(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
එම්.ඊ නිව් ඩයමන්ඩ් නෞකාව ගිනි බත් වූවාට පසු එම නැවට මෙරටින් පිටවීමට ඉඩදීම කනගාටුදායක තත්වයක් බවත් එසේ කටයුතු කිරීම සම්බන්ධයෙන් එම කාලසීමාවේදී අදාල අමාත්‍යාංශය බාරව සිටි දේශපාලන අධිකාරියටද විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ නාවික හමුදාපතිවරයාටද තමා කෙළින්ම චෝදනා කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරැන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවසීය.
නැවට යෑමට ඉඩ දුන්නේ විශාල ප්‍රශ්නයක් පැවතුණු අවස්ථාවක බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ සමග නාලක ගොඩහේවාගේ නමද ඉදිරියට ඇවිත් තිබෙන බව සඳහන් කළේය.
එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ඩොලර් වලින් මිස රුපියල්වලින් ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව එකඟවීම කණගාටුදායක බවද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එක්ස්ප්‍රස් පර්ල් සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදී ඩොලර් කෝටි 700 ක වගේ වන්දියක් ගැන කතා කළ නමුත් දැන් එය ඩොලර් කෝටි තුන්සියයකට පහත බැස ඇති බවත් මේ සිද්ධියට අදාළව නඩු දැමිය යුතු යැයි තමා මුලසිටම සිටින ස්ථාවරය බවත් අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
සමුද්‍රීය ආරක්ෂක අධිකාරියට වරාය ඇතුළේ කාර්යාලයක් පවා නොමැති බවත් ඇත්තේ කන්ටේනර් පෙට්ටි දෙකක් පමණක් බවත් ප්‍රනාන්දු මහතා කීවේය.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිව් ඩයමන්ඩ් නැව යැව්ව එක වැරදියි
sharm warn Wednesday, 30 November 2022 03:46 PM
හොරු රටක් පාලනය කරද්දි නිවැරදි දේවල් කරයි කියලා හීන දැක්ක නම් ඒ් පිස්සෙක් වෙන්න ඔ්නි. දැන් මේ බයිලා අපට කියන්නේ ඇයි? අපිද මේවට නීතිමය පියවර ගන්න ඔ්නි .