දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය තුරන් කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළ එරට හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලා (95) ජොහැන්ස්බර්ග් නුවරදී අභාවප්‍රාප්ත විය.
දකුණු අප්‍රිකාවේ ‘ජාතියේ පියා‘ සහ ‘අහිංසාවාදයේ පියා‘ යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ මැන්ඩෙලා, මිය යන විට 95 වැනි වියෙහි පසු විය.
නෙල්සන් මැන්ඩෙලා හය වැනි දා අලුයම අභාවප්‍රාප්ත වූ බව දැනුම් දෙනු ලැබුවේ දකුණු අප්‍රිකා ජනපති ජාකෝබ් සූමා විසිනි.
එය නිවේදනය කීරිමත් සමඟ දකුණු අප්‍රිකානුවන් පමණක් නොව මුළු ලොවම කම්පනයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දකුණු අප්‍රිකා ජනපතිවරයා එරට ජාතික රූපවාහිනියේ පෙනි සිටිමින් මැන්ඩෙලාගේ මරණය දැනුම් දෙමින් පැවසුවේ දකුණු අප්‍රිකා ධජය අඩකුඹු කරන ලෙසයි. ජනපතිවරයා මැන්ඩෙලාගේ මරණය ප්‍රකාශ කිරීමත් සමඟ දහස් ගණනින් ජනයා මැන්ඩෙලාගේ නිවස ඉදිරිපිටට රැස් වී දකුණු අප්‍රිකා ධජය හා වරක් මැන්ඩෙලා නායකත්වය දැරූ අප්‍රිකා ජාතික කොන්ග්‍රසයේ ධජ ලෙළවන්නට වූහ.
දකුණු අප්‍රිකාවේ සමාජ ශාලා, ආපන ශාලා, බීම හල් ඇතුළු සියලූ විනෝදාත්මක කටයුතු නවතා දමා ඇත.
පෙනහලූ ආසාදනයකින් අවුරුද්දකට ආසන්න කාලයක් පීඩා විඳිමින් සිටි මැන්ඩෙලා පසුගිය ජූනි 08 වැනි දා රෝහල් කැරුණු අතර ඉන් මාස තුනකට පසුව පසුගිය සැප්තැම්බර් 01 වැනිදා රෝහලෙන් පිටව ගියද ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවූ නිසා නිවසේදී ද ඔහුට දැඩි සත්කාර ඒකකයක මෙන් ප්‍රතිකාර කරන ලදි.
අභාවප්‍රාප්ත මැන්ඩෙලාගේ මෘත දේහය ප්‍රිටෝරියාහි හමුදා රෝහලකට යවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සුදු ජාතික සුළුතරය විසින් දකුණු අප්‍රිකාව පාලනය කරන ලද සමයේ ඊට එරෙහිව කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නැගූ මැන්ඩෙලා නිහඩ එහෙත් එඩිතර දේශපාලන ක්‍රියාකාරියෙක් විය.
කළු ජාතිකයන්ගේ අයතිවාසිකම් වෙනුවෙන් හඩ නැගීමේ වරදට ඔහු 27 වසරක් දකුණු අප්‍රිකාවේ රොබන් දූපතේ සිරගත කැරිණි. මැන්ඩෙලා පෙනහලූ ආශ්‍රිත රෝගී තත්ත්වයකට ගොදුරු වූයේ එසේ සිරගතව සිටිද්දී ගල්වළක සේවයට යෙදවීම නිසාය.
හිරෙන් නිදහස් වීමෙන් පසු, අප්‍රිකානු ජාතික කොංග්‍රස් පක්ෂයට නායකත්වය දෙමින් ඔහු දකුණු අප්‍රිකාවේ ජනපති ධුරයට ඉදිරිපත් වී විශිෂ්ඨ ජයක් හිමිකර ගත්තේය. ඒ 1994 වසරේදීය.
1999 වසර තෙක් දකුණු අප්‍රිකාවට නායකත්වය දුන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනපතිවරයා ද වෙයි.
ජනපති ධුරයට පත් වීමෙන් පසු මැන්ඩෙලා කිසිම අවස්ථාවක ඔහුට එරෙහි වූ හෝ ඔහු හිරේ දැමූ හෝ සුදු ජාතිකයන්ගෙන් පළි ගැනීමට කටයුතු නොකළේය.
ජනපති මැන්ඩෙලා, 2005 වසරේ රග්බි ලෝක කුසලාන තරඟාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට කටයුතු කළේ ද වර්ණ භේද වාදය පිටු දැකීමේ අරමුණෙන්ය.
මැන්ඩෙලා දරුවන් සිවු දෙනකුගේ පියකු වන අතර ඔහු තෙවරක් විවාහ විය.
මැන්ඩෙලාගේ අභාවය සම්බන්ධයෙන් ලෝක නායකයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් ද සිය කනගාටුව ප්‍රකාශ කරමින් කියා සිටියේ මැන්ඩෙලා ජනහිත හඳුනන අසහාය ලෝක නායකයකු බවය.
1993 වසරේ නොබෙල් සාම ත්‍යාගයට අමතරව ගෞරව සම්මාන 250 කට වැඩි ප්‍රමාණයක් මැන්ඩෙලාට හිමි වී ඇත.
මැන්ඩෙලාගේ උපන් දිනය යෙදෙන ජූලි 18 වැනිදා ‘මැන්ඩෙලා දිනය‘ ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇති අතර එදින දකුණු අප්‍රිකාවේ පමණක් නොව ලොව පුරා ප්‍රජා සත්කාර සේවා සිදු කෙරේ.
දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලාගේ අවසන් කටයුතු ලබන ඉරිදා (15) සිදු කිරීමට නියමිතය. මැන්ඩෙලාගේ අභාවය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ දින දහයක විශේෂ ශෝක කාලයක් නම් කර ඇතැයි එරට ජනපති ජාකෝබ් සූමා කියයි. බොහෝ රටවල්ද ශෝක දින නම් කැර ඇත. ලබන අඟහරුවාදා (10) මැන්ඩෙලා සැමරීමේ ජාතික උත්සවයක් පැවැත් වෙන බව ද ජනපති සූමා පවසයි. බදාදා (11) සිට සිකුරාදා (13) වැනි දා දක්වා මැන්ඩෙලාගේ දේහය එරට ජනපති මැදුරේ තැම්පත් කර තැබීමට නියමිතය. ඇමෙරිකා ජනපති බරක් ඔබාමා සහ බිරිය මිචෙල් ලබන අඟහරුවාදා ජොහැන්ස්බර්ග් බලා පිටව යන බව ධවල මන්දිර ආරංචි කියයි. ඇමෙරිකාවේ හිටපු ජනපති ජොර්ජ් ඩබ්ලිව් බුෂ්ද මැන්ඩෙලාට අවසන් ගෞරව දැක්වීමට යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද අවමඟුලට සහභාගී වීමට නියමිතය. |
-
මැන්ඩෙලා මළ පුවත සිනමාහළේදී විලියම් කුමරු සවනට
-
ලන්ඩන් පංසල මැන්ඩෙලා සිහිකරයි
-
නෙල්සන් මැන්ඩෙලා හැඳින්වූ නම්
.gif)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම නිවන් සුව (අ)
අපේ රටටත් ඕනේ මේ වගේ නායකයෝ. (නදී)
මුළු ලෝකයටම අදර්ශමත් නායකයෙක්. එඩිතර නායකයෙක්. (අ)
පන්චස්කන්දයක් පොලවට යටවුණි. එහෙත් නෙල්සන් මැන්ඩෙලා නමැති මිනිසුන්ට ආදරය කල මිනිසා නොමැරුනි. ඔහු කිසිදා මිය යන්නේද නැත. ගමගේ නොදන්නා දහමක් ගැන කතා නොකර හිටියොත් ඔබ මෝඩයෙක් බව ලෝකයාගෙන් සගවා ගතහැකියි. (නදී)
නියම නායකයකුයි කිව හැකි නායකයෙක්. මගේ උපහාරය.(නදී)
ලොවට බිහිවුන ශ්‍රේෂ්ඨ වගේම නිර්භීත පුද්ගලයෙක්. ඔහු කල මෙහෙවර ලොව සදාකල් අමරණීයයි. මිනිස් වර්ගයා වෙනුවෙන් කල සේවය අනර්ගයි. ඔබට නිවන් සුව! (නදී)
අසහාය නායකයාණනි, ඔබ සදා අමරණීයයි.(නදී)
නිවන් සුව ලැබේවා.! (නදී)
ඔහු ලෝකයේ බිහිවු ශ්‍රේෂ්ඨ නායකයෙක්. සාමදානයේ සැතපේවා! (නදී)
කට්ටිය ඔය කියන විදියේ සුරපුරයක් දකුණු අප්‍රිකාවේ බිහිවෙලා කියලා හිතනවා නම් එය මෝඩකමක්.එහෙ පාරක තනියෙන් ගමනක් බිමනක් ගියා නම් රටේ දියුණුව හොදින්ම බලාගන්න තිබුනා.අදටත් කොටි ත්‍රස්තවාදයට ක්ෂේම භූමියක් වන මේ රටෙන් අපිට වුණු යහපතක් නම් නැහැ. (නි)
කලාතුරකින් ලොවට බිහිවන පුද්ගලයෙක්. ශ්‍රේෂ්ටත්වයේ ඉහලම අදියරයක්. මේ යුගයේ විශිෂ්ට මානව හිතවාදියෙක්. අවාසනාවකට වගේ අපේ සමහර අයත් ජාත්‍යන්තරයත් ශ්‍රී ලංකාවේ යුද්ධය පිලිබඳ සම්පුර්ණයෙන්ම වැරදි පින්තුරයක් නෙල්සන් මැන්ඩෙලා ට දුන්නේ. අපරාදේ මේ ශ්‍රේෂ්ට මනුෂ්‍යයා බෙදුම් වාදී කොටින්ට අනුකම්පා කළේ. නිර්වාණය කෙසේ වෙතත් මැන්ඩෙලා විශ්වාස කළ සුගතියකට එතුමා පත්වේවා. (නදී)
අල්ලාහ් ගේ පිහිට පතමි.(නදී)
ඔහු රට එකට තමා දෙකට හිතුව කෙනෙක්.. නිවන් සුව. (ස)
අනේ එයා හොඳ ආදර්ශ නායකයෙක්. ඔහුට නිවන් සුව පතමු. (ස)
එල්ටිටිඊ එක ලොකේ ප්‍රසිද්ධ උනේ විමුක්ති කාමින් ලෙස.ඒ නිසා මෙතුමා ඒ ගැන කතා කලේ .මෑත බිහිවුන හොඳම නායකයා මෙතුමා. (ස)
ඔබ අමරණීයයි.ඔබ වැනි තම වර්ගයාට ආදරය කල මිනිසෙක් තවත් නැතිතරම් ,ඔබතුමාට නිර්වාන සුවය පතන්නෙමු !!! (ස)
මිනිසෙකු මිය ගියේය. (ස)
ඔබතුමාට නිවන් සුව..(ස)
ගමගේ, බුදුදහම ආගමක් නොවේ දර්ශනයක්. එය කාටත් පොදුය. (ස)
හිටියත්, මැරුණා වගේ මිනිස්සුත් ඉන්න ලෝකේ, මළත්, නාමය අමරණීය වන ශ්‍රේෂ්ට නායකයාණෙනි, ඔබ පැතූ විමුක්තියම ඔබට ලැබේවා.......!!! (ස)
අපේ බෞද්ධ සොයුරනි, ඔහු බෞද්ධයකු නොවන නිසා ඔහුට නිවන් සුව ලැබෙන්නේ නැත. (ස)
රෝස මලක් පිපී ලොවම සුවඳ විහිදුවා පරව ගියේය. ඔබට නිවන් සුව ලැබේවා. (ස)
මේකේ ප්‍රතිචාර දාන අය දන්නේ නැද්ද මෙයා කොටින්ට උදව් කළ වග.(නදී)
මැන්ඩෙලා ශක්විති රජෙක්. සැමට ආදර්ශයක්.(නදී)
බන්දුල පෙරේරා, ඇරියාද කට ආයෙත්. කොටින්ට උදවු කරපු ලංකාවේ දේශපාලකයෝ අදටත් පාර්ලිමේන්තු යන්නේ අපේ රටේ බත් කන උදවියගේ ඡන්දෙන්. අනුන්ගේ වැරදි හොයන්ට කලින් තමන්ගේ දෙයක් බලාගන්ට.(නදී)
ඔබ විශිෂ්ඨ රාජ්‍ය නායකයෙක්(දිල්)
අසහාය නායකයාණනි, ඔබ සදා අමරණීයයි නිවන් සුව ලබේවා! (නදී)
මෙවන් හිතක් ඇති මිනිසුන් යලි යලිත් අප අතරේම ඉපදේවා ! (නදී)
මිනිසුන් අතර ඉපදුනු දෙවි කෙනෙක්.(නදී)
අපේ රටේ නායකයන්ටත් ඔබ තුමා ආදර්ශයක්.(නදී)
මනුෂ්‍යත්වයෙන් පිරි නායකයෙකි නුඹ. ලෝකයට නුඹගේ ජාතියට අගනා මැණිකකි නුඹ. නිවන් සුව ලැබේවා.(නදී)
සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි ! ඔබට නිවන් සුව ! (ස)
ඔබ විශිෂ්ඨ මිනිසෙක් (ස)
හිතවත, ඔබට නිවන් සුව! (නි)
රට ජාතිය වෙනුවෙන් නිර්භීත සේවයක් කළ මිනිසෙක්.අපේ රටේ අයටත් ආදර්ශයට ගන්න පුළුවන්.මැන්ඩෙලා මහතාණෙනි, ඔබට දේව ආශීර්වාදය ලැබේවා! (නි)
ඔබ අමරණීය නයකයෙක්.ඔබට නිවන් සුව පතමු ! (නි)
දකුණු අප්‍රිකාව දරදඬු ළෙස පාලනය කළ සුළු ජාතික සුදු මිනිසුන්ගේ යකඩ සපත්තුවෙන් බහුතර කළු මිනිසුන් බේරාගැනීමට තම ජීවිතය ගැන නොතකා මෙතුමා කළ නිර්භීත සේවය මාර්ටින් ලූතර් කිං සහ මහත්මා ගාන්ධි වැනි ඉතා සුළු ප්‍රමාණයක නායකයින් සමග පමණක් සම කළ හැකිය. නිර්භීත, වීර නායකයෙක් ලෝක ජනතාවට නැති විය. (ස)
අපේ උදවිය මොවුන් ආදර්ශයට නොගන්නේ ........?මැන්ඩෙලාට නිවන් සුව පතමු (දිල්)
මුළු දියතම පුබුදුවලු යුග පුරුෂය ඔබට නිවන් සුව අත් වේවා (දිල්)
හොඳ ආදර්ශ නායකයෙක්.නිවන් සුව ලබේවා ! (ස)
අසහාය නායකයාණනි, ඔබ සදා අමරණීයයි නිවන් සුව ලබේවා...... නිවන් සුව ලබේවා......... නිවන් සුව ලබේවා.... (ස)
'තාතා" යනුවෙන් ආදරයෙන් හඳුන්වනු ලැබූ , 'ජාතියේ පියා' යයි විරුදාවලි ලත් මේ අති ශ්‍රේෂ්ට නායකයා ඇමෙරිකානු ජනාධිපති උත්තම සම්මානයත්, රුසියාවේ පුජිත ලෙනින් සම්මානයත්, නොබෙල් සාම ත්‍යාගයත් ඇතුළු ගෞරව නාමයන් 250 කට අධික ගෞරවයන්ට පාත්‍ර වූ සැබෑ මානව හිත වාදියෙක්. අවුරුදු 27 ක් හිරබත් කා දකුණු අප්‍රිකාව නිදහස් කරගත් මොහොතේ ඔහු සුද්දන්ගෙන් වෛර පිරි මහනු වෙනුවට ඔවුන්ටත් ආරාධනා කලා රාජ්‍ය පාලනයට හවුල් වෙන්න කියලා. එවැනි ගති ගුණවලින් පරිපුරන වූ ඒ මහා පුරුෂයාට මගේ උත්තමාචාරය!(නදී)
නායකත්වය කියන්නේ කුමක් ද? කියා ලොවට පෙන්වූ නායකයෙක්. නායකයන් කියා ගන්නා සියලු දෙනාටම ආදර්ශයක් ගත හැකි චරිතයක්.ඔහු වෙනුවෙන් ශෝක පණ්වුඩ යවන නායකයින් එම චරිතයෙන් ආදර්ශ ගන්නවා නම් එයයි සැබෑ ශෝකය වන්නේ. ඔබ විශ්වාස කළ පතන ලද දහම අනුව මතු බවය සැනසේවා. (ස)
අපේ රටේ කොටි ප්‍රශ්නේ දී කොටි පැත්ත ගත්ත කෙනක්. මට නම් කණගාටුවක් ඇති වෙන්නේ නැහැ.(නදී)
ගුනේ, නෙල්සන් මැන්ඩෙලා අපේ අය වගේ නෝන්ඩි වැඩ කරේ නෑ.(නදී)
ඔබට නිවන් සුව ලැබේවා! (නදී)
1 නිවන් සුව ලබේවා......2 නිවන් සුව ලබේවා.........3 නිවන් සුව ලබේවා.......(නදී).
තමාගේ රට සහ ජාතිය වෙනුවෙන් හොද සේවයක් කල නායකයෙක්. නමුත් ඔහුගේ රට අද ලංකාවේ දෙමළ සංවිධානේ බොරු වලට රැවටිලා.(නදී)
අග්‍ර වු මිනිස් ගතිගුණ සහිත ඔබ සදා අමරණීයයි. ඹබට නිවන් සුව! (නදී)
මේ වගේ නායකයන් මුළු මහත් ලෝකයටම ආදර්ශයක්. නිවන් සුව ලැබේවා! (ස)
හරිම දුකයි හිත වාවාගන්න බැහැ. අප අතරම නැවත ඉපදේවා මගේ පැතුමයි. (ස)
රනිලුත් කවදා හරි ඔය වගේ නායකයෙක් වෙනවා.(නදී)
ඔබට අපගේ උත්තමාචාරය..... (ස)
දකුණු අප්‍රිකාවට පමණක් නොව සකල ලෝකවාසී ජනයා වෙත මිනිසාගේ උදාරත්වය, නිදහස,යුක්තිය, මානව දයාව, සහ සාධාරණත්ව යේ ජීව ගුණයන්ට නව අර්ථකතනයක් ආරෝපණය කරවීමට ඉතිහාසය නමැති ධජය තම දෝතට ගෙන දිරි දරා වෙර දරා ඒ වෙනුවෙන්ම නිර්මල වූ අභිමානවත්වූ සත් කාර්යකට තම ජීවිතයේ අඩින'ඩකට වඩා වැඩි කාල පරාසයක් මිඩංගු කළ යුග පුරුෂයෙකු වෙනුවෙන් පළ කෙරෙන කෘතවේදී වදන් සමුච්ඡයකි. අයෝමය යුග පුරුෂයාණෙනි, ඔබ දෙව් මව් තුරුලේ සදා සැතපේවා!(නදී)
මෙන්න මිනුස්සු. තමන්ගේම රටේ,මහා ජාතිය වී ඉපදී,වහලුන් වූ ,කලු ජනතාව වෙනුවෙන් සටනක් දුන්න නියම යෝදයෙක්.(නදී)
මේ තමයි නියම නායකයෝ (නි)
නිවන් සුව ලැබේවා!!!!! (නි)
තම ජාතිය වෙනුවෙන් උදාර මෙහෙයක් කල උතුම් නායකයෙක්. ඔබට දේව ආශිර්වාදය ලැබේවා!(නදී)
මෙතෙක් ලෝකයේ බිහි වු ශ්‍රේෂ්ඨතම නායකයෙක්. ඔබට නිවන් සුව.(නදී)
ලෝකයට තමාගේ උපරිමය කර, නික්ම යන මිනිසාණෙනි. ඔබට නිවන් සුව ලැබේවා...!! (නි)
නිවන් සුව ලැබේවා.! (ස)
අනාගත ලෝකයේ බලවත් රාජ්‍යය අතරට දකුණු අප්‍රිකාව එකතු උනේ මෙතුමා නිසා...(ස)
මැන්ඩෙලා කියන්නෙ බුද්දාගමෙ විදිහට නියම බෞද්ධයෙක්.ලෝකෙ මෙතුමා ප්‍රසිද්ධ වුනේ අවුරුදු 27 හිරේ ඉඳලත් එලියට ඇවිත් සුදු කාගෙන්වත් පලි ගත්තෙ නැති නිසා.එහෙම කරලා රටේ සුදු අයව සහ කලු බහුතරය සමඟි කරලා රට දියුනු කරපු නිසා.අපි වගෙ පව්කාරයෝ මේ වගේ නායකයො ලබන්න පින් කරල නෑ. (ස)
අති ශ්‍රේෂ්ට නායකයෙක්. ඔහුගේ බිරිඳ විනී ඔහුට කිසිඳු සහයක් නොදැක්වූ අතර.විනී මැන්ඩෙලා අවිනීත නරක කාන්තාවක්.පසුව මැන්ඩෙලා මොසමිකාවේ, ගුවන් අනතුරකින් මියගිය සමොර මිචෙල් ගේ බිරිඳව විවාහ කරගත්තා.ඔහුට හොඳ නායකයෙක් වීමට ලැබුණු අතර හොඳ නායකයන් ඔහුවට බිහි නොවීය..මැන්ඩෙලට නිවන්සුව ලැබේවා!!! (ස)
ඕනෑම රටක නායකයෙකුට ආදර්ශයට ගන්න හොඳ නායකයෙක්. (ස)
සැබෑ වීරයෙක්. නිවන් සුව ලැබේවා. (ස)
ලොවෙන්ම නික්ම යන නායකයාණෙනි.ඔබට නිවන් සුව. (ස)
රටක් වෙනුවෙන් තම ජීවිතය කැප කල ඔබතුමාට අමාමහ නිවන් සුව ලැබේවා !!!!! (ස)
වාසනාවන්ත යුග පුරුෂයෙක්. (ස)
ඔබ වැනි අභීත නායකයෙක් අපේ රටට බිහි නොවුනේ මන්ද? ඒ අපේ අවාසනාවකි. මැන්ඩෙලා මැතිතුමනි! ඔබට නිවන් සුව. (ස)
අපේ කාලයේ බිහි වූ මිනිස් සුවඳ සහ වටිනාකම හොඳින්ම තේරුම් ගත් මහත්මයා ඔබතුමයි. ඔබ සටන් කලේ සකල විධ ජනතාව වෙනුවෙන්ය.ඔබ තරම් සරල නායකයෙක් මම දැක නැත. ඔබ දෙවියන් සමඟ එකතු වීම ගැන දෙවියන් ඉතාමත් සතුටු වෙන්නැති. (ස)
මේ ලෝකය වෙනස් කිරීමට හැකි ප්‍රබලම අවිය අධ්‍යාපනයයි. යනුවෙන් වරෙක මේ ශ්‍රේෂ්ටයා සදහන් කලා.අපේ රටේ දේසපාලකයින්ට ඉගෙන ගන්නවා නම් ඒ කතාවම ඇති. (ස)
නිවන් සුව ලබේවා (ස)
නියම නායකයකුගේ අඩුව දකුණු අප්‍රිකාව ඇතුලු මුළු ලෝක වාසින්ටම දැනේවි. ශ්‍රී ලාංකීය සැමගේම පැතුම එතුමන්ට නිවන් සුව ලැබේවා. (ස)
ඔබ මගේ පුර්වාදර්ශී නායකයෙකි.ඔබ වෙන රටක නායකයෙක් උවද ඔබගේ මතකය අප අතරින් ඉවත් නොවේ. ඔබ වැනි පුර්වාදර්ශී නායකයකු අපේ රටේ නොසිටීම අපගේ අවාසනාවකි. ඔබට නිවන් සුව ලැබේවා. (ස)
මුළු ලොවටම ආදර්ශයක් වූ උතුමාණෙනි ..! ඔබට නිවන් සුව ලැබේවා ...!!!! (ස)
ලොවම හඬයි - ඔබ නිහඞයි.... මිය ගියේ ඔබ නොව අපි... (ස)
ලංකාවේ බෙදුම් වාදයට යම් සහයක් දුන්නත් අපි තරහ නැහැ. නිවන් සුව පතමි. (ස)
රට එකතු කලත් ගෙදර එකතු කරගන්න බැරි වුණා. (ස)
තම ජනයා වෙනුවෙන් වසර 27ක් සිර ගතව තම අයිතීන් සාමයෙන් දිනාගත් ශ්‍රේෂ්ට නායකයාණනි ඔබට නිවන් සුව. (ස)
අභීත විමුක්ති නායකයෙක්. (ස)
හිරු විකසිත වී මිය යන පොළොවේ........ එළිය අඳුර සම සමව බෙදයි............. (ස)