කියනකම් මම දන්නේ නැහැ මා ප්‍රසිද්ධ චරිතයක් කියල. (අ)
ලොකු හාමුදුරුවෝ දැන ගන්න ඕනි තමන්ගේ ගෝලයා පොඩි කාලේ ඉදලා හරියට හදාගන්න. ඒකට ලොකු හාමුදුරුවන්ගේ කොන්ද පන තියෙන්න ඕනා. අද කාලේ ඉන්න සමහර ලොකු හාමුදුරුවරුන්ට බුදුදහම පිළිබද අබමල් රේණුවක දැනුමක් නැහැ. දානය පිරිත තමයි මහණ ජීවිතය කියලා හිතාගෙන ඉන්නේ. බුදුදහම බුදුහාමුදුරුවෝ දෙසන ලද ධර්මය දන්නේ නැතිකොට බුදුදහමට අනුව මිනිසෙක් හදන්න බැහැ. එවැනි කොන්ද පන නැති ලොකු හාමුදුරුවරුන්ගේ ගෝලයෝ කියාගත් සමහර පාවාදී වසලයෝ මේ වගේ වැඩ කිරීම සාමාන්‍ය දෙයක්.
වැඩේ ගැන උසාවිය බලා ගනීවි. (නි)
ඕක හදා ගත්තා නම් හංගලා තියාගන්නෙ නැතුව මොකටද අනෙක් අයට පෙන්නන්න ගියේ? (නි)
මහනායක හිමිවරුනි ඔබලා කොහිදේ? (ස)
කරුණාකර චිවරයට අගෞරව නොකර ගලවා දමන්න. (ස)
උසාවියෙන් වැරදිකරුවන් වන සියලු චිවරධාරින් උපැවිදි කල යුතුයි.. (ස)
පුදුමේ කියන්නේ මොන ජරා වැඩේ කලත් එතන මේ වහන්සේලාගෙන් කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවනේ,මට දුක බුදු දහමට යන කළ දසාව ගැන. (ස)
කරන්න තරම් ලොකු වැඩකුත් නැහැනේ... (නි)
ප්‍රියන්ත, ඔබ හරි (නි)
කොහේ වෙන දෙයක් බැලුවත එතන හාමුදුරුනමක් (නි)
චීවරධාරියෙක් වූ පමණින් රටේ සම්මත නීතිය හිතුමතේ වෙනස් කරයි නම් එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. චීවරය දරන්නේ කවර පොරොන්දුවක් මතද යන්න පිළිබඳව අධිකරණය සැළකිලිමත් වී ඒ අනුව නීතිමය කටයුතු කරන්නේ නම් මේ අවස්ථාවත් මින් පෙර රියදුරු බලපත්‍ර සම්බන්ධව ඇති අධිකරණ පූර්වාදර්ශත් අනුව කටයුතුකර චීවරධාරීන් මහණදම් රැකීමට පරිබාහිරව සිදුකරන රැකියා හා ව්‍යාපාර ඇතුලු සියලු අනවශ්‍යය කටයුතු නීති විරෝධී ලෙස සළකා මින් ඉදිරියට නිර්ණායක සකස් කර ගැනීම වඩාත් සුදුසුයි. (නි)
බුර්කාවට විරුද්ධව අදහස් දාන අයවලුනේ, මදක් සිතන්න. අද චීවරය කොතරම් අපරාධ කරනවද? (නි)
රටේ නීතිය පවා අතට අරගෙන කෑ ගහන හිමිවරු කෝ? (නි)
අන් ආගම් වලට නිගා කරන අය මොකද සද්ද නැත්තේ? (නි)
වැඩක් නැහැ. ආයේ කාලෙකට පස්සේ ආපුගමන් සිවුර දාගනියි. පස්සේ ඔක්කොම අමතක වෙලා යයි.ඕක තමා ලංකාවේ හැටි (නි)
2050 වෙනකල් පමණයි බුදු දහම තියන්නේ (නි)
මේ තරම් බරපතල ලෙස බුදුහාමුදුරුවන් වහන්සේට නිගාකරලා බුදුන්ගේ චිවරය දරාගෙන ඉන්න පුලුවන්ද ,මේක මහා විහිළුකාරයෝ ඉන්න රටක්නේ. (ස)
ඇයි දන්නේ නැහැ ඔයතරම් හදිස්සි ඇප ලබා ගන්න? මෙවැන්නන් හට සංඝ අධිකරණයක් මගින් දඬුවම් දී ශාසනයෙන් ඉවත් කළ යුතුයි (නි)
මේ ඉන්නේ නියම බුද්ධ පුත්‍රයෝ! (නි)
මිනිසා සොයාගත් ක්‍රම නිසා මතුවන ප්‍රශ්න තමයි මේවා. ඔය හිමිනමට පාපොච්චාරණය කරමින් සාමාන්‍ය ජනයා මෙන් ජීවත්වෙන්න අවස්ථාව සළසාදීම මැනවි (නි)
මොහොමඩ්,දුසිල්වත් මහණුන් එක් අයෙක් දෙන්නෙක් කළ වැරදි වලට සිල්වත් බුද්ධ පුත්‍රයන්ව ගාවා ගන්න එපා. (නි)
මොහොමඩ්, බුදුරදුන්ව ඕවට ගාවාගන්න එපා.දුසිල්වත් මහනුන් බුද්ධ කාලයේත් හිටියා. (නි)
කෝ අපේ අර බොදු හමුදාව? මේකට පාරට බහින්නේ නැද්ද? (නි)
තායිලන්තය, බුරුමය ආදී ථෙරවාදී රටවල් වල නම් විනය විරෝධී වැඩ කරන චීවරධාරීන්ට සංඝ අධිකරණය මගින් දඬුවම් ලබා දෙනවා. ඒ ගැන මාධ්‍යයන් නිතර වාර්තා කරනවා. අපේ රටේ එහෙම නොවෙන්නේ ඇයි. (නි)
මෙයා විවාහ අපේෂක භික්ෂුවක්ද?සිවුර ගලවලා වෙන ඇදුමක් අන්දවන්න. එතකොට ප්‍රශ්නේ ඉවරයි. (නි)
දැන් අන්‍ය ආගමිකයන්ද බුද්ධාගම විනාශ කරන්නේ? (නි)
කෝ අපේ බලකාය සහ බලවේග? (නි)
අසේල, මම හිතන්නේ වෙන ආගමක හාමුදුරුනමක් වෙන්න ඇති (නි)
මේ විදියේ දුශ්ශීල භික්ෂූන් බුදුන් දවසෙත් සංඝ සමාජයේ හිටියා.කෙලෙස් නොනැසූ තරුණ භික්ෂූන් ඉන්න පන්සල් වලට තරුණ ගැහැණු ළමයින්ගේ ආගමනය අවශ්‍ය දේට ඇරෙන්න සීමා විය යුතුයි. ඒ වගේම වැඩිහිටියන් තමන්ගේ තරුණ දු දරුවන් අනවශ්‍ය ලෙස වැඩිහිටි රැකවරණයකින් තොරව පන්සල් භූමි වල රැදෙන්න ඉඩ නොතැබිය යුතුයි. හාමුදුරුවරුන්ට කෙලෙස් නසන්න දෙන්නේ නැත්තේ කෙලෙස් අවුස්සන්නේ අපේ උපාසක අම්මලාම තමයි. (නි)
කෝ අර අපේ සේනාව? (නි)
සාක්ෂි සමග මොහුව අත්අඩංගුවට පත්වෙලානම් මේ වගේ පාපතරයන් තවදුරත් ආගමික පුජකවරයන් හැටියට හදුන්වන්න එපා. මෙවැනි සිදුවීම් වලදී මුලින්ම කලයුත්තේ මෙවැන්නන්ගේ පුජක නාමය සහ ඇදුම ගැලවීමයි.(නදී)