IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


නිවාස බැංකුවට කෝටි 7 ක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදුලිබල මණ්ඩලයේ  ස්ථාවර තැන්පතුවක් සඳහා වැඩි පොලී අනුපාතිකයක් දීම හේතුවෙන් ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවට( H.D.F.C) රුපියල් කෝටි 7කට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි පොදු ව්‍යාපාර  පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.

මෙහිදී තැරැව්කාර සමාගමක් තුන්වැනි පාර්ශ්වයක් ලෙස සම්බන්ධවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මෙම තැරැව්කරු  බැංකුව පාර්ශවයෙන් පැමිණි පුද්ගලයකු බවද කමිටුව පවසයි.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් අවවාදාත්මක ලිපියක් පමණක් නිකුත් කර තිබීම පිළිබඳවද කෝප් කමිටුවේ අවධානය යොමු විය.

මේ සම්බන්ධයෙන් මාසයක් ඇතුළත විශේෂ පරීක්ෂණයක් කර එම තැරැව්කරු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කෝප් කමිටුව මුදල් අමාත්‍යංශයට නිර්දේශ කළේය.

මේ අතර බැංකුව බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ට  2018 වර්ෂයේ දී ලබාදී ඇති රුපියල් කෝටි 35 ක මුදලක් අයකර ගැනීමේ හැකියාව පිළිබඳව ගැටළුවක් පවතින බව මෙහිදී තොරතුරු අනාවරණය විය. මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝප් කමිටුව නිර්දේශ කළේය.

එසේම මෙම කාරණය සම්බන්ධයෙන්  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන්  සභාවට  පැමිණිලි  කිරීමට බලාපොරොත්තු වන බවද කෝප් කමිටුව සඳහන් කළේය.

ණය පද්ධතියෙන් මකා දැමීම හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදල් වාර්තා නැතිවීම සම්බන්ධයෙන්ද  මෙහිදී අවධානය යොමුවිය. මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වා ගෙන යන බවත් එම පරීක්ෂණයෙන් පසු අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළේය.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.



අදහස් (1)

නිවාස බැංකුවට කෝටි 7 ක පාඩුවක්

Nimal Tuesday, 31 October 2023 03:29 PM

සුළුපටු වංචා නෙවෙයි මේවා... වහාම වරදකරුවන් හඳුනාගෙන දඬුවම් කරන්න. නැතිනම් කෝප් එක වහලා දාන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 161 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 67 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 355 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1750 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 243 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 3313 2

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39687 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25806 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 371 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1224 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 409 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site