IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


'නාවික හමුදාව පංගු පේරුවට වැඩ'

පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානියකුගේ ද උපදෙස් පරිදි පුද්ගලයන් පැහැර ගත් පිරිසකට එරෙහිව හා මිනිස් ජාවාරමේ යෙදුණු පිරිසකට එරෙහිව සාක්කි ලබා දුන් ලුතිනන් කර්නල් කේ සී වෙලගෙදරගේ ජ්‍යෙෂ්ඨත්වය ස්ථාන හතරකින් පහත දමද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂට කිසිදු ක්‍රියාමාර්ගයක් නාවික හමුදාවෙන් නොගෙන හැඳි දෙකකින් බෙදන බව අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කියැවිණි.

 එලෙස දිවිදියකට සැලකීම හරිදැයි කැබිනට් ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රශ්න කරද්දී ඔහු කීවේ එය වැරදි බවයි.

මාධ්‍යවේදියෙක් - හමුදා මාධ්‍ය ප්‍රකාශක පසුගිය දා කිව්වා කේ සී වෙලගෙදරගේ සිදුවීම ගැන අද කියන්නම් කියා. ඒ ගැන දැනගන්න කැමතියි.?

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර - මා මේ ගැන නාවික හමුදාවෙන් විමසීමක් කළා. කේ සී වෙලගෙදර කියන නිලධාරියාට එරෙහිව චෝදනා දෙකක් ඉදිරිපත් වුණා. එකක් නොදන්වා සේවයට නොපැමිණීම. අනිත් චෝදනාව නොදන්වා විදේශ ගත වීම. මේ සම්බන්ධයෙන් යුද අධිකරණයක් පවත්වා ඔහුගේ ජ්‍යෙෂ්ඨත්ව ස්ථාන හතරකින් පහළ දමා තිබෙනවා.

මාධ්‍යවේදියෙක් - මොන අවුරුද්දෙ ද ඔහු නොදන්වා රට ගියේ?

හමුදා ප්‍රකාශක - 2016 වසරේ රට ගියේ.

මාධ්‍යවේදියෙක් - ඔහු නොදන්වා රට ගියේ මේ අවුරුද්දේ. මේ වෙනකොට යුද අධිකරණයක් පවත්වා ඔහුට දඬුවම් කරලත් ඉවරයි. හැබැයි යෝෂිත සම්බන්ධයෙනුත් එම චෝදනාම තිබෙනවා. ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස කමිටුවක් නිර්දේශ කර තිබුණේ 2015 මාර්තු. අද වන තුරු කිසිම ක්‍රියාමාර්යක් අරගෙන නෑ. යෝෂිතගේ වැඩ තහනම් කළේ වෙනත් හේතුවක් මත. යෝෂිතට නීතිය ක්‍රියාත්මක වන ආකාරය සහ වෙලගෙදරට නීතිය ක්‍රියාත්මක වන ආකාරයේ වෙනසක් ඇයි?

හමුදා ප්‍රකාශක - යෝෂිතටත් නීතිය ක්‍රියාත්මක වෙනවා.

මාධ්‍යවේදියෙක් - යෝෂිත රාජපක්ෂට නීතිය ක්‍රියාත්මක වන ආකාරයේ සහ වෙලගෙදරට නීතිය ක්‍රියාත්මක වන ආකාරයේ වෙනසක් තිබීම ගැන රාජිත ඇමැතිතුමා මොකද කියන්නේ?

රාජිත සේනාරත්න - වැරදියි

මාධ්‍යවේදියෙක් - නාවික හමුදාවෙන් පුද්ගලයන් පැහැර ගැනීම සහ තවත් කාරණයක් සම්බන්ධයෙන් වෙලගෙදර සාක්කි ලබා දී තිබුණා. ඔහුට එරෙහිව යුද අධිකරණයයේ හිටපු නිලධාරියකුත් චෝදනා ලාබියෙක්. ඔහුට රහස් පොලිසියේ කේස් එකක් තිබෙනවා.  ඒ ගැන සාක්කියකට ශානි අබේසෙකර ගෙන්නුවට ඔහුට සාක්කි ලබා දෙන්න ඉඩ දී තිබුණේ නෑ. ඇත්තටම ලුතිනන් කර්නල් වෙලගෙදරට දඩුවම් දුන්නේ රට ගියාටද? මිනිසුන් පැහැරගත් පිරිසට එරෙහිව සාක්කි දුන්නටද?

රාජිත සේනාරත්න - වෙලගෙදර කියන නිලධාරියත් යහපාලනය වෙනුවෙන් ඉදිරිපත් වූ කෙනෙක් වෙන්නත් පුළුවන්. අපි බලයට ආපු ගමන් කිව්වා බය නැතිව පහුගිය කාලේ වුණු දේවල් ගැන සාක්කි දෙන්න කියලා. වෙලගෙදරත් ඒ කීම උඩ සාක්කි දුන්නු කෙනෙක් වෙන්න පුළුවන්. ජනවාරි අට වෙනස තවම සමහරුන්ට තේරිලා නෑ. මේවගේ නිලධාරීන්ට එරෙහිව මෙහෙම දේවල් වෙද්දි ඒවා අපිටත් දැනෙනවා. නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක විය යුතුයි.

මාධ්‍යවේදියෙක් - මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ලබන සතියේ යුද හමුදා ප්‍රකාශක යෝ යුද හමුදාපති ගෙන්වන්න?

රාජිත සේනාරත්න - ලබන සතියේ ඔවුන්ට ආරාධනා කරන්න ඕනා. මමත් කැමතියි මොකද කියන්නේ කියලා අහගෙන ඉන්න.

cabiweb

 



අදහස් (0)

'නාවික හමුදාව පංගු පේරුවට වැඩ'

සුරනිමල Thursday, 23 June 2016 05:35 AM

රණවිරුවන් වෙනුවෙන් පෙනීසිටින අය නිශ්ශබ්දද? (නි)

:       0       0

ශාන් සෞදි Wednesday, 22 June 2016 01:17 PM

ඉතාම හොද වැඩක් මේ ඉක්මනට හැමෝම කැදවල නිවැරදිකාරය නිදහස් කරලා වැරදි කාරයට දඩුවම් දෙන්න මේක ජනාධිපති තුමා ගතයුතු තීරණයක් පාට පක්ෂ හෝ ප්‍රභූවරු යනුවෙන් සහන දීමෙන් වලකින්න (බ)

:       0       0

මිස්සක Wednesday, 22 June 2016 01:26 PM

ඉස්සලම රාජිත උත්තර දෙන්ට ඕනේ 11 පාරක්ම ඇයි ඔහු එෆ්සීඅයිඩිය මගහැරියේ, සහ එය කොහොමද ඔහුව නොසලකා හැර ඉන්නේ කියල. (බ)

:       0       0

සුසිල් Wednesday, 22 June 2016 02:15 PM

ඔන්න ඔහොමයි වෙන්න ඕනෙ, පත්තර මල්ලිල අහන්න ප්‍රශ්න, නැතුව ඒගොල්ල කියන ඒව ලියන්න මොකටද මාධ්‍යවේදියො, අපිත් ඕක කළානෙ ඉගෙනගන්න කාලෙ කියවන විට ලිවීම කියල. (බ)

:       0       0

සුසිල් Wednesday, 22 June 2016 10:04 PM

දියුණු රටවල මාධ්‍ය තමයි හැමදෙයක් ගැනම ඇහැගහගෙන ඉන්නෙ. (නි)

:       0       0

පාලිත Thursday, 23 June 2016 02:39 AM

වැරදි කළා නම් දඬුවම් විඳින්නත් ඕනෑ. තරාතිරම නොබලා දඬුවම් දියයුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 6 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 26 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 920 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1365 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2038 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 504 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site