යාපනය ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික උත්සවයට දෙස් විදෙස් බැතිමතුන් ලක්ෂ තුනකට අධික පිරිසක් සහභාගී වූ බව නල්ලූර් කෝවිල් භාරකාර පූජක මණ්ඩලය කියයි.
පුරා මසකට ආසන්න කාලයක් නල්ලූර් කෝවිලේ වාර්ෂික පූජා පැවත්වේ. මේ දිනයන්දී කෝවිල වටා තේරු රථය ඇදගෙන යයි. මේ උත්සවය සිකුරාදා අවසන්වේ.
නල්ලූර කෝවිලේ ප්‍රධානතම පූජාව මෙම තේරු රථ පූජාවයි. තේරු රථය දින 20 ක් කෝවිල වටා රැගෙන යයි. එහිදී සියලු බැතිමතුන් සිය බාර ඔප්පු කරයි.
උතුරේ සිට විදෙස්ගතව සිටින විශාල පිරිසක්ද විදේශිකයෝද එහි ආහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුලි හරි.(හේ)
සරත් ෆොන්සේකා මහත්තයට පින්සිද්ධ වෙන්න ඕනෑ (නි)
දුලි, මීට කලිනුත් එස් එෆ් පෝස්ට් එක තියන හුඟක් දක්ෂ අය ඕනෑතරම් හිටියා. කෝ මොනවද කළේ? ඇත්ත කතා කරන්න කාටවත් මොකටද බයවෙන්නේ. හිටපු ජනාධිපතිතුමාට පින්සිද්ධ වෙන්න මේ වගේ උත්සව තියන්න පුළුවන් වුණා (නි)
අපේ රට දැන් තිබෙන තත්ත්වය ගැන සතුටුයි (නි)
ත්‍රිවිධ හමුදාවට රටේ ආචාරය! (නි)
දුලී, ඔබ හරියටම හරි. මම ඔබට එකඟයි (නි)
ඔය විදේශිකයෝ විසා අරගෙනද ඇවිත් තියෙන්නේ? නැත්නම් ප්‍රශ්නයක්. ඒ වගේම ආව අය නිත්‍යානුකුලව සිටිය යුතුයි. නැතිනම් නැවත තමන්ගේ රටවල් වලට පිටත් වන්නේදැයි බැලිය යුතුයි. තවද පාටින් විදේශිකයන් මනින සංකල්පයෙන් එහා සමාජයක් ගමන් කළ යුතුයි. (බ)
දුලී අමතක වුනාද එස් එෆ්ට එ්ක කරන්න පුළුවන් වුනේ කාගේ උදව්වෙන්ද කියල? අපේ උන්ට හැමදේම ඉක්මනට අමතක වෙන එක ජාතියේ අවාසනාව (බ)
අවුරුදු කීයකට පස්සෙද යාපනයේ දෙමළ සහෝදරයන්ට මෙවැනි උත්සවයක් පවත්වන්න ලැබුනේ? වසර 30 ට පසුව නිදහසේ ඔවුන්ට තමාගේ ආගම අදහන්න වාසනාව ලැබිලා. කොටියා රජකළා නම් මෙහෙම උත්සව තියන්න පුලුවන්ද? මේවා දකිනකොට අපේ මහින්ද ජනාධිපතිතුමා මතක් කරන්නම ඕනෑ. එතුමා නිසා ඔවුන් අද සතුටින් ජීවත්වෙනවා (නි)
දුලි හරියටම හරි (හේ)
නුඹලාට දෙවි පිහිටයි! (නි)
දකිනකොටත් සතුටුයි මේ දසුන් (නි)
එදා මහින්ද නොහිටියා නම් අද මෙහෙම නිදහසක් කොයින්ද? (නි)
ඔව් ඉතින්, අරය කළා, මෙයා කළා කිය කියා සිංහලයා තාම කෑ ගගහා ඉන්නවා. ලංකාව ලස්සනට අගාධයටම යනවා. (නි)
ඇලෙක්ස හරි, අපිට දුක අරයා මෙය පස්සේ යන සෙනග පෙන්න පෙන්න ඉදල අපේ කාලය යනවා. අපි ඔක්කොම පාලකයනන්ට කඩේ යන්නැතිව එන පාලකයාට වැඩක් කරන්න දුන්නනම් රට ඉදිරියට යාවි, නැත්නම් අපි ඉතින් අපේ ඉදිරි පරම්පරාවටත් එයාගේ පස්සේ සෙනග පෙන්න පෙන්න සිංහලය මොඩය කියන වචනයට අරුතක් එකතු වේවි. (බ)
ඇලෙක්ස් අගාධයට පාර කපා ගත්තෙත් අපිම නේද. දැන් ඉතිං කරන්න දෙයක් නෑ. මේ රටත් විකුණලා ආපහු අවුරුදු පහකින් යයි. ආපහු එන්නබැරි බව දැනටම දන්න නිසා මුළු පරම්පරාවටම හම්බ කරගෙන. (බ)
එස් එෆ් ට කරන්න පුලුවන්නම් මොකටද 2008 වෙනකම් හිටියේ? (නි)
දුලි, ඔයා හිතාගෙන ඉන්නේ නාවික හමුදාවයි ගුවන් හමුදාවයි මෙහෙයෙව්වෙත් එයා කියලද? යුද්ධය නිමාකරන්න ත්‍රිවිධ හමුදාවම දායකවුණා නේද? (නි)
මෙහෙම සෙනඟක් දකින කොට ගොඩක් සතුටුයි.(හේ)
මේ රටේ මිනිසුන්ට මොන මතකයක්ද දීපිකා.(හේ)
එස්එෆ් ට පිංසිද්ධ වෙන්න (බ)
වෙන කාටද? හිටපු හමුදාපති සරත් ෆොන්සේකා රණවිරුවන් ඇතුළු පසුගිය රජය නිසානේ (නි)
මේ දසුන් ඉදිරියටත් මෙලෙසම දැකගන්න ලැබේවා! (නි)
ප්‍රභා හිටියා නම් මේවා ඉවරෙටම ඉවරයි. (නි)
ශ්රී ලංකාවේ යුධ හමුදාවට පින්සිද්ධ වෙන්න... (නි)
මෙතන ඉන්න හැම කෙනෙක්ම රණවිටුවන් වෙනුවෙන් පහනක් පත්තුකරන්න. මෙපමණ හාස්කම් තියෙනකොට කොහොමද මේ පළාතේ මිනිස් ඝාතන ඇතිවුණේ? දෙවියනි, ඔබ කොහිද? (නි)
කාට පින් සිද්ධ වෙන්නද අද මේ වගේ සෙනඟක් දකින්න ලැබෙන්නේ නල්ලූර් වල.(හේ)
නැහැ... නැහැ... චන්ද්‍රිකාට පින් සිද්ධවෙන්න. එයානේ යුද්ධයෙන් හතරෙන් තුනක්ම ඉවරකළා කියන්නේ.... (නි)
මෙවන් දසුන් දකින්න නෙත් වාසනාකරන්න ඕනෑ (නි)
අපේ ජනරාල්තුමාට පින්සිද්ධ වෙන්න තමයි (නි)
මේ සාමය සැමදා පවතීවා! (නි)
දුලී, යුද්ධය අන්තිම දවස්වල ඔයාගේ ඔය එස්එෆ් හිටියේ චීනේ. ගියේ මොකටද කියලා රටම දන්නවනේ (නි)
දුලී, කොටි එක්ක සටන්කළේ ශවිද්‍ර සිල්වලා, ජගත් ඩයස්ලා වගේ විරුවෝ ගෝඨාගේ සහයෝගයත් එක්ක. 2009 අවුරුද්දේ මැයි මාසේ පත්තර ටික කියවලා බලන්න. එතකොට ඉතිහාසය දැනගන්න පහසුයි (නි)
අපේ උදාර රණවිරුවෝ සහ හිටපු ජනපති මහින්ද නිසා තමයි (නි)