( ජයන්ත සමරකෝන් )
නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයේ සිදු වී ඇතැයි කියන අකාර්ෂක්ෂම සේවාව හේතුවෙන් එහි කළමනාකරු සහ දේපොළ කළමණාකරු වහාම ක්‍රියාත්මක වන පරිදි නිවාස සංවර්ධන අධිකාරියේ මූලස්ථානයට අද (24) මාරුකර යවා ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ( 23) එම කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථෘවක හෙළිවූ කරුණමත මෙම පියවර ගත් බවද එහි සභාපති රේනුක පෙරේරා මහතා පැවසීය.
මෙම ස්ථානමාරුවට අමතරව කාර්ය මණ්ඩල හිගය පියවීම සඳහා අද නිලධාරීන් තිදෙනකු ද එම කාර්යාලයට අනියුක්ත කළ බවද ඒ මහතා කීය.
මෙම කාර්යාලයයෙන් සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට නොහැකි වූ කාන්තාවක් කළ පැමිණිල්ලක් අනුව ජනාධීපතිවරයා ඊයේ ( 23) මෙම කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවී තිබිණි.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිවාස අධිකාරියේ ලොක්කන් දෙදෙනෙකුට මාරුවීම්
siri Thursday, 24 September 2020 02:52 PM
ඔය කන්තෝරුව අයිති විෂය භාර ඇමැතිතුමා කවුද දන්නවාද? තමන් යටතේ ඉන්න කට්ටිය ‘‘අකාර්යක්ෂම‘‘ නම් ලොකු අයියා කියලා හරියන්නේ නැහැ... ඇමැතිතුමත් වගකියන්න ඕනෑනේද?
RaveendraFriday, 25 September 2020 04:25 AM
සහතික ඇත්ත.. ලොකු අයියා නොවේ මොනයකාගේ වුණත් තම රාජකාරිය නිසිලෙස නොකර අහිංසක මිනිසුන්ගේ බදුමුදල් නාස්තිකර ජීවිකාව ගෙවන්නේ නම් පයින් ගසා පන්නා දැමිය යුතුයි.
rasika Thursday, 24 September 2020 04:44 PM
මුළු රාජ්‍ය සේවයම කඩා වැටිලා තියෙන්නේ. කිසිම කාර්යක්ෂමතාවයක් නැහැ. කලාප අධ්‍යාපන කාර්යාලවල කොච්චර නම් ගුරුවරු රස්තියාදු වෙනවද? විශේෂයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට අයිති පාසල්වල මාරුවීම් තනිකරම වෙන්නේ දේශපාලකයින්ට වුවමනා විදිහට. පහුගිය යහපාලන කාලේ බස්නාහිර පළාතේ ඔක්කොම වුණේ එහෙමයි. මේවා හොයලා බලන්න.
kamal Friday, 25 September 2020 04:11 AM
ඉසේ කැක්කුමට කොට්ටේ මාරු කිරීම. නියම විනය පරීක්ෂණයක් පවත්වා ඒ අනුව වැඩ කරන්න බැහැ. මොකද විනය පරීක්ෂණයේදී මොනවා හෙළි වෙයිද කවුද දන්නේ... එනිසා කොට්ටේ මාරු කිරීම තමයි ගැලවීම.
pradeepa Friday, 25 September 2020 05:20 AM
අපේ ජනාධිපතිතුමනි, වැඩේ හොඳයි නමුත් මේ වගේම තීරණ ඔබේ ඇමැතිවරුන්ටත් ගන්නවා නම් ගොඩක් හොඳයි..., මොකද පුත්තලම පැත්තේ වන විනාශයක් ගියා. නමුත් ඔබතුමා කිසිම ඇක්ෂන් එකක් තාම ගත්තේ නැහැ.
Rm aberathna Friday, 25 September 2020 06:06 AM
බොහොමයක් රාජ්‍ය ආයතන වල අවිධිමත් සේවය නිසා ජනතාව මහත් අපහසු තාවයට පත් වෙලා සෑම ආයතනයක් තුලම ඉන්න මෙවන් අකාර්යක්ෂම නිලධාරින් සේවයෙන් ඉවත් කරන්න පුලුවන් නම් ගොඩක් මිනිස්සු හැදෙයි.
Tilak Friday, 25 September 2020 10:30 AM
තැන් තැන්වලට කඩාපැනලා මේක ඉවර කරන්න බැහැ. පූර්ණ ප්රතිසංස්කරණයක් කරන්න ඕනෑ. කෙරෙන වැඩ අනුව රැකියාවේ උසස්වීම් සහ පැවැත්ම තීරණය විය යුතුයි. වැඩ නොකරන අය තියාගන්න එපා.
fairoos Sunday, 27 September 2020 10:02 AM
අපිට බැරිද කෙළින්ම ජනාධිපතිට පැමිනිලි කරන්න..?
sampath Monday, 28 September 2020 10:04 AM
ආයතනවල පුරවලා ඉන්නේ කාට හරි පන්දම් අල්ලපු අය.. දැන් මෙකෙ හැටියට නාරාහේන්පිටින් කොළඹට දැම්මා කියන්නේ කරවල කෑල්ල කාපු පූසාට උඹලකඩෙන් ගැහුවා වගේ වැඩක්.