ඉතා කලාතුරකින් දක්නට ලැඛෙන නෙළු මල් නිසා හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය මේ දිනවල මල්වත්තක සිරි ගනියි.
දම්, රෝස, සුදු සහ ලා කහ පැහැයට හුරු නෙළු මල් හෝර්ටන් තැන්න වනෝද්‍යානයේ සෑම අස්සක් මුල්ලක් නෑර දක්නට ලැඛෙයි. හෝර්ටන් තැන්න පිවිසුමේ හා තොටුපොළ කන්දේ මේ මල් වැඩි වශයෙන් දක්නට ඇත. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන නෙළු විශේෂ සංඛ්‍යාව 30 කි. ඉන් විශේෂ හයක් හැර අනෙක් විශේෂ 24 ම ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වීම සුවිශේෂී කරුණකි. මේ ශාක සියල්ල උද්භිද විද්‍යාත්මක වර්ගීකරණයට අනුව ස්ට්‍රොබිලැන්තස් නමැති ඝන නාමයෙන් හඳුන්වයි. 2012 වර්ෂයේ දී ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා රතු දත්ත පොතට අනුව මෙම විශේෂ අතරින් එක් විශේෂයක් දැනට සොයා ගැනීමට නැත. වඳවීයාමේ තර්ජනයට ලක්වූ සංඛ්‍යාව අටකි. දැඩි තර්ජනයට ලක්වූ විශේෂ සංඛ්‍යාව ද අටකි.
නෙළු ශාකයන්හි ඉඳහිට සුළු වශයෙන් මල් හටගත්ත ද ඒවායේ මල් වාරය පැමිණෙන්නේ වසර 12 කට වරකි. එවැනි මල් වාරයක් පැමිණෙන අවස්ථාවකදී හෝර්ටන් තැන්න ඇතුළු කඳුකරයේ නෙළු මල් ලක්ෂ සංඛ්‍යාවක් දක්නට ලැඛෙන්නේ සොඳුරු දසුනක් මවා පාමිනි.
නෙළු මල්වලින් හෝර්ටන් තැන්න වැසීයාමේ අවස්ථාවක් පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු වරට වාර්තා කැර ඇත්තේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ෆාර් බංගලාව ඉදිකළ තෝමස් ෆාර් මහතා විසිනි. ඔහු 1881 වර්ෂයේ නෙළු මල් මුල් වරට දැක තිබේ. ඉන් පසු 1893 හා 1905 යන වර්ෂයන්හි හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නෙළු මල් ලක්ෂ ගණනක් පිපී තිඛෙනු දුටු තෝමස් ෆාර් මෙම මල් වසර 12 ට පසු විශාල වශයෙන් පිපෙන බව මුල් වරට වාර්තා කළේය. 1917 වර්ෂයේ මල් පිපෙන තුරු මෙරට වාසය නොකළ ෆාර් 1912 දී නික්ම ගියේය. එහෙත් ඔහු තැබූ සටහන් වල 2013 වර්ෂයේ සැප්තැම්බර් සහ දෙසැම්බර් මාස අතරතුර යළිත් හෝර්ටන් තැන්න නෙළු මලින් සුන්දර වන බව ලියා තබා තිබීම විශේෂත්වයකි. 1912 වර්ෂයේදී ඔහු පැවසූ පරිදිම 2013 ඔක්තෝබරයේ හෝර්ටන් තැන්න යළිත් නෙළු මලින් වැසී ගොස් ඇත. තෝමස් ෆාර් එදා තැබූ සටහනේ උපුටනයක් අදට ද පට්ටිපොළ දුම්රිය ස්ථානයේ දක්නට ලැඛෙයි.
සති දෙකක පමණ කාලයක් දැකිය හැකි මේ මල් යළි දැකිය හැකිවන්නේ 2025 වර්ෂයේදී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ මව් බිමේ ලස්සන.... (ස)
ආනේ! හරිම ලස්සනයි.පැහැපත් අති සුන්දර ලලනාවියක් වගේ. නෙළු මල් කොයි තරම් ලස්සනද ? (නි)
අනේ යන්න ඕනේ ඉක්මනටම හෝර්ටන් තැන්න බලන්න. හරිම ලස්සනයි. (ස)
කාලෙකින් ගියේ නැහැනේ. (නදී)
පින්කෙත මේ හෙළ දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා... (නදී)
ලංකාවට ගියපු ගමන් යන්න ඕන නුවර එළියේ මගේ රට කොච්චර ලස්සනද?? (ස)
මගේ ලක් මෑණියන්දෑ හරි පින්කාරී. හරියටම හරි කියමනක් ...!!! (ස)
තෝමස් ෆාර් ගේ නමින් මේ මල නම් කරනවා තියා ඒ මනුස්සය වසර ගණනාවක් ජීවත් උන ගෙදර පසුකලක ෆාර් ඉන් හෝටලය උනා.අඩුගනනේ ඒ ගොඩනැගිල්ල (දැන් කාර්යාලය ) ඒ නමින් තියගන්නවත් අපේ අය කටයුතු කරලා නැහැනේ. (ස)
ඛාන්, ඔයාලට හැමදේකටම දෙවියො, මලක් පිපුනත් දෙවියෝ, අනේ ඔය දෙවියන්ට පුළුවන් නම් කියන්නකෝ ඔයාලගෙ කට්ටිය කරන යුද්ධ නවත්වන්න කියලා. (ස)
විවිද නරක ප්‍රවෘත්ති අතර මේ වගේ මල් වැඩක් ගැන දැකීමත් සතුටුය. ලංකාදීපයට බොහොම ස්තූතියි. (ස)
මේ මල් හැමදාම ලංකාවේ පිපෙනවා නම් අපේ රට තවත් ලස්සන වෙයිනේ... (ස)
අනිත් ප්‍රවෘත්ති වලට වඩා මේක ගොඩක් වැදගත්. (ස)
මගේ රටට දළදා හිමි සරණයි !!!! (ස)
සොබාව ධර්මය විසින් මල් හටගන්නවා මිසක් දෙවියන් වහසන්සේලා මල් වැව්වේ නැහැ. මෝඩ කතාම තමා තම්බි කිව්වොත් කියන්නෙම. (ස)
මේ මලට දෙමලෙන් කියන්නේ කුරින්ජි මලර් කියලා.අවුරුදු 12කට සැරයක් පිපෙන බව සඳහන් කර තිබුනා. (නි)
සුදු කහ රෝස දම් පැහයෙන් හැඩ දාලා.. හෝර්ටන් තැන්න නෙළු මල් සිරියෙන් පිරිලා.. ලක් මෑණීයන් ගෙල වට දා මල් මාලා.. දොලොස් වසරකින් යළි එනු පිබ්දීලා (ස)
ලංකාවේ ලස්සන බලන කෙනෙක් දැන්ම බලන එක හොඳයි. (නි)
ශ්‍රී ලංකා මාතා.............. නමදී මී සැමදා........ දීර්ඝායූ වේවා ලක්මවුනි මගේ............ (ස)
මෙම දැකුම්කළු මල් වර්ගය පිපෙන්නේ ලෝකයෙන්ම දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ එක කඳුකර පෙදෙසක පමණක් බව දිනක් කේරළ ජාතිකයෙක් මා හට පවසන ලදී. නමුත් අපේ හෝර්ටන් තැන්නේද මෙම මල් වර්ගය පිපෙන බව ඇසීම මට ඉමහත් සතුටකි. (නදී)
මෙය පළකිරීම ගැන තුති. (නි)
මෙවර මා ලංකාවට නිවාඩුවට ආවිට අනිවාර්යයෙන් මෙම ස්ථානයට යනවා. "ෆේස් බුක්" එකට දාන්න. අපේ රටට තවත් සංචාරකයෝ ඇදී ඒවි මේ වගේ සුන්දර පරිසරයන් නරඹන්න. කාන්තාර දෙස බල බලා ඉන්න අපිට මේ වගේ දේවල් දෙස බලනවිට දැනෙන සතුට කියන්න වචන නැහැ. (නි)
ලංකාවට අාවේණික කියනකොට බය හිතෙනවා (නි)
2001 දී මගේ ඇස් දෙකෙන්ම දැක්ක (ස)
මේ මල තන්බර්ජියා ග්‍රැන්ඩි ෆ්ලෝරා නමිනුත් හදුන්වනවා නේද? එහෙම නෙවෙයිද? (ස)
ජීවිතයත් මේ වගේම නේද? පිපෙනවා, ලස්සන කරනවා, මැරෙනවා.මොනතරම් අපූරුද. ? (ස)
හෝර්ටන් තැන්නට සහ ලෝකාන්තය නැරඹීමට කීප වාරයක්ම ගිය නමුදු මෙවැනි දුර්ලභ මල් වර්ග දැක බලා ගැනීමට තිබුනේ නැත. අදාළ ප්‍රදේශයට ආවේණික මල් වර්ග මාර්ගය දෙපස හෝ වගාකිරීමක් කළහොත් දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය තව දුරටත් ළඟා කර ගත හැකිවෙයි.දැකුම්කළු හෝර්ටන් තැන්න වැඩි දියුණු කිරීම වගකිවයුත්තනේ වගකීමක්. (නි)
අපිත් හෝර්ටන් තැන්නට රැගෙන ගියාට ලංකාදීපයට ගොඩක් පින්! (නි)
මගේ ලක් මෑණියන්දෑ හරි පින්කාරී.... (නි)
මේකට ෆාර් මල් කියල නම තැබුවොත් තමයි වඩා හොඳ .. ඒ මහතා නිසා තමයි මේ මල ගැන පළමුවෙන් වාර්තාවක් අපේ මිනිස්සුන්ට හම්බ වෙලා තියෙන්නේ ...ඒ මහතා වැදගත් හින්ද තමන්ගේ නම දාගත්තේ නැ.. දැන් ඔහුට දෙන ගෞරවයක් හැටියට මෙය ෆාර් මල ලෙස වෙනස් වේවා ..(නදී)
සරමේනියා, ඇමීනියා කියන්නෙත් හැලපානියා, ඔතානායා කියන්නෙත් මේවට තමයි.(නදී)
ඇත්තමයි හරිම ලස්සන මල් අපේ රටේ සොභාවිකව වැවෙන මල් කොචචර ලස්සනද වාසනාවන් (නදී)
ලස්සනයි,කැළෑ පාලුවන් ගිනිතබන නිසා ඔවුන්ගෙන් ආරක්ෂා වේවා. (නි)
නියමයි (නි)
දෙවියන් වහන්සේ ගේ විස්කම් !. ඔබ කෙසේ මැව්වද මේ සුන්දර ලොව ! (නදී)
ඇත්තටම ගොඩක් ලස්සනයි.... (ස)