(අංජුල මහික වීරරත්න)
වසරකට නවසීලන්ත සංචාරකයන් පනස්දහසක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා සහාය ලබාදෙන බව නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ අද (25) පැවසීය.
දැනට නවසීලන්ත සංචාරකයන් 7,500ක් පමණ වසරකදී ශ්‍රී ලංකාවට පැමිණෙන බවද මහ කොමසාරිස්වරයා මෙහිදී කීය.
ජනපති සහ නවසීලන්ත මහ කොමසාරිස්වරයා අතර හමුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්විණි.
ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී ජනාධිපතිවරයා වෙත සුබපැතුම් පළ කළ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලාංකික ජනතාවගේ අපේක්ෂාවන් සපුරාලීම උදෙසා රට තුළ ශක්තිමත් ආර්ථිකයක් සහ වඩාත් ඵලදායී පාලනයක් ගොඩනැගීමට නවසීලන්තයේ අඛණ්ඩ සහාය නව ජනාධිපතිවරයා වෙත ලබා දෙන බවට ද සහතික විය.
ශ්‍රී ලංකාව තුළ නවසීලන්ත ආයෝජන සඳහා ඇති අවස්ථා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
ශ්‍රී ලංකාවේ දියර කිරි කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා උසස් ප්‍රමිතියෙන් යුත් තාක්‍ෂණය, පුහුණුව සහ සම්පත් පිළිබඳ නවසීලන්තයේ විශේෂඥ දැනුම ශ්‍රී ලංකාවට ලබා දීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
ලංකාවේ අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් නවසීලන්තයෙන් ලබා දිය හැකි සහාය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සහ ක්‍රීඩාවෙහි පරිපාලන භාවිතයන් වැඩි දියුණු කිරීම පිළිබඳව ද සාකච්ඡා විය.
මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ මෙන්ම මෙරට ජනතාවගේ ද ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී මහ කොමසාරිස්වරයා දැනුවත් කළේය.
වර්තමාන සංචාරක උපදේශන යාවත්කාලීන කිරීම පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන සංචාරක කලාපයන් තුළ ආරක්ෂිත පරිසරයක් සහතික කිරීම සඳහා නීතිය බලාත්මක කිරීම සහ හදිසි සේවා ශක්තිමත් කිරිම සඳහා අනුගමනය කෙරෙන ආරක්ෂක ප්‍රොටෝකෝලයන් පිළිබඳව ද සඳහන් කළේය.
නවසීලන්තයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ගේබ්‍රියෙල් අයිසාක් (Gabrielle Isaak) මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල
රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන
මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නවසීලන්ත සංචාරකයන් 50000ක් ගේන්න තානාපතිගෙන් පොරොන්දුවක්
KMSK Kulatunga Friday, 25 October 2024 07:52 PM
ඒක ඇත්තටමම හොඳයි.
Rata Perata Friday, 25 October 2024 08:26 PM
මෙන්න මේවා තමයි රාජ්‍ය නායකයෝ කරන්න ඕනෑ. එහෙනම් නැතිව සාගලට දිනන්න වාහන බෙදන ඒවා නෙවෙයි. දැන්වත් රනිල් කට වහගෙන ඉන්නවා නම් හොඳයි.