රූපවාහිනි නාලිකාව තුල නිවේදිකාවක් ලෙස ඔබ හමුවට එන ඇය දිලිනි අනුත්තරාය. "ව්‍යාපරික ලෝකය" යන වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදනය ක්ෂේත්‍රය තුලින් ඉදිරියට යාමට බලාපොරොත්තු වන ඇය අපත් සමග මෙසේ එක්විය.
"මම මේ වනවිට ව්‍යාපාර කළමණාකරණය පිළිබඳව හදාරලා තියෙනවා. ඉතිං විනෝදාංශයක් ලෙස හිතන් ඉඳපු දේ රැකියාව වෙලා තමයි දැන් තියෙන්නේ. මේ වනවිට රූපවාහිනි නාලිකාව තුල 'ව්‍යාපරික ලෝකය' කියන වැඩසටහන ඉදිරිපත් කරනවා. මම දැනට අවුරුදු දෙකක විතර වෙනවා නිවේදිකාවක් වශයෙන් එකතු වෙලා. මම කරපු උපාධියත් එක්ක මේ රැකියාවේ කිසිඳු සම්බන්ධතාවයක් නැහැ."
"ආසාවට කරපු දෙයක් එක්ක අවස්ථාවක් ලැබුණා අවුරුදු දෙකක් මේ වැඩසටහන කරන්න. ව්‍යාපාර කළමනාකරණය කරත් මම ආස ක්ෂේත්‍රයක් තමයි මේක. මාධ්‍ය පිළිබඳවත් හදාරලා තියෙනවා. ඉදිරියේදී මේ වැඩසටහන දිගටම කරන්න ලැබුනොත් හරි, වෙන වැඩසටහනක් කරන්න ලැබුණොත් හරි නිවේදිකාවක් වශයෙන් කටයුතු කරන්න තමයි කැමැත්ත. ඒත් ඉතිං, කියන්න බැහැ ව්‍යාපාරික කළමණාකරණය පැත්තෙන් රැකියාවක් කරන්නත් ඉඩ තියෙනවා. රූපවාහිනිය තුල ඉන්න ඔක්කෝම අය උදව් කරනවා. ඒ අය හරි එකතුයි මාත් එක්ක. නිෂ්පාදකවරුන් වගේම, අලුත් අයද පරණ අයද කියලා වෙනසක් නැහැ ඒ හැමෝම වචනයකින් හරි උදව් කරනවා."
ඩිලාන් ක්‍රිෂාන්ත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිවේදනය ආසාවට කරපු දෙයක්