සීගිරියෙන් සොයාගත් මැටි කල හා තෝරා ගත් නවීන මැටිකල ඇතුළු පුරාවස්තු ප්‍රදර්ශන කිරීමේ සංස්කෘතික උළෙළ සීගිරි ලෝක උරුම පරිශ්‍රයේදී ඇමැති ටී බී ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි.
ලබන 31 වැනිදා තෙක් ප්‍රදර්ශනය පැවැත්වේ.ඇමැතිවරයා එහිදී සංස්කෘතිය හා සිංහල කලාවේ අගය විස්තර කරමින් කතා කළ ඇමැති ටීබී ඒකනායක මහතා පැවසුයේ අද අපි මැටි ගැන කතා කරනා බවයි.
‘අද මාධ්‍ය මැටි වැඩ කරනවා.සංස්කෘතික අරමුදලේ ඇතැම් නිලධාරීනුත් මැටි වැඩ කරනවා . මේ අවුරුද්දේවත් ඉස්කෝලේ යන කාලේ කරපු මැටි වැඩ නවත්තන්න .පෝය දවසකට විහාරස්ථාන රැසක ආගමික වැඩසටහන් පැවැත්වෙනවා .හැබැයි අද මාධ්‍ය ඒ එක විහාරස්ථානයක් පමණක් ගැන කතා කරනවා.හැබැයි හොඳ නැති දෙයක් ඊට වඩා වාර ගණනක් ජනමාධයෙන් හෙළි දක්වනවා.‘
නිවේදන කටයුතු තෙබසින්ම සිදු විය.
නිවේදක නිවේදිකාවෝ කොළඹින් රැගෙන යනු ලැබුහ. ඉංග්‍රිසි නිවේදිකාව පිට මුළුමනින්ම වාගේ පෙනෙන හැට්ටයක් ඇද සිටියාය.
ඇගේ පිටේ පච්චද කොටා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීගිරි සිත්තර සිතුවම් කළේ එදා ඔහු දුටු කාන්තාව මිසක් ළඟට කැන්දල නිරුවත් කළ කාන්තාවක් නොවෙයි. එතකොටත් අපිට සංස්කෘතියක්, සදාචාරයක් තිබුන.අපි සීගිර යන්නේ සිතුවමෙහි අඩ නිරුවත දකින්න නොවෙයිනේ? තවමත් අපේ ඈත ගම්වල හා දීවර ගම්වල තනපටයකින් පමණක් සැරසුන කාන්තාවන් දකින්න පුළුවන්. ඒ අයට සංස්කෘතියක් නැද්ද? හිත කැතනම් හැම දේම පෙනෙන්නේ අවලම් විදිහට. හැදෙන්න ඕන ගැහැණිය නොවෙයි පිරිමි අපියි (අ)
මේ ඇදුමෙ වරදක් නැත නමුත් මේ අවස්ථාවට උචිත නැහැ (අ)
කව්ද ඔය පිටේ පච්ච කොටාපු කෙල්ල?සීගිරියට ආවොත් සිගිරි ලඳුන්වාගේ ඉන්න ඕනේ, එනිසා මෙයා මෙවිදිහට සිටීම කිසිම වැරැද්දක් නෑ (අ)
අයියෝ, අපේ රටට යන කලක්. ගෑනුන්ගේ ඇඳුම් වල හරි වැරදි හොයන්න ඉස්සරවෙලා අපේ රටේ තියන ප්‍රශ්න ගැන සොයා බැලිය යුතුයි. පිට පේන්න ඇඳපු එක වරදක් කියලා පේන්නේ ඒක දිහා නොමනා හැගීමකින් බලන අයටයි.(අ)
පච්චය සහ ඇඳුම නිවේදිකාවගේ පුද්ගලික කැමැත්ත, එහෙමනම් ඇමතිතුමා දෙපස ඉන්න අය ටයි දාලා ඉන්නේ. (අ)
සංස්කෘතිය, සදාචාරය ගැන කෑගහන ඇත්තෝ මීට වැඩිය හොයල බලල කතා කලොත් හොඳය. ඉතිහාසයේ අපේ කාන්තාවන් මිට වැඩිය බොහොම නිදහස් විදිහට ඇන්දා. ඒ කියන්නේ අපිට ඒ කාලේ සංස්කෘතිය, සදාචාරය තිබුනේ නැද්ද? අපි කව්රුත් දන්නවා ශ්‍රී ලාංකිකයන් ඒ යුගයේ බොහොම ඉදිරියෙන් හිටපු, දියුණු ජාතියක් බව. ඒ දවස්වල මිනිස්සුන්ගේ මොලවල් මීට වැඩිය ගොඩක් විවෘර්ත නිසා ඒ අයට ඒ දවස් වල ගෑනු කෙනෙක්ගේ පිටක් දැක්කම මේ වගේඇලජික් නෑ. විදේශ ආක්‍රමණත් එක්ක වික්ටෝරියානු සමාජ ක්‍රමයට අනුව අපේ මිනිස්සුත් හැඩ ගැහෙන්න ගත්තම තමා මේ ඔක්කොම විකාර පටන් ගත්තේ. පච්චා කෙටීම ගැන කතා කලොත්, එකත් මහා අරුමයක් නොවේ. තායිලන්තයේ, බුරුමයේ හාමුදුරුවරුන් තමාගේ මුළු ශරීරයේම පච්ච කොටාගෙන ඉන්නේ තමාගේ ආගමේම කොටසක් විදිහට. එහෙව් එකේ මේ ගෑනු ළමයාගේ පච්චය ගැන ඈයි අපි මෙතරම් කලබල වෙන්නේ? එක එයාගේ කැමැත්ත. ඉතිහාසය සහ ලෝකය ගැන දන්නේ නැත්තම් කියවන්න, ඒ ගැන හොයන්න, තමාගේ දැනුම දියුණු කරගන්න. බොරුවට ඇඟිලි දික්කරගෙන කුහක කමින් කෑගහන එක හරි මදි නේද? http://www.google.lk/imgres?sa=X (අ)
හැට්ටයක් ඇන්දම විලි වැහෙන්න ඕනේ.දැන් ලංකාවේ ගොඩක් කාන්තාවෝ විලිවහන්න කැමති නැහැ.පුළුවන් තරම් පිට එළියේ දාගන, පපුව ඇරගන, සාරිපොට දාලා ඔක්කොම ප්‍රදර්ශනය කරන්න හරිම ආසයි.පිරිමින්ගේ අවධානය යොමුකරගන්න අතරම ඔවුන් ඇවිස්සීමක්ද සිදුවීමෙන්, අතවර වලට ලක්වේ.මේ කට්ටිය දුටුවහම මටනම් හිතෙන්නේ, දෙමාපියන් ලැජ්ජාව, බය කියන දේවල් උගන්නල නැති බවයි. (අ)
"බුද්දිය තිබිය යුතුයි" බුද්දිය තිබෙනවා නම් මේවා කරාවිද? (අ)
මේකේ කිසිවැරැද්දක් නෑ (අ)
සමහර ගෑනු කොටට ඇඳ ගෙන ඒකත් පලාගෙන ඉන්න කොට කවුරුවත් මෙහෙම කතා කරයිද? ? අද ඡන්දෙ ඉල්ලන ගොඩක් ගැහැණුන්ගේ ඇදුම් වලට වඩා මේක ගොඩක් හොඳයි.(නදී)
රජින්ද තමන්ගේ උවමනාව ඉෂ්ට කරගන්න සදාචාරය ගැන කතා කරනවා කෙල්ලො දිහා බලන්න ඔච්චර පෙරේත මොකද රජින්ද ? (නදී)
රජින්දල වගේ අය ඉන්නකම් ලංකාව හැදෙන්නේ නැහැ.(නදී)
මාධ්‍ය මැටි වැඩ කරනවා. මේ ඇමතිලා මොන වැඩද දන්නේ නැහැ කරන්නේ.(නදී)
මට නම් මේකේ වැරැද්දක් පෙන්නේ නෑ. ඇය සීගිරි ලලනාවන්ටත් ආදර්ශයක්! (අ)
මට මතක් උනේ මීට අවරුදු හතළිහකට පමණ ඉහත රෝයල් ජුනියර් එකේ හිටපු මැටි වැඩ ටිචර්ලා දෙන්නා. මේ මම කියන දෙයින් එතුමියන්ට අපහාසයක් නොවේවා . උපහාරයක්ම වේවා. (අ)
"මේකේ කිසිවැරැද්දක් නෑ" මටත් මේකේ වැරැද්දකට තිබෙන්නේ ටිකක් ඉතුරු වෙලා තිබෙන එකයි (අ)
සීගිරි ලළනාවෝ මොකද පච්ච කොටල ? (අ)
කවුරු මොනවා කිව්වත් මෙහෙම ඇඳුමක් ඇඳපු කෙනෙක් දිහා අපේ රටේ පිරිමි බලන්නෙ ගරුත්වයක් ඇතිව නෙමේ.ඒකට පිරිමින්ට බැනල වැඩක් නෑ. (අ)
සෑම්, මමත් කලේ මැටි වැඩ . නව රගහල එහා පැත්තේ තිබුන මැටි වැඩ කාමරේ. ධම්මිකල වගේ සල්ලි තියෙන අය ෆොටෝ ග්‍රැෆි කලා. ඒ කාලේ ඩිජිටල් නැති නිසා ෆිල්ම් රෝල් වලට , ප්‍රින්ට් වලට සල්ලි ගොඩක් යනවා. ඉතින් මම නම් මැටි වැඩ කලා. ඉස්කෝලෙන් ආවට පස්සෙත් මැටි වැඩ කරපු අවස්ථා තිබුනා.(නදී)
මේකේ අදහස් දාල තියෙන පමණක් අය මේ කාන්තාවගේ වරදක් දකින්නේ නැහැ. ඒ කියන්නේ තමාගේ සහෝදරියක් ,බිරිද .නැතිනම් තමාගේ දියණියක් එයාල කැමති විදිහට ඇදුමක් ඇදගෙන ගියාට කමක් නැහැ කියන එකනේ වැඩිහිටියෝ විදිහට ඔයාල මේ දිහා බලන විදිහ බොහොම හොදයි. (නදී)
සාරංගට පුදුම තරහක්නේ තියෙන්නේ මාත් එක්කලා. සාරංග, මිනිස්සුන්ට බුද්ධිය කියල එකක් පිහිටලා තියෙන්නේ මෙහෙම පින්තුරයක් නෙමේ ඇත්තට දැක්කත් හැගීම් උපද්දවාගෙන තිරිසනුන් වගේ අසංවර වෙන්න නෙමේ. සාරංගට අර මම කලින් කියපු බුද්ධිය පිහිටලද දන්නේ නැහැ.(නදී)
මේකේ අදහස් දාලා තියෙන අය ලියල තියෙන දේවල් හරි පුදුමයි, නමුත් දැන් කාලේ හැටියට ඔය ඉන්න මැති ඇමතිවරුන්ටත් හරි චුන් ඔවැනි දේ දකිනකොට,ඉතින් මේ සංස්කෘති උත්සවේ මොන සංස්කෘතියද,අපි මෙහෙ ඉඳල අවුරුදු ගානක් මෙහෙ ගැණු කරන දේ දැකල එපාවෙලයි තියෙන්නේ. ඒවා ටීවී වැනි දේවලින් බලල අපේ ගැණුන්ට හැදිලා තියෙන පිස්සුවට පිරිමිත් ඉඩ දෙනවද ? පුදුමයි මෙහෙ පිරිමි නම් නපුංසකයෝ වගෙයි. ඒකයි මේ රටවල ගැණු මෙතරම් දඟලන්නේ. අපේ සංස්කෘතියටයි රටටයි දෙයියන්ගේම පිහිටයි. (නදී)
ඉස්සර හිටියේ පච්ච සීරලා. දැන් ඉන්නේ පච්ච ..... (නදී)
ඉතින් ඕක මොකද්ද අප්පා? (නදී)
ඇයි ඒ නිවේදිකාවගේ හැට්ටයේ කර විතරක් ලංකාදීප කැමරා ඇසට ට පෙනුනේ. අනෙක් නිවේදිකාවෙන්ගෙත් මේ වගේමයි වෙනසක් නැහැ. (නදී)
දේශය පාලනය කරන අයට සදාචාරයක් සංස්කෘතියක් නැතිව බාල පරපුරක් කොහොම හරි මග යන්නද? .තව ටික කාලෙකින් නිලියෝ ටික පෙන්නයි දේශපාලනයයි සංස්කෘතියයි දෙකම හරි අගේට තව අවරුදු 10කින් විතර.(නදී)
චින්තක, ඔයාට වැරදීමක් වෙලා. මැටි වැඩ සහ ෆොටෝග්‍රැෆි අතර සම්බන්ධයක් නැහැ. අපිට මැටි වැඩ /වඩු වැඩ /ලෝහ වැඩ අතරින් එකක් සහ ප්‍රින්ටින් /ෆොටෝග්‍රෆි / ඇග්රිකල්චර් අතරින් එකක් තමා කරන්න තිබුනේ. මම මැටි වැඩ උගන්වපු අලස් සහ බතලස් මහත්මීන් ගැන කියාපු කොටස කපා හැරලා. (නදී)
ප්‍රදීපා, පිරිමින් ඇවිස්සෙන්න කුණු ගොඩවල්ද? එහෙමත් නැත්තම් බුද්ධියක් "සදාචාරයක්" නැති සත්තු කොට්ටාශයක්ද? ගැහැණු කෙනෙක්ගේ පිටක් දැකපු පලියට, ඔවුන්ව පාලනය කරගන්න බැරි නම්, ඒ වගේ සත්තු අපේ සමාජයට ලොකු තර්ජනයක්. ඔයා එලියට යනකොටත්, හිස සිට දෙපතුල දක්වාම වහ ගෙන එලියට යන්න. නැත්තම් පිරිමි "ඇවිස්සීමක්ද සිදුවීමෙන්, අතවර වලට ලක්වෙන්න" පුළුවන්. ලාල් කැන්ඩි - ඇත්තටම මගේ සහෝදරියක්, දියණියක් මෙවැනි ඇඳුමක් ඇඳගෙන ගියාට මම කිසිම වරදක් දකින්නේ නෑ. ඒක ඔවුන්ට හැඩ නම්, තැනට සුදුසු නම් මම ඇත්තටම ඒක ගැන සතුටු වෙනවා. මේ හිතන විදිහ වෙනස් විය යුතුයි.(නදී)
විනුරි, ඔයා වගේ අදින අයත්, හිතන අයත් ගොඩක් ඉන්නවා.ඔයාට හිතෙන විදිහ හරි පුදුමයි. මම ලංකාවේ ඉද්දි ඔසරිය ඇඳලා තමා රැකියාවට ගියේ. හැබැයි බොහොම සංවර විදිහේ හැට්ට තමා මම ඇන්දේ. බටහිර රටකට ආවත්. සීතල නිසා කලිසම් ඇන්දට අසංවර ඇඳුම් අඳින්නේ නැහැ.ඉක්මනටම ඇවිස්සෙන පිරිමි කුණුගොඩවල් තමා.ඔයාගේ මානසික මට්ටම ගැන මට දුකයි. (අ)
ඇමතිතුමනි, ඔබ තුමා වැනි මහත්වරු ඉන්නවානම් අපේ රට තවත් කාලයක් සිංහල සංස්කෘතිය රැක ගනීවි. නැත්නම් අපිටත් රටටත් දෙවියන්ගේ පිහිටයි. (අ)
ඇමතිලට කතාකරන්න වෙන වැදගත් දේවල් නැතුවද , නැතිනම් ඇමතිලා වැදගත් නැතුවද ? (නදී)
මොනවාද අනේ මේ විකාර ඉස්සර ආච්චිලා බඩ පෙන්න චිත්ත ඇන්දේ, උඩට තනපටය විතරක් ඇන්දේ මෙතන කවුරුහෝ ඉන්නවද තනපටය විතරක් ඇදගෙන , නැහැනේ .ගොවියෝ පස්ස පැත්ත එළියේ දාගෙන හිට්යේ එතකොට ඒවා හොද වැඩද , මේ තරුණ ළමයි මේ වගේ දේවල් කලාම තමයි නරක, ලංකාවට වැරදිලා තියෙන්නේ ඔතන සදාචාරය ආරක්ෂා කරන්න ඕනේ ඇත්ත මේ ව්දිහට නොවෙයි , මේවට කියන්නේ පැහැදිලි ඉරිසියාව තාරුණ්‍යට ගරහන වයසක මිනිස්සුන්ගේ කුහක කම (දී)
අපේ රටේ ගැහැනියෙකුට කිසිම නිදහසක් නැද්ද ඇත්තටම.(නදී)
සංස්කෘතික උත්සවයදී ඔහොම ඇදපු එකනම් මැටි වැඩක් තමයි. එත් අපේ රට මුස්ලිම් රටක් නොවන නිසා මේකේ ලොකු වැරැද්දකුත් නැහැ. ඉස්සර රජ කාලේ දැන් සමාජෙටත් වඩා මිනිස්සු ආගම ධර්මයට ලංවෙලා උන්නු කාලෙත් අපේ ගැහැණු උදවිය ඇන්දේ ඇත්ත වශයෙන්ම ඇග භාගයක් විතර පෙනෙන ඇදුම් නොවැ. තමාට තමාව විශ්වාසනම්, තමා සංවරනම් එච්චරයි.! (නදී)
මේ අය දිගටම ඉන්නවා නම් ප්‍රදර්ශනය දික් කරන්න වේවි. මැටි කල කොහොම උනත් මේ නාරිලතා බලන්න සෙනග පිරේවි. (නදී)
මේක සාමාන්‍ය දෙයක්. (නදී)
ඔව් අනික සිගිරිය බෞද්ධ සිද්දස්ථානයක් නෙමේ කිසි ගැටලුවක් මට පෙනෙන්නේ නැහැ. (නදී)
ඔය වගේ උත්සවයකට සහභාගී වෙනකොට වැදගත් විදියට අදින්න අවශ්‍ය බව කියන්න අවශ්‍ය නැහැ. (නදී)
සීගිරි ලලනාවෝ අදිනකොට හොඳයි. මෙයාලා ඇන්දාම මොකද වෙන්නේ. මෙයාට මේ ඇදුම ගැලපෙන්නේ නැති එක වෙන ප්‍රශ්නයක්. මෝස්‌තර තමාට ගැලපෙන්න අදින්න ඕනේ.(නදී)
සීගිරියට ගැලපෙන කියන්නේ උඩු කය නිරුවත්ද? (නදී)
පිට පෙනුනම මෝකෝ සීගිරි ළලනාවෝ ඉන්න හැටියට මේ මොනවද? (නදී)
ඉස්සර පච්චා කොටන්නේ කවුරු හරි හොරකම් කලොත් ආපහු හොයාගන්න ලේසි වෙන්න.? (නදී)
මේකේ මහලොකු දෙයක් නැහැ ලංකාවේ මිනිස්සුන්ට මෙයට වඩා කොච්චර දේවල් තියනවද හිතන්න.(නදී)
මැටි වළං බලන්නේ නැතිව පිටද බැලුවේ.(නදී)
මට නම් මේකේ වැරැද්දක් පේන්නේ නෑ. අපි අපේ මිනිස්සුන්ගේ ඇදුම් ගැන නෙමෙයි හොයන්න ඕනා. නැතිනම් එකේ වෙන කෙන් ගෙඩියක්ද හොයන්න කියන්නේ ? (නදී)
ඒ හැට්ටයක් නොවෙයි.(නදී)
නිවේදිකාවගේ ඇඳුමේ කිසිම වැරද්දක් නැහැ. පච්චයක් කෙටුවා නම් ඒක එයාගේ අයිතිය. පුද්ගලික අයිතීන්ට ගරු කරන්න. නිවේදිකාව කාටවත් හිංසාවක් අපහාසයක් කරලා නැහැනේ. (නදී)
හා හා...අපේ ..... මහත්තයත් ඉන්නේ.ඉතින් ඔහොම නොගිහින් පුලුවන්ද? (නදී)
මට නම් මේකේ වැරැද්දක් පෙන්නේ නෑ. අපි අපේ මිනිස්සුන්ගේ ඇදුම් ගැන නෙමෙයි හොයන්න ඕන. (අ)
සිගිරි අප්සරාවියෝ ඔක්කොම එළියේ, මෙයාගේ පිට එළියේ. වෙන මොකුත් පේන්නේ නැහැ නේද? අනේ මහත්වරුනේ කොහෙද වැරැද්ද? (නදී)
අපේ රටේ සස්කෘතිය රකින අය මිට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ අපේ රටේ කාන්තාවන්ට ලැජ්ජාවක් නොවන හා .තැනට ඔබින විදියට වැඩ කරන්න ඕනේ. රටක සස්කෘතියක් තියනවා. වැරදි පෙන්වලා දෙන්න තමයි මාධ්‍ය ඉන්නේ ලංකාදීප මාධ්‍යවේදියා කරලා තියෙන්නේ ජාතික වගකීමක්. විශේෂයෙන් රටේ සංස්කෘතියට මේ ඇ‍්ඳුම හරි නැහැ නේද? රටේ ජාතික සංස්කෘතික උත්සවයකට මෙයිට වැඩිය සංවරව ඇදගෙන එන්න ඕනෑ නේද? (නදී)
රෝහිත සහ වික්‍රම දෙන්නා ට අපේ රට ගැන හරි හැටි තේරුමක් නැහැ මොනවා කරන්නද රටේ විනාශය. පච්චා කොටන කාන්තාවෝ ලංකාවේ හිටියද? අනික මේක සංස්කෘතික උත්සවයක් ,ඇමති තුමා ඉන්නවා. නිව්ස් එක හරියට කියවලා නැහැ.(නදී)
වෙන වැදගත් දෙයක් මේ උත්සවයේ වුනේම නැද්ද හැබෑටම? නිවේදිකාවගේ ඇඳුමේ කිසිම වැරද්දක් නැහැ. ඉරිසියාවට කියන කතා. (නදී)
ඔක්කොම මැටි වැඩ තමා. (නදී)
හොඳට එබීගෙන හිටියට කමක් නැ මුට්ටියට ඔලුව දාල හිරකරගන්නවා එහෙම නෙවෙයි.(නදී)
සිගිරි අප්සරාවෝ එතකොට උඩුකය සම්පුර්ණයෙන්ම ඇරගෙන ඉන්නේ? අනේ අපේ සංස්කෘතිය. මට එනවා කටට කියන්න අම්මපා.(නදී)
සිගිරි අප්සරාවියෝ කියන්නේ සිතුවමක් මේක තේරුම් ගන්න බැරි අය නේ මෙතන ලියන්නේ.(නදී)
තැනට සුදුසු ඇඳුමක් ඇඳිය යුතුයි. අපිට යට ඇඳුමෙන් උගන්නන්නේ නැහැ නේද ? කුඹුරු වැඩට සාරි අඳින්නේ නැහැ නේද ? බුද්දිය තිබිය යුතුයි.(නදී)
"යකා විදිහටලු විමානේ".අන්තර්ජාලයේ හොද විස්තර ටිකක් තියෙනවා. (නදී)
අපේ සංස්කෘතියට ගිය කල.(නදී)
සමන් අපි එහෙනම් මිට පස්ශේ ඉංග්‍රීසි නිවෙදිකාවට ළමා සාරියක් අන්දවමු! (සිගිරි අප්සරාවියෝ උඩුකය නිරුවතින් ඉනකොට)! මොකද ඒක අපේ සංස්කෘතියේ ලක්ෂණයක් නිසා.(නදී)
මොකද එහෙනම් ඇමතිතුමා කාශ්‍යප රජතුමා වගේ කමිසේ ගලවල ආවේ නැත්තේ? (අ)
මේගොල්ලෝ ඇදුම් අදින්නේ විලිවහගන්න නෙවේ, බේරෙන්න.(අ)