වයස අවුරුදු හතේ දැරියක මාස හතරක සිය සහෝදරයාට තෝසේ කවද්දී කැබැල්ලක් හිරවී මිය ගිය බව ගම්පහ රෝහල් ආරංචි කියයි.
මේ අතර යතුරු පැදියට ගෙනා පෙට්‍රල් වැරදීමකින් පෙවී බදුල්ලේ අවුරුදු එකහමාරක දරුවෙක් මිය ගියේය.
වයස අවුරුදු හතේ දැරියක මාස හතරක සිය සහෝදරයාට තෝසේ කවද්දී කැබැල්ලක් හිරවී මිය ගිය බව ගම්පහ රෝහල් ආරංචි කියයි.
මේ අතර යතුරු පැදියට ගෙනා පෙට්‍රල් වැරදීමකින් පෙවී බදුල්ලේ අවුරුදු එකහමාරක දරුවෙක් මිය ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට සෞදි අරාබියේ ගෙල සිඳිනු ලැබූ රිසානා දැරිය මතක් වෙනවා. ළදරුවනට කිරි පෙවීම හෝ ආහාර දීම වැනි දේවල් කළ යුත්තේ දෙමවුපියන් හෝ පුහුණුව ලත් සේවිකාවක් විසින්. දිළිඳු නිවෙස්වල බොහෝ විට කුඩා දරුවන් බලා ගන්නේ තවත් කුඩා දියණියක්. මෙය දිළිඳුකම හා වෙළුන රුදුරු චක්‍රයක්. බිලිවෙන්නෙත් අසරණයින්මයි. (නි)
ඉතාම දුක්මුසු පුවත් 2ක්. දෙවන අනතුර ගැන මට ප්‍රශ්නයක් ඇත. අවුරුදු එකහමාරක දරුවා කොහොමද පෙට්‍රල් බෝතලය ඇර ගත්තේ? නැත්නම්, පියා විසින් එය වහලා තිබුනේ නැද්ද? එසේනම්, එය පියාගේ නොසැළකිලිමත්කමයි. මන්ද, පෙට්‍රල් වැනි දෙයක් සුරක්ෂිතව ආරක්ෂක ස්ථානයක ගබඩා කළ යුතුයි. (නි)
අපට පුළුවන් ලේසියෙන් දෙමවුපියන්ට දොස් කියලා අහක බලාගන්න. නමුත්, ලොකු කුඩා උගත් නුගත් කිසිම භේදයකින් තොරව, ඕනෑම සිඟිත්තන් ඉන්න පවුලක මේ අනතුර සිදුවිය හැකියි. කොයි ගෙදරද පොඩි දරුවෝ නංගිට මල්ලිට කවන්නේ නැත්තේ? කොයි අම්මාද තාත්තාද තත්පරයක් නෑර දරුවෝ දිහාම බලාගෙන ඉන්නේ? එහෙම බලාගෙන හිටියත් පොඩි එකෙක් පැටියෙකුට කවන්න හදනකොට එපා කියනවද? ඒවා ප්‍රායෝගික ලෝකේ සිදුනොවෙන දේවල්. දුකයි, නමුත් යථාර්තය ඒකයි. (නි)
ඉස්සර නම් වින්නඹු මාතාව කියල කෙනෙක් ගෙදරට ඇවිත් උපදෙස් දීල යනවා ගම් වල මව්පියන්ට, මෙහෙම කරන්න මේ දේවල් කරන්න එපා ආදිය. දැන් නම් ඒ අය පෙනෙන්නවත් නැහැ. (ස)
ගුනේ, මේ මොන දේශපාලනේද කතා කරන්නේ? පාර දෙපැත්තේ මදුරුවෝ හදනවා දැකල නැද්ද? (ස)
මේ අම්මලා මේවට වගකියන්න ඕන නේද? (නදී)
පොඩි උන්ගේ ආරක්ෂාවට අපි ගෙවල් වල සැලකිල්ලක් දක්වනවා මදි.අපේ ගෙදරත් මගේ පොඩි උන් දෙන්නට වෙරළු, නෙල්ලි ගෙඩි පිටින් දෙන මගේ බිරිඳ මගෙන් හොඳටම බැනුම් අහනවා.වෙන රට වල නම් මේ උවදුරු ගැන ටීවී වැඩසටහන් යනවා. ලංකාවේ ඒවාට වෙලාවක් නැහැ .පව් පොඩිවුන් දෙන්න !! (ස)
දරු දෙදෙනාට ජාති ජාතිත් මෙවන් අකල් මරණ සිදු නොවේවා! සහන් බණ්ඩාර කොහේ ජීවත් උනත් ශ්‍රී ලාංකික සංස්කෘතියේ දරුවෙක්. ඒකයි හිත හිර වුණේ. මේ සංස්කෘතික වටිනාකම ලිපි ගොනුවකට දාලා 'සයිබර්' අවකාශයේ තැන්පත් කලත් අවශ්‍ය වෙලාවට ඒවා එලියට එනවා නම් එයයි ශ්‍රී ලාංකික කම. (ස)
දෙදෙනාටම නිවන් සුව පතමි. (නදී)
පොලිස් පති තුමා, පොලිස් ස්ථාන වලට නියෝග කර තිබෙනවා. නොදැනුවත් කමින් සිදුවන මිනි මැරුම් වලට වග කිව යුත්තන්ට විරුද්දව නඩු පවරන්න කියා. (පාරට කුණු දැමීම, කළුගල් වැනි දෑ දැමීම, වලක් කැපීම, කාණුවක් කැපීම, නිසා ඇද වැටී මරණයක් සිදුවුනොත්, අනවසර විදුලි රැහැන් ඇදීම නිසා මරණයක් සිදුවුනොත් එම ක්‍රියාව කල තැනැත්තාට විරුද්දව නඩු පවරන බව එසේ නම් මෙම කුඩා දරුවන්ගේ මරණ දෙක සිදුවීම කුමන ආකාරයෙන් සිදුවුවක්ද ? පොලිස් පති තුමාට ප්‍රස්නයක් ඉදිරිපත් කරමි :- මහා මාර්ගවල දෙපස ආරක්ෂා කර නොමැති කානු, පාර පළල් කර හදපු ස්ථාන වල ඇති පළල් නොකළ බෝක්කු, කදු බෑවුම් සහිත ස්ථාන වල මහා මාර්ගයේ ආරක්ෂක වැටක් නොමැති, තවමත් මහා මාර්ගයේ හුගක් ස්ථානවල අනතුරු ඇගවීමේ සංඥා නොමැති, මංසන්දි වල පාලන ආලෝක සංඥා නොමැති ස්ථාන වල මරණ සිදුවුනොත් ඒ වගකිවියුතු අමාත්‍යංශ වලට නඩු පවරා මහා ජනයට සාදාරණයක් කර වන්දි ලබාදෙනවාද ? (නදී)
දෙමව්පියන්ට ප්‍රශ්න ඇති. ඒත් දෙමව්පියන් මීට වැඩිය දරුවන් ගැන උනන්දු විය යුතුයි. දරුවන් දෙදෙනාට නිවන් සුව පතමින් යළිත් මෙවැනි දේවල් අසන්නට නොලැබේවායි පතමි. (නි)
දස මසක් කුස හොවා මල්ලියව හදන්නැති..... සහෝදර ප්‍රේමයෙන් අක්කි කට කවන්නැති..... හුරතලෙන් මුව අයා මල්ලි එය ගිලින්නැති... අම්ම නැති තත්පරෙන් ලොවම නවතින්න ඇති.....(මගේ හිතත් හිරවෙලා නැවතුනා.මෙවන් දුක් පුවත් යලිත් අසන්නටවත් නොලැබේවා) (නි)
අනේ මන්දා! අම්මලා මේවට වගකියන්න ඕනෑ කිව්වත් ගෙදර වැඩපල කරනකොට දරුවෙක් දිහා බලන්න වෙලාවක් නැතුව යනවා. මාස 4ක දරුවෙක් නම් එයාගේ වැඩපල කොච්චර නම් තියෙනවද? ඒ දේවල් කරන්න පුංචි දරුවෙක් ඉන්න ගෙදරක පොඩි වෙලාවයි තියෙන්නේ. ඒ පොඩි වෙලාවේදී ඔය සිද්ධිය වෙන්න ඇති.අනෙක් සිද්ධිය නම් තනිකරම තාත්තාගේ නොසැළකිලිමත්කම නිසා වුණ දෙයක්.පුංචි දරුවෙක් ඉන්න තැනක එයාලාට අල්ලන්න බැරි උසකින් තිබ්බා නම් ඒ දරුවා තවමත් ජිවතුන් අතර ... (නි)
මේවට වග කියන්න ඕනේ ළමයි හදපු අම්මල තාත්තලා. කවපු පොඩි එකා නෙවෙයි. (ස)
අසරණ දරුවන්ට මෙහෙම වෙන්නේ ඇයිද දෙවියනේ? ඔබ දෙදෙනාට නිවන් සුව ලැබේවා! (නි)
ලිපිය කියවද්දී කිසිම දුකක් වේදනාවක් හැඟීම් දැනුනේ නැහැ. එහෙත් අදහස් කියවද්දී,විශේෂයෙන් හසන් බණ්ඩාරගේ, තමයි වේදනාවේ දුකේ ගැඹුර දැනුනේ. අපේ හැඟීම් මොනතරම් මොට වෙලාද මේ සයිබර් ලෝකේ. යමක් අපටම වෙන්න ඕනෑ දුකක් දැනෙන්න. (නි)
මෙවැනි සිදුවීම් වලින් පෙන්නුම් කරන්නේ නොපෙනන බල වේග මනුෂයාව ආක්‍රමණය කිරීමද නැතිනම් දෙමාපියන්ගේ දරුවන් ගැන නොසලකා හැරිමත්ද ? (නදී)
කව්ද මේවට වග කියන්නේ? (නදී)
පව් අසරණ ලමයි. ඔබ දෙපලට නිවන් සුව! (නදී)
අනේ අහිංසක දරුවන්ට වෙන දේවල් දරාගන්න බැහැ.මොනම ආත්මයකවත් මෙවන් විපතක් සිදු නොවේවා.ඔබලාට නිවන් සැප ලැබේවා! (නි)
හරිම අපරාධයක් (නි)
පවු අසරණ සිගිත්තා (නි)