අනුරාධපුර යාපනය හංදිය හතරැස් වෙල දුම්රිය ගේට්ටුව අසලදී නාවික හමුදා ජීප් රියක් දුම්රියේ ගැටීමෙන් නාවික භටයෙක් මිය ගොස් පස් දෙනෙක් තුවාල ලදහ.
පූනෑව නාවික කඳවුරේ ප්‍රධානියාගේ බිරිය හා දරුවන්ද තුවාලකරුවන් අතර වෙතියි පොලීසිය කියයි.
මාතර බල යන රජ රට රැජින දුම්රියේ පිටුපසින් නාවික හමුදා රිය ගැටී ඇදී ගොස් තිබිනි.
නාවික හමුදාව දොඹකරයකින් මෙම වාහනය දුම්රිය මාර්ගයෙන් ඉවත්කිරීමට පියවර ගෙන ඇත.
අද අළුයම 4.30 ට පමණ අනතුර සිදුවෙද්දී ගේට්ටුව වසා තිබුනේ දැයි පොලීසිය සොයා බලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන කමින්නේ මැරෙන්න හදලා තියෙන්නේ (දී)
කවුරුත් කල්පනාවෙන් පාරේ ගියොත් තමයි හොද (දී)
මාර වැඩක්නේ, ඉස්සර කෝච්චිය හැප්පුවේ ඉස්සරහ පැත්තෙන් දැන් හප්පන්නේ පිටිපස්සෙන්. බොන්න ඕන ප්‍රශ්නයක් බලමු ටිකක් කල්පනා කරලා.(නදී)
ගේට්ටුව වහලා තිබුනේ. හදිසියට වැරදි පැත්තෙන් දාලා වගේ.(නදී)
කොහොම හරි දැන් ඒ අනතුර සිදුවී හමාරය . මිය ගිය නාවික සොයුරාට නිවන් සැප ලැබේවා (දී)
අපරාදේ අහිංසක ජීවිතයක් බිලිගත්තා. තනිකරම එලවපු කෙනාගේ වරද්ද.
කරුමේ කියන්නේ ඔන්න ඔය වගේ දේවල් වලට තමයි (දී)
ගේට්ටු දැම්මත් වැඩක් තියෙනවාද (දී)
මැරෙන්න තියෙනවානම් කොහොම කලත් මැරෙනවා (දී)
මෙතන තියෙන්නේ උණක්. මොකද බලය තියෙන අය, හමුදාවේ, පොලීසියේ හෝ දෙසපාලකයෝ හෝ ඔවුන්ගේ ගැත්තෝ සියල්ලටම යන්න ඕනේ උඩින්. කැමති නැහැ කාටවත් පිටිපස්සෙන් විනීතව යන්න. රටේ නීතිය අදාල වෙන්නේ සාමාන්‍ය ජනතාවට පමණයි. එතනත් බලවතාට අදාල නැහැ. එකේ ප්‍රතිපලයක් වෙන්න ඕනේ මේකත්. (අ)
ගේට්ටු දැම්මත් වැඩක් තියෙනවාද (දී)
ගේට්ටුව වහලද කියල හොයන්න දෙයක් නැහැ. පිටිපස්සේ වැදුනා නම් රියදුරුගේ වැරද්දනේ. (දී)
කාට කියන්නද ඉතින් (දී)
නිහාල් ජෙනෝ-ඔය මේක ජෝක් එකට ගත්තාද ...මේක ඔයාට උනානම් (දී)
ඕන කමින්නේ හැප්පිලා තියෙන්නේ (දී)
සෙබළුන් මේ තරම්ම අනුවන වැඩ කරනවාද (දී)
අපෝ අපරාදේ ජීවිත, සිය දිවි හානි කර ගත්ත වගේ තමා. කොහොමත් හමුදාවේ රථ ඔහොමම තමා යන්නේ. ඒගොල්ලන්ට අපේ ගමන නවත්තල ඉඩ දෙන්න ඕනා. මේක නම් පුදුම රටක් විනය පිරිහිලා හැම තැනකම. පොලිසිය කෙලින් හිටිය නම් හරි. ඒගොල්ල ගස් අස්සේ ඉන්නේ ඉරි කපනවා බලන්න විතරයි. ඒක අදායම් මාර්ගයක් කරගෙන ඉන්නේ. නගර වල මිනිස්සු රථ වාහන නීති කඩාගෙන කාලය මුදල් ජාතික දනය වනසනකොට රථවාහන පොලිසිය ගස් අස්සේ ඉරි , හයි ස්පීඩ් අල්ලන වේග සීමා මායිම් වල ඉන්නවා. හරිම කණගාටුයි.(නදී)
පුදුමක් හදිසියක්නේ තිබිලා තියෙන්නේ. තව තත්පර දහයක් ඉන්න බැරිවෙලාද? අපරාදේ ජීවිත.(නදී)
හමුදාවේ වාහන පාරේ යන හැටි මම ඕන තරම් දැකල තියෙනවා. මේක පුදුම වෙන්න දෙයක් නොවෙයි. (නදී)
මෙතන රේල් ගේට්ටුවක් තියනවද ? (නදී)
කෝ ගේට්ටු මේවැනි ප්‍රධාන පාරවල් වල? (අ)
වදුරන්ට දැලි පිහිය දුන්නා වගේ... වාහන එලවන්න දන් නැති අය ඉන්න රටක් ලංකාව.. (අ)
මහ ජනතාවට පාරෙ යන විදිහ කියල දෙන්න කලින් ... නීතිය සුරකින අයට පාරෙ යන විදිහ කියල දෙන්න වෙලා තියෙන්නෙ. (අ)
මෙ සිදුවිමෙන් මිය ගිය නාවික සොයුරාට නිවන්සුව පතන අතර පවුලේ සැමට මාගේ ශෝකය පලකර සිටිනවා (අ)
එහෙම කියන්න ඇයි රේල් ගේටි එක නිසියාකාරව වසා තිබුනානමි මෙවන් විපතක් සිදු නොවේ නේද මෙය මා ඇසින් දුටු සත්‍යයක්(අ)
මේ අයට හරිම හදිසියක් තියෙන්නේ කොතනදීත් මෙහෙමයි සමයේ දුතයන් ..නීතියට ගරුකළ යුතුය (අ)
මේක අපේ ගෙවල් ලග වෙලා තියෙන්නේ උදේ මම දෙක්කා මටනම් හිත ගන්නවත් බෑ (අ)
නිලධාරීන්ගේ පෞද්ගලික වැඩවලට රජයේ වාහන යොදාගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා ඉදිරියෙන්ම ඉන්නවා. (ත)
මොකක්ද මේ හදිස්සිය? (ත)
හදිස්සියේ තරම හිතාගත්ත හැකියි.(නදී)
පුදුම හදිසියක්නේ තියෙන්නේ. හැමතැනදීම මෙහෙමයි.(නදී)
ගේට්ටුව වහලද කියල හොයන්න දෙයක් නැහැ. පිටිපස්සේ වැදුනා නම් රියදුරුගේ වැරද්දනේ. අහිංසකයෙක් මාට්ටු කරගන්න තමයි හොයන්නේ.(නදී)
අද දුම්රිය අනතුරු ගැන අහන්න වෙන දවසක් නොවේවා! (නදී)