ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව යනුවෙන් මින් ඉදිරියට පොලිසිය නොහඳුන්වන ලෙසද 'ශ්‍රී ලංකා පොලිසිය' යන නාමය භාවිතා කරන ලෙසද නව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (22) ප්‍රකාශ කළේය.
පොලිස් මූලාස්ථානයේ දී වැඩ භාර ගනිමින් ඔහු පැවසූයේ තාජුඩීන් ඝාතනයේ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවයි.
මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය කිසිවිටකත් විසුරුවා හරින්නේ නැතැයි ද පොලිස්පති කීවේය.
රජයේ මුදල් හා දේපළ රැක ගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තව දුරටත් ශක්තිමත් කරන බවත් රජයේ දේපළ කොල්ලකන අයට තමන්ගෙන් සමාවක් නොලැබෙන බවත් තමාට මෙම තනතුර ඔටුන්නක් නොවන බවත් තමා මේ තනතුරට පත් වූයේ වැඩ කිරීමට මිස සැප විඳීමට නෙවන බවත් පැවසූ ඒ මහතා තමාගේ රාජකාරියට දේශපාලනයක් නැති බවත් වැරදි කරුවන් කවුරුන් වුවත් ඔවුන්ගේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් හේ පැවසීය.
මෙය තමන්ගේ මුල්ම හා අවසාන මාධ්‍ය සාකච්ඡාව බවත් ඔහු පැවසුවේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙළින් කතාව මෙන්ම කෙළින් වැඩකිරීමත් බලාපොරොත්තු වන අතර, ලංකාවේ වු එකම ඝාතනය තාජුඩීන් ඝාතනය නොවන බව පවසමි (නි)
දේශපාලනයෙන් තොරව ගමන් කරනු ඇතැයි විශ්වාස කරමු. (නි)
ඔබට සුබ පැතුම් අපෙන්! (නි)
ඔබ වැනි කෙනෙක් පත්කළ යහපාලනයට පින්! (නි)
අපිත් බලාගෙන ඉන්නේ මොනවද මෙතුමා කරන්නේ කියලා. (නි)
කුරුණෑගලින් බිහිවුණ ඔබතුමන්ගේ අවංක බව, ඍජු බව ගැන සැකයක් නැහැ. දේශපාලකයින්ගේ ගොදුරක් නොවී රටට සේවය කිරීමට සතරවරම් දෙවි රැකවරණය ලැබේව!! (නි)
බෙනට්, තාජුඩීන් ඝාතනය මහජනයාට බලනොපාන පරීක්ෂණයක් කියලා කියන ඔබ නම් ශිෂ්ටසම්පන්න පුරවැසියෙක් වෙන්න කවදාවත් බැහැ. හැම අපරාධයක්ම සමාජයට බලපානවා. (නි)
පොලිසි වල කටඋත්තර ගැනිම් වල විනිවිදභාවයක් නැහැ. අසරණයෙක් ආවහම එයාට කතා කරන්න දෙන්නෙ නැහැ. ඒකපාර්ශ්විකව ප්‍රශ්න විසඳන පොලිසි වැහිවැහැලා. පොලිසිවල විමසීම් කරන තැනට සිසිටිවි කැමරා හයිකරන්න. (නි)
ඔබට සුබ පැතුම්! දකුණේ වගේම උතුරේ නටන නාඩගම ගැනත් ඔබතුමා තදින්ම නීතිය ක්‍රියාවට නංවාා රට නැවතත් සටනකට නොයන තැනට වැඩ කරන්න. අපේ අහිංසක ඉල්ලීමක්. (නි)
ඔබතුමාට ජය ශ්‍රී මැතිඳුනි! (නි)
මෙවන් අයෙක් අපට අවශ්‍යයි. පොලිසියේ නරක නරුම නිලධාරීන්, බොරු කියා රියදුරන්ට දඩ දෙන නිලධාරීන් ගැනත් බලයිද? (නි)
කොහොමත් ශ්‍රි ලංකා පොලිසිය තමයි. ඒක වෙනස් කරන්න දෙයක් නෑ.(හේ)
නම මාරු වුනා කියලා මානසිකත්වය වෙනස් වේවිද? (හේ)
රටට අවංක නිලදාරියෙක් ලැබීම ගොඩක් වටිනවා (හේ)
ඔබතුමාට ජයෙන් ජයම වේවා! (නි)
මහත්තයෝ, දැන් පොලිසියට අවශ්‍ය වෙලා තියෙන්නේ වැඩ විතරයි. (නි)
මෙයත් සැරසෙන්නේ යහපාලනයටද?(හේ)
පොලිස් දෙපාර්තමේන්තුව කෙළින්ම මහා ආණ්ඩුව යටතට ගතයුතු බවයි සිතෙන්නේ. මිනිසුන්ට ගහන, කුණුහරප කියන මානසික ලෙඩ්ඩු වැනි නිලධාරීන් පොලිසියෙන් ඉවත් කරන්න. රටේ නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසියේ වගකීම බව වටහා ගන්න. අසරණ වී ඇති පොලිසියට පිටකොන්දක් දෙන්න. (නි)
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු දක්ෂ නිලධාරියෙක් (නි)
සද්දේ නම් හොඳයි. වැඩ කොහොමද කියලා බලාගෙන ඉඳිමු. (නි)
හැම අපරාධයක්ම අපිට නම් වැදගත් (නි)
හිතවත් පුජිත මැතිතුමනි, මුළු ශ්‍රී ලාංකික පොලිසියට සාමය අගයන ජනතාවට සහ මගේ උතුම් මාතෘ භූමියට ඔබ මිණි පහනක් වේවා! තිස්තුන් කෝටියක් දෙවිඳුන්ගේ රැකවරණයි! (නි)
තාජුදින්ගේ කේස් එක සාමාන්‍ය ජනතාවට බලපෑමක් නැති පරීක්ෂණයක් .. ඇඹිලිපිටියේ කේස් එක සාමාන්‍ය ජනතාවට මොන තරම් බලපෑමක් කරන කේස් එකක්ද ? (ර)
අපි බලමු මෙය කොහොමද අබිලිපිටියේ වෙච්ච අපරාදේ විසදන්නේ? වත්තල මන් තීරුව කඩපු අයට මොකද කරන්නේ? (ර)
ඔබතුමාට තෙරුවන් සරණයි. ඒ නිත්‍යනුකූලව නීතිය ක්‍රියාත්මක කීරීමට,ඔබතුමා ගෞරවනීයව එතන ඉන්නකම් නීතියට ගරුකරන අවනත අපි හිටියේ,පොත්ගුර කීවට ,අපිනම් කැමති,ඒ නිතිය ඔබතුමා දන්නා නිසා.අපිට නැතත් අනාගත දූ දරුවන්ට ඒ බලාපොරොත්තු වන රට හදමු.(බ)
ඔබතුමා අවංක කෙනෙක් බව පෙනෙනවා. හැබැයි දේශපාලන බලපෑම්, පරණ ලොක්කන්ට හිතවත්, නැතිනම් භය ඇති අයගේ විරුද්ධකම් ඒවි. නොබියව නොසෙල්වී ඉන්න. නැමුනොත්,වැටුනොත් ඔබතුමාව මැරෙනකම්ම පාගා දමාවි. ඔබ අත ගසන්නේ ඉතාමත් භයානක දේවල් වලට බව පෙනෙනවා. ඉතාමත් හොඳයි. මෙතෙක් කිසිම කෙනෙකුට ඒකට හයියක් තිබුනේ නැහැ. ඉතාමත් බලගතු ආත්ම ශක්තියක්, ධෛර්යයක් අවශ්‍ය වේවි. අපි ඔබට සුභ පතමු!! (බ)
මම අවුරුදු 10 ක් ශ්‍රී ලංකා පොලිසියේ සේවය කළා. සර් හොද අවංක මහත්තයෙක් .ඔය දේශපාලකයෝ තව අවුරුදු 1 ක් යනකොට සර් ගේ කන මිරිකලා පැත්තකින් තියනවා.ඔව්න් එක්ක සර්ට මාර සටනක් දෙන්ඩ වේවි .(බ)
හැමෝම පටන් ගන්නකොට කියන්නේ එකම ටික තමයි. තව ටික දවසක් ඉඳලා බලමු මොකද වෙන්නේ කියලා. (ර)
ලොකුම ගැටලුව විසඳුවා ඔන්න. (ර)
පළපුරුද්ද හා අත්දැකීම් බහුල ඔබවැනි අයෙක් ස්ථානොචිත ප්‍රඥාවෙන්. කටයුතු කරනු ඇතැයි මගේ අපේක්ශාවයි. (ර)
එතකොට ඇබිලිපිටියේ සිද්ධිය වගේ ඒවාට ප්‍රමුකත්වයක් දෙන්න අවශ්‍ය නැත්ද? (ර)
අපි බය වුනා පොලිස් නැති කරන්නද හදන්නේ කියලා.(හේ)