ලුණුගම්වෙහෙර කළුගල් වැඩපළක වෙඩි බෙහෙත් ගබඩාවේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයකු ගල්බෝරයක් පිපිරී ගල් ගැල්කැබැල්ලක් වැදී මියගිය බව පොලිසිය කියයි. එලෙස මිය ගියේ තලාතුඔය පදිංචිව සිටි ලුණුගම්වෙහෙර පොලිසියේ කොස්තාපල් (86716) සමරකෝන් (27) මහතාය.
ලුණුගම්වෙහෙර කළුගල් වැඩපළක වෙඩි බෙහෙත් ගබඩාවේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයකු ගල්බෝරයක් පිපිරී ගල් ගැල්කැබැල්ලක් වැදී මියගිය බව පොලිසිය කියයි. එලෙස මිය ගියේ තලාතුඔය පදිංචිව සිටි ලුණුගම්වෙහෙර පොලිසියේ කොස්තාපල් (86716) සමරකෝන් (27) මහතාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය ගැන නම් කතා කරන්න එපා (දී)
එක්කෙනෙක් දෙන්නෙක් වැරදි කළ පළියට අනෙක් සියලුම පොලිසි වල ඉන්න ලොකු පොඩි අය කෙරෙහි වපර ඇසෙන් බලන එක හොද නැහැ (නි)
අනේ පොලිසිය! (නි)
චන්ද්‍ර ඒකත් පොලිසියේ වරදක්ද? ඔයාට පොලිසියෙන් මොනවාම හරි අකටයුත්තක් වුනාද? (නදී)
'එළඹ සිටි සිහිය' මිනිසුන් විසින් සැම විටම පවත්වාගත යුතු දෙයක් හැටියට බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොන දේ කරමින් හිටියත් ඒ අවස්තාව ගැන, කරමින් ඉන්න දේ ගැන, වටපිටාව ගැන සිහියෙන් අවධානයෙන් සිටිය යුතුයි. මොහොතක අනවධානය මරණයට හේතු විය හැකියි. මේ වුනෙත් එකයි. (නදී)
අනේ ශ්‍රී ලංකා පොලෝසියට ගිය කලක් (නදී)
මේ දිනවල පොලිසියේ මහත්තුරුන්ටත් හරිම අපල කාලයක් වගෙයි මරනවා මැරෙනවා ඉවරයක් නෑ මිය ගිය ඔහුට නිවන් සුව පතන්නෙමි (නදී)
චන්ද්‍ර, ඔය පොලීසියට බනින වැඩිදෙනෙක් කරදරයක් වුණහම මුලින්ම දුවන්නෙත් පොලිසියට. ඒක නිසා එක්කෙනෙක් දෙන්නෙක්ගේ අඩුපාඩු වලට ආයතනයකට ගරහන එක හොඳ නැහැ නේද ? (නි)
මේ රාළහාමි ගල් වැඩපළක් මුර කළේ කාගේ නියමයකට ද? ඒ ගල් වැඩපළ රජයේ එකක්ද? නැත්නම් දේශපාලන බලවතකුගේ ද? (නි)
දෙයියෝ කෝප වෙලා දඩුවම් දෙනවා වගෙයි (නි)
"එළඹී සිහිය" තමා මේකට හරි පිළිතුර. පාලකයිට නැති එළඹී සිහිය මේ පොලිස් කොස්තාපල් කෙනෙකුට තියේවිද? කොටි ත්‍රස්තවාදය දරුණුව පවතී යුගයේ නුගේගොඩ විලාසිතා වෙළඳ සැලක කොටියෙකු තබා ගිය පාර්සලය විවෘත කර තමා ඇතළු අවට සිටි සියලු දෙනාම මරාගත්ත පාරේ ට්‍රැෆික් සේවයේ හිටපු පොලිස් කොස්තාපල් මට මතක් වෙනවා. වරද ඒ කොස්තාපල්ගේ නොවෙයි ඔහුට පුහුණුවක් දෙන්න තරම් "එළඹී සිහියක්" නොතිබුන පොලිස් දෙපාර්තමේන්තුවයි. (ස)
හැම පොලිස් නිලධාරියෙක්ම ගැන වැරදියට හිතන්න එපා. හොඳ අය බොහෝය. (ස)