IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


නව වසර මලින් සරන යුරෝපයේ ශ්‍රී ලංකා රූ රැජිණ සබීනා

2016-12-29-ent-60

ශ්‍රී ලංකා රූ රැජිණ තරග පැවැත්වෙන්නේ ශ්‍රී ලාංකීය භූමියේදී පමණක්ම නොවේ. ලෝකයේ විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකීය ප‍්‍රජාව අතරේ ද රූ රැජින තරග පැවැත්වේ. ඒ අතරින් මේ සුරූපී සබීනා කෝර්සන් විශේෂ චරිතයක් වන්නීය. මුළු යුරෝපයේම වෙසෙන ශ්‍රී ලාංකීය සුරූපිනියන් අතර පැවති රූ රැුජින තරගයෙන් කිරුළ හිමිකර ගනු ලැබුවේ ඇය විසින් වීම ඊට හේතුවය. යුරෝපයේ ස්ථාපිත ශ්‍රී ලාංකීය ප‍්‍රජාවට අයත් සුබසාධක සහ එකමුතු සංවිධානයන්හි සංවිධාන ශක්තියෙන් පැවැත්වූ යුරෝපීය ශ්‍රී ලංකා රූ රැුජින ලෙස අභිෂේක ලද මේ ‘සබීනා’ කවුද?

සමහරු ඇය සමාන කරන්නේ සුරූපී බොලිවුඞ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ටය. තවත් සමහරු කියන්නේ ඇය සුරූපී හොලිවුඞ් නිළියක් වන ටයිටැනික් චිත‍්‍රපටයේ රඟපෑ කේට් වින්ස්ලට් වාගේ යනුවෙනි. ඇය ඓෂ්වර්යා රායි වාගේ යැයි කියා ද සමහරු කියති. මේ සුරූපී සබීනා කාගේ කවුද? ඊට පෙර 2016 යුරෝපීය ශ්‍රී ලංකා රූ රැුජින තරගයෙන් දෙවැනි ස්ථානය දිනූ සුරූපී සුමේයා සිංහවංශ සහ තෙවැනි ස්ථානය දිනූ සඳලි ප‍්‍රමෝද්‍යා ගැන ද සඳහන් කීරීම හොඳය. සුමේයා ජර්මනියෙන් ද සඳලි ප‍්‍රංශයෙන් ද මේ තරගාවලියට එක්වූ අතර සුරූපී සබීනා ඩෙන්මාර්කයේ සිට ඊට ඉදිරිපත් වූවාය.

සබීනාගේ මව ශ්‍රී ලාංකීය වන අතර පියා ඩෙන්මාර්ක ජාතිකයෙකි. වයස අවුරුදු 17ක් වන මේ සුරූපිනිය තවත් උසස් අධ්‍යාපනය ලබමින් සිටින්නීය. ඇයට එක් බාල සහෝදරයක් සිටී.

”ජාත්‍යන්තර ව්‍යාපාර පරිපාලන හා කළමනාකරණය ගැන උසස් අධ්‍යාපනය හදාරමින් සිටින මම මගේම කළමනාකරණ ආයතනයක් පවත්වාගෙන යනවා. ශ්‍රී ලංකාවට මම මෙනවා හරි කරන්න ඕනෑ. මගේ තාත්තා ඩෙන්මාර්ක් ජාතිකයෙක්. අම්මා ශ්‍රී ලාංකීය කාන්තාවක්. මගේ හද ගැස්ම මේ රටවල් දෙකටම අයිති බව කියන්න පුළුවන්.”

 

මේ රටවල් දෙක අතරින් වඩා කැමති?

2016-12-29-ent-58ඇත්තටම ශ්‍රී ලංකාවට හරිම ආසයි. මෙහෙ දේශගුණයට මම කැමතියි.

 

මෙවර ශ්‍රී ලංකාවට විශේෂයෙන් ආවේ ඇයි?

පිළිකා සහ වකුගඩු ආධාර ව්‍යාපෘතියකට දායකව කටයුතු කරන්න සහ ප‍්‍රතිපාදන සොයාදීම වෙනුවෙන් තමයි මෙහි ආවේ. ඒක මගේ යුතුකකමක්. මේ රට නගා සිටුවීම සඳහා මොන විදියකට හෝ මගේ දායකත්වය ලබාදෙන්න ඕනෑ.

 

ඔබ සතු මේ සුරූපී බව ගැන හිතන්නේ කොහොම ද?

සැබෑ ලස්සන කියන්නේ බාහිරව පෙනෙන දකින සුන්දරත්වය විතරක්ම නොවෙයි. හැසිරීම ක‍්‍රියාකාරිත්වය වගේම සමාජයට දක්වන ගෞරවය ආදි සියල්ල මත එය අරුත්බර වෙනවා. මම මගේ පවුලේ අය එක්ක ගත කරන්න කැමතියි. ඒ වගේම පවුලට ආදරය කරන කෙනෙක්. මගේ හිතමිතුරන්ට, අසල්වාසීන්ට වගේම ලෝකයට ආදරය කරන කෙනෙක්. ශ්‍රී ලංකාවේ සමාජ සුබ සාධන කටයුතු වෙනුවෙන් මගේ දායකත්වය අතිශයින්ම වැදගත් කියලයි මම හිතන්නේ.

 

ඔබ වැඩියෙන්ම ආසා කරන්නේ මොන වගේ දේවලට ද?

අධ්‍යාපන කටයුතුවලට තමයි වැඩිපුරම ආසා කරන්නේ. නිරෝගී දිවියක් වෙනුවෙන් ව්‍යායාමවලත් යෙදෙනවා. විවේකය පවුලේ අය එක්ක මගේ යාළුවෝ එක්ක ගත කරන්න වගේම සමාජ සුබ සාධනයටත් කැප කරන්න කැමතියි.

 

ලංකාවේ ආහාරපානවලට හරිම ආසයිලූ නේද?

සහතිකෙන්ම ඔව්. බත්, පොල් සම්බෝල, සීනි සම්බෝලෙට හරිම ආසයි.

 

ඒ කියන්නේ ශ්‍රී ලංකාවෙන් පෙළවහක් කරගන්නත් කටයතු සූදානම් කරලා ඇති. එහෙම ද?

මම විවාහ වෙන්න ඕනෑ තමයි. ඒත් තවම ඒ ගැන හිතන්න වයසක් නෙවෙයි මේ. තව දුර ගමනක් මට යන්න තියෙනවා.

 

පාපන්දු ක‍්‍රීඩා කරන්නත් ඔබ දක්‍ෂලූ නේද?

ඇත්තෙන්ම ඔව්. මම පාපන්දු ක‍්‍රීඩාවට හරිම ආසයි. කොහොමටත් ක‍්‍රීඩාවලට කැමතියි.

 

ඩෙන්මාර්කයේ පදිංචිය මොන පළාතේ ද?

අපි පදිංචිව සිටින්නේ නගරයෙන් ටිකක් ඈත. ගම් පළාතක කිව්වොත් හරි.

 

ලංකාවේ කොහේට ද වඩා ආසා කරන්නේ?

අනුරාධපුරයට මම අරිම ආසයි. ඒ නගරයේ නටබුන් වගේම එහි දිගු ඉතිහාසය හදාරන්නත් මම ආසයි. හරිම ලස්සන පළාතක්.

 

ඔබට රඟපෑමට ආරාධනා ලැබිලා නැද්ද?

එක්වර සියල්ල ලැබෙන්නේ නැහැ. අනෙක බොහෝ දේ ලැබිය යුතුයි කියලා අපේක්‍ෂා ගොන්නක් එකවර දැරිය යුතු නැහැ. හෙමින් ගමනක් යන්න මම කැමතියි.

 

ජීවිතය මොන වගේ කියල ද හිතන්නේ?

ජීවිතය හරිම සුන්දරයි. ස්වභාව ධර්මය දුන් ඒ ජීවිතයට අපි ගරු කළ යුතුයි. ඒ ස්වභාවයට පිටින් යා යුතු නැහැ. මට මේ අවස්ථාව ලැබේවි කියලා හිතුවේ නැහැ. අන්තිම මොහොතෙදි තමයි මේ ශ්‍රී ලංකා යුරෝපිීය රූ රුජින තරගයට ඉදිරිපත් වුණේ. එයින් පළපුරුද්දක් ලබන්නයි මට අවශ්‍ය වුණේ. නමුත් අවසානේ මට කිරුළ හිමිවුණා. මම ඊට ගරුකරන්න ඕනෑ. ප‍්‍රංශයේ ස්ථාපිත ශ්‍රී ලාංකීය ප‍්‍රජාවගෙන් සංවිධානය වූ ප‍්‍රංශ සුබසාධක සංගමයට සහ එහි සියලූ ක‍්‍රියාකාරිකයන්ට මගේ ගෞරවය පුදන්නත් කැමතියි. ඒ වගේම මේ හමුවට මාව යොමුකළ 2008 ශ්‍රී ලංකා රූ රුජින වූ ෆෝත් ලෑන්ඩර්ස් මහත්මියටත් ස්තුතිය පුදන්න ඕනෑ. අද මේ අවස්ථාවට ලස්සනම ලස්සන මල් රටාවලින් මේ මොහොත සුන්දර කළ ශ්‍රී ලංකාවේ ඛ්ිි්බ් ත්‍කදර් ආයතනයටත් ස්තූතියි. 2017 සියලූ ශ්‍රී ලංකාවාසීන්ට සුන්දර සහ ආදරණීය වසරක් මෙන්ම සියලූ ජයග‍්‍රහණ සපිරි වසරක් වේවා යැයි මම ප‍්‍රාර්ථනා කරනවා.

 

මල් සැකසුම් නිර්මාණ සහ පසුතලය: Lassana Flora

(විජේරාම මාවත කොළඹ 07)

 

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ 

 

2016-12-29-ent-64
2016-12-29-ent-63
2016-12-29-ent-62
2016-12-29-ent-61
2016-12-29-ent-59



අදහස් (0)

නව වසර මලින් සරන යුරෝපයේ ශ්‍රී ලංකා රූ රැජිණ සබීනා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්ස බස්නාහිර පාසල් වහයි
2024 ඔක්තෝබර් මස 13 69 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 3165 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 568 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1065 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 767 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 813 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26101 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 330 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 421 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1361 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site