රුපියල් කෝටි හතක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බොදරගම මහතා අද නියෝග කළේය.

රුපියල් ලක්ෂ 50  බැගින් වූ ඇපකරුවන් තිදෙනකුගේ ඇප සහ රුපියල් 100,000ක මුදල් ඇපයක් මත මුදා හැරීමට නියෝග කළ  මහේස්ත්‍රාත්වරයා සැකකරුට විදෙස් ගමන් තහනමක් පැනවීය.

සාක්ෂිකරුවන්ට බාධා කිරීමෙන් හෝ ඔවුන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.