IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


නාවික හමුදාපති ගැසූ බවට පොලිසියට පැමිණිලි

කොට කලිසමක් හා නිල් පැහැති කමිසයක් ඇද සිටි තරබාරු මිනිහකු තමාට කුණුහරුපෙන් බැණ පහරදුන් බවත්, ඔහු නාවික හමුදාපති බව පසුව දැනගත් බව මත්තල ලංකාදීප වාර්තාකරු දීලිප් රෝෂාන් හම්බන්තොට සහාකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිල්ලක් කළේය.

තමාට පහරදුන් බවත් මේ ගැන තමන් සේවය කරන මාධ්‍ය ප්‍රධානින්ට දැනුම්දී මතු ආරක්ෂාව පතා මෙම පැමිණිල්ල දැමූ බවත් මාධ්‍යවේදීයා දැමු පැමිණිල්ලේ සඳහන් වේ.

නාවික හමුදාපති තමාට පහරදුන් ආකාරය පිළිබඳව සිය පැමිණිල්ලේ සවිස්තරව කියා ඇත.

 



අදහස් (0)

නාවික හමුදාපති ගැසූ බවට පොලිසියට පැමිණිලි

චානක ලොස් ඇන්ජලිස් Sunday, 11 December 2016 10:09 PM

පොලිසියට කියලා වැඩක් වෙන එකක් නැහැ. මේ නාවික ලොක්කාට ඉහළින්ම ලැබුණ නියෝගයකට වෙන්න ඇති මාධ්‍යවේදියාට ගුටිකන්න වුණේ. එතකොට කවුද ඕවට පරීක්ෂණ තියන්න යන්නේ? කරනවා නම් කෙළින්ම ජාත්‍යන්තර මානව හිමිකම් වලට වීඩියෝ සමඟින්ම පැමිණිලි කළොත් තමයි හොඳ (නි)

:       0       0

බමුණු Monday, 12 December 2016 12:48 PM

නාවික හමුදාවට කෙලින්ම ඇඟිල්ල දික් කිරීම වැරදියි ඔවුන් කරන්නේ ඔවුන්ගේ රාජකාරියලු . මිනිස්සුන්ට ගහන එක රාජකාරියේ කොටසක්ද ක්‍රිස් . (ර)

:       0       0

බමුණු Monday, 12 December 2016 12:37 AM

සායම ඔක්කොම ගියා නේද. තනතුර පමණක් මිනිසෙකු උසස් කෙනෙක් බවට පත්කරන්නේ නැත. බල්ලාගේ වැඩේ බූරුවා නොකර අවශ්‍ය නම් සුළු නිලධාරියෙකු ලවා වාර්තාකරු ඉවත් කළා නම් ඉවරයිනේ. ඔහුගේ කතා ස්වරයෙන් ගම්‍යවන්නේ තමන් ගැනම චරිත සහතිකයක් දීමයි. (නි)

:       0       0

විජේ Sunday, 11 December 2016 10:55 AM

යහපාලනේ කතාව පමණයිනේ. කෝ මාධ්‍ය නිදහස? (නි)

:       0       0

බන්දුල Monday, 12 December 2016 03:29 AM

චානක ලොස් ඇන්ජලිස්, ඔබ ඉන්න රටේ ෆොටෝ සමඟ මෙම ක්‍රියාදාමය පත්තරේ වැටුනොත් ඔය ලොක්කගේ ඉරණම කුමක්වේද? (නි)

:       0       0

බමුණුආරච්චි Monday, 12 December 2016 03:35 AM

මෙම වාර්තාකරු එතනට ගියේ උද්ඝෝෂකයින්ට සහයෝගය දෙන්න නොවෙයි. එතන සිදුවන දේ අපට වාර්තා කරන්න. වාර්තා කරන්න නුසුදුසු දේ එතන සිදුවන නිසා වාර්තාකරු එළවාගන්න ඔහුට ගැසුවා. එ්කයි වුණේ. යුධ බිමෙදීවත් වාර්තාකරුවෙකුට හිංසාවක් කරන්නේ නැත. (නි)

:       0       0

රජිත් Sunday, 11 December 2016 11:55 AM

එයා කොහොමද ඇතුළට ගියේ අවසරයක් නැත්නම්? (නි)

:       0       0

ඉන්ද්‍රා Monday, 12 December 2016 05:30 PM

මෙතන සිද්ධවෙලා තියෙන දේ අපි කවුරුත් ඇහින් දැක්කේ නැහැනේ (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 12 December 2016 06:20 AM

වර්ජන වලට සමහර වෙලාවට ගහන්න ඕනෑ, ඒ වුණාට නාවික හමුදාපතිකමේ ගරුත්වය කෙලසපු එක ඉතා අසොබනයි. (ම)

:       0       0

රොමේෂ් Sunday, 11 December 2016 02:10 PM

නියමයි... මේ චණ්ඩි නාවික හමුදාපතිවට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන හැටි බලමුකෝ. ඔක්කොම අය තමන්ට ඕනෑ ඕනෑ විදිහට නීතිය නවන්න ගියාම ජනතාවට වෙන්නෙත් පුළු පුළුවන් හරියට නීතිය නවන්න තමයි. (නි)

:       0       0

ඒකනායක මිලානෝ Sunday, 11 December 2016 02:22 PM

මොහුට විරුද්ධව නීතිය මඟින් දඬුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

බන්දුල Monday, 12 December 2016 11:57 PM

වර්ජන වලට සමහර වෙලාවට ගහන්න ඕනෑලු. කව්රු කාටද ගහන්න ඕනෑ? වර්ජනකරුවන් පාලකයින්ට හෝ පාලකයින්ගේ නියෝජිතයින්ට ගහන්න ඕනෑද? නැත්නම් පාලකයින් හෝ පාලකයින්ගේ නියෝජිතයින් වර්ජනකරුවන්ට ගහන්න ඕනෑද? නැත්නම් දෙගොල්ලොම ගහගන්න ඕනෑද. (නි)

:       0       0

නිම්මි Sunday, 11 December 2016 03:03 PM

තොරතුරු දැනගැනීමේ පනත ලබන පෙබරවාරි ක්‍රියාත්මක වෙනකොට කාගෙ කාගෙත් තත්ත්වය සාක්ෂිත් එක්කම අපි පෙන්නන්නම් (නි)

:       0       0

අමා Sunday, 11 December 2016 03:42 PM

යහපාලනය කරන්න ඇති (නි)

:       0       0

පෙරේරා Sunday, 11 December 2016 03:58 PM

පොලිසියේ සාධාරණ ප්‍රතිචාරය දෙස අප බලාසිටිමු. (නි)

:       0       0

සරත් Sunday, 11 December 2016 04:38 PM

ඔක්කොටම කලින් 80%:20% ට වරාය විකුණපු අය ගැන බලන්න ඕනෑ. මහින්ද වැරදි කළා තමයි. එ්ත් මේ වගේ වැඩ කළේ නැහැ. මහා ලොකු ආර්ථික පම්පෝරිකාරයෝ රටම විකුණාගෙන කන්න යන්නේ (නි)

:       0       0

ක්‍රිස් Monday, 12 December 2016 08:28 AM

නාවික හමුදාවට කෙලින්ම ඇඟිල්ල දික් කිරීම වැරදයි. ඔවුන් කරන්නේ ඔවුන්ගේ රාජකාරිය. විදේශික නෞකා වලට හෝ එහි නාවිකයන්ට කිසියම් අනතුරක් උනොත් නාවික හමුදාව සම්පුර්ණයෙන්ම වගකිව යුතුවා පමණක් නොව ජාත්‍යන්තරව අපකීර්තියට පත් වෙන එක නොවැලක්විය හැකියි. (හේ)

:       0       0

රොහාන් Sunday, 11 December 2016 05:37 PM

මාධ්‍යවේදින්ටත් සීමාවක් තියනවා. මම දකින්නේ නාවික හමුදාපතිතුමාට ඇඟිල්ල දිගු කිරීමට ප්‍රථමයෙන් සිතාබැලිය යුතුයි කියායි. (නි)

:       0       0

ඇන්ජෙලෝ Monday, 12 December 2016 11:45 AM

නාවික හමුදාපතිතුමාට මගේ ආචාරය (ර)

:       0       0

විමල් Sunday, 11 December 2016 08:28 PM

පුදුම මාධ්‍ය නිදහසක් තමයි ලංකාවේ ඉල්ලන්නේ. කිසියම් විරෝධතාකරුවන් පිරිසක් ශ්‍රී ලංකා සීමාව තුළ ජාත්‍යන්තර නෞකාවක් අවහිර කරන්නේ නම් එය වැළැක්වීම නාවික හමුදාව සතු රාජකාරියක්. වාර්තාකරුවන් වුණත් එය කළයුත්තේ එතන රාජකාරිය කරන නිලධාරින්ට බාධාවක් නොවන ආකාරයට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 54 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 134 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 105 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 86 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 316 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 72 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1334 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site