IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


නිලන්තට එරෙහිව විනය පරීක්ෂණයක්

( රන්ජන් කටුගම්පොල)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහර සිද්ධිය සම්බන්ධයෙන් උද්ගත වූ කරුණුවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර  ඉදිරියට පැවැත්වෙන බව ඔහුගේ නීතිඥවරයා රීයෙ අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නිකුත් කර තිබෙන නිර්දේශවලට අනුකූලව ඒ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමාජය හා සාමයික කේන්ද්‍රය ගොනු කළ පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා මෙම දැනුම්දීම සිදු කලේ ය.

මෙම පෙත්සම ඊයේ අභියාචනාධිකරණ විනිසුරුවන සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීණි.

මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳූ අවස්ථාවේ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරමිෂා ටීකල් මහත්මිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියාය.

එම අවස්ථාවේදී නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයට අනුව තම සේවා දායකයාට එරෙහිව මේ වන විට විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එය පැවැත්වෙමින් තිබෙන බවත් සඳහන් කළේය

ඒ අනුව පෙත්සන්කාර පාර්ශවයේ ඉල්ලා සිටින සහනය දැනටමත් ඔවුන්ට ලැබී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය .

කෙසේ වෙතත් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය කළ ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන වර්ෂයේ පෙබරවාරි මස 27 වන දා කැඳවන ලෙස නියෝග කළේය .

 

 

 



අදහස් (0)

නිලන්තට එරෙහිව විනය පරීක්ෂණයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රටවිරු වාහන පර්මිට් 1000ක් පිල්ලි ගිහින්
2024 නොවැම්බර් මස 22 241 0

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක


නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් විමතිය පළ කරයි
2024 නොවැම්බර් මස 22 363 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ


චීනයේ කර්මාන්ත ශාලාවක රොබෝ කැරැල්ලක්
2024 නොවැම්බර් මස 22 1386 0

චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍


ලොව උසම කත සහ මිටිම කත හමු වී
2024 නොවැම්බර් මස 22 1040 0

මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.


ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ UN කොමිසමේ අසුනක් ලංකාවටත්
2024 නොවැම්බර් මස 22 235 0

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට පසුගියද 20 වැනිදා තෝරා පත්කර ගන්නා ලද සාමාජිකයන් 31 දෙනා අතරට ශ්


තායිලන්තයට රැගෙන ගිය මුතූගේ දළ කපන්න යයි
2024 නොවැම්බර් මස 22 1931 0

ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජාගේ ඇත් දළ කැපීමට එරට ලම්පාන්ග් පළාතේ තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු යෝජනා කර ඇතැයි තායිලන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 481 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1980 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site