(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ, රජවැල්ලේ සුභූති හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන සමාජ මෙහෙවර ව්‍යාපෘතිය වෙත එංගලන්තයේ සිල්වියා ලංකා පදනම සහ එන්එච්එස් ට්‍රස්ට් ආයතනය එක්ව පරිත්‍යාග කළ රෝහල් උපකරණ තොගයක් වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා මහ රෝහලට ප්‍රදානය කළේය.
ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ, රජවැල්ලේ සුභූති හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන සමාජ මෙහෙවර ව්‍යාපෘතිය වෙත දෙස් විදෙස් ධානපතීන්ගේ අනුග්‍රහයෙන් පරිත්‍යාග කරනු ලබන රෝහල් උපකරණ, මෙරට රෝහල් උපකරණ අත්‍යවශ්‍යව පවතින රෝහල් වෙත බෙදාහැරීම, රෝගීන් රැසකට ප්‍රතිලාභ අත්වන මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පහසුකම් පුළුල් වීම සඳහා විශාල දායකත්වයක් සපයයි.
ඒ අනුව, මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව වෙත ප්‍රදානය කෙරුණු රෝහල් උපකරණ මඟින්, වැලිසර නාවික මහ රෝහල ඇතුළු අනෙකුත් නාවික විධානයන්ට අයත් රෝහල් තුළ පුළුල් වන පහසුකම් තුළින්, එම රෝහල් වෙතින් ප්‍රතිකාර ගනු ලබන නාවික හමුදා පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට මෙන්ම, විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හටද වඩාත් උසස් වෛද්‍ය සේවාවන් ලබා දීමට නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ වෛද්‍ය සේවා කොමදෝරු ඒඑච් මුල්ලේගම ඇතුළු බටහිර නාවික විධානයේ සහ වැලිසර නාවික පරිශ්‍රයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු
රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත
ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්
ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.
රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් තමන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් ලබාගෙන තම ධනය කොල්ලකෑ බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව ඔඩියෝ සහ වීඩියෝ සාක්කි ඇ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නාවික හමුදා රෝහලට වෛද්‍ය උපකරණ