
(ටී.කේ.ජී.කපිල )
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත් ( Protection of the State Terrorism ) කෙටුම්පත වහා ඉල්ලා අස්කර ගන්නා ලෙස රජයට බල කරමින් , කටුනායක නිදහස් වෙළෙඳ කළාප සේවකයන් සහ වෘත්තීය සමිති එක්ව ඇවරියවත්ත නගරයේදී විරෝධතාවක් පැවැත්වුනි .
රජය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන බවට පවසමින් නව පනත ගෙන ඒමට සූදානමින් සිටින බව විරෝධතාකරුවෝ පැවැසූහ.
ආරක්ෂක ලේකම්වරයාට පැවරෙන බලතල , අධිකරණයේ අවසරයකින් තොරව අත් අඩංගුවට ගැනීම සහ විවිධ සංවිධාන තහනම් කිරීමට හැකි වගන්ති මෙම පනත තුළ අන්තර්ගත බව මෙම විරෝධතාකරුවෝ චෝදනා කළහ .
2027 වසරේ දී G.S.P.+ සහනය අවසන් වීමට නියමිත අතර , එම සහනය අහිමි වුවහොත් , ඇගලුම් ක්ෂේත්‍රයේ රැකියා 74,000 ක් අවදානට ලක් වන බව ද විරෝධතාකරුවෝ පැවසූහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd