IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


‘නිව් ඩයමන්ඩ්‘ නැව ඇති මුහුදු ප්‍රදේශයේ තෙල් පැල්ලම්

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමකට ලක් වූ ‘එම්.ටී නිව් ඩයමන්ඩ්’ බොරතෙල් ප්‍රවාහන නෞකාව වටා කිලෝමීටරයක මුහුදු ප්‍රදේශයේ කළු පැහැ තෙල් පැල්ලම් දක්නට ලැබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක  කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය.

නෞකාවේ එන්ජින් කාමරයේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා දින කිහිපයක් තිස්සේ ඒ වෙත ජලය යෙදීමෙන් මේ වන විට එම කාමරය ජලයෙන් පිරී ගොස් ඇතැයි කී කපිතාන්වරයා එම ජලය සමඟ මුසුවී එන්ජින් කාමරයේ ඇති ඩීසල් මුහුදු ජලයට එක්වීමෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව ද සඳහන් කළේය.

එමෙන්ම එන්ජින් කාමරයේ ජලය පිරීමෙන් එය පිහිටි නෞකාවේ පිටුපස ප්‍රදේශය පහත් වී ඉදිරිපස ප්‍රදේශය ඉහළ ගොස් ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මුහුදු ජලයට එක්වූ මෙම ඩීසල්වලින් විය හැකි හානි අවම වන පරිදි එම ඩීසල්වල සංයෝගය වෙනස් කළ හැකි රසායනික ද්‍රව්‍යයක් එම ප්‍රදේශයට ඉසීමට කටයුතු කර තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

මත්තල ගුවන් තොටුපලේ සිට විශේෂ ගුවන් යානයක් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයට ගොස් මෙම කාර්යයේ නිරතවීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම නෞකාවෙන් බොරතෙල් කාන්දුවක් සිදුව නැතැයි ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 



අදහස් (1)

‘නිව් ඩයමන්ඩ්‘ නැව ඇති මුහුදු ප්‍රදේශයේ තෙල් පැල්ලම්

Dasa P Tuesday, 08 September 2020 04:32 PM

අන්තිමට එළුවගේ බෙල්ලත් නැතිව, මුට්ටියත් නැතිව යාවිද මට සැකයි.

:       229       32

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 13 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මුහුදට වැටී ධීවරයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 54 0

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා රැස් කරන්නැයි ඉල්ලයි
2024 නොවැම්බර් මස 19 504 0

වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ


ගල් බෝර සවි කිරීමට ගිය අයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 154 0

බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 1655 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 3525 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27494 38

‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 20189 13


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 392 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1882 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site