මන්නාරම මූතුඅරිප්පුතුරෙයි ප‍්‍රදේශයේදී නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට පහරදී බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිලාවත්තුරෙයි පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හය දෙනා ලබන 24 වෙනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට මන්නාරම මහේස්ත‍්‍රාත් ඒ.ජී.ඇලෙකස්රාජා මහතා අද (21) නියෝග කළේය
රාත්‍රීයේ නිවසකට අනවසරෙන් ඇතුළු වූ බව කියමින් නාවික හමුදා නිලධාරියෙකුට ගම්වාසීන් පහර දී තිබුණු අතර මෙහිදී ඇතිවූ ගැටුමකදී එම නිලධාරීන් දෙදෙනා තුවාල ලබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහලොකු ජාතියවන අපි හැමදාම කරගත්තෙ ඕකනෙ, ඉල්ලං කෑම.. අන්තිමට දිරවගන්න බැරි වුණාම දඟලනවා (අ)
එන පොට හොඳ නෑ රිලවෝ, පිටපට ගහගමු දැන්මම. (බ)
රිද්මා එතන ඉදල තියෙනවා වගෙයි.ඔය ටික කාලයක් හිටපු ග්‍රීස් යක්කු එහෙම මතකයිනේ. මෙතන නිලධාරී වැරදි නැත්තම් පහර දුන් අය නීතියෙන් දඩුවම් ලැබිය යුතුයි. නිලධාරීන් වැරදිනම් ඔහුන් නීතියෙන් දඩුවම් ලැබිය යුතුයි. එච්චරයි. වැරදි කුඩා ඔහු දඩුවම් ලැබිය යුතුයි. (බ)
චාමික, අඩුගානේ රට ජාතිය බේරාගත් එකේ නම්බුවවත් තියලා කතා කරන්න (නි)
රණ මඟ ඔස්සේ නන්දිකඩාල් කියවන්න.. එහි හොඳින් විස්තර කර තියෙනවා ත්‍රස්තවාදය හෙමින් හෙමින් හිස ඔසවපු හැටිත් එම තත්වයන් අප පාලකයන් විසින් එතරම් ගණන් නොගත් හැටිත්. දැනුත් පෙනෙන්න තියෙන්නේ එම අඳුරු සෙවණැලි යළිත් වරක් අපේ රට වෙලාගන්න යන බවක් තමයි.... (නි)
නාවික හමුදා කියලා වෙනසක් ඕනෑ නැහැ. නීතිය කටත් පොදුයි (නි)
චාමිකර ගමේ අය කියන කථාව ඇත්ත නම් ඔයා හරි. නමුත් ඒකනෙවෙයි ඇත්ත. ඔය නේවි අය කේරළ ගංජා ගොඩක් අල්ලනවා. ඒක නවත්වන්න කරපු දෙයක් (බ)
ඡන්දය දුන්නා නම් ඉවසන්න (බ)
ඔවුන් නැගිටිනවා ,බොරු වැරදි වලට හමුදාව අහු වෙනවා (බ)
චාමික, මම ඔබගේ අදහස් වලට ගරු කරමි (නි)
60% මෝඩ ශ්‍රී ලංකිකයිනි ඔබලාට සතුටුයිද දැන් ?. (බ)
චාමික අනවසරයෙන් නිවසකට ඇතුළු වෙන්න හදද්දි අසුවුණා කියලා කියන එක ඒගොල්ලන්ගේ ගැළවුමට කියන එකක්. ඕවා ගණන් ගන්න එපා
උතුරු නැගෙනහිර බලවත් කඳවුරු දැනටම ගලවල ඉවත් කරලා ඉවරනේ, බොහොමයක් ඉවත් කලානේ පහුගිය අවුරුදු 2 ඇතුලේ. ලොකු කඳවුරු වට තිබුණු පරිවාර කඳවුරු ඉවත් කරලා තියෙන කිහිපයත් ඉතාම දුර්වල, අනාරක්ෂිත ඒවා කරලනේ තියෙන්නේ දැන්. කඳවුරු ඇතුලටම ගිහිල්ල ගහල එන දවසත් වැඩි ඇතක නොවේවි! (අ)
ජනහිතයි ශාසිකයි තවම අප්පච්චිගේ කළේ ජිවත් වෙන්නේ.තමන්ටම ගහගත්තා.,තමන්ම බැදගත්ත ඒවා වුණේ ඒ කලේ.අනික විදිමත් පරීක්ෂණයකින් පසුව තීන්දු දෙන ක්‍රමය ගොඩක් අයට පුරුදු නැහැ.ගොඩක් අයට පුරුදු හිතුමතේට අත්අඩංගුවට ගෙන හිර කරන.නැත්තම් සුදු වැන් වලින් පැහැර ගෙන යන ක්‍රමයයි. (අ)
අවදි වවු (අ)
යලි නැගිටීමට තැත් කරන කොටි ත්‍රස්තවාදයේ හොල්මන් වහාම මර්ධණය කළ යුතුයි (අ)
මේකේ අදහස් පලකරලා තියන ගොඩක් ගැන සිනහවක් තමයි ඇති වෙන්නේ. ලංකාවේ මිනිස්සුන්ගේ හැටියක් තමා පාට පාට කණ්නාඩි දාලා සිද්ධීන් දිහා බලන එක.මුලින්ම මුළු පුවතම කියවන්න. ඒකේ තියනවා නේද අනවසරයෙන් නිවසකට ඇතුළු වෙන්න හදද්දි අසුවුනා කියලා. ටිකකට හිතන්න ඔබේ බිරිද / නැගණිය ගෙදර ඉද්දි නාවික හමුදා සෙබලෙක් ගෙදරට බලෙන්/ හොරෙන් ඇතුළු වෙන්න හදලා අහු වුනොත් ඔබ මොකක්ද කරන්නේ? ජාතිවාදි ඇසින් හැම දෙයක්ම බලන්න එපා. ලංකාවට දියුණුවක් නෑ එහෙම වුණොත් (අ)
ටික ටික තමයි ඉස්සරත් පටන් ගත්තේ (අ)
දැන් උතුර, නැගෙනහිර පැත්තෙන් එනපොට සිංහල අපිට සුභ නැත! (අ)
තව ටික දවසකින් මේ නාවුක භටයෝ කියාවිද දන්නෙ නැහැ "අපිව හිරකළේ නැහැ. ඒ ගමේ ආගන්තුක සත්කාර වින්ඳා. සෙල්ලම් කරන්න ගිහින් වැටිලා තුවාල වුණා" කියලා (නි)
මෙන්න සැබෑ වෙනස! (නි)
දැන් ධීවරයෝ හා ධීවර ගම්මාන වල ඉන්න උදවිය වර්ජන කැරලි කෝලාහල ටිකක් වැඩියි වගේ. ඒ වගේම කේරල ගංජා හා අනිකුත් මත්ද්‍රව්‍ය වෙරළබඩ තීරයේ අහුවෙනවත් වැඩියි නේද? (නි)
අනේ පවු! රට බේරාගත් කොල්ලෝ දැන් ගුටිකනවා (නි)
අනේ මන්දා මොනවා වෙනවද කියලා (නි)
හා..හා... සංහිඳියාව පළුදුවෙයි. (නි)
රටේ ජනතාවට දැන් මේ ආණ්ඩුව විහිළුවක් (නි)
එනපොට හොඳ නැත. පොඩියට පටන්ගන්න ඒවා තමයි කලකදී ලොකු වෙන්නේ. වගකිවයුත්තනි, අවදිවවු! (නි)
හෙට අනිද්දා සමහරු ගෙදරටම අැවිල්ලා ගහලා ගියාම ඇස් ඇරෙයි ගොඩක් අයගේ (නි)
අපරාදේ ඒ අහිංසක මිනිස්සු හිර කළේ. නාවික භටයෝ තමන්ම ගහගන්න ඇති මගේ හිතේ. (නි)
තව කඳවුරු කිහිපයිනේ ඉතුරුවෙලා තියෙන්නේ උතුරු නැගෙනහිර. ඒ කිහිපයත් ගළවලා ඉවත් කළා නම් හරි. ඊටපස්සේ බලාගන්න පුළුවන් මේ ගිවිසුමේ සහ සැළසුමේ නියම ප්‍රතිඵල! (නි)