ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සහ ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප පරුපල්ලි අතර අද (1) පැවැති පෙර අර්ධ අවසන් පුර්ව තරගයෙන් (ක‍්‍රීඩකයන් 16 දෙනාගේ වටය) ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප පරුපල්ලි ජය ලැබීය. ඒ අනුව නිලූකට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
තරගයේ පළමු වටය ලකුණු 21/14 ක් ලෙස ඉන්දිය ක‍්‍රීඩකයා ජයගත් අතර දෙවැනි වටය 21/15 ක් ලෙස නිලූක පහසුවෙන් ජය ලැබීය. ඒ අනුව නිලූක වට තුනක් දක්වා තරගය ගෙන ගියේය. තෙවැනි වටයේදී ඉන්දිය ක‍්‍රීඩකයා ලකුණු 21/9 ක් ලෙස පහසුවෙන් ජය ලබා අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
කෙසේ වෙතත් මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙමින් නිලූක, පළමු තරගයේදී බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ අට වැනි ස්ථානයේ සිටි ජපානයේ කිනිචි ටාගෝ පරදවා විශිෂ්ට ජයක් ලැබීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් !!!!!!!!!! ඔහොම යමු ඉදිරිය සුබයි. (ස)
නිලුක, තමන්ගෙ පුහුණුකරු ළග නැතිව ඔයා ඔය ආපු දුර කාට නැතත් අපට වටිනවා..ඔයාට පදක්කමක් නොලැබුණත් ඔයා ශ්‍රී ලංකා මෑණියන්ගෙ නම ලෝකයට ගෙනිච්චා.. ඔයාට බුදුසරණයි..!!(නු)
පවු . (නි)
ඔබට ජය නිලුක.. 2016 නම් හරියටම හරි...!!(නු)
අයියෝ සල්ලි...!!(නු)
ඔබගේ ධෛර්යවන්ත උත්සාහයට අපගේ ප්‍රණාමය! (නි)
ඇති යන්තම්!! (නි)
වජිරගේ අදහස හරියටම හරි. නිලුකගේ දක්ෂකම ඔප්නන්ව ගන්න හැකි පරිසරයක් ඇත්තටම තිබුනෙම නැහැ. මම එය පුද්ගලිකවම දන්නවා. කැපිලි කෙටිලි අනන්තයි. මේ ළමයා ඔය තැනට ආවේ තාත්තගේ උපදෙස් හා මග පෙන්වීමත් දරුවාගේ තිබුණ තනි කැප වීමත් නිසා. බලධාරින්ගේ ඇස් ඇරුණේ පසුගිය මාස කීපයේ ඔහු දක්වපු දක්ෂකම් නිසා, ඔලිම්පික් තේරුණු නිසා. පුහුණු කරුවෙක් නැහැ. පුරුදු වුණේ මල්ලිලා සමග.( ඇත්තටම මල්ලිලා දෙන්නත් අයිය වගේම දක්ෂයි.) මල්ලිලත් ලංකාව අත්හැරලා එංගලන්තෙට ගියා. අනේ ඇත්තටම හරි පුහුණුවක් සහ හොඳ පරිසරයක් තියෙනවනම් නිලුකලා වගේ දහස් ගණනක් දක්ෂයන් අපේ රටේ ඉන්නවා. මෙහෙම බලධාරීන් ඉන්නකොට රටකට කොහොමද හරියන්නේ. මේ සියලු දේ වෙනස් කරන්න කාලේ හරි දැන්. (නි)
පුහුණුකරු නැත්නම් නිලධාරීන් 32ක් මොකටද? (නි)
අපේ කට්ටිය සේරම ඉන්දියාවට පරදින්නේ ඇයි? (නි)
ජයකොඩිගේ කතාව හරියට හරි. මේ ඉන්දියන් මලබාරි නෑතිනම් ලෝකය කොච්චර ලස්සනද? අපේ රටේ දේශපාලුවන්ගෙයි මලයින්ගෙයිත් වෙනසක් නෑ.අපරාදෙ. ඒ වුණත් සුභ පතනවා. (නි)
නිලූකගේ පරාජය දුකකි. ඊටත් වඩා දුකට කරුණ නම් ඔහුට නිසි සහයෝගයක් සහ අවශ්‍යය පරිසරය අපේ රටේ ක්‍රීඩා බලධාරීන් ලබා දුන්නේ නම් මීට වඩා ජයග්‍රහණයක් ලබාගැනීමට හැකි බව පෙනී යාමයි. ඔලිම්පික් උළෙලට පැමිණ ජය ලබන ක්‍රීඩකයෝ පිටසක්වලින් පැමිණි අය නොවෙති. ඔවුන්ගේ සහ අපේ ක්‍රීඩයන්ගේ දක්ෂතා වලද ලොකු වෙනසක් නැත. වෙනස ඇත්තේ පුහුණුවීම් සදහා ලබාදෙන පහසුකම් සහ ඒ සදහා සකසා දෙන පරිසරය තුළය. අපේ රට ධනවත් නොවන බව ඇත්තකි. නමුත් ක්‍රීඩා ඉසව් මුවාවෙන් බාල් නැටීමට කෝටි ගණන් වියදම් කරනවට වඩා මෙවැනි රටට කීර්තියක් ගෙන දිය හැකි ක්‍රීඩකයන් නගා සිටුවීම වටින්නේය. මෙම සත්‍ය අපේ රටේ නිසි බලධාරීන්ට අවබෝධ වනතාක් අපිට සිදුවන්නේ අපේ රටේ දක්ෂ ක්‍රීඩකයන් පරදිනවා බලාසිටීමය. (නි)
මමත් තරගය බැලුවා. ඔබ හොදට සෙල්ලම් කළා. සුභ පැතුම්! (නි)
ඔයාට අපෙන් සුබ පැතුම්! (නි)
ඔහු ළග පුහුණුකරු සිටියානම් අනිවාර්යයෙන්ම මේ තරගය ජයගන්නට තිබුණා... (නි)
පදක්කමක් නොලැබුනත් ඔබ සහබාගි වී හොද සටනක් දීම ගැන සතුටි. ලද අත්දැකීමෙන් ලබන ඔලිම්පික් එකදි රනින් පළදින්න ශක්තිය ලැබේව.....
දින්නත් පැරදුනත් අපි ඔබ සමගයි. (ස)
පුහුණුකරුගෙන් උපදෙස් පවා නොමතිව තනියෙන්ම සටනක් දුන් ඔබට අපේ ශීර්ෂ ප්‍රණාමය.ක්‍රීඩාවෙන් දේශපාලනය සදහට තුරන් වෙනතුරු ඔබ වෑනි දිරිය දූ පුතුන් දරන් වෙහෙස අපතේ යනු මිස අන් කවර කතාද.( තරඟය පැවැත්වුණු ස්ථානයේ පුහුණුකරු සඳහා වෙන්වුණු අසුනේ නිලූක තරඟ කරන අවස්ථාවේ රැඳී සිටියේ ඔහුගේ පුහුණුකරුවකු නොව වෙනත් අයකු බව ද දැනගන්නට තිබේ.) (ස)
පුහුණු කරුවෙක් පවා ලඟ නැතිව ඔබ කළ වික්‍රමය අපටනම් හරිම ආඩම්බරයක්. (ස)
මෙවර පරාජය ඉදිරියේදී ජයග්‍රහණයට හරවමු. (ස)
ඔහොම යං ඔහොම යං ඔබට හොඳ අනාගතයක් තියෙනවා. (ස)
ලංකාව වෙන ඕනෑම කෟණඩායමකට පැරදුණාට කමක් නැහැ. ඒත් ඉවසන්න බැරි මේ ඉන්දියන් පන්ඩිත බමුනන්ට පැරදෙන එකයි. (ස)
නිලූක ඔයා අද පැරදුනාට ලබනසැරේ කොහෙමහරි දිනන්න බලන්න. ඔයාට සුබ අනාගතයක්. (ස)
ඔයාට අපෙන් සුබ පැතුම් නිලූක. ක්‍රීඩාව ඔහොම තමයි. (ස)
ඔබට මගේ සුබපැතුම්. (ස)
මේක අපේ පැත්තෛන් ලොකු ජයග්‍රහණයක්..... නිලූකට සුබ පැතුම්. (ස)
ඔබ අප රටට ආඩම්බරයක්. (ස)
ඔයා පරාජය වුනේනැත. ඔබ සදා අමරණීයයි නිලූක. (ස)
නිලූක කොල්ලෝ ඔයාලා ලංකාවට ආඩම්බරයක් ලබන සැරේ මීට වඩා හොඳට සෙල්ලම් කරමු. ඔයාට සුබ අනාගතයක්.