IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


නාලක ද සිල්වා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

වැඩ තහනමකට ලක් කර සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක , නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී.
 
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප්‍රභූන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගත් බවත් , එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත්, එම අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නාලක ද සිල්වා මහතා පෙත්සම ගොනු කර තිබිණි.
 
ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද මෙම පෙත්සම කැඳවිණි.
 
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ  තම සේවාදායකයාට එරෙහිව සිදුකරන පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර වෙනත් අංශයක් වෙත යොමු කිරීම සහ තම සේවාදායකයාට හිමිවිය යුතු  වැටුප  ගෙවීම සම්බන්ධයෙන්  වගඋත්තරකරුවන් සලකා බැලීමට සූදානම් නම් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට තම සේවාදායකයා කැමැත්ත පළ කරන බවය.
 
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර වෙනත් අංශයක් වෙත යොමු කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවය.
 
එසේම පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කළ ඉල්ලීම ජාතික පොලිස් කොමිසම විසින් නීතිපතිවරයා ගෙන් උපදෙස් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ළගදීම ජාතික පොලිස් කොමිසම වෙත යවන බවද   නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේය.
 
එම කරුණුවලට දෙපාර්ශවය විසින් එකඟතාවය පළ කිරීමෙන් අනතුරුව පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අධිකරණය අවසර දුන් අතර ඉන්පසුව එය නිෂ්ප්‍රභ කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේය.
 
වැඩතහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම්, පොලිස්පති,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.
 
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප්‍රභූන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගත් බවත් , එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් , එම අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම්කාර නාලක ද සිල්වා මහතා සිය පෙත්සම මඟින් ඉල්ලා තිබිණි.
 
පෙත්සම්කාර නාලක ද සිල්වා මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතාද නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් යන මහත්වරුන් පෙනී සිටියහ.



අදහස් (1)

නාලක ද සිල්වා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී

Raveendra Tuesday, 15 September 2020 12:37 PM

පසුගිය දවස්වල දැක්කේ ඔන්න මලා, මෙන්න මලා විදියට... එ් කියන්නේ අතිදක්ෂ නළුවෙක් නේද රඟපෑමට? ඉන්දියාවේ කසිකබල් ටෙලි නාටක බලබලා ඉන්න අපට බැරිවෙයිද? මේ ගොයියාට රඟපාලා නාටකයක් දෙකක් හදලා අපිට බලන්න සලස්සන්න...

:       0       743

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 132 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 164 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 374 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 480 1

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 65 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 640 1

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26328 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18862 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 377 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 646 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1855 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site