IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


නිවේදනය හා කැමරාවට මුහුණදීම මට අලුත් අත්දැකීමක් වුනේ නැහැ

2017-01-02-ent-40

නිරූපණය ක්ෂේත්‍රයට නවකයෙකු වූවත් මේ වනවිට ඇය ලංකාවට කීර්ති නාමයක් රැගෙන විත් අවසානය. 2016 මිසිස් යුනිවර්ස් තරගයෙන් කිරුළ පැළදූ ඇය රෝෂි ප්‍රනාන්දු වෙයි. නැවතත් ඇය ශ්‍රී ලංකාව වෙත කිරුළක් ගෙන ඒමට උත්සහ දරණ අතර, ඒ පිළිබඳව කතා බහ කිරීමට "අද" සමග එකතු වූ මොහොතකි මේ.

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

2017-01-02-ent-45මගේ නම රෝෂි ප්‍රනාන්දු. මගේ පදිංචිය මොරටුව. වගේ වයස අවුරුදු 25යි.

 

ඔබ ක්ෂේත්‍රයට මුලින්ම යොමුවෙන්නේ?

මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ මිසිස් යුනිවර්ස් තරගයෙන් එහිදී මට ප්‍රථම ස්ථානය දිනා ගන්න අවස්ථාව ලැබුණා. එයින් තමයි මම ක්ෂේත්‍රයට මුලින්ම පිවිසුනේ.

 

ඒ සඳහා දායකවෙන්න ඔබට අවස්ථාව ලැබුනේ කොහොමද?

මම ඒ වෙද්දී නවසීලන්තයේ හිටියේ. මම දැක්කා අන්තර්ජාලයේ දැන්වීම් දාලා තියෙනවා. ඊට පස්සේ තමයි මම ඒකට අයදුම්පත් යොමුකළේ. ඉන් පස්සේ තමයි මාව මේ සඳහා තෝරාගනු ලැබුවේ.

 

මීට අමතරව ඔබ දායක වුන වැඩකටයුතු?

ඔව්, මම දැනට %චැනල් සී^ නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා. දැනට ටෙලිනාට්‍ය හා චිත්‍රපට සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඒ සඳහා ලබන අවුරුද්දේ දායක වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

නිවේදිකාවක් ලෙස ඔබ ලබන අත්දැකීම?

මම දැනට කටයුතු කරන්නේ %චැනල් සී^ එකත් එක්ක. මුලින්ම මගේ ස්ක්‍රීන් ටෙස්ට් එකක් තිබ්බා. ඉන් පසුව මම වැඩසටහන් දෙකක් විතර කළා. මගේ ඉදිරිපත්කිරීම හොඳයි කියලා කිව්වා. ඒ නිසා මට නිවේදිනය පිළිබඳවත් කැමැත්තක් ඇති වුණා.

 

ඔබ නිවේදනය පිළිබඳ හැදෑරීමක් කරලා තියෙනවාද?

මම පාසලේදී නිවේදන කටයුතු කරලා තියෙනවා. විවිධ උත්සවවල නිවේදන කටයුතු කරලා තියෙනවා. මම ඊට අමතරව විවිධ වැඩසටහන් කළමනාකරණ කටයුතු කරනවා. ඒ නිසා නිවේදනය හා කැමරාවට මුහුණදීම මට අලුත් අත්දැකීමක් වුනේ නැහැ. නිවේදනය පිළිබඳව තවත් ඉගෙන ඉදිරියට යන්න තමයි මගේ අදහස.

 

ඔබගේ වෘත්තීය?

මම කලින් කළේ සංචාරක ක්ෂේත්‍ර‘යේ රැකියාවක්. ඊට අමතරව මම කේක් ආකෘති නිර්මාණ ශිල්පිණියක්. දැනට නිරූපණය හා නිවේදන කටයුතුවල තමයි දැනට යොමුවෙලා ඉන්නේ. නිවේදන කටයුතුවලින් ඉදිරියට යන්න ගොඩක් කැමතියි.

 

ඔබට වෙළෙඳ දැන්වීම්වලට දායක වෙන්න අවස්ථාවක් ලැබුණද?

ඔව්. කොමර්ෂල් බැංකුවේ වෙළෙඳ දැන්වීමක් සඳහා දායක වුනා. එය බොහෝ දුරට නව වසරේදී ප්‍රචාරය වෙයි. ඊට අමතරව මම "ෆැෂන් බග්" ආයතනයේ නිරූපිකාව ලෙස කටයුතු කරනවා.

 

ඔබ කිව්වා චිත්‍රපට හා ටෙලිනාට්‍ය සඳහා ආරාධනා ලැබිලා තියෙනවා කියලා, ඔබ රඟපෑමට යොමුවෙන්න හිතුවේ ඇයි?

මම කවදාවත් හිතුවේ නැහැ රංගනයට යොමුවෙන්න අවස්ථාව ලැබෙයි කියලා. නමුත් ආරාධනා ලැබුන නිසා ඉදිරිපත් වෙලා බලනවා. ඒ ක්ෂේත්‍රය හොඳයි කියලා හිතුනොත් ඒ පැත්තෙනුත් ඉදිරියට යන්න සහ මගේ රංගන හැකියාවනුත් දැකගන්න පුළුවන් වේවි.

 

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

පෙබරවාරි මාසේ ඇමරිකාවේදී "මිස් ඉන්ටර්නැෂනල්" පැජන්ට් එක් තිබෙනවා. මම එහි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවෙනවා. දැනට මම ඒ සඳහා සූදානම් වෙමින් ඉන්නේ. ඒ නිසා මේ දිනවල එහි කටයුතුත්ත එක්ක ටිකක් දුරට කාර්යය බහුල වෙලා ඉන්නේ

 

මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

මගේ පවුලේ අය මතක් කරන්න ඕන. විශේෂයෙන්ම මගේ "Husband" ගෙන් ලොකු උදව්වක් ලැබෙනවා. "චැනල් සී" එක මතක් කරන්න ඕනෙ. ඒ ගොල්ලන් අලුත් අයට ගොඩක් අතහිත දෙනවා. ඒ නිසා තමයි මට නිවේදනට යොමුවෙන්න අවස්ථාව ලැබුනෙ. ඒ වගේම මේ තරම් දුර එන්න මට අතහිත දුන්නු හැමෝටම ස්තූති වන්ත වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - චාමර ලක්රුවන් රණසිංහ

 

2017-01-02-ent-44
2017-01-02-ent-43
2017-01-02-ent-42
2017-01-02-ent-41
2017-01-02-ent-39
2017-01-02-ent-38
2017-01-02-ent-37



අදහස් (0)

නිවේදනය හා කැමරාවට මුහුණදීම මට අලුත් අත්දැකීමක් වුනේ නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 118 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 5000 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4169 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 6772 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 941 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1669 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26119 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 423 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1367 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site