සම්ප්‍රදායික සුදු ජාතික ඇඳුමෙන් හා කුරහන් සාටකයෙන් සැරසී, ශිරන්ති රාජපක්ෂ ආර්යාව ද සමග මහින්ද රාජපක්ෂ ජනපති අද පෙරවරු 9.15ට නෙළුම් පොකුණට පිවිසි අවස්ථාවේ දි මු ජයරත්න අගමැති විසින් පිළිගැනිණි.
පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේශ් ෂර්මා ඊළඟට පැමිණියේය.
විදේශ නායකයෝ ද පිළිවෙළින් එන්නට වූහ. රතුපලස මත දී ජනපති ඔවුන් පිළිගත්තේය.
නෙළුම් මලක හැඩය ගත් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 53 ක කොඩි වලින් සරසා තිබිණි.
ශ්‍රී ලංකාවේ කලාව, සංස්කෘතිය හා දේශීය උරුමය විදහා දක්වන අංගෝපාංගවලින් රඟහල පෙදෙස මනස්කාන්ත විය.
සෞම්‍ය කාලගුණයක් ද පැවතියේය.
සියලු ආරාධිතයන් පැමිණි පසු පෙරවරු 10.15ට පමණ සමුළුව විවෘත වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු මිළ අඩු වෙනකොට ඒ ගැන කතා කරන්නේ නැත්තේ මොකද දන්නේ නැහැ. බඩුමිල අඩු වෙනවා වැඩි වෙනවා. බඩ ගැන හිතන්න එපා.(නදී)
හොදම සංවිදානයක් තියෙනවා ... හරිම සතුටුයි. කව්රු මොනවා කිව්වත් හරිම ආඩම්බරයි.(නදී)
සුභවාදීව බලන්න. (ස)
ෆොටේ අවශ්‍යයි. (ස)
අනේ අපිට ෆොටෝ බලන්න තාම ආසයි.ගොඩාක් ෆොටෝ දාන්නකෝ.. (ස)
නෙලුම් පොකුණ රඟහල ලංකාවේ තිබීම ගැන ආඩම්බරයි. නමුත් වැදගත් දේ වැදගත් විදියට ප්‍රයෝජනයට ගැනීම ප්‍රවේසමෙන් කල යුත්තක්. (ස)
බඩු මිල තව වැඩි උනාම කවුරුද මොඩය කියල තේරේවි. තවම බත් කන ගොන්නු ප්‍රමාණය වැඩියි.(නදී)
ෆොටෝ බල බල බඩගින්නේ හිටපල්ලා.(නදී)
හරිම ආඩම්බරයි. අපටත් විවේචන නැතිව නොවේ. රටක් ජාතියක් වෙනුවෙන් ඉත සිතින්ම සුබ පතනවා. දැවැන්ත යුද්ධයක් සංවිධානය කර ජයගත් අපට මෙවන් කුඩා රැස්වීමක් සංවිධානය කිරීම කජ්ජක්ද? අපගේ සංවිධාන ශක්තිය ලොව හමුවේ ප්‍රදර්ශනය කිරීමක් නොවේද මේ. සහය දැක් වූ සෑම සියලු දෙනාට අපේ උපහාරය. (ස)
අපට හරිම ආඩම්බරයි.(නදී)
මේවට ගත්ත නය ගෙවන්නේ කව්ද දන්නේ නැහැ.(නදී).
වෙන කවුද ජගත් අපිම ගෙවන්නම්.මොකද මීට කලින් නායකයින්ගෙ කාලේ ගත්ත ණය ගෙව්වේ එයාලය.එදත් ගෙව්වේ අපි අදත් ගෙවන්නේ අපි.මේකෙන් රටට හොඳක් වෙනව නම් ඔය ජරා කුහක ගති අයින් කරලා හොඳයි කියන්න පුරුදු වෙන්න. (ස)
නෙලුම් පොකුණ රගහල දැක්ක පළමු වතාව,..පුදුම ලස්සනට හදල තියෙන්නේ....,සැලසුම් කිරීම හරිම වැදගත් (කුමාරි, ෆොටෝස් නැතුවට 'යුටියුබ්' වීඩියෝ 10 බලන්න පුළුවනි.) (ස)
හැමදේකම වැරදි හොයන්න එපා (දී)
ආඩම්බරයි මහත්තයෝ (දී)
ඇත්තටම ආඩම්භාරයක් අපේ රටට (දී)
ආඩම්බරයි (නි)
ගැමා,ෆොටෝ බල බලා බඩගින්නේ ඉන්නකෝ (නි)
කෝ අනේ ෆොටෝ එකක්වත් නැද්ද? (ස)
ඡායාරූප ටිකක් දැම්මා නම් නේද හොඳ ? බලන්න යන්න දෙන්නෙත් නැහැනේ (නි)
ටිකක් ඉවසල ඉන්නකෝ .., අපේ සතුට වෙනුවෙන් ලංකාදීපේ කටයුතු කරනවා. පොටෝ බලා ගන්න පුළුවන් වෙයි. (ස)
කියන්නට දෙයක් නැත.කුමන මත වාද තිබුනද හදවතින්ම සුබ පතමු.අපේ රටට ජය.(දී)
ජයවේ! ජයවේ! ලංකා..දිනේ !..දිනේ..ලංකා..ජයවේ ලංකා...මේ අපේ උදාරවූ මාතෘ භූමියයි අපේ... (ස)
ප්‍රසංශනීයයි. හරිම ආඩම්බරයි. (ස)
උදාර වූ මාතෘ භූමියට ජය වේවා, ජය වේවා. ජය වේවා........... (ස)
ඔව්.අපිට යන්න බැරි එකේ ෆොටෝවත් දාන්න කෝ. (ස)
හරි සතුටුයි ආඩම්බරයි. මේ අපේ රටනේ. කරුණාකර ඡායා රූප ඇතුලත් කරන්න. (ස)
අනේ ඒ ලස්සන අපටත් පෙන්වන්න පොටෝ දමන්න. (ස)
ලබන සුමානේ ඉඳන් බඩු මිල ඉහල යනකොට හරි සතුටුයි.. (ස)
කුමාරි, ලංකා ඉවසලා ඉන්න පොඩ්ඩක් ෆොටෝ දානකම්. (ස)
රටට ආදරේ හැමෝගෙම ප්‍රතිචාර අතරේ එක මෝඩයෙකුත් තප්පුලනවා පේනවා. (ස)
කරුණා කරලා මෝඩයන්ට බනින්න එපා. මෝඩයා තණ කොළ පුන්නක්කු කන්නේ නෑ. උම්බෑ...උම්බෑ...උම්බෑ කියන එක නොකිය හිටියා නම්? (ස)
මෝඩයන් වැඩි නිසානේ මේ කට්ටිය මේවා කරන්නේ. (ස)
ඒක නම් ඇත්ත. (ස)
ඇත්තු නටන කොට අලි ඔරවනවා කියන්නේ ඕකටනේ ඉරිසියාව...ඕක ඉරිසියාව.ලංකාව දිනේවා !!!! (ස)
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. (ස)