IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


නැව් හදන්න ප්‍රංශයෙන් උදව්

(අංජුල මහික වීරරත්න)

මෙරට නැව් කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් ප්‍රංශ රජයේ සහාය ලබාදීමට ප්‍රංශ  ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පොරොන්දු වී ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර පැවැති කෙටි හමුවේදී මෙම පොරොන්දුව ලබාදී ඇත.  ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මේ සම්බන්ධයෙන්  ජනපති මැක්‍රොන් දැනුම්වත් කිරීමෙන් පසු  ප්‍රංශ ජනාධිපතිවරයා මෙම එකඟතාවය පළ කර තිබේ.

නැව් කර්මාන්තයෙන් ලෝකයේ තුන්වන ස්ථානයට හිමිකම් කියන ප්‍රංශය එරට සමාගම්වල සහාය මෙරටට ලබාදෙන බව කියා ඇත. 

ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපතිවරයා මගින් මෙම කටයුතු සම්බන්ධීකරණය කරගන්නා ලෙස ද ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.



අදහස් (9)

නැව් හදන්න ප්‍රංශයෙන් උදව්

Nimal Saturday, 05 August 2023 09:08 AM

එලෙසම වොක්ස්වැගන් කාර් හදන්නත් ජර්මනියෙන් උදවු ගමු.

:       1       0

Rata Perata Saturday, 05 August 2023 01:14 PM

බ්‍රේස්ලට් කතා වස්තුව ඉවරයි වගේ... දැන් මහා නැව් කතා වස්තුව... අනේ මේ වගේ අය...

:       3       15

Dinesh Saturday, 05 August 2023 02:45 PM

වොක්ස් වැගන්... ?

:       2       12

NIMAL Saturday, 05 August 2023 05:33 PM

ප්‍රංශය වැනි දියුණු රටවල් සමග සම්බන්ධතා පැවැත්වීමෙන් විශ්වාසය දිනාගැනීමෙන් ලෝකයේ වෙනත් රටවලින්ද සහයෝගය ලබාගැනීමට හැකියාව ඇත...

:       0       1

කිරිපුතා Saturday, 05 August 2023 05:52 PM

ෆොක්ස්වැගන් අංක දෙක...

:       1       2

sisira Saturday, 05 August 2023 05:58 PM

වී ගොවීන්ට ජලය නොමැති වීම රජය විසින් සිදුකළ කාරණයක් නොව සොබාදහම විසින් ඇතිවූ කාරණයකි. මේ වනවිට ජලය නොමැතිව වේගයෙන් වියලෙමින් පවතින වී වගාවට ජලය ලබාදුන්නද ඵලක් නොමැත. මේ වනවිටත් වී වගාව හානිවී ඇත. එමනිසා ඉදිරියේදී නියඟය පැවතුනහොත් බීමට ජලය පවා නැතිවීමේ තත්වයක් ඇතිවිය හැකියි. ගොවින්ට වී වගාවට නොව බීමට අවශ්‍ය ජලය පමණක් මේ වනවිට රඳවාගෙන තිබෙනා බවත් යම් හෙයකින් ඉදිරියේදී නියඟය දීර්ග වුවහොත් බීමට ජලය පවා නොමැතිවීමේ තත්වයන් උද්ගත විය හැකි බව රටේ පුරවැසියන් වෙත දේශපාලකයින් නොවන කණ්ඩායමක් විසින් මාධ්‍ය සංවාද මගින් පැහැදිලි කරදීමට කටයුතු කළයුතුවේ. ගොවින් ජලය නොලැබීම හේතුවෙන් අධිකරණය වෙත යාමට සූදානම් වේ, එසේ සිදුවුවහොත් සෑම ගොවි පවුලකටම මසකට දීමනාවක් ලබාදීමට අධිකරණය තීන්දු කෙරෙනු ඇත. කෘෂි ඇමැතිවරයා විසින් නොව අධිකරණයෙන් එවැනි තීන්දුවක් ලබාදුන් පසු ගොවින් නිහඬව සිටිනු ඇත...

:       0       1

amila Saturday, 05 August 2023 08:57 PM

ජනාධිපති වෙලා මේ වෙනකල් කොස්සක්, ඉලපතක් වත් හදලා රට යවාගන්න බැරිවුණු ආණ්ඩුව නැව් හදන්න කතා කරනවා. මොවුන්ට අමු කැවිලද මන්දා...? නැතිනම් ප්ලාස්ටික් පොඩි අයට සෙල්ලම් කරන්න හදන නැව් ගැනද කියන්නේ?

:       1       0

Bamunuarachchi Sunday, 06 August 2023 12:26 AM

වෝක්ස් වෝගන් කොම්පැනියෙන් නුවරඑලිය පැත්තේලු හදන්නේ. අම්මපා මෙයා ගේ ඔළුව අත ගාගෙන අපිට අං තිබෙනවා කියලා මෑන් හිතන්නේ...! 

:       1       0

අමිත් ලාල් දසනායක Sunday, 06 August 2023 08:50 AM

අර කුලියාපිටියේ මෙයා හදපු වොක්ස්වැගන් කම්පැනිය වගේ කතාවක් තමයි මේකත්... පැය දෙකක්වත් හිටපු නැති මනුස්සයෙක් නැව් ගැන කතාකරලා ද කාවද මේ රවට්ටන්නේ?

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
2024 ඔක්තෝබර් මස 15 12 0

2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම


නාසා යානය රහස් සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 33 0

අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.


අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 591 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 668 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 1406 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2641 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 414 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1419 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site