IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


“පක්ෂ පාට වැඩක් නෑ. කරන දේ ඉවසීමෙන් බලා සිටින්න“

‘‘ අපේ දින සියයේ වැඩසටහන හා ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න ගියාම තමයි තේරුණේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය නැතිව මේ පොරොන්දු ඉටුකරන්න බැරි බව.‘‘ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් කීවේය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

අසීමිත බලය සහිත ලොව කොතනවත් නැති විධායක ජනාධිපති ක්‍රමයක් තිබුණත් මේ වැඩේ කරන්න බැහැ පාර්ලිමේන්තු බලය නැතිව. තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 127 ක් ඉන්නවා. ආදරණීය එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් කියාවි මැතිවරණයකට යන්න කියා. මැතිවරණයකට ගියොත් මේ වැඩපිළිවෙල දින 100න් නොවෙයි 150න් වත් කරන්න බැහැ. මැතිවරණයකට ගිහින් යළි එන පාර්ලිමේන්තුව මොනවගේ වේවිද කියා අපිට හිතන්න බැහැ. උපකල්පනය කරන්න බැහැ. දින සියය වතුරේ යවන්නවත් මැතිවරණ පොරොන්දු අමතක කරන්නත් බැහැ. ඒ නිසා මට තිබුණු එකම විසඳුම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ සහයෝගය මේකට ගැනීම. එහිදී මා කිව යුතුයි මාව පක්ෂයේ සභාපති කරන්න මහින්ද රාජපක්ෂ මහතාගේ හිත මේ සඳහා එකඟ කරවා ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් වැඩ කළා. මැතිවරණය සමග ඒ අය විවිධ මත දරණ තත්ත්වයට පත්ව සිටියා. එක් කණ්ඩායමක් මා හමුවී කිව්වා රටේ හා පක්ෂයේ අනාගතය වෙනුවෙන් හා ඔබේ පොරොන්දු ඉටු කිරීමට හොඳම දේ පක්ෂය භාර ගන්න කියලා. ඒ අය කිව්වා මහින්ද රාජපක්ෂ මහතා සමග කතා කරන්නම් කිව්වා. කතානායක නිල නිවසේ දී මා හිටපු ජනාධිපතිතුමා හමුවුණා. ඇතැම් මාධ්‍ය මගින් කිව්වා මා කිසිවකු සමග කතා නොකර හිටපු ජනාධිපති තුමා සමග සාකච්ඡා කලා කියා. හමුවූ විදිය වැදගත් නැහැ. ගත් තීරණයි වදැගත් වන්නේ. අපි විනාඩි 10ක් වත් කතා කළේ නැහැ. එතුමා මා සමග පමණක් කතා කරණවා කිව්වා. කතානායක තුමා එතැන හිටියා. ඔවුන් දෙදෙනා සහ මා පමණයි සිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 25ක් පමණ වෙනත් කාමරයක හිටියා. පාක්ෂිකයන්ට සිදුවන හිරිහැර තියෙනබව එතුමා කිව්වා. පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හා පශ්චාත් ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන්න කළ හැකි දේ කරණවා කියා මා කීවා.

මහින්ද මහතා කිව්වා මෛත්‍රී පක්ෂය භාර ගන්න කැමති ද කියා. මා කැමැත්ත කිව්වා. පක්ෂය භාරගෙන මා අලුත් නිලධාරී මණ්ඩලයක් තෝරාගන්නා බවත් කීවා. එතුමා පැකිලීකින් තොරව කැමැත්ත දුන්නා. එතුමාගේ තත්ත්වය කුමක්ද කියා එතුමා ඇහුවා. මා මධ්‍යම කාරක සභාවෙන් තීරණයක් අරගෙන දැනුම් දෙන්නම් කිව්වා. අපි තේ බිව්වා. ආප්ප කෑවේ නෑ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව. පක්ෂ රැසක් හා මහජන සංවිධාන රාශියක් එක්ව මා ජනාධිපතිවරයා බවට පත්කළා. මා නමවැනිදා දිවුරුම් දුන්නා. සිකුරාදා (ජනවාරි 09) මා දිවුරුම් දුන්නා. පසුව මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස තෝරාගත්තා. අපි හඳුන්වාදෙන්න උත්සාහ ගන්නා මේ දේශපාලන සංස්කෘතිය අපි තේරුම් ගත යුතුයි. මා ඇමතිකම්, අගමැතිකම භාර ගන්න කියද්දී ඒක දාලා ඇවිත්, පක්ෂයේ ලේකම් කම අමතක කරලා ඇවිත් අවුරුදු 47ක් මට කෙණෙහිලිකම් කරපු එක්සත් ජාතික පක්ෂය සමග එක්ව මැතිවරණ ව්‍යාපාරයක් කරලා මේ තනතුරට මා ජනතාව විසින් පත්කැර ගත්තා. මැතිවරණ ව්‍යාපාරයේ දී පැහැදිලිව කිව්වා ජාතික ආණ්ඩුවක් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන.

අපි ජාතික ආණ්ඩුවක් ගැන සංකල්පය ක්‍රියාත්මක කිරීම තීරණය කරලා තියෙන්නේ දින සියයට පමණක් නොවෙයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් මමත් මැතිවරණ වේදිකාවේ දී පැහැදිලිව කිව්වා මහ මැතිවරණයක ප්‍රතිඵල ආවට පස්සෙත් අඩුම වශයෙන් අවුරුදු දෙකක් ජාතික ආණ්ඩුවක් ගෙන යනවා කියා. මේ දින සියය සම්පූර්ණ කරගෙන ඉන් පසුවත් වසර දෙකක් පමණ සහයෝගයෙන් වැඩ කරන්න අපට පුළුවන් ද කියන එක මේ තත්ත්වය තුළ තේරුම්ගත යුතුයි. ඒ සඳහා මේ ප්‍රචණ්ඩත්වය සම්පූර්ණයෙන්ම නැති විය යුතුයි. ප්‍රචණ්ඩත්වය අයිති අමුනුෂ්‍යයන්ට. මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දුන්නේ නැතිනම් ඇතිවන තත්ත්වය මොකක්ද කියා මා දන්නවා. මේ දෙපාර්ශවයේ එකඟතාව අවශ්‍යයි. මැතිවරණයෙන් පස්සේ මේ සුහදතාව ගොඩනැගීම අත්‍යාවශ්‍යයි. මා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව එය පහත් කොට කතා කරලා මා ඒ ව්‍යාපාරයට තර්ජනයක් වන ආකාරයෙන් කටයුතු කරණවානම් එය මගේ මනුෂ්‍ය ගතියක්යැයි මා සිතන්නේ නැහැ. දින සියය ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මට භාර දීලා තියෙනවා. මා ඒ පක්ෂය පාවා දිය යුතු නැහැ.

ලෝකයේ සංවර්ධනය වූ රවටල්වල මේ වගේ මැතිවරණ තියෙනවා. මැතිවරණයක් තියෙනවාද කියා ජනතාවට එය දැනෙන්නේවත් නැහැ. ප්‍රචණ්ඩ ක්‍රියා නැහැ. ආණ්ඩුව විපක්ෂය කියා බේදයක් නැතිව ඒ අය වැඩකරගෙන යනවා. මුලින් අපිට තියෙන්නේ දින සියය සම්පූර්ණ කර ගැනීම. අවසානයේ අපි කළ යුත්තේ මැතිවරණයට යාම. මෙය ඉතා අවබෝධයෙන් කරගතයුතු වැඩක්. අපි මෙතැනින් එහාට යන්නේ කොහොමද කියා ඉන් පසු වැඩපිළිවෙලකට යන්න ඕනේ. මේක කාටවත් හුරු නැහැ. ඒක දෙපැත්තට අදින්නමයි හදන්නේ. කඩන්නමයි හදන්නේ. මේක කැඩුවොත් රට පරාදයි. පැහැදිලිවම මෙතැන තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේවත් න්‍යාය පත්‍රයක් නැහැ. අපි රට හා ජනතාව මුලට දාන්න ඕනෑ. පසුව පක්ෂ ගැන හිතන්න පුළුවන්. අභියෝග ජයගන්න පස්සේ පුළුවන්. මැතිවරණයේ දී වේදිකාව තෝරාගන්නේ මොන වේදිකාවද කතා කරන්නේ මොනවා ද ? කියන්නේ මොනවාද කියා පස්සේ හිතමු.

ආදරණීය එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ගෙන් මා ඉල්ලා සිටින්නේ ඉවසීමෙන් මේ කාර්යයට සහය දෙන්න කියා. මෙවැනි පූර්වාදර්ශයක් අපේ රටේ නැහැ. මුළු ලෝකයම මේ ගැන බලා සිටිනවා. මේ අත්හදා බැලීම ඉතා කටුකයි. සංකිර්ණයි. ඒ නිසා අපිට සහයෝගයෙන් බලා සිටින්න.

‘‘ පසුගිය පාලනය ප්‍රතික්ෂේප කළේ උතුරේ නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනතාව පමණක් නොවේ. මේ පාලනය වෙනස් කිරීමට මෙරට සිංහල බෞද්ධ ජනතාවත් විශාල වශයෙන් තමන්ට ඡන්දය දී තිබෙනවා. ඒ නිසා හිටපු ජනාධිපතිවරයාට කලින් 2005 දී හා 2010 දී ලැබුණු ඡන්ද පදනම විශාල වශයෙන් අඩුවී තිබෙනවා.“ යැයි ද ජනාධිපතිවරයා කියා සිටියේය. 



අදහස් (0)

“පක්ෂ පාට වැඩක් නෑ. කරන දේ ඉවසීමෙන් බලා සිටින්න“

සමන් Sunday, 01 February 2015 03:26 AM

ජනාදිපති තුමනි, කිසිම කෙනෙකුගේ ග්‍රහණයට අසුවන්න එපා. රට ජාතිය පලවෙනි තැනට හිතන්න. ඔබ තුමා කවුරු හරි කට්ටියක් පාලනය කරන්න හදනවද කියන සැකය අපි තුල තිබෙනවා. ඔබතුමාට කවුරු නැතත් ශ්‍රී ලංකා පාක්ෂිකයෝ ඉන්නවා. (නදී)

:       0       0

අසංග Sunday, 01 February 2015 05:20 AM

මෙතුමා මෙච්චර කල් දේශපාලනය කරපු කෙනෙක්. ඇයි පාර්ලිමේන්තු බහුතරයක් නැතිව කිසි දෙයක් කරන්න බැහැ කියා නොදැනද සිටියේ. (නදී)

:       0       0

සුමන මානන්දුව. Sunday, 01 February 2015 05:23 AM

රංගන අහනවා කවුද කකුලෙන් අදින්න කියලා. දන්නෙම නැද්ද ? (නදී)

:       0       0

සාරංග Saturday, 31 January 2015 04:06 PM

ඔබතුමාට මම හදවතින්ම ගරුකරනවා (නි)

:       0       0

ජයන්ත Saturday, 31 January 2015 04:10 PM

ඔබතුමාට ජය වේවා! (නි)

:       0       0

සිරී Sunday, 01 February 2015 07:08 AM

ජනාධිපති තුමනි, ඔබ යන මග හරි, ඔබතුමාට කවුරු නැතත් ආදරණීය එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් ඉන්නවා. (ර)

:       0       0

සයුරි Sunday, 01 February 2015 07:50 AM

මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණු ඡන්ද පනස් අට ලක්ෂය දේශප්‍රේමී ඡන්ද ලක්ෂ 58 ක් බව නම් අමතක කරන්න එපා. හිටපු රජයේ කොපමණ අඩු පාඩු තිබුනත් මේ බහුතරයේ බහුතරය රට පෙරට තිබ්බා (නදී)

:       0       0

විජිත බුලත්සිංහල Saturday, 31 January 2015 11:31 PM

ඔබ යන මග හරි වගේ දැනෙනවා. අවංකවම ඉදිරියට යන්න. ගැට වලට අහුවෙන්න එපා. අසාද් සාලි වගේ අයවත් පාලනය කරගන්න මර්වින් වගේ අයට මතුවෙන්න දෙන්න එපා. (නදී)

:       0       0

අර්ජුන රණවන Sunday, 01 February 2015 12:57 AM

රට ජාතිය ආගම ප්‍රධානයි. පාට පක්ෂ බේද පසෙකලා රට ගැන ගත යුතු තීරණය ගත යුතුයි (නදී)

:       0       0

රෝයි Sunday, 01 February 2015 02:08 AM

පොරොන්දු ක්‍රියාත්මක කරන්න 2/3 බලයක් අවශ්‍යයි කියල කලින් දැනගන නොසිටීමත් ප්‍රශ්ණයක් නේද? (නදී)

:       0       0

රංගන Sunday, 01 February 2015 02:36 AM

කව්ද මේ කුකලෙන් අදින්නේ ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 17 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1334 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 816 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1353 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 964 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site