IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


නව අස්ගිරි මහ නාහිමියෝ ජනපතිට සෙත් පතති

අස්ගිරි මහා නායක පදවියට පත් වූ වරකාගොඩ ඤාණරතන නාහිමියන් බැහැදැකීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (10) පස්වරුවේ මහනුවර අස්ගිරි මහා විහාරය වෙත ගොස් ආශිර්වාද ලබාගත්තේය.

එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජනපති කියා සිටියේ බෞද්ධාගමිකයන් මෙන්ම අනෙකුත් සියලු ජාතීන් හා ආගමික පිරිස් එකතු කරගෙන ඔවුන් අතර සාමය සංහිඳියාව ඇති කරමින් යහපත් රටක් ගොඩනැගීම තම බලාපොරොත්තුව බවයි.

මහානායක හිමියෝ සෙත් පිරිත් සජ්ජායනා කර ජනපතිට අශිර්වාද පළ කළහ.

මල්වතු මහානායක තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල නාහිමියන් බැහැදැකීමටද ජනපති ගියේය.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීහු පිරිසක් ද ඊට එක්ව සිටියහ.

ජනපති එහි පැමිණි අවස්ථාවේ එය ආවරණය නොකරන ලෙස මාධ්‍යවේදින්ට ජනපති ආරක්ෂක අංශ  නිලධාරින් පවසා සිටි අතර අවසන් මොහොතේ එම අවස්ථාව ආවරණය කිරිම සඳහා අවස්ථාව ලබාදුන්නද ඇතැම් මාධ්‍යවේදීන්ට එම අවස්ථාව ගිලිහිණි.

අස්ගිරි මහා නායක හිමියන් ජනපතිට පිරිත් නුල් ගැට ගසා පිරිත් සඤ්ජායනා කිරිමේ අවස්ථාව ආවරණයට මාධ්‍යවේදින්ට ඉඩ නොලැබුණු අතර එහි ආරක්ෂක නිලධාරියෙක් මාධ්‍යවේදියකු තල්ලු කළේය..

ඡනපති මාධ්‍ය හමුවේ අදහස් දැක්විම සඳහා පැමිණි අවස්ථාවේදි ආරක්ෂක නිලධාරියා මාධ්‍යවේදීන් අතරින් යාමට සැරසෙද්දි ජනපති ඔහු ඉවත් කළේය.

මාධ්‍යවේදීන් වැළැක්වීම සම්බන්ධයෙන් ජනපතිට පැවසූ විට ජනපතිවරයා එසේ කළේ කවුදැයි විමසා සිටියේය.

msasgiri_20164101 msasgiri_20164102 msasgiri_20164103

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

msasgiri_2016411 msasgiri_2016411-2

ඡායාරූප හා වීඩියෝ - චමිල් රූපසිංහ



අදහස් (0)

නව අස්ගිරි මහ නාහිමියෝ ජනපතිට සෙත් පතති

ප්‍රනාන්දු Monday, 11 April 2016 05:46 PM

ජයතු, සුදුස්සාට සුදුසු තැන ලැබීම ඔබටත් මටවත් වැළැක්විය නොහැක (නි)

:       0       0

නිමල්ලලිත් Monday, 11 April 2016 07:35 AM

මේ සිංහල රටේ සිංහල බෞද්ද අයිතිය වැනසෙන හැටි බලා සිටින දෙශපාලකයන්ට සතුන්ගේ නම් වලින් හදුන්වමින් එසතුන්ට අවමන් කිරීම හොඳ නැහැ. සිංහල කම වෙනුවෙන් බොදු අයිතිය එනුවෙන් හඬ නඟන භික්ෂුන් වහන්සේලාට ,ගිනිහයන්ට දොස් පවරන මේ බහු බහු වාදීන්ගෙන් මම ඉල්ලා සිටින්නේ , අපිට උපදෙස් දීමට පෙර තමන්ගේ දරුවන්ට තබා ඇති වාසගම වෙනස් කර අල්ලපු ගෙදර මිනිහගේ හෝ වෙනත් අයෙකුගේ වාසගමක් තබන ලෙසය. මම පළාත් පාලනයේ රැකියාවක් කල අයෙකු බැවින් දෙමල අන්තවාදය කුමක්ද, මුස්ලිම් අන්තවාදය කුමක්ද, යන්න හොදින්ම දනිමි.දේසපාලන බල පෙරේත කමට වර්තමාන පාලනය යටතේත් සිංහල බෞද්ද විරෝදී වැඩ ඕනා තරම් සිදුවේ. මගේ එකම පැතුම සිංහලකමට, බොදු අයිතියට වචනයකින් හෝ වේවා වින කරන හැම එකෙකුගෙන්ම පලිගැනීමට මරණින් පසු යක්ෂ ආත්මයක් හෝ ලැබේවා යන්නය. මව, මව්බිම බිල්ලට දී රජසැප විදීමෙන් හෝ එවැනි වද කරන එවුන්ට මෛත්‍රී කර දෙව් ලොව යාමට කිසිම බලාපොරොත්තුවක් නැත.(අ)

:       0       0

ජයතු Sunday, 10 April 2016 03:05 PM

ජනතාව පත් කළ රටෙි නායකයාට තලගෙයා මැක්කා වැනි සත්තුන්ගේ නම් කියන්ට තරම් පිරිහුනු සංඝයාවහන්සේලා අැති රටක බුදුදහමට කවර කලද? (බ)

:       0       0

නුවන් Sunday, 10 April 2016 03:34 PM

බුදු දහම චිරාත් කාලයක් වැජඹේවා. (බ)

:       0       0

ජයතු Sunday, 10 April 2016 05:44 PM

නුවන්, බුදුදහම වැජඹේවා කියලා විතරක් වැඩක් නැහැ. වචනයට පමණක් සීමා නොකර පිරිහී අැති ධර්මය සඟරුවන යහමඟට පත්කිරිමට වැඩ කරන්න. (නි)

:       0       0

රෝෂන් Sunday, 10 April 2016 05:56 PM

බුදුරජාණන් වහන්සේගේ දේශනාවටම අනුව සියල්ල සිදුවේවි. (නි)

:       0       0

රොකී Friday, 15 April 2016 02:07 AM

ඔවු ප්‍රනාන්දෝ මහත්තයෝ, නුසුදුස්සන්ට තැන ලැබීමත් වළවන්න ඒ වගේම බැරි බව පාර්ලිමේන්තුව ගැන හිතපුවහම පේනවා නේද? (නි)

:       0       0

චතුරි Sunday, 10 April 2016 06:27 PM

හාමුදුරුවනේ, රට බලාගන්න. නායකයින් ඉන්නවා තමයි. ඒ අයට බැහැ ශාසනයයි රටයි දෙකම රකින්න. කොළඹ ඉන්න සමහර හාමුදුරුවන්ට දැඩි නීති ගෙන එන්න. පොඩි හාමුදුරුවන්ව රැකගන්න (නි)

:       0       0

ජනක Sunday, 10 April 2016 10:20 PM

ජයතු, ඔබේ අදහසට මාගේ ප්‍රණාමය! (නි)

:       0       0

ලෙස්ලි Sunday, 10 April 2016 11:35 PM

ජයතු මොනවා කියනවාද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

ජයන්ත Monday, 11 April 2016 12:53 AM

හැමදාම ඉතින් අලුත් රජය කතා කිය කියා ඉන්නවා. එච්චර තමයි (නි)

:       0       0

රොහාන් Monday, 11 April 2016 04:59 AM

අපේ හාමුදුරුවනේ පුළුවන් ඉක්මනින් ධර්ම සංඝායනාවක් පවත්වල දුෂ්ශිලයෝ ටික පන්නල දාල ශාසනය රැක දෙන්න ,, ඔබ වහන්සේ මතු ආත්මයක බුදු වෙනවා නියතයි ,(කෞ)

:       0       0

චාමර Monday, 11 April 2016 05:04 AM

මහා නායක හාමුදුරුවරුන්ටත් අවවාද අනුසාසන දෙන අයනේ මෙතන ඉන්නේ. මේ අයව ඉක්මනින් පිස්සන් කොටුවට ගිහින් දමන්න වේවි. (කෞ)

:       0       0

ජානකි Monday, 11 April 2016 05:09 AM

ඉස්සර ගිහියෝ පැවිද්දන්ගෙන් අවවාද අනුසාසන ගත්තා. දැන් පස්කම් සැප විදින ගිහියෝ පැවිද්දන්ට, මහානයකලට කරන්න ඕන දේ කියනවා. මේක සමාජයේ පිරිහීම පෙන්වනවා.(කෞ)

:       0       0

පෙරේරා Monday, 11 April 2016 05:10 AM

හාමුදුරුවරුන්ට අවවාද දෙන්න කලින් පැවිදි වෙලා ඉන්න. කරන්න තියන ජරා වැඩ ඔක්කොම කරන ගමන් හාමුදුරුවරුන්ට අවවාද දෙන එක සුදුසු නැහැ (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 896 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 418 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 911 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3305 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 598 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 231 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site