IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


නිලූක ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ඉතිහාසය අලූත් කරයි

ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී පිරිමි කේවළ ඉසව්වේ ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සහභාගිවන පෙර අර්ධ අවසන් පුර්ව තරගයට (ක‍්‍රීඩකයන් 16 දෙනාගේ වටය) අනිද්දා (01) වෙම්බ්ලි ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. මුලික වටයේ ‘සී’ කාණ්ඩයේ තරගයේදී ජපානයේ කිනිචි ටගෝ පරාජය කිරීමත් සමග ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න පිරිමි කේවළ ඉසව්වේ පෙර අර්ධ අවසන් පුර්ව වටයට අද (30) සුදුසුකම් ලැබීය. බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ අට වැනි ස්ථානයේ සිටි ජපානයේ ක‍්‍රීඩක ටගෝ පරදවා නිලූක ලබාගත් මෙම ජයග‍්‍රහණය මෙරට බැඞ්මින්ටන් ක‍්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම ජයග‍්‍රහණය ලෙසද වාර්තාගත වෙයි. ‘‘ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ආරම්භවීමට දින කිහිපයකට පෙර විවේකයක් ලබා ශාරීරිකව හා මානසිකව හොඳ ශරීර සුවතාවයකින් මම පසු වුණා. ඒ වගේම ජපන් ක‍්‍රීඩකයා පිළිබඳව හොඳ අධ්‍යයනයක් කළා. මම තරගයේ ආරම්භයේ සිට ඔහු සමග කරට කර ක‍්‍රීඩා කර තරගයේ වාසිය ලබා ගන්න මට හැකි වුණා යැයි’’ තරගය අවසානයේ නිලූක පැවසීය. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී කොයිතරම් දක්‍ෂයන් තරග කළත්, තරගය පැවැත්වෙන දිනයේ වාසනාව, දක්‍ෂතාව තිබෙන ක‍්‍රීඩකයාට ජය හිමිවන බව නිලූක වැඩි දුරටත් පැවසීය. ඉන්දියාවේ කාශ්‍යප පරුපල්ලි සහ වියට්නාමයේ ටින් මින්හ් නගුයෙන් අතර හෙට (31) පැවැත්වෙන ‘ඞී’ කොටසේ තරගයෙන් ජය ගන්නා ක‍්‍රීඩකයා සමග නිලූක තරග කිරීමට නියමිතව ඇතැයි ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති පරාක‍්‍රම බස්නායක මහතා පැවසීය. නිලූක මෙම ඉන්දීය සහ වියට්නාමයේ ක‍්‍රීඩකයන් දෙදෙනා සමග වසර කිහිපයකට ඉහතදී තරග කර ඇතැයි බස්නායක මහතා පැවසීය. එහිදී නිලූක, ඉන්දිය ක‍්‍රීඩකයා සමග තරග වට තුනක තියුණු තරගයකින් පසුව පරාජය ලබා ඇති අතර වියට්නාමයේ ක‍්‍රීඩකයාව පරාජය කිරීමට නිලූක සමත්ව තිබේ. ලෝකයේ ඉදිරියෙන් සිටි ජපන් ක‍්‍රීඩකයාව පරාජය කිරීමත් සමග නිලූක ජයග‍්‍රාහී මානසික මට්ටමක පසුවන බව ද බස්නායක මහතා පවසයි. ඉන්දිය ක‍්‍රීඩකයා ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ 21 වැනි ස්ථානයේද, වියට්නාම ක‍්‍රීඩකයා ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථානයේද පසුවෙයි. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට සුදුසුකම් ලබාගත් ක‍්‍රීඩකයන් 38 දෙනා අතරින් නිලූක 30 වැනි ස්ථානය ලබා ගත්තේ පරිසාධක මට්ටම ඉක්මවමින් මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබු ශ්‍රී ලංකාවේ පළමු ක‍්‍රීඩකයා වෙමිනි. පෝලන්තයේ විශේෂ පුහුණු කඳවුරකට සහභාගි වු නිලූක එරට සිට ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ලන්ඩන් නුවර පැමිණියේය. ඔහු ඔලිම්පික් උළෙලට සහභාගි වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 7 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ද වේ. 2010 වසරේදී තරග තහනමකට ලක්වීම නිසා පිට පිට 10 වැනි වරටත් පිරිමි කේවල ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට නොහැකි වූ නිලූක, 2011 වසරේ යළිත් වරක් ජාතික ශූරතාව දිනා ගත්තේ වත්මන් බැඞ්මින්ටන් ක්ෂේත‍්‍රයේ තමාට තර්ජනයක් නැති බව තවදුරටත් පසක් කරමිනි. නිලූක ප‍්‍රබල ජපන් ක‍්‍රීඩකයාට එරෙහිව තරගයේදී..



අදහස් (0)

නිලූක ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ඉතිහාසය අලූත් කරයි

ධම්මික Tuesday, 31 July 2012 12:59 AM

ඔබ ශ්‍රේෂ්ඨයි. අපිට ආඩම්බරයි. (නි)

:       0       0

මධුෂාන් Tuesday, 31 July 2012 01:01 PM

සුභ පැතුම්..!!(නු)

:       0       0

සුභාෂිනී Tuesday, 31 July 2012 02:17 AM

නියමයි නිලූක. ඔයාට හදවතින්ම ජය පතනවා. (ත)

:       0       0

ද සිල්වා Tuesday, 31 July 2012 01:19 PM

ක්‍රීඩා නිලධාරීන් 30-40 දෙනෙක් රට සවාරි වලට වියදම් කරන සල්ලිවලින් ක්‍රීඩාවේ යටිතල පහසුකම්වලට යෙදෙව්වනම් ලංකාවෙ ඉන්න මෙවැනි දක්ෂ ක්‍රීඩකයන්ට පදක්කම් ගැනීම පහසු වෙනවා..!! (නු)

:       0       0

තිසර Tuesday, 31 July 2012 03:51 AM

ඔබට ජයෙන් ජය (දී)

:       0       0

චමත් Tuesday, 31 July 2012 04:01 AM

තව ඉදිරියට යන්න සුබ පැතුම් (දී)

:       0       0

ක්ස් ප්‍රියන්ත (දී) Tuesday, 31 July 2012 05:07 AM

ලංකාවේ අපේ කොල්ලන්ට බැරි දෙයක් නැහැ (දී)

:       0       0

අමිල Tuesday, 31 July 2012 06:42 AM

ලංකාව බබළවන්න නිලූකට හැකි වේවා! (නි)

:       0       0

කසුන් Tuesday, 31 July 2012 07:06 AM

සුභ පැතුම් සහෝදරයා.. ඉදිරියටම යං...!!(නු)

:       0       0

වරුණ Tuesday, 31 July 2012 07:51 AM

නියමයි නිලුක සුභපැතුම් ඔබට (දී)

:       0       0

තුෂාන් Tuesday, 31 July 2012 08:09 AM

විශිෂ්ඨයි..සුභ පැතුම්...(ස)

:       0       0

සමන් Tuesday, 31 July 2012 08:37 AM

මේකත් ලොකු ජයක්.සුබ පැතුම්!(ස)

:       0       0

සමන් Tuesday, 31 July 2012 08:38 AM

ඔබට ජය !(ස)

:       0       0

නිශාද් ප්‍රීනා Tuesday, 31 July 2012 02:45 PM

නිලුක ඔබට ලැබෙන සුභ පැතුම් සහ ජනප්‍රසාද ඔබ බලහත්කාරටෙයන් ලබා ගත්දේවල් ‍නොවෙයි.. ඔබේ දක්ෂකම සහ ක්‍රීඩාශ්‍රීලී කම සහ නිහතමානීකම නිසා මේ සෑම දෙයක්ම ඔබ පසුපස හඹා ආවා..ඔබට ජයෙන් ජය ලැබේවා..!!(නු)

:       0       0

හිරන්ත බොතේජු Tuesday, 31 July 2012 02:55 PM

නිලුක ඔබට දළදා සමිදු පිහිටයි..!! (නු)

:       0       0

ජයන්ත Tuesday, 31 July 2012 09:11 AM

නියමයි නිලූක. අපේ රටට පදක්කමක් ‍ගෙන එන්න.ඔබට ජයෙන් ජය..(වි)

:       0       0

රන්ජිත් Tuesday, 31 July 2012 09:15 AM

ඔබට ජයම වේවා (දී)

:       0       0

විරාජ් Tuesday, 31 July 2012 09:22 AM

ඔබට ජය .ලක් වැසියන් ඔබ සමඟයි .ජය පරාජයට වඩා සහභාගීවීමයි වැදගත්...(ස)

:       0       0

සහන් Tuesday, 31 July 2012 09:23 AM

නිලූක ඔයාට මේ තරම් දුරක් යන්න ලැබීමම වාසනාවක්,කොහොම හරි පදක්කමක් ලබා ගන්න උත්සාහ කරන්න..(ස)

:       0       0

අජිත් Tuesday, 31 July 2012 09:33 AM

ලංකාවේ කොල්ලන්ට ජයවේවා (දී)

:       0       0

අනුරාධා Tuesday, 31 July 2012 04:33 PM

සැමදා ඔබට ජය !!!(නු)

:       0       0

දිලාන් Tuesday, 31 July 2012 09:50 AM

එල....එල..(ස)

:       0       0

දීපාල් Tuesday, 31 July 2012 10:04 AM

අපි ගොඩක් සන්තෝසයි ඔබලාගේ දක්ෂතා ගැන (දී)

:       0       0

බුද්ධික Tuesday, 31 July 2012 10:22 AM

සුභ පැතුම් නිකුක. ඔබට ජය (දී)

:       0       0

අතපත්තු Tuesday, 31 July 2012 05:58 PM

පදක්කම් නැතිවුණත් ඔබේ දක්ෂතාවය අපිට ගොඩක් වටිනවා.. යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..!!(නු)

:       0       0

ඉරේෂ් මෙන්ඩිස් Tuesday, 31 July 2012 06:19 PM

අපේ රටට හා බලපිටියට ඔබ සම්පතක්.. ඔබට අපේ උණුසුම් සුභ පැතුම්.. ජය වේවා..!!(නු)

:       0       0

අනුර Tuesday, 31 July 2012 10:30 AM

අපේ සුබ පැතුම් නිලුක (දී)

:       0       0

සන්ජී Tuesday, 31 July 2012 11:00 AM

සුභ පැතුම්...ජය වේවා .!!!(ස)

:       0       0

යොහාන් Monday, 30 July 2012 10:32 PM

නිලූක අපේ රටට පදක්කමක් ‍ගෙන එන්න..(ස)

:       0       0

ගයන් Tuesday, 31 July 2012 11:47 AM

ඔබගේ සහජ හැකියාවට අපේ සුබපෙතුම් නිලුක (දී)

:       0       0

දිනේන්ද්‍ර Tuesday, 31 July 2012 11:49 AM

සතුටුයි නිලුක.. ඔහොම යං.. මුළු ලංකාව ඔබට ධෛර්යය පතනවා..!!(නු)

:       0       0

චමින්ද Monday, 30 July 2012 11:07 PM

නිලුක ඔබ රටටත් , ගමටත් සැබෑ ආඩම්බරයක්.ඉතා දුෂ්කර කටුක මාර්ගයක පැමිණි ඔබ අද ඔලිම්පික් ක්‍රීඩා උළෙල රන් පදක්කමින් බැබළුවා. .... සුභ පැතුම්! (නි)

:       0       0

අරෝෂ් Monday, 30 July 2012 11:23 PM

මට විශ්වාශයි ඔබ ඔලිම්පික් පදක්කමක් දිනා ගන්නා බව. සුභ පැතුම්! (නි)

:       0       0

දමින්ද Tuesday, 31 July 2012 12:26 PM

නිලුක ඔබ ඉතා දක්ෂයි.. ඔහොම ඉදිරියටම යන්න...(නු)

:       0       0

අසංක Tuesday, 31 July 2012 12:44 PM

සුභ පැතුම් නිලුක ජයෙන් ජය...!!

:       0       0

එරංග Tuesday, 31 July 2012 12:44 PM

මට මේක කියන්න වචන නැහැ.. සුභ පැතුම් නිලුක ඉදිරි තරගවලට.. (නු)

:       0       0

දුෂාන් Tuesday, 31 July 2012 12:46 PM

සුභ පැතුම්..........! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 55 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 135 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 107 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 87 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 316 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 72 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1334 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site