ශ්‍රී ලංකා ගුවන් සේවයේ සිදු වීයැයි කියන බරපතල වංචා හා දූෂණ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයට එහි හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ ගුවන් සේවිකා නිත්‍යා සේනානි සමරනායක අද බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පිරිහි ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණියහ.
නිශාන්ත වික්‍රමසිංහ හිටපු ජනපති බිරිය ශිරන්තිගේ සහෝදරයා ය.
මනෝජ් වාස් ද ගුණවර්ධන ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ හිටපු විධායක නොපැමිණීම නිසා පරීක්ෂණය මැයි 19ට කල් ගියේය.
(ඡායාරූප මනෝප්රිය ගුණසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චතුරි, ඔයා ලංකාවේ ජීවත්වෙන කෙනෙක් නම් වෙන්න බැහැ (නි)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
ඉස්මුරුත්තාව හැදෙනතුරුම කෑවහම කාට වුණත් ඔහොම තමයි (නි)
තවත් ලැජ්ජා නැතුව ටයි කෝට් දාලා එන අපුරුව. (නි)
මට තේරෙන්නේ නැත්තේ දහනම වෙනිදාට කල්ගියේ මොකද කියලයි. ආ කෙනාගෙන් ප්‍රශ්න කරලා ආවේ නැති කෙනාට වරෙන්තු නිකුත් කරන එක නේද හරි? (නි)
මේගොල්ලන්ගෙන් නිදහසට කරුණු අස අසා ඉන්න දෙයක් නැහැ. අනාගතයේදීත් දුෂිත වැඩ කරන්නට බලාපොරොත්තු වන අයටත් පාඩමක් ඉගෙනගැනීමට දඬුවම් කිරීමයි කළයුත්තේ. (නි)
දුප්පත් මිනිසුන්ගේ සල්ලි ගිලපු වැරදිකාරයන්ට උපරිම දඬුවම් දියයුතුයි. නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එකයි හේතුව. ස්වභාව ධර්මයෙන් හරි දඬුවම් ලැබේවි (නි)
මෙතන නම් මුහුණ පෙනෙන්නේ නැහැ. මම කියන්නේ නැහැ පුද්ගලයින්ගේ, විශේෂයෙන් කාන්තාවන්ගේ පින්තූර පළකරන්න කියලා. මොකද ඔවුන්ට එය ඉතා විශාල මානසික වදයක් වෙන්න පුළුවන්. මොකද අපේ රටේ සමාජය බොහෝවිට සොයා බැලීමකින් තොරව කෙනෙක්ව කලින්ම වැරදිකරු කරන නිසා. ඒවුණත් හැමවිටම හැම සමාජ තලයටම සාධාරණය ඉටුකිරීම වැදගත්. (නි)
හිටපු සභාපති සහ ගුවන් සේවිකාවක්? කිමද මේ අරුමේ....? (නි)
ඔන්න සුබ අනාගතයක ආශ්චර්ය! එයාර් ලංකා එකේ දංකුඩත් හූරාගෙන කෑවා සමහරු. කිරුළපනේදී මතක්කරමු මේවා එහාට යන අයට (නි)
මේ අර ශ්‍රී ලංකා එක දියුණු කළා කියන මහත්තයාද? (නි)
වරදක් කර නැත්නම් ඉතින් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
“මෙන්න පළිගන්නවෝ“ කියලා කෑගහන්න කවුරුත් නැද්ද? (නි)
වැරදිවලට දඬුවමුත් ලැබුණානම් තමයි වටින්නේ. (ර)
මේ වගේ අපරාධ වලට දරුණු දඬුවම් දෙන්න ඕනෑ. එතකොට ඊළඟට එන අයවත් මේවා නොකර ඉඳීවි. (නි)
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
මෙයාගේ ඔරලෝසුව නේද ලක්ෂ 40 කිව්වේ.(හේ)
ප්‍රකාශ සටහන් කරගන්නවා විතරයි ,කාටවත් දඩුවම් නැහැ. (ර)
ගුවන් සේවිකාවකුත් සම්බන්ධද? අපි බලමු සිද්ධවෙන දේ (නි)
චෝදනා ඇත්නම් අත්අඩංගුවට නොගන්නේ ඇයි? (නි)
අනේ හැබෑට වුණදේක හැටි නේද? හිතුවද මෙහෙම වේවි කියලා (නි)
අහළ පහළ දිහාවක මම හිටියේ නැති එක ගැන මට කණගාටුයි. මට නම් පුදුම තරහක් මොවුන් ගැන තියෙන්නේ
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට අපිට දැනගන්න ලැබේවි (නි)
රටේ සම්පත් අමු අමුවේ වංචා කරලා කියලා චෝදනා ලබලත්, තව ටයි කෝට් ඇඳලාත් එනවා වැදගත් අය වගේ. ලැජ්ජයි (නි)
මුන්ව රිමාන්ඩ් කරලා තමයි ප්‍රශ්න කරන්න ඕන පොඩි මිනිහකුට මෙහෙම සළකයිද (බ)
මෙයාට ගෙයක් තියෙනවා නිවාසිපුර. එයාව බලන්න අරය එනවා ආරක්ෂක අංශ එක්කම එන්නේ. පඩිය විතරක් ලක්ෂ ගානක්.තව දීනක එක්කම.ගොඩක් ඉන්නේ ඩුබායි වල (බ)
අ. පො. ස. සා. පෙ. අසමත් උපාධිධාරියෙක් නේද මේ.(බ)
ඉහළ පින්තුරයේ වම පැත්තේ ඉන්න කෙනා සුහද හමුවක් දෙස විමතියෙන් බලනවා වගෙයි.(බ)
මේ රටේ විලි ලැජ්ජාව නැති ගැහැණු පාර්ශවය කොහේ හිටියත් වැජඹෙනවා. (බ)
කෝ අර නිල්බළකායේ කොන්ඩෙ අවුල් පෙරකදෝරුවා. වැඩ අනල පැත්තකට වෙලා ඉන්නව.(බ)
මස්සිනාගේ. කුරහන් පටිය දාගන්න තිබුන. ටයි එක. වෙනුවට සපෝට් එකට. කට්ටිය අාවේ. නැත්තේ. කිරුළපනයට. යන්න ලෑස්ති වෙනවද (බ)
නීතියෙන් බේරුනත් සොබාදහමෙන්නම් බේරෙනවා බොරු.... (ර)
මහින්ද මහත්තයව කැවේ මුන්. (බ)