පොලීසියේ කොස්තාපල් වරයකු හා ඔහුගේ බිරිය කඹුරුපිටිය මාස්මුල්ලේ දී මරාදැමූ බව කියන සැකකරුවන් දෙදෙනකු දෙනගම වැවේ ගිලී මියගිය බව පොලීසිය කියයි. තිස්සමහාරාම පන්නෙගමුවේ දී අත්අඩංගුවට ගත් මොවුන් දෙනගමුව වැවේ සගවා තිබූ බව කියන බෝම්බ ඇතුළු අවි පෙන්වීම සදහා වැවට බැස එක්වරම දියට පැන්න බවත් ඔවුන් බේරාගැනීමට පොලිස් කොස්තාපල් වරයකු ද දියට පැන්න බවත් පොලීසිය පවසයි. මීට පෙර ද මේ සිද්ධියේ සැකකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්විය. ප්‍රධාන සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ නඩු අහන ක්‍රම. (නදී)
පුවතේ වටිනාම කොටස "ප්‍රධාන සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත" යන්නයි.(නදී)
මිනිමරුවන් මියයාම හොඳය. නමුත් රටේ නීතිය කඩා වැටී ඇති අන්දම මෙයින් නිරූපනය වේ. ඔවුන්ට මරණ දඬුවම හිමිවිය යුත්තේ නීතියට අනුවය. මරණ දඬුවම හිමිවන පුද්ගලයන්ට එය ක්‍රියාත්මක නොකිරීමද තවත් මේ රටේ ඇති විකාරයකි. පොලීසිය නඩු අසා තීන්දු දීමට වඩා රටේ නීතිය හරියට ක්‍රියාත්මක කල යුතුය. නමුත් එය මේ කපේදි නම් සිදු වන පාටක් නැත. පොලිසියට හෝ වෙනත් බලධාරියෙකුට ඕනම අවස්ථාවක නීතියට පිටින් පුද්ගලයෙක් මරා දැමීමට අයිතිය හිමි රටක ජීවත් වීම අවදානම් සහිතය.(නදී)
ඒක හොදයි.(නදී)
නීතිපති නියමයෙන් නඩු හමාර කොට අපරාධ කරුවන් යලිත් සමාජ ගත වෙනවට වඩා මේ විදිහ හොදයි. දැන් මේවට මානව හිමිකම් කරේ තියාගෙන උඩ පනින අය පෙළපාලි යයි. (නදී)
ප්‍රධාන සැකකරු අල්ලනවා බොරු. කාලයක් යනකොට පොලිසියට ඕක අමතක වෙනවා.(නදී)
පොලිසියම නඩු අහලා නඩු තීන්දුවද දෙන විකාර නීතියක් තමයි දැන් ලංකාවේ තියෙන්නේ. වැරදී කරන හැමෝටම හරි විදිහට දඩුවම් දෙන්න ඕනා. මේවා නිකන් යුද අපරාද වගේ.(නදී)
පොලෝසියේ මහත්තුරුන්ට උනාම දඩුවම (නදී).
මෙතන කොමෙන්ට් දාන සත් ගුනවත් මහත්වරු අර අම්මයි අප්පයි නැතුව ඉන්න පොඩි එකාව අරන් හදාගනී මම හිතන්නෙ. අපිත් කැමති නෑ පොලිසිය නීතිය අතට ගන්නවට. ඒත් දවස් දෙකෙන් ඇප අරගෙන ගෙදර ගිහින් ඉතුරු වෙලා ඉන්න එකම එක සාක්කි කාරය වන අර පොඩි එකාවත් ඉවරයක් කරන එක ඔය අයට මහ ලොකු දෙයක් නෙවෙයි. ඔය පන්ඩිත කොමෙන්ට් දාන මහත්තුරු පොඩ්ඩක් හොයලා බලන්න ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබන මරන දන්ඩනයට නියම වෙච්ච කීයක් අවුරුදු 10න් 20න් ගෙවල් වලට එනවද කියලා. ඊට වඩා මේ අය මෙහෙමම ඉවරයක් වෙන එක හොදයි. ඔය අහුවෙලා ඉන්න අය නියම මිනීමරුවෝ බව කොම්පියුටර් ඉස්සරහට වෙලා කොමෙන්ට් දාන මානව හිමිකම් කාරයෝ නොදන්නවා උනාට ඒ ගම්වල මිනිස්සු දන්නවා උන් ඒකට පින් දෙනවා. මෙතන ඉන්න අය බන කතා කරනවා. ඔය බන කතා කියන කිසි කොනක් ඉතුරු උනු කිරිසප්පයා අරන් හදාගන්නේ නෑනෙ. මහා ලොකු කටවල් විතරයි. (නදී)
ප්‍රසිද්ධියේ මරණ දඬුවම දෙන්න කියල හැමදාම මේ තීරුවට කෑ ගහන අයට සතුටුදායක ආරංචියක් මේක , ඒත් රටේ ගෞරවනීය අදිකරණ පද්දතිය. (නදී)
ඔය විදියට කරලා හරියන්නේ නැහැ. ලංකාවේ නීතී තද කරලා දඩුවම් දෙන්න ඕනෑ. ඔහොම කළාට මිනිස්සු පාඩමක් ඉගෙන ගන්නේ නැහැ. (නි)
මම නම් කියන්නේ පැනලා මැරෙන්න දෙන්න හොද නැහැ කියලයි (නි)
මහ මොළකාරයට දැන් මොනවා හිතෙනවා ඇද්ද? (නි)
මේවා අහලා ප්‍රධාන සැකකරුට ප්‍රෙෂර් එක හැදෙයිද දන්නේ නැහැ නේද? (නි)
සමරනායක, ඔබ බොහොම නිවැරදියි (නි)
මෙම සිදුවීම් හරහා වක්‍රාකාරයෙන් හෙළිදරව් වන එකම දෙය නම් රටේ පිළිගත් නීති සම්ප්‍රදායයන් ඉක්මවා වෙනත් මානුෂික නොවූ අදිසි බලවේග වල බලපෑම ජනතාවට අත්විඳින්න සිදුවී ඇති බවයි.වැදගත් සංස්කෘතියක් අනුව හැඩගැසුන රටකට මෙවැනි සිදුවීම් පිළිබඳව සතුටු විය නොහැකි අතර ,වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමේදී මීට වඩා සදාචාරත්මක වියයුතු යයි මගේ හැඟීමයි. (නි)
මහජනයා නීතිය අතට ගැනීම වරදක් වෙනවා සේම නීතිය රැකීමට සිටින නිලධාරීන් නීතිය අතට ගෙන ක්‍රියා කිරීමත් වැරදිය. වැරදිකරුවන්ට අධිකරණයකදී නඩු අසා දඬුවම් කළ යුතය. සැඟවූ ආයුද සෙවීමට යාමේදී තුන්වන පාර්ශවයක් රැගෙන යායුතු බවට නීති පැනවිය යුතු කාලය පැමිණ තිබේ. (නි)
ඉදිරියට නම් මෙසේ නොමැතිව රටක නීතියක් පවත්වාගෙන යා නොහැක (නි)
පොලිසියේ මහත්වරු හරි අපරාධකාරයන්ව මර්ධනය කරන එක හොදා, අපරදකාරයෝ හිර ගෙවල් වල අපේ සල්ලි වලින් කන්න දීල තියාගෙන ඉදීමේ ඇති වැඩේ මොකක්ද? පොලිසියට රාජකාරිය කරන්න දෙන්නේ නැති අයව තියන්න වටින්නේ නැහැ. මැරයෝද රට පාලනය කරන්නේ.(නදී)
හොදයි හොදයි මේ විදියට සාක්ෂිකාරයෝ ඔක්කොම ටික අවසන් උනහම ප්‍රදාන සැකකරුට නිකම්ම නිදහස් වෙන්න පුළුවන්.(නදී)
උපාලි හරියට හරි. (නි)
සමරනායක, මමත් ඔබ සමග 100% ක් එකඟයි. මේ ගැන සතුටින් උඩ පනින සුබේ වගේ අයට පේනවද දැනට හිරේ ඉන්න ලොකු ලොකු අය කරලා තියෙන දේවල්? පුද්ගලික පළිගැනීමකට හෝ කොන්ත්‍රාත්තුවකට හෝ ආයුද පෙන්නන්න එක්ක යන්නෙත් ඔය වගේ තමයි කියන එක වැටහෙනවද? නීතියේ ආධිපත්‍යය මිස පුද්ගල ආධිපත්‍යයක් යුක්තිය පසිඳලීමට යොදාගන්න කිසිවෙකුට අයිතියක් නොතිබිය යුතුයි.(නදී)
බැලු බැල්මට සන්තෝෂය උපදන සිද්ධි වගේ පෙනුනට මෙවා සමාජයක යහ පැවැත්මට ඉතාම නරක දේවල්. පොලීසිය බාරයට පත්වෙච්ච සැකකරුවන් මිය යනවා නම් පොලීසිය වගකියන්න ඔනැ. මානව හිමිකම් ඔනැ මේ වගේ දෙවල් නවත්වන්න. කැළැ නීති පවතින කම් මේ රට ශීලාචාර රටක් සමාජයක් කියල ලෝකෙ පිළිගන්නෙ නැහැ. (නදී)
,දඩයම අවසන් නොවේ පොලිසියට මගේ ප්‍රණාමය (නදී)
මට නම් හරිම සතුටුයි (නි)
උපාලි විජයවර්ධන ගේ අදහසට මමත් එකඟ වෙමි. (නි)
රටේ නීතිය නිසි ආකාරයට ක්‍රියාත්මක විය යුතුයි. (නි)
තංගල්ලේ, කහවත්තේ, අනුරාධපුර පැතිවල ඔය වගේ වැව් නැද්ද දන්නේ නැහැ. (නි)
ආයෙමත් අවි පෙන්නන්න බෝට්ටුවෙන් යන්න පටන් අරන්. ඕක පොලිසියේ කාලෙකට ඉස්සරත් කරපු සෙල්ලමක්. මේ මිනී මරැවොත් මාංචු දාගෙන පීනන්න හදනවනේ ලංකාවේ පොලිසියට ජය වේවා. (නදී)
පොලිසියට ගහලා පොල්ල වැරදුන අවස්ථාවක්. ඒ වගේම කොට්ටොරුවෝ හැම ගහකටම කොටලා හොට පටලවා ගත් අවස්ථාවක් තියෙන්නේ.(නදී)
මිනී මරුවන්ව එයාලට අයිති දඬුවම දෙන එක හොදයි. නමුත් දැනට නීතියෙන් දඬුවම් දීපු අයට මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා නම් තමා වඩාත්ම හොඳ, මේ අය අපේ මුදලින් තවත් කලක් ජීවත් කරවන්න එපා. නඩු කියලා තීරණ කළා නම් දඬුවම ක්‍රියාත්මක කරන්න. (නදී)
සමරනායක වගේම ලංකාත් හිතන විදිහ වැරදියි. (නි)
සුද්ද හදපු මේ නීති පද්දතිය ඔවුන් හැදුවේ, ඔවුන්ට යටත් රටවල් පාලනය කරන විට ඔවුන්ගේ නිලදාරීන් වෙතින් සිදුවන යම් වැරදි අපරාද වලින් නිදහස් වී එලියට පැනගන්නා ලෙසයි. මේ යල් පැන ගිය වල් වැදුන නිතිය අප තෝරා පාර්ලිමේන්තුවට යවපු දේශය පාලනය කරන පාලකයන් නොහොත් දේශපාලකයන් මෙය සුද්ද පවිත්‍ර කර අද සමාජයේ වෙනස අනුව ව්‍යවස්ථා ගත කල යුතුයි. ඉන් පසු මෙය ක්‍රියාත්මක කරන්නට සම්පුර්ණ සහයෝගය දිය යුතුයි. නමුත් සිදු නොවන්නේ මෙයමයි. හේතුව අද දේශපාලකයන්ට වඩා ඉන්නේ දේශපාලුවන්. ඔවුන් කැමති නැහැ එය සිදුවනවාට. එසේ වුනොත් ප්‍රථමයෙන් මෙය ක්‍රියාත්මක කරන්න වෙන්නේ ඔවුන්ටමයි. (නදී)
මේ කතාවත් අපි පුංචි කාලේ අපේ වැඩිහිටියෝ කියලා දුන්න සුරඟන කතා වගේමයි.(නදී)
මමත් උපාලි විජේවර්ධන සමග එකගයි. මොකද ඔය බන කතා දේශනා කරන අය අර කිරිසප්පයට කිරි පැකට් එකක් අරන් දෙනවද? මේක නියම දඩුවම.(නදී)
ප්‍රදාන සැකකරු අත්අඩංගුවට ගැනීම හෝ මෙවන් අපරාද නැවත්වීමට මෙය ක්‍රමය නොවේ මෙම රටේ අපරාද දිනෙන් දින වැඩිවන්නේ මෙවන් මුර්ග ක්‍රම නිසායි.(නදී)
ප්‍රධාන සැක කාරයත් අහුවුන දවසක අවි පෙන්නන්න ගිය කතන්දරේ ආයෙත් අපිට අහන්න ලැබෙයි නේද (නදී)
ඔය ක්‍රමය තමා නින්දිත අපරාධ කරන පිරිස් සදහා දිය යුතු හොඳම දඬුවම. මේ වගේ අය බන්ධනාගාර ගත කලොත් මෙයාල ඇතුලේ ඉදගෙන රටේ මෙයට වඩා විශාල අපරාධ සදහා නැඹුරුවීම අපි දැකපු දෙයක්. අපරාධ කරන්න භය නැතිවෙලා තියෙන්නේ. දක්‍ෂ නීති වේදියෙක් මාර්ගයෙන් නඩුවෙන් නිදහස හෝ කෙටි කාලීන සිර දඩුවන් ලබා ගත හැකි බව දන්නා නිසා.(නදී)
සමරනායක ඔබ හරියටම හරි. උපාලි විජයවර්ධන ඔබ කියන කතාවේ යම් ඇත්තක් නැතුව නොවේ. නමුත් රටක නිතිය හා ආදිපත්‍ය හරියට ක්‍රියාත්මක නොවෙන නිසා මෙහෙම දේවල් වෙන්නේ.(නදී)
ඔහොම යමු,ඔහොම යමු. (නි)
මරේ,මාරු.ඔහොමයන්, ඔහොමයන්. (නදී)
මේකත් එක්තරා විදියක මරාගෙන මැරීමක් මට පෙනෙන්නේ. ඉදිරියට කාව හරි මරන්න අදහස් කරන කෙනෙකුට හොද උපදෙසක්. කවදාවත් ගැලවෙන්න බැ වරදක් කරලා. ගොනා පිටුපස කරත්ත රෝදේ එන්නා සේම කර්මය අප පසු පසමයි.ප් රදාන සක කරු ලගදීම අහු වෙනවා. දරුපටියට තෙරුවන් සරණයි. හදා ගන්න අයට ගොඩාක් පින්.(නදී)
ලංකාවේ මිනිස්සු කොච්චර මෝඩද කියලා මේ අදහස් කියැවූ විට පේනවා. (නි)
අර පොලිසියේ මහත්තයෙක් උස්සල පොලවේ ගහපු අයටත් ඔය වගේ දඩුවමක් දෙන්න බැරිද. (නදී)
ප්‍රධාන සැකකරු අහු වෙනවට තමයි අවි පෙන්නන ගිහිල්ල මැරෙන්නේ. දන්නෝ දනිති. (නදී)
මේවා ඇත්තටම සුරංගනා කතා. තව තවත් අපේ සමාජය පිරිහෙනවා මේවා නිසා. මෙහෙම යනකොට අපේ සමාජය දකුණු අප්‍රිකාව, සෝමාලියාව වගේ සාරධර්ම පිරිහුණු සමාජයක් වේවි. වරදට දඬුවම් දිය යුත්තේ උසාවියෙන් පොලිසියෙන් නොවේ. මෙහෙම යනකොට පොලිසිය මිනි මරනවා වගේම සිවිල් මිනිස්සුත් පොලිස් නිළධාරීන්ව මරණ තැනට පත්වේවි යම් දිනක. අපි හැමෝගෙම අවාසනාවට මේ වගේ මිනිස්කමට නිගාදෙන පහත් ක්‍රියා නවත්වලා නිතිය බලාත්මක කරන තත්වයක් පෙනෙන තෙක් මානයක නැහැ. අනිත් කරුණ තමයි කිසිම තේරුමක් නැතිව අපි පුරුදුවෙලා ඉන්නවා හැමදේකටම සුද්දට බනින්න. නමුත් සුද්දෝ නම් අඩුම ගන්නේ 95% වත් වරදිකරුවන්ට නිසි දඬුවම් නිතිය මගින් දෙනවා. සුද්දෝ ගිහින් දැන් වසර 65 වෙලා අපි තවම සුද්දට බනිමින් වනචාරී යුගයට යනවා. සුද්දෝ ඉස්සරහට යනවා. තිත්ත සත්‍ය තේරුම් ගන්නේ නැතිව අපිට ඉදිරි ගමනක් නැති බව අපි හැමෝම තේරුම් ගන්න ඕනේ.(නදී)
මම මේ දඬුවම් ක්‍රමය අනුමත කරනවා හැම වැරදි වැඩකටම එක සමානව ක්‍රියාත්මක කරනවානම්. මෙම ක්‍රමයම යොදවන්න බැරිද අර කුඩු කන්ටේනර් ගෙනාපු අයටත්. (නදී)
අපේ මානව හිමිකම් කට්ටියට ගොඩක් හිතට අමරුයි වගේ. නීතියට අනුව ගිහින් මේ අයව ජීවත් කරවනවා මදිවට මහජන බදු මුදල් වලින් නඩත්තු කිරීමත් සිදු වෙනවට වඩා මේ ක්‍රමය ඉතාමත් ප්‍රතිපලදායකයි. අහුවෙන විදියට තමයි ලිස්ට් එක හැදෙන්නේ. ප්‍රදාන සැකකරු හෙට අනිද්දම ආයුද පෙන්නයි. පුලුවන්නම් දැන්ම කලු කෝට් බෑයකට මුවා වෙලා උසාවියට ඉදිරිපත් වෙලා ජීවිතේ බේර ගන්න කියන්න කට්ටියට ගොඩක්ම හිතට අමාරු නම්..මේ වගේ කාලකන්නි වෙනුවෙන් වගේම දුවව දුෂනය කරපු තාත්තටත් ,කුඩා දරුවෝ දුෂණය කරලා මරල දාන තිරිසනුන්ටත් බොරුව ඇත්ත කරලා ඇත්ත බොරුව කරලා ඉදිරිපත්වෙන අය වෙනුවෙන් කතා කරන අය ඕනා තරම් ඉන්න මේ රටේ හෙට අනිද්දා වෙනකොට ප්‍රධාන සැකකරුව බාර දෙන්න එක්කන් එන්න බැරි කමකුත් නැහැ.(නදී)
පිහිනල අනෙක් පැත්තට වත් ගියාද කියල සැකයි. මළකුණ ගොඩට එන කම් විශ්වාස කරන්න බෑ. (නදී)
මිනි මරුවන්ට තේරෙන භාෂා වෙන්ම සලකලා තියනවා , නරකද ඔය ක්‍රමය ස්ත්‍රී සහ ළමා අපචාර කරන අයටත් දුන්නනම් . අපිට රැකියාවක් කරලා ළමයි හදාවඩා, අපගේ දෙමාපියන් රැකබලා නිදහසේ ජිවත් වෙන්න පුළුවන් නීති ගරුක වට පිටාවක් උදාවෙන්න නම් සියලුම ආකාරයේ අපරාදයන් කරන නරුම, නොමිනිසුන්ට දැඩි දඩුවම් දෙන්න ඕන . නිතිය බලපෑමකින් තොරව සහ තරාතිරම නොබලා ක්‍රියාත්මක කළයුතුව ඇත.(නදී)
අනේ සහෝදර වරුනි බලාගෙන ඔය ප්‍රතිචාර දාන්නේ.වික්‍රමබාහු හරි මංගල හරි දැනගත්තොත් මාර ලෙඩක් අදියි. මෙතන පොලිසියෙන් කලේ ඒ අයගේ රාජකාරියනේ. උසාවි දාන්න තමයි ගියේ. ඒ උනාට පැනල යන්න හැදුවනේ පීනලා. අවසන්ව දැක්කේ නැද්ද බේරගන්න උත්සහ කරලා තියෙනවා.(නදී)
මේක අලුත් සොයාගැනීමක්..දියේ ගිල්ලලා මරණ එක (නදී)
ඇයි කාටවත් තේරෙන්නෙ නැත්තෙ ඇත්ත? (නි)
ඕවට තනි තනියෙන් විදවන්න වෙනවා. ඕවට හොදයි කියන කවුරුත් නැහැ අන්තිමට බේරගන්න (නි)
මින් පසු වැව් වලට ආයුධ පෙන්වන්න යනවා නම් ලොකු බෝට්ටුවක් රැගෙන යන්න ඕනෑ. (නි)
දියේ ගිල්ලවල හරි මැරුවා නම් ඒක හොද වැඩක්. පොලිසියේ අයෙකුගේ මරණයක් නිසා සියලු සැකකරුවන් මරුට. (නදී)
මේ ක්‍රමය හොද එකක් නෙවෙයි. නමුත් දැන් නමගිය අපරදකාරයෝ අඩුයි. ඒක නිසා යම් තරමක අපරාදත් අඩුයි.(නදී)
බලන්නකෝ මහ එකාටත් වෙන දේ... කවදාවත් පොලීසියට ආයුධ දික් කරපු කෙනෙක් පණපිටින් තියන්නේ නෑ. ඒක පොලීසියේ විතරක් නෙමෙයි සන්නද්ධ බලකා වලටද පොදු කරුණක් (නදී)
අපේ සල්ලි වලින් මේ අයට කන්න දෙනවට වඩා ඔහොම වෙන එක හොදයි.(නදී)
දන්නා කෙනෙක් ඉන්නවා නම් මට කියන්න. තංගල්ල පැත්තේ වැව් නැද්ද . කුරම් සෙයික් ඝාතකයව ගෙනියන්න (නදී)
ප්‍රදාන සකකරුටත් අවි පෙන්නන්නම ගෙනියන්න (නදී)
රටේ නිතිය මේකද? රටට ජනතාවට මොලය පෑදේවා.(නදී)
අපරාද හා දුෂණ මර්දනය සදහාම සිටින අවංක පොලිස් නිලදාරීන් සදහා ආරක්ෂාව වෙනුවෙන් පිස්ටල් එකක්වත් ලබා දිය යුත්තේය. මෙම නිලදාරියා ලග එවැන්නක් තිබුනානම් සිදුවීම මෙයට වඩා වෙනස් වන්නට තිබුණා නොවේද? (නදී)
මෙතන අපි දාන කොමෙන්ට් පළකරන්නේ නැත්තේ මොකද? (නදී)
පහත් තැනින් යයි ගලා ජලේ...මේ ප්‍රතිචාර දාන ගැලරියේ මහත්වරුන්ට දැන් නම් මිනීමරුවෝ ඉවර වෙනවා කියල මෝඩ ජොලියක් ඇති නේද?ප්‍රධාන සැකකරු ඇතුළුව සියලු දෙනාටම මේ ඉරණම උදා උනානම් ඔබගේ සිතුවිල්ල තරමක් දුරට හෝ සාධාරණ විය හැක..නමුත් මේ පවතින සමාජ දේශපාලන ප්‍රවාහය ඔබ සිතනවාට වැඩිය වෙනස්ය. මෙහි ප්‍රධාන සැකකරු ප්‍රමාද වී හසු වේවි. නමුත් ඔහුට විරුද්ධව කිසිම සාක්ෂියක් ඉතිරි කර නැත. ප්‍රධාන සැකකරු මෙසේ දියේ ගිලී මිය යන්නේ ද නැත. වෙනසකට ඇත්තේ ඔහු මීලග ඝාතන සැලසුමට වෙනත් පිරිසක් සහභාගී කර ගැනීම පමණි. බලන්න තව ටික දිනකින් ඔහුට විරුද්ධව සාක්ෂි නොමැති නිසා දේශප්‍රේමී නම්බු නාමය සහිතව මොහුව නිදහස් වන ආකාරය.පුදුමයි නේද?ඒත් ඇත්තයි. (නදී)
අනේ මේ ඔයාල කියන විදියට ප්‍රදාන සැකකරුව අල්ලලා කොහොමද? එතකොට මේ කුඩු බිස්නස් කරගෙන යන්නේ කව්ද ? (නදී)
උපාලි විජයවර්දන : ඔබ 100% හරි. මෙතන ලොකුවට කොමෙන්ට් දැම්මට අපිට ඔහොම එකක් උනාම ඔය ලොකු කමෙන්ට් වලින් වැඩක් නෑ. (නදී)
මෙම සැකකරුවන්ව මාංචු දමලා නෙවෙයිද ගෙනියන්නේ? සැක කරුවන්ට මාංචු දාන්නා නිතියෙන් ඉඩක් නැද්ද? මට හිතෙන්නේ මාංචු දාල ගෙනියනවා නම් මෙවෙනි දී සිදුවෙන්න අමාරුයි. කොහොමටත් මිනිමරුවන් හිරකුඩුවල දාලා මොකට තවත් පොෂණය කරනවාද? නමුත් මෙය නිවරදිකාරයෙකුට උනොත් තමා නරක. (නදී)
විශ්වාස කරන්න එපා ,පෙනෙන ව්‍යාජ මතුපිටට වඩා නොපෙනෙන සත්‍ය ගැඹුරුයි. මේ සැකකරුවන් නිරුපද්‍රිතව නීතිය හමුවට ගෙනාවේ නම් ,මෙම අපරාධයට සම්බන්ධ අනෙකුත් සාක්ෂි ආරක්ෂිතව ඉදිරිපත් වුයේ නම් ,ප්‍රධාන සැකකරුට විරුද්ධව චෝදනා ඔප්පු කල නොහැක කියා නිදහස් කිරීම පහසුවෙන් කල නොහැක. දැන් මේ ප්‍රධාන බාධක ඉවත් වී තිබේ.තෝරු මෝරු දැල් වලට හසුකර ගනීද? (නදී)
අපරාද කරුවන් මරන එක හොඳයි. නමුත් ලංකාවේ පොලිසිය තරම් ජනතාවට අවිස්වාස ආයතනයක් තවත් නෑ. ඔය මුවාවෙන් පොලිසියේ පුද්ගලික අරමුණුත් ඉටු කරගන්නවා. ඒක හරිම භයානක කරුණක්. (නදී)
අප්පට සිරි ගජ, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකෙරෙන නිසා, ආයුධ පෙන්වන්න රැගෙන යාම නීතිගත කලොත් නරකද? (නදි)
මොන විදිහට හරි කමක් නෑ. අපරාද කාරයෝ මල එක හොදයි. පොලිසියට මගේ ප්‍රනාමය.(නදි)
කුඩු කන්ටේනර් ගෙනාපු වෙලාවේ ඔහුව නිදහස් කරන්න ප්‍රබල දේශපාලනඥයෙකුගේ ලේකම් වරයෙක් ලිපියකින් රේගුවෙන් ඉල්ලීමක් කළා නේද?එහෙම නම් මේ කුඩු ව්‍යාපාරිකයත් ඉතා බල සම්පන්න කෙනෙක්ද දන්නේ නැහැ. මේ ප්‍රධාන සැකකරු අහවලාගේ හිත්වතෙක්ද ? (නදී)
අල්ලාගත් සැකකරුවන්, නාන්න ගිහින්, ජල ක්‍රීඩා කරන්න ගිහින්,මාළු අල්ලන්න ගිහින්,නැතිනම් දිය යට තිබුණු මොනවා හරි හොයන්න ගිහින්,පීනන්න බැරුව කෙන්ඩ පෙරලිලා හෝ හුස්ම ගන්න අමතක වෙලා මලා කියමුකෝ. එවිට මේ මිනී මැරුමේ සාක්ෂි මෙතැනින්ම සේදී අවසන්ය. මෙය පොලිසියේ වීර ක්‍රියාවක් හෝ පරිපාලනයේ දක්ෂතාවයක් වන්නේ කෙසේද? දිනපතාම පාහේ මිනී මරුවෝ ,අපරාධකරුවෝ නිදහස් කරන රටේ මේවා නොදකින ,ඒවා නො පෙනෙන ,බන්දුල පෙරේරා වගේ තකතීරුවො ,මෙ සිද්ධියත් තමන්ගේ වාසියට පෙරලා ගන්නවා.(නදී)
ප්‍රමුක මහත්තයා ඒකත් දේශපාලනෙට පටලවලා කීයකට හරි විකුණා ගන්න හදන්නේ. මේ සිදුවීම ගැන ඒකට හේතුවුණු කරුණු ගැන නිසි ලෙස විග්‍රහයක් සති අන්ත පුවත්පත් වල තිබුනා. මිනිස්සු වුන දේත් වෙන දේත් දන්නවා. ඔබ තුමා තව උත්සහ කරන්න. ලංකාවේ මිනිසුන්ට දැන් ඕවා විකුනන්න අමරුයි. මංගල මහත්තයත් දැන් වැලේ වැල් නැතුව ඉන්නේ. (නදී)
මෙහෙම හෝ රටේ අපරාධ කරන අය නැතිවෙනවා නම් එතකොට අනෙක් රටේ නමගිය අපරාධ කළ අයත් බයවෙනවා. (නි)
මම මේ කල්පනා කරන්නේ, වැඩේ නියමයි කියලා දානවාද, අනේ රටකට ගිය කල කියලා දානවද කියලා. (නි)
උපාලි,නීතියේ ආධිපත්‍යය? මෙහෙම දෙයක් අද ලංකාවේ තිබෙනවද? ප්‍රායෝගික ලෝකෙක ජීවත් වෙන්න. (නි)
මෙහෙම හිතන්න , මේක ඔයාලගේ පවුලට වුණා නම්... තමන්ගේ ළමයා විතරක් ඉතුරු වුණා නම්... දෙන දඬුවම කුමක්ද? අධිකරණයට යනවද? (නි)
සමරනායක මහතා කියන අදහසට මමත් එකගයි (නි)
බන්දුල පෙරේරල වගේ අය මේවගේ සිදුවීම් වලින් ප්‍රමුඛව කියන කතාව තමයි හැංගුන ඇත්ත. පොඩි උන් ටික ආයුද පෙන්නන ගිහින් මැරුවම ලොකු එකාව පාවල දෙන්න කව්රුත් නැති වෙනවා. නීතිය හරියට ක්‍රියාත්මක වෙලා දේශ පාලුවෝ මිනී මරපු හිර කාරයන්ට අරයගෙ සමාව මෙයාගේ සමාව අරගෙන දෙන්නැතුව ලැබිච්ච දඩුවම විදින්න දුන්නනම් ගැටලුව ඉවරයි.(දිල්)
ප්‍රමුඛ වුණ දේ දන්නවා වගේනේ කතා කරන්නේ (නි)
අනික් කෙනාට අදම කියන්න ආයුද පෙන්නන්න ඕනේ නෑ. කෙලින්ම බාර වෙන්ට කියල. දැන් සාක්කි නෑ. දෙයියෝ සාක්කි විතරයි.(නදී)
මේ නිවුස් එක දැකල මෝඩ චුන් වෙන කට්ටියටයි කියන්නේ. රටක නීතිය ක්‍රියාත්මක කල යුත්තේ ඊට අදාල ආයතන මිසක් වෙන පුද්ගලික අවශ්‍යතාවලට නෙමේ. පහුගිය කාලේ අපි දැක්කද බලය හා සල්ලි තියන එක අපරාධකාරයෙක් ආයුධ පෙන්නන්න යනවා. ගමේ පියදාසල තමා හැමදාම ආයුධ පෙන්නුවේ. කුඩු බිස්නස් කරන, මිනී මරණ දේශපාලන හයිය තියෙන අය ඔක්කොම එළියේ. මේ කරන්නේ ලොකු අය බේරාගන්න සාක්ෂි නැති කරන එක.(නදී)
වැරදි කරන අයට දඩුවම් කරන්න ලංකාවේ නීතියක් නැද්ද .(නදී)
අපරාද කරුවන්ට දඬුවම් ලැබිය යුතු උවත් ලැබෙන ආකාරය ගැන සැක සහිතයි. අපි ජිවත් වන සමාජය කොතැනට ගමන් කරනවද කියා සිතා ගැනීමට නොහැක ...පාලකයින් මෙයට වගකිවයුතු බව පමණක් කිව යුතුවේ. (නදී)
ප්‍රධාන සැකකරු කවුද? (නි)
රටේ මානව හිමිකම් උල්ලංගනය කරනවා කියා ලෝකය පිළිගෙන තිබෙන්නේ රට තුළ නොනිල නීතිය රජ කරවන නිසාවෙනි. (නි)
අපි නොදන්නා ලංකාවේ නීතිය. (නි)
බන්දුල පෙරේරා වගේ අය හොදියි කිවුවට ,මේවා කරන්නේ කවුද?මොනවටද කියලා මොළේ තිබෙන කාටවුණත් තේරෙනවා (නි)
ප්‍රමුඛ.ඔබ හරියටම හරි. (නි)
නරනප්පා, කට... කට.... මොකෝ දේශද්‍රෝහියෙක් වෙන්නද කල්පනා කරන්නේ? (නි)
අවි පෙන්වන්න වැවට රැගෙන යන එක නම් නියමයි (නි)
ජෙනරල්ගේ වටිනාකම දැන් තමයි අපිට තේරෙන්නේ. (නි)
ඔය විදිහට බැලුවොත් ලංකාවට උසාවී ,නීතිඥ මහත්තුරු,හිර ගෙවල් ඕනෑ කරන්නේ නැහැනේ. (නි)
වැරදිකරුවන්ව පොලිසිය විසින් අවි පෙන්නන්න රැගෙන යන ඉතිහාසය අද ඊයෙක වුණ සිදුවීම් නොව මෙයට ආසන්න වශයෙන් අවුරුදු 15 කවත් ඉතිහාසයක් තිබේ. නැවත කරලියට ආ එක හොදය (නි)
එල්ලුම් ගස ක්‍රියාත්මක නොවීම නිසයි මෙවැනි දේවල් සිදුවෙන්නේ. අපරාධකාරයන්ට දඩුවමක් අවශ්‍යයි.නැතුව හිරගෙවල් පුරවලා වැඩක් නැහැ. අවිගත්තෝ ගොඩබිමකදී අවියෙන්ම නසිති, වතුරකදී නම් දියේ ගිලී නසිති.....දූහුවිල්ලෙන් සෑදුන මිනිසා දූහුවිල්ලක් බවටම පත්වේ.'අපරාධය සහ දඩුවම' කොච්චර ලස්සන සිංහල චිත්‍රපටයක්ද?.. (නි)
දැන් ප්‍රධාන සැකකාරයාට මොනවා හිතෙනවා ඇද්ද? (නි)
දැන්වත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න (නි)
ගාමිණි-මාතර, රට පාලනය කරන සියළු උදවියටත් ඔය කියන වැරදි තිබේ නම් ඔය ඉරණම වෙන අන්දමින් සිදුවෙනවා. එයයි මේ ලොවේ ස්වභාවය වගේම දඩුවම් දෙන්නේ අපි නොදන්නා බලවේග තුලින් (නි)
උපාලි විජේවර්දන, ඔබ හරියටම හරි.නන්දන ,ගාමිණී මාතර ඔයාලත් අහන ප්‍රශ්නය හරි. මේ අපරධකාරයෝ මේ තරම් බෝවුණේ රටේ ඉන්න සමහර දේශපාලුවෝ නිසයි. (නි)
රටේ නීතිය පොලිසිය අතට ගන්නේ නම් තවත් ඛේදවාචකයකි.මේ සම්බන්ධයෙන් ලංකාවේ මානව හිමිකම් ආයතන නිහඩයි. කෙසේ හෝ මේවා ගැන සොයා බලා ලංකාවේ නීති පද්ධතිය නැවත සකස් කළ යුතුවේ. දැන් රට පවතින්නේ අවශ්‍ය නම් නීතිය ක්‍රියාත්මක කරන තත්ත්වයකයි. (නි)
මේකේ දෙපැත්තක් තියනවා , බලු බැල්මට දඩුවමක් වගේ කලත් සාක්කි නැති කරන්න කරපු දෙයක්ද දන්නේ නෑ ,කව්ද දන්නේ පොලිසියේ ලොච්ක්කෙක් කුඩු ජාවාරමේ උඩින්ම ඉන්නවද කියලා (නදී)
ප්‍රධාන සැකකරු එකටම දුන්න නම් හරි, අවශේෂ ඇත්තෝ දෙවනුව බලාගත්තා නම් හරි වගේ.මොකද දැන් ඉතින් සතුටු වෙන ගොඩක් අය අතරේ උපදේශක තුමත් ඉන්නවා ඇති කියල හිතෙන්නේ. (ස)
ප්‍රදාන සැකකරුගේ නම මොන කැටයම්ද කිව්වා නේද. මොහුව සහ අනෙක් අපරදකරුවන්ට කලේ නිතිය අනුගමනය කරලා ඉවරයක් කරන්න ඕනේ. මේක පරණ වුනාම කැටයම්ට බේරෙන්න පුලුවන් වෙනවා. දැන් මම මොහුව ගඟක් ළඟ හෝ වැවක් ලඟදි අල්ලගන්න ඉස්සල්ලම බලන්න. මොහුට හොඳට පීනන්නන් පුලුවන්ද කියලා. දෙන්න වැඩේ කැටයම්ට යාම ලෝකේ ගිහින් කැටයම් කපන්න. (නදී)
මේ විධියට සැකකරැවෝ මැරෙන්න දෙන්නේ කොස්තාපල්ගේ මරණය පිටිපස්සේ ලොකුම ලොක්කෙක් ඇති. ඒ නම හෙලි වෙනවට කරන වැඩ තමා මේවා. කරපු අපරාදේ දරුණුකම නිසා කවුරුත් සැකකරුවෝ මැරෙනවට කැමතියි. ඒත් ඒකෙන් වැලලෙන්නේ යුක්තිය බව හැමෝම මතක තියා ගන්න. අපි හැමෝම කැමතියි අපරාධ කාරයෝ මේ ලෝකෙන් තුරන් කරනවට. ඒත් ඒව කරවන අයට කිසිදා දඩුවම් ලැබෙන්නනේ නෑ. අඩුම තරමින් නම්වත් හෙලි වෙන්නේ නෑ.... (ස)
නීතිය ගැන කතා කරන මහත්වරු අපේ රටේ නීති ක්‍රමය දන්නේ නැද්ද ? මෙවැනි භයානක අපරාධ කරන්නේ හොර ව්‍යාපාර වලින් කෝටි ගණන් හම්බ කරන අය. ඒ අයට නීතිඥයෝ වැහි වැහැලා. උසාවි දැම්මා නම් සති කිහිපයෙන් ඇප ලැබෙනවා. ඊට පස්සේ ඇවිල්ලා සාක්කිකාරයෝ බය කරනවා, නැත්නම් මරනවා. එවිට නඩුව විසි වෙලා ඔවුන් නිදහස් වෙනවා. ඊට පස්සේ මේ බණ කියන මහත්වරුන්ගේ ගෙවල් වලටත් පැනලා අහිංසකයන්ව දුෂණය කරලා මරන්න බැරි නැහැ. ඒක නිසා මිනිමරුවා හරියටම හඳුනා ගත්තම කාලයේ තාලයේ හැටියට සුදුසු තීරණයක් ගැනීමයි කරන්න තියෙන්නේ. (නි)
පුලුවන් නම් ප්‍රධාන සැකකරුත් හෙළිකරන්න (නි)
මෙතන අදහස් දමන සමහරු ගැන කණගාටු වෙමි. සැකකරුවකු, වරදකරුවකු බවට පත් කළ යුත්තේ රටේ අධිකරණය විසිනි. වෙනත් ක්‍රමයකින් වරදකරු බවට පත්කොට දඬුවම් කළ හැකිනම් උසාවි අවශ්‍ය නැත. එමගින් නඩුකාරයන්ගේ අවශ්‍යතාවක්ද පැන නොනගී. නඩු නැති නිසා නීතිඥවරුන් අවශ්‍ය වන්නේද නැත. සෑහෙන මුදල් ප්‍රමාණයක් ඉතිරිකරගත හැක. හැබැයි, එතකොට රටේ නීතිය තවමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා යැයි පුරසාරම් දෙඩිය නොහැක. මන්ද, බොහෝ වැරදිකරුවන්, නිවැරදිකරුවන් වීමටත් ඒ වගේම නිවැරදිකරුවන් වැරදිකරුවන් වීමටත් ඇති ප්‍රවණතාවය ශීඝ්‍රයෙන් ඉහළ යන බැවිනි. ඒ වගේම පාලන ක්‍රමයටද වෙනම නමක් දිය හැක. මන්ද ව්‍යවස්ථාව, විධායකය සහ අධිකරණය යන තුනෙන් අධිකරණය ගිලිහි ඇති නිසාය. (නි)
නීතියක් ඕනි නීති ගරුක සමාජයකට. අපේ රටේ මිනිස්සු හැදෙනකන් අපරාද කාරයන්ට මෙහෙම කරලා පාඩමක් උගන්නන්ට ඕනි. මේ දේ වෙනවා කියල දැනගත්තම අපරාද කාරයෝ බය වෙනවා. අපේ රට හැදෙනකන් රජ නිතිය තමයි තියෙන්න ඕනේ.(නදී)
මිනී මරණ, ගැහැණු දරුවෙකුටවත් ඉන්න දෙන්නැති අයට දැඩි දඩුවම් දිය යුතුයි.(නදී)
කැලේ නීතිය බොහෝ විට සාධාරණය ඉටු කරන නිසා කරුණාකර කට මැත දොඩවන්නේ නැතිව ඉන්න. රකිත් වැනි ගොඩ පෙරකදොරුවන් නිසා අපරාධ කරුවන්ට තව තවත් දිරිය ලැබෙනවා. විදේශ වල සිටින අපට ශ්‍රී ලංකාවේ පත්තර වල ඇති දේවල් දැක්කම දවසම හිතේ දුකින් ඉන්නේ.(නදී)
චන්ද්‍ර, දැන් එතකොට ඔය ඉන්න විදේශ රටේ ක්‍රියාත්මක වෙන්නේ කැලේ නීතියද? බොහෝ විට සාධාරණය ඉටු වෙනවනම් ඇයි දන්නේ නැහැ එම රටවල ඔය කියන කැලේ නිතිය ක්‍රියාත්මක නොකරන්නේ? මේ ලෝකේ මිනිසුන් වර්ග 4ක් සිටිනවා. සමහරෙක් තමා දන්නා බව දනිති. සමහරෙක් තමා දන්නා බව නොදනිති. සමහරෙක් තමා නොදන්නා බව දනිති. තවත් සමහරෙක් තමා නොදන්නා බව නොදනිති. මේ අවසාන වර්ගයට අයත්වන ඔබ වැනි අය ගැන මම කණගාටු වෙමි.(නදී)