IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


නාලන්දේ ගුටිකෑ ඇදුරු මාරු කරන්නලු

කොළඹ නාලන්දා විද්‍යාලයයේ සිසුන් පිරිසකගෙන් පහර කෑ බව කියන ගුරුවරයා ඇතුළු ගුරුවරුන් පිරිසක් ඉවත් කරන ලෙසට  ඉල්ලන ලිපියක් එම පාසලේ විදුහල්පතිට පක්ෂපාත බව කියන ගුරුවරුන් පිරිසක් විසින් අද (11) සෙසු ගුරුවරුන් ලවා අත්සන් කරගෙන ඇතැයි කියමිල් ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි කළේය.

ගුරුවරුන් කිහිප දෙනකුගේ පමණක් රැස්වීමක් අද (11) උදේ වරුවේ කැඳවා ඇති බවත්, ඔවුන් විසින් සකස් කරන ලද පෙත්සම අත්සන් කරන ලෙසට ගුරුවරුන්ට ලබා දී ඇති බවත්, අත්සන් නොකළහොත් ගැටළු ඇතිවේයැයි බියෙන් ඇතැම් ගුරුවරුන්   අත්සන් තබා ඇති බවත් ස්ටාලින් මහතා කීවේය.

මෙම විද්‍යාලයයේ විදුහල්පතිට එරෙහිව අල්ලස් කොමිසමට ගිය ඊ එන් සුසන්ත හේරත් නම් ගුරුවරයා විද්‍යාලයයේ සිසුන් පිරිසකගේ පහර කෑමකට ලක්ව පසුගිය සිකුරාදා රෝහල් ගත කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

ගුරුවරුන් පිරිසක් ඉවත් කරන ලෙස පෙත්සමක් අත්සන් කරවීමේ සිද්ධිය ගැන නාලන්දා විදුහල්පති රංජිත් ජයසුන්දර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කීවේ එවැනි පෙත්සමක් අත්සන් කළාදැයි තමා නොදන්නා බවයි. තමන් ඊට සම්බන්ධ නැති බවත් ඔහු කීවේය.

විදුහල්පති කාර්යාලයයේදී ගුරුවරයකුට පහර දීම ගැන විමසූවිට විදුහල්පතිවරයා කීවේ ඒ සම්බන්ධයෙන් තමා අඟහරුවාදා (12) අධ්‍යාපන ලේකම්ගේද අවසරය ඇතිව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන බවයි.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කීවේ නාලන්දා විද්‍යාලයයේ සිදුවීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන තවම තීරණයක් නැති බවයි. විදුහල්පතිට මාධ්‍ය නිවේදන නිකුත් කිරීමට අවසර දුන්නාදැයි අධ්‍යාපන ලේකම්වරයාගෙන් විමසන බව ද ඇමැතිවරයා කීවේය.

මේ ගැන විමසීමට අධ්‍යාපන ලේකම් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.



අදහස් (0)

නාලන්දේ ගුටිකෑ ඇදුරු මාරු කරන්නලු

බමුණු Monday, 11 July 2016 01:05 PM

එතකොට ගුරුවරයාට පහර දුන් ළමයින්ට දඩුවමක් නැද්ද. (බ)

:       0       0

දිනේෂ් Monday, 11 July 2016 01:08 PM

මුළු අධ්‍යාපනේම යහපාලනේ වගේ වෙලා. හැමදේම මඩු වලිගෙන් තලලාවත් හදන්න බැහැ වගේ (බ)

:       0       0

අමරබන්දු Monday, 11 July 2016 01:40 PM

පහර දීපු සිසුන්ට කිසි ප්‍රශ්නයක් නැත, හරි පුදුමයි (අ)

:       0       0

රොකි Monday, 11 July 2016 01:45 PM

පළමුවෙන්ම මේ විදුහල්පතිවරයා ඔය ස්ථානයෙන් ඉවත් කල යුතුයි. ඔහු ගුරුවරුන් භේද භින්න කර ඔහුගේ ජිල්මාර්ට් කෙලි සඳහා සපෝර්ට් දෙන අයගේ බලයෙන් අනිත් කල්ලිය පීඩාවට පත් කිරීමේ වැඩ පිළිවෙලක් ගෙන යන බව පෙනේ. (අ)

:       0       0

මහින්ද Monday, 11 July 2016 01:57 PM

ස්ටාලින් නොදන්නා දේටත් කතාකරන්න ගිහින් නිකන් අනාගන්නව ඔය ගුරුවරයා ගුටිකන්න. තිබුනේ මීට ගොඩක් කලින් (අ)

:       0       0

මාල් Monday, 11 July 2016 02:42 PM

ලංකාවේ අධ්‍යාපනය මේ තරම් වංචා කාර ගුරු හොරුන්ගෙන් පිරිලද ? පගාවට විරුද්ධ එක්කෙනයි නැත්නම් දෙන්නයි විතරද ඉන්නේ එක පාසලකට ?යහපාලනයටවත් මේක නවත්වන්න බැරිද නැත්නම් වුවමනාවක් නැත්ද. අකිල විරාජ් ඔබට බැරිනම් ෆීල්ඩ් මාර්ෂල් ගෙන්වත් අහන්න මේකට විසඳුමක් මොකද ලංකාවේ නීතිය අනුව වැඩ කලොත් හොරු හැමදාම රජකරාවි !! (අ)

:       0       0

නිමල් Monday, 11 July 2016 03:54 PM

මහින්ද නාලන්දාවේ ළමයින්ට උගන්වන්නේ ප්‍රශ්ණ ගුටියෙන් විසදන්න ද? (බ)

:       0       0

චන්දන Monday, 11 July 2016 06:54 PM

ලංකාවේ බලවත්ම ආදි ශිෂ්‍ය සංගමය තියෙන්නේ නාලන්දේ කියලා කියනවා. එයාලත් නිදි වගේ (නි)

:       0       0

ලීනෝ Tuesday, 12 July 2016 12:56 AM

නාලන්දය යනු සිංහල බෞද්ධ සිසුන් ඉගෙනගන්නා පාසලකි. එහි කීර්ති නාමය ඉතා ඉහළින් පවතින්නේය. සිසුන් ලබන ජයග්‍රහණ බොහෝය. එය කෙළෙසීමට සමහරු තැත් දරයි. (නි)

:       0       0

සිරාජ් රොඩ්රිගෝ Tuesday, 12 July 2016 12:57 AM

1988 කාලයේ සිට මම මේ විදුහල්පතිවරයාව දන්නවා (නි)

:       0       0

මාල් Tuesday, 12 July 2016 01:31 AM

හොරකමයි පගාවයි වහගන්න අනුන්ට ගස්සවන එකද කරන්නේ. ඔය ශිෂ්‍යයෝ කලින් ගන්න ඇත්තෙත් පගාවට වෙන්න ඇති. මේ ගැන හොයලා බැලුවොත් නරකද. අදහසක් පමණයි. මෙය පුරවැසි බලයට බාරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1361 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 829 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2093 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 416 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 713 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1772 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site