IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘නව මහ බැංකු අධිපති පිළිගන්නවා‘ - දිනේෂ්

මහ බැංකුවේ නව අධිපති ලෙස නම් කැරුණු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ පත්වීම පිළි ගන්නා බව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියයි.

ඔහු මහ බැංකුවේ විශ්වාසය වැඩි කිරීම පිණිස කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ගුණවර්ධන මහතා පවසයි.

මීට පෙර පොලිස්පති සහ නීතිපති ඇතුළු තනතුරු පත් කරද්දී පොදු විපක්ෂය විරුද්ධ විය.



අදහස් (0)

‘නව මහ බැංකු අධිපති පිළිගන්නවා‘ - දිනේෂ්

සුසිල් Saturday, 02 July 2016 10:25 PM

පොදු විපක්ෂ කණ්ඩායම අර්ජුන් මහේන්ද්‍රන් හරහා ආණ්ඩුව පෙරළීමට සිහින දැක්කා. අර්ථසාධක අරමුදලේ දායක මුදල් රුපියල් කෝටි 2800ක් කොටස් වෙළඳපොළේ ආයෝජනය කොට විනාශ කළ අයට එරෙහිව ඔබ එදා ගොලුව සිටියා. නමුත් අද...? (නි)

:       0       0

අතුල Saturday, 02 July 2016 11:28 PM

පිළිගත්තත් නැතත් දැන් කරන්න දෙයක් නැහැනේ (නි)

:       0       0

සෑම් Sunday, 03 July 2016 12:06 AM

කෝ මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණලාභී, ඩයස්පෝරා චක්‍රවර්තී, දේශප්‍රේමී මාරාන්තික උපවාසලාභී එක්කෙනා? මොකුත් ප්‍රකාශයක් නැද්ද? (නි)

:       0       0

රන්ජිත් Sunday, 03 July 2016 12:13 AM

නව මහ බැංකු අධිපතිවරයා ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම සම්බන්ධයෙන් වන සාකච්ඡාවන්හිදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සහභාගිවන පුද්ගලයෙකුද කියා දැනගැනීමට කැමතියි. එය එසේනම් හේතු පාඨ ලියන්න ඕනෑ නැහැනේ. තේරුම් ගන්න පුළුවන්නේ. (නි)

:       0       0

සහන් Sunday, 03 July 2016 02:21 AM

සුජීව, ඔබගේ කතාවත් එක්ක මම එකඟ වෙනවා. (නි)

:       0       0

රන්ජිත් Sunday, 03 July 2016 02:25 AM

මෙයාලා කැමති වුණත් නැතත් වැඩක් නැහැ, අපි කැමති නම් තමා වැදගත්. මේ පත්වීම ඉහළින්ම අගයමු. වඩාත් විශ්වාසදායක සේවයක් කිරීමට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

රණතුංග Sunday, 03 July 2016 03:06 AM

රෝයල් එකේ එකට හිටපු හින්ද වෙන්න ඇති නේද ? (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 03 July 2016 03:19 AM

අර්ථසාධක අරමුදලේ දායක මුදල් රුපියල් කෝටි 2800ක් කොටස් වෙළඳපොළේ ආයෝජනය කොට විනාශ කළා විතරක් නෙමෙයි නාගරික සංවර්ධනයට මුවා වෙලා රුපියල් කෝටි ලක්ෂ ගානක් ලංකාවේ සියලුම බැංකු විසින් ලබා දීලත් තිබුණා (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 03 July 2016 03:24 AM

හිටපු ඒකාධිපතියාගේ කාලේදී කබ්රාල්ව පත් කර ගන්නකොට විරුද්ධ වුනාද?මෙහෙව් පට්ට සමාජවාදියෝ කියා ගන්න අයව පොල් පිත්තක් ගත්තම සියයක් විතර කපන්න පුළුවනි. (බ)

:       0       0

ශිවා Sunday, 03 July 2016 03:53 AM

පියා සහ පුතු අතර වෙනස , බොරලුගොඩ සිංහයා , පුතා බොරලුගොඩ ....(බ)

:       0       0

රංග Sunday, 03 July 2016 04:12 AM

මොහු එට්කා ගිවිසුමේ උපදේශකයෙක්. අගමැතිගේ එහෙයියෙක්. කොටි හිතවාදී රාධිකා කුමාරස්වාමිගේ සහෝදරයෙක්. කොටි හිතවාදී පස්කරලින්ගම්ගේ උපදෙස් මත ක්‍රියා කරන්නෙක්. මේ රජයේ ආර්ථික උපදේශක මණ්ඩලයේ ව්‍යුහය වෙනස් නොකොට කරන ඇස්බැන්දුම් වලින් රට අවුලෙන් අවුලට යනු ඇත. යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් පන් මල්ල නොබලාම වීසිකරපන් කිව්වලු! (බ)

:       0       0

සේරම් පැරිස් Sunday, 03 July 2016 05:22 AM

මතකනේ මෙයාගේ කාලයේ ,සිටපු පි බි ජයසුන්දර , උසවියෙනුත් පන්නපු කෙනා , අනිකා කබ්රාල් , මේ දෙන්නත් මේ සිටි මහේන්ද්‍රන් ට සමාන අය , ආපු කෙනා කෙසේද කියන්න තව කාලයක් යනවා (බ)

:       0       0

රසික Sunday, 03 July 2016 06:05 AM

සෑම්, ඔච්චර වචන නාස්ති කරන්න ඕනෑ නැහැ . පළමුවෙනි වචන දෙකෙන්ම ඕනෑම කෙනෙක් දන්නවා ඔයා කා ගැනද කියන්නේ කියලා (බ)

:       0       0

ගාමිණි Sunday, 03 July 2016 09:36 AM

කබ්රාල් කියන්නේ අපේම උගත් මිනිසෙක් (බ)

:       0       0

සමන් Sunday, 03 July 2016 09:42 AM

ඔබතුමන්ගේ උත්සාහයක ප්‍රතිපලයක් මේක ඒ ගෞරවය ඒකාබද්ධ විපක්ෂයට ලැබේවා (බ)

:       0       0

රණතුංග Sunday, 03 July 2016 10:38 AM

දෙන්නම රෝයල් එකේ හිටපු හින්ද වෙන්න ඇති කැමැත්ත (බ)

:       0       0

හේමපාල Saturday, 02 July 2016 01:11 PM

ඇති යාන්තම්... (නි)

:       0       0

වින්සන්ට් Saturday, 02 July 2016 01:35 PM

ඔබතුමන්ලාගෙන් මෙවැන්නක් අසන්න ලැබීම සතුටට කරුණකි. ටික දවසක් හරි ජනතාවගේ කන්වලට පහසුවක් දැනෙනු ඇත. සමහරු කළුවතින් රෝහල්වලට ගිය එකේ ප්‍රතිඵල කියන්නත් පුළුවන්. ඊළඟට කාරණයක් සොයාදීම යහපාලනයේ හැකියාව මත සිදුවේ. (නි)

:       0       0

ගැමුණු Saturday, 02 July 2016 01:42 PM

ඔබලාගේ කාලයේ කබ්රාල් පත්කරද්දී ප්‍රතික්ෂේප කරන්න හිතුනේ නැද්ද? (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 02 July 2016 01:45 PM

කලින් එක්කෙනත් රෝයල් නේද? හැබැයි ඉතින් වැඩ දුන්නෙත් රෝයල් විදිහටම තමයි. (නි)

:       0       0

සුජීව Saturday, 02 July 2016 01:59 PM

දිනේෂ් මැතිතුමනි, ඔබගේ පියාත් මේ වගේ දේශපාලන න්‍යාය ධර්ම වල සිටියා. නමුත් අවසානයට තෝරාගත් දේශපාලන දර්ශනය හොඳට සිතට ගන්න. අද මා සඳහන් කළා කියලා හිතාගන්න. ඔබ තව අවුරුදු 05 කින් ඔබ සිතාගන්න බැරි දේශපාලන තීන්දුවකට යනවා. යථාර්ථය එය වේ (නි)

:       0       0

නිමන්ති Saturday, 02 July 2016 03:05 PM

එ්ක ඇත්ත. කෙනෙක් පත්වුණ ගමන් දොස් කියන්න හොඳ නැහැ. වැඩ කර පෙන්වීමට ඔහුට කාලයක් දියයුතු වෙනවා. අපි බලමු ඔහු රටේ විශ්වාසය දිනාගන්නා හැටි. ඔබට සුබ පතනවා අපේ මේ රට ඉදිරියට ගෙනයන්නට වැඩ කරන්නට. (නි)

:       0       0

ශාන් Saturday, 02 July 2016 03:10 PM

කාළගුණ දෙපාර්තමේන්තව මොකද දන්නේ අද හවස ගැන කිවුවේ? (නි)

:       0       0

සුනිල් Saturday, 02 July 2016 03:50 PM

ප්‍රජාතන්ත්‍රවාදී, ජනතාවට හිතකර, හොරකම් වංචා වලට එරෙහි තීරණ රජයක් විසින් ගනු ලබනවිට ඒ තීරණ වලට කවුරුත් එකඟ වියයුත්තේමය. (නි)

:       0       0

චතුරි Saturday, 02 July 2016 04:15 PM

මහින්දත් කැමතිද? අනෙක් අය මොනවා කියයිද? (නි)

:       0       0

ජයම්පති Saturday, 02 July 2016 05:49 PM

සතුටුයි හැමෝගෙම එකඟතාවය ඇතිවුණ එකට. (නි)

:       0       0

භද්‍රානි Saturday, 02 July 2016 05:50 PM

මේගොල්ලෝ එච්චර ඉහළින් පිළිගන්නවා කියන්නේ අපිට මොන ගිනිගෙඩියක් ඊළඟට පාත්වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

පියසිරි Saturday, 02 July 2016 06:10 PM

දෙන්නා යාලුවොද කියලා අපි දන්නෙ නැහැනේ (නි)

:       0       0

සුසිල් Saturday, 02 July 2016 07:04 PM

අවංකවමද? මොකද ඉස්සර කෙනා ගැන ඕගොල්ලො කට වහගෙන හිටියෙ බයටද? මේක තමයි සම්මුතිවාදය කියන්නෙ. දැක්කද වෙනස? (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Saturday, 02 July 2016 07:46 PM

තව සතියකින් විතර මොනවාහරි වරදක් අල්ලාගනීවි. අපි නොදන්නා කට්ටිය? (නි)

:       0       0

සමන්ත Saturday, 02 July 2016 08:11 PM

පිළිනොගත්තත් ඇති ප්‍රශ්නයක් නැහැ. මොකද මෙයාලා තමයි කබ්රාල් ගෙනාවෙත්. එ්ත් මේ පත්කිරීම ශ්‍රී ලංකා ආර්ථික ක්ෂේත්‍රයේ විශාල පිම්මකට හේතු වෙයි. අතිදැවැන්ත සංවර්ධනයකට සහ මුල්‍ය පරිපාලනයකට යටත්ව දියුණු වෙයි. මේ පත්වීම ශ්‍රේෂ්ඨ එකක් ලෙස මම දකිනවා. අගමැතිතුමාටත්, ජනාධිපතිතුමාටත් අපේ උපහාරය. (නි)

:       0       0

ලලීන්ද්‍ර Saturday, 02 July 2016 09:00 PM

දැන් මෙයාලා පිළිනොගත්තා නම් මොකද, නව අධිපතිට වැඩකරන්න බැරිද? (නි)

:       0       0

බලගෙදර Saturday, 02 July 2016 10:11 PM

දැන්ම කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි ඉවසලා බලමු (නි)

:       0       0

ලලීන්ද්‍ර Saturday, 02 July 2016 10:12 PM

අපිත් මේ පත්කිරීමට කැමතියි (නි)

:       0       0

ලක්සිරි Saturday, 02 July 2016 10:08 PM

ඔබතුමා පිළිගත්තත් නැතත්, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති පත්කරන අය ජනතාව පිළිගන්නවා. පුදුමයි! මෙහෙම කතාවක් හරි කිව්වා. හැමදාම කළේ කකුලෙන් අදින එකනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 0 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 47 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1292 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 574 0

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 981 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 286 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38884 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site