IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


නිවාඩුවට අපි ඩුබායි ගියා

2016-04-23-ent-57
 

2016-04-23-ent-54මේ සැරේ අලුත් අවුරැද්දත් මීට කලින් අවුරුදු වගේම හරිම සතුටින් ගෙවී ගියා. සාරංගයි මමයි විවාහ වුණාට පස්සෙ අපි සමරපු තුන්වෙනි සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙ අලුත් අත්දැකීම් රාශියක්ම ජීවිතයට එකතු කරගන්නට හැකියාවක් ලැබුණා. අප්‍රේල් 13න් වැනිදා අපි දෙන්නා ස්වර්ණවාහනී රූපවාහිනී ආයතනයේ අවුරුදු වැඩසටහනකට සහභාගි වුණා. ඊට පස්සේ එදා රූ මගේ අම්මලා බලන්න ගිහිල්ලා, ආච්චි අම්මලාට එහෙම කතා කරලා අනිත් දවසෙ ඒ කියන්නේ 14 වැනිදා උදේම මමයි, සාරංගයි, සාරංගගෙ අම්මයි ඩුබායි ගියා එහෙ අවුරුදු වැඩසටහනකට සහභාගි වෙන්නට. ඉතින් ඉතිරි දවස් ටිකම ගෙවිලා ගියේ ඩුබායි රටේ.

සාජාවල Wonder Sport Club එකෙන් අවුරුදු උත්සවයක් සංවිධානය කරලා තිබුණා. ඒ අවුරුදු උත්සවයට ඒ රටේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සහභාගි වෙලා හිටියා. අලුත් අවුරුද්දට කිරි උතුරවලා අවුරුදු කෑම මේසයකුත් සකස් කරලා ඒ ඇවිත් හිටිය හැමෝම එදා අවුරුදු සැමරුවා. මෙහිදී අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමත් විශේෂ කාරණයක් වුණා.

මෙතනට ඇවිත් හිටිය හැමදෙනාම වගේ එදා දවසේ හරිම සතුටෙන් තමයි හිටියේ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මේ රටට ඇවිත් සේවය කරලා තම තමන්ගේ පවුල් ජීවත් කරවන්නේ. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් එක්ක කතාබහ කරන්නට අපිට හැකිවුණා. එක දිගටම මහන්සිවෙලා වැඩකරන ඔවුන්ට මේ ලැබුණ අවස්ථාව විශේෂ එකක් බව තමයි ඒ අය අපිත් එක්ක පැවසුවේ.

අපි ඩුබායි යන්න කලින් අපේ ෆේස් බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් හරහා දැනුම් දුන්නනෙ මේ වගේ ප්‍රසංගයකට සහභාගි වෙනවා කියලා. ඒ වගේම මේ උත්සවය සංවිධානය කරපු අයගෙත් තිබුණා ෆේස්බුක් පිටුවක්. ඔවුනුත් ඒ හරහා කියලා තිබුණා උත්සවයට සම්බන්ධ වෙන කලාකරුවන් කවුද කියලා. ඉතින් මේ ගොඩක් අය අපිට කිව්ව කතාවක් තමයි අපිව බලන්න අපිත් එක්ක කතාකරන්න තියෙන ආසාව නිසාම මෙතනට ආවා කියලා. ඔවුන් අපේ දැන් විකාශනය වෙන නාට්‍ය වගේම කලින් විකාශනය වූ නාට්‍ය ගැනත් සතුටින් කතා කළා. අපි දකින්න ලැබුණ එක වගේම අපිත් එක්ක කතාබහ කරන්න ලැබුණු එකත් ලොකු සතුටක් කියල තමයි ඒ අය කියන්නෙ. අපිත් එක්ක පින්තූර ගත්තා. අපිටත් ඇත්තටම ගොඩක් සතුටුයි ඔවුන්ව ඒ විදිහට සතුටු කරන්න ලැබුණ එක ගැන. ඔවුන් එම රටේ ගතකරන ජීවිතය වගේම, ඔවුන් ජීවිතයේ ලබපු අත්දැකීම් ගැනත් මෙහිදී අපිත් එක්ක කතා කළා.

ඉතින් එදා දවස ඒ විදිහට තමයි ගෙවිලා ගියේ. රෑ සංගීත සංදර්ශනයකුත් පැවැත්වුණා. මේ සඳහා අපේ රටේ කලාකරුවන් විශාල පිරිසක් සහභාගි වෙලා හිටියා. මමයි, සාරංගයි මේ ප්‍රසංගයේ ගීත ගායනා කළා.

සාරංගගේ අම්මත් මේ සංචාරයට සහභාගි වුණ නිසා අපි හිතුවා ඒ රටේ වැදගත් ස්ථානත් නැරඹුවොත් හොඳයි කියලා. මොකද අම්මත් හරිම ආසාවුණා ඒ රට බලන්න. ඉතින් ලෝකයේ උසම ගොඩනැගිල්ල වන Burj khalifa ගොඩනැගිල්ල බලන්න අපි ගියා. Ibr Battutha mall ඒකත් ඩුබායි යනවා නම් බලන්න ඕනෙ තැනක්. අපි එහෙටත් ගියා. ඒ වගේම සිටි ටුවර් එකකුත් ගියා.

මෙහිදී කියන්න ඕනෙ විශේෂම දෙයක් තමයි මේ රටේ පොදු ප්‍රවාහන සේවාවන්හි තියෙන දියුණුව. ලංකාවෙ තාම පොදු ප්‍රවාහන සේවාව දියුණු මට්ටමක නැහැනෙ. ඩුබායිවල නම් ඉතින් ඉතාමත්ම ඉහළ මට්ටමින් ඔවුන් මේ පොදු ප්‍රවාහන සේවාව පවත්වාගෙන යනවා. මෙට්ට්‍රො සිස්ටම්, ට්‍රෑම්, මොනෝරෝල් යන මේ හැම දෙයක්ම මගීන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා යොදාගෙන තියෙනවා. මේ ප්‍රවාහන සේවය කොයිතරම් දියුණුයිද කියලා දැකබලා ගන්න, අත්විඳින්න අපිටත් හැකියාව ලැබුණා. ඒ රටේදී ඒවා භාවිත කරපු නිසා. ඇත්තටම අපි ඒ අත්දැකීම් ලබාගන්නට තමයි ගොඩක් දුරට ඒවායෙහි ගමන් බිමන් ගියේ. මේවායෙහි දියුණුව දැක්කම අපේ රට කවදද ඒ තැනට එන්නෙ කියන එක තමයි මට නම් හිතුණේ.

අපේ රටේ මිනිස්සුන්ට වාහන පහසුකම් ලැබිලා, මිනිස්සු ආකල්පමය වශයෙන් දියුණුවෙලා, මිනිස්සු තව සංවරවෙලා ඒ සෑම අංශයකින්ම මේ රට දියුණු වෙන්නේ කවදාද දැක බලාගැනීමේ හා ඒකට කුමන හෝ මට්ටමකින් දායකත්වයක් සපයන්න බලාපොරොත්තුවෙන් තමයි අයෙ ලංකාවට ගොඩ බැස්සේ. ඉතින් මේ විදිහට බොහො සතුටින් තමයි අපේ මේ සැරේ අවුරුද්ද ගෙවිලා ගියේ.

අපේ කලා කටයුතු ගත්තොත් මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශනය වන බොහිමියානුවා හා ශ්‍රී රජ කියන නාට්‍ය දෙක සඳහා මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන වර්ණ නාට්‍යය හරහා මගේ රංගනය ප්‍රේක්ෂකයාට දැකබලාගන්න පුළුවන්. සාරංග රංගනයෙන් දායක වුණු වස්සානයේ ප්‍රේමය හිරු නාලිකාවේත්, හංස පිහාටු නාට්‍යය ස්වර්ණවාහිනියේත් විකාශනය වෙනවා. ඒ දෙකට තමයි එයාට ගොඩක් ප්‍රතිචාර තියෙන්නේ. ඩුබායිවලදිත් ගොඩක් අය ඒ නාට්‍ය දෙක ගැන තමයි කතා කළේ.

ඒ ඇරෙන්න අපේ ගීත කීපයක්ම එළිදක්වලා තියෙනවා. අපි දෙන්නම ගායනයෙන් එක්වුණ සංසාරෙන් සංසාරේ, නොහඬා ඉන්න මට කියන ගීත දෙක වගේම මම තනියෙන් ගායනා කරන ඔබ ගින්දර දලු පිරිච්ච ගීතයත් මේ දිනවල අපේ ප්‍රේක්ෂකයන්හට අහන්නට දැක බලාගන්නට පුළුවන්. සාරංග රංගනයෙන් එක්වුණු ජූලි 7යි චිත්‍රපටයත් මේ දිනවල තිරගත වීමත් ඇත්තටම සතුටට කරුණක්. ඉතින් අපේ අලුත් අවුරුද්ද ඒ විදිහට තමයි ගෙවිලා ගියේ. අපගෙ සියලු රටවැසියන්ට ලැබුවා වූ අවුරුද්ද සතුට සාමය සපිරුණු එකක් වේවායි කියන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.

 

කුමී

DESHAYA

 

2016-04-23-ent-53
 2016-04-23-ent-55
2016-04-23-ent-56
2016-04-23-ent-58
2016-04-23-ent-59

 



අදහස් (0)

නිවාඩුවට අපි ඩුබායි ගියා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1486 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 261 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4369 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 473 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 622 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2160 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38255 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site