සිය පෙම්වතියට (39)ඉතාලියේ මිලානෝ නගරයේ බාජ්ජියෝ ප්‍රදේශයේදී පහර දුන්නැයි පෝකර් සුදු අන්තුවකු වන පෙම්වතා (23) අත්අඩංගුවට ගත් ඉතාලි පොලීසීය පෙම්වතිය රෝහල් ගත කළේය.
දින 15 ක්ම ඇයට රෝහලේ ප්‍රතිකාර ගැනීමට සිදු වෙතියි පොලීසිය කියයි.
මුලදී ඇගෙන් යුරෝ 100 (රුපියල්18000 ) ඉල්ලා ඇතැයිද පසුව යුරෝ 200 (රුපියල් 36000 ) ක් ඉල්ලා ඇත. මුදල් නොලැබුණු නිසා ඇය ඉන්ටනෙට් මධ්‍යස්ථානයක් අසලට ඇදගෙන ගොස් තම පෙම්වතිය මුදලට හුවමාරු කරන බව දන්වා ඇත.
ඊට මහජන ප්‍රතිචාර නොලැබුණු නිසා පෙම්වතියට පහර දෙමින් ඒ අසල උද්‍යානයකට ඇදගෙන යද්දී ඇගේ විලාපය ඇසුණු පිරිසක් පොලීසියට දන්වා ඇත.මේ දෙදෙනා අසියා සංක්‍රමණිකයෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දන පනාගොඩ ගැන පත්තර වලින් ලිවිය යුතු නැත. ඔහුකරන ලද මහා පරිමානයේ වංචා ගැන කවුරුත් දන්නවා. ඒවාගෙන් තැවී තැවී ඔහු අනුන්ටද බනිනවා. පිටිගල නම් වැදගත් මහතෙකි. ඔහු ඇත්ත තිත්ත ලෙස කතා කරනවා මිසක් කාටවත් බනින්නේ නැත. (දී)
දැන් ඔය ඉතාලියේ වැරදි කරන සියල්ලෝම වෙන්නප්පුවෙමද?නිකන් කට තිබුන පලියට කියවන්න එපා.සියළු වැරදි වලට පළි වෙන්නප්පුවද? (නි)
පනාගොඩ, නයනා වගේ වෙන්නප්පුවේ නොවන අයට පුදුම වෙන්නප්පු භීතිකාවක්නේ තියෙන්නේ. එයාලා හිතාගෙන ඉන්නේ මුළු ආසියාවටම තියෙන්නේ වෙන්නප්පුව විතරයි කියලා. ඉතාලියේ ඉදලා ලංකාවේ නම කන අය ගැන දිවැස් කියන්න පෙර ලංකාවේ ඔයාලගේ ගමේ ඉදලා රට කන අය ගැන කතා කරලා ඉන්න. (නි)
ලෙස්ලි ලොව්,නන්දන පනාගොඩ දෙන්නම වලිගය පාගාගෙන දඟලන්න එපා.මම කොළඹ.දෙන්නත් එක්ක ගම් අතර බේද ඇතිකරන්න එපා. (නි)
අනේ නන්දන අයියෙ, ඔයා අර ලොටෝ එක සෙල්ලම් කරලා සිදුවුණ දේ අපි දන්නවනේ (නි)
ලෙස්ලි ලොව් කියන්නේ කවුද කියලත් අපි හොදට දන්නවා (නි)
මෙහිදී අප සළකා බැලිය යුත්තේ ගම කොහෙද රට කොහෙද යන්න නොවෙයි. මනුෂ්‍යත්වය මෙතරම් පහත් මට්ටමකට වැටෙන්නේ ඇයිද යන්නයි. මෙහි පෝකර් ගහන සූදු අන්තුවාත්, ඒ මත්තේ කිසිම හරයත් නොමැති අමිහිරි විවාදයක පැටලී සිටින ලාංකිකයනුත් අතර විශාල වෙනසක් මම දකින්නේ නැහැ. (නි)
වෙන්නප්පුවේ කට්ටිය සිදු කරන විවිධ මුල්‍ය අකටයුතු, පිහි හරඹ සහ බීමතින් හැසිරීම නිසා ගොඩක් කට්ටිය ඔවුන් ගැන අපැහැදීමකට පත් වෙලා. ලෙස්ලි ලොව් වැනි උගත් පුද්ගලයින් මේ අයව නිවැරදි මාර්ගයට යොමු කළයුතුයි. (නි)
වෙන්නප්පුවේ තරුණ සමිතියක් පිළිකා රෝහලට සංගීත සංදර්ශනයෙන් එකතු කළ මුදල් වලට මොකද වුණේ? කරුණාකර කියනවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
ලංකාදීප අපේ අදහස් වලට ඉඩදෙන එකට පින් (නි)
අම්මපා! මේ බෞද්ධ අයම නේද රණ්ඩු වෙන්නේ මෙතන? (නි)
මට ලැබුණු ආරංචිය අනුව පිටිගල මිලානො, ප්‍රවේශමෙන්! (නි)
අනේ, ලංකාවේ රුපියලට ගිය කල, 180 ක්. රට දියුණුයි කියනවා . ඒක පෙනව දවස ගානේ රුපියල වැටෙන හැටි දැක්කම. (දී)
සදාචාරයක් නැති කම තමයි මේ
මෙය රුපියලේ අගය පහළ වැටීම නිසා ආනයන අපනයන පරතරය නිසා වෙන දෙයක්. නැතුව රට පිරිහෙන නිසා වෙන දෙයක් නෙමෙයි. අපේ රටේ සම්පත් නැති නිසා කොහොමත් පිටරටින් බඩු ගෙන්නන්න වෙනවා. අපිට වැඩිපුරම සල්ලි යන්නේ තෙල් මිලදී ගන්න. (නි)
නාලක, සදාචාරයක් නැත්තේ කොහේ අයටද කියලා දන්නවනේ? (නි)
කොහොමත් මෙවැනි දේවල් සිදුවන්නේ ඉතාලියේ සිටින ලාංකිකයන් විසින් කියන බව පෙර සිටම අප දුටු බොහෝ පුවත් වලින් සනාථ වෙනවා. මම සිතන්නේ අධ්‍යානයේ අඩුවත් සමාජ තත්ත්වයත් මෙයට බලපානවා. (නි)
මොවුන් අපට ලැජ්ජා කරනවා (නි)
මේක සුළු දෙයක්නේ. අහලා නැද්ද නල-දමයන්ති කතාව? (නි)
ගමක් වශයෙන් වෙන්නප්පුව දියුණු වෙනවා වේගයෙන්, ඒක දිරවන්නේ නැති අයට මොනවා වුණත් වෙන්නප්පුව පිටින් යවන්න ඕනෑ වගේ. හොරකම් මැරකම් වෙන්නෙම නැති රටක මෙයාලා ඉන්නවා වගේ හිතාගෙන ඉන්නේ. බොරු මාන්නයෙන් ඔලුව ඉදිමුණු අය තමා රට බෙදන්න යන්නේ. (නි)
කමන්, ඔබ මා ගැන දන්නේ කුමක්ද?සංජිව, ගැටුම් ඇති කරන්න හදන අයට පිළිතුරු තමයි මම දුන්නේ. (නි)
අපෝ වෙන්නප්පුවේ කට්ටිය ගැන කියල වැඩක් නැහැ ...(ත)
මේ පෝකර්කාරු ලංකාවේ කෙනෙක්ද ? ලංකාවේ කෙනෙක් නම් අපට දැන ගැනීමට නම දමන්න (නි)
ෂුවර් එකටම වෙන්නප්පුවේ වෙන්න ඇති (නි)
අපේ සිංහල කෙනෙක්ද දන්නෙ නැහැ නේද? (නි)
ලංකාවේ නම කන්නේ වෙන්නප්පුවේ අය බවයි මම නම් කියන්නේ (නි)
කෝ අර පිටිගල මහතා? එයා නම් කිව්වා මිලානෝ නගරය තරම් හොද නගරයක් වෙන කොහෙවත් නැහැ කියලා (නි)
බූරුවා ගැසූ අය පෝකර් ගසන්න ගියවිට ගංජා - හෙරොයින් වලට මාරු වුවා සේ සමානයි (නි)
නන්දන පනාගොඩ සහ නයනා, ඔබ දෙපලට මම සංවාදයකට සුහද ආරාධනයක් කරනවා, ඔබ කොහොමද එහෙම නිගමනය කරන්නේ කියලා.මමත් වෙන්නප්පුවේ (නි)
ගන්නේ සෙරෙප්පුව.... කන්න වෙන්නේ පරිප්පුව.... මම දන්නවා හොදට වෙන්නප්පුව... ඔයා යන්න එපා නයනා (නි)
සිරියලතා, ඔය වැඩේ කරලා තියෙන්නේ ඔයා හිතන කෙනා තමයි (නි)
අපිටත් අපිටත් ළඟදීම ජාත්‍යන්තර පොකර් තරඟ වලට ලංකාවේදීම [ කොළඹ දී ]ඉදිරිපත් වෙන්න අවස්තාව ඉතාම ඉක්මනින ලැබෙනවා .කෝ අර කැසිනෝ හෝටල් දෙක හැදෙනකන් මම දින ගණන් කර කර ඉන්නේ ..හැබැයි ඉතින් තරඟයක් දිනලා වෙන රටවල් වලදී වගේ කිසි ප්‍රශ්නයක් නැතුව ගෙදර එනවා වගේ කොළඹ ඉඳල නම් ගෙදරට එන්න ලැබෙයිද කියල තමයි විශ්වාස නැත්තේ ..(දිල්)
ඉතාලියෙ වෙන නොවෙන දේවල් අපිට දැන් කොපමණ සමීප වෙලාද? (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ලෙස්ලි ලොව්, සාන්ත අගෝස්තීනෝ පැත්තේ යන්න. නම, ලිපිනය සියල්ල සොයාගන්න පුළුවන්. (නි)
නයනා නංගි, දුකයි නගෝ ඔයා ගැන. අර නන්දන පනාගොඩ අයියට වෙලා තියෙන්නේ ඕකේ අනෙක් පැත්ත. අනේ මන්දා ඕවා ඉතින්?? (නි)
නන්දන .නයනා ඔයාලට ෂුවර්ද වෙන්නප්පුවේ කෙනෙක් කියල මොකද ඔයාල දෙන්න පන අල්ලන නිසා නිකන් කට තිබුණු පලියට කියවන්ඩ එපා අපිත් වෙන්නප්පුවේ තමා ඉන්නේ (අ)
උඩ බලාගෙන කෙල ගහගන්න එපා. මේ අය ලංකාවේ කියලත් නැතිව ඔය කට්ටිය සිංහල මිනිස්සුන්ට නිග්‍රහ කරන්න ගන්න එපා. මේ අපි ඔක්කොම ජාතික ධජය යටතේ එකතුවෙන්න ඕනේ වෙලාවක්. ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් කියල කතාවක් අහල ඇතිනේ....? (දී)
නන්දන මම කොහෙවත් යන්න අවශ්‍ය නැහැ .මම ඔයාලටයි මේ අභියෝගය කරන්නේ නරක වැඩ කරන්නේ වෙන්නප්පුවේ අය විතරද කියල මා සමග ප්‍රසිද්ධ විවාදයකට එන්න . (දී)
අම්මෝ යුරෝ එක දැන් 180ක් වෙලාද ?
වෙන්නප්පුවේ අයට මගුලක් වත් කරගන්න වෙන්නේ නැහැ මෙහෙම ගියොත්. (දී)
කියන්න කණගාටුයි මේතන ලියා ඈති දෙවල් බලාපුවාම. දෙමල අයට වඩා,තමන්ගෙ ජාතියෙ අතරෙත් වෙන්වෙන්න උත්සහා කරන්නෙ සිංහල අයනෙ. (දී)