IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


“පගා ගන්න තැන් කිව්වොත් වර්ජන කරාවි“

තමන්ගේ වැටුප් ප‍්‍රමාණවත් නැතැයි මන්ත‍්‍රීවරුන් කීවත් රටේ ආර්ථිකය හා භාණ්ඩාගාරයේ තත්ත්වය අනුව ඔවුන්ගේ හා රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කළ හැකිද යන්න ගැටළුවක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා  පැවසීය.

තමන්ට සියලූ දීමනා සමග ලැබෙන්නේ මන්ත‍්‍රීවරයෙකුටත් වඩා අඩු වැටුපක් වුවත් තමන් කිසි දිනෙකත් වැටුප් වැඩිකරන්නැයි නොඉල්ලන බව කී ජනාධිපති මන්ත‍්‍රීවරුන්ගේ වියදම්වල පාලනයක් මෙන්ම ජීවිතවල සරල බවක් තිබිය යුතුයැයි ද සඳහන් කළේය.

ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ පස් දෙනෙක් සිටින බවත් වාහන පහක් ඇති බවද කීය.

මේ වරප‍්‍රසාදවලින් අපිට යම් ප‍්‍රමාණයක් අඩු කරගත හැකිද යන්න පිළිබඳව කවුරුත් සැලකිලිමත් විය යුතු බව ද ජනාධිපති පැවසුවේය.

නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න යන මන්ත‍්‍රීවරුන් දීමනා ප‍්‍රමාණවත් නොවන බවට කරුණු දැක්වූහ.

අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන මට්ටමෙන් ගත්විට ටෙන්ඩර් ක‍්‍රියාවලිය සියයට පනහකට වඩා දූෂිත බව කී ජනාධිපතිවරයා තාක්ෂණ ඇගයීම් කමිටු නිලධාරීන් ද ඔවුන්ට සම්බන්ධකම් තියෙන සමාගම්,ආයතන වෙනුවෙන් පෙනී සිටින බව සඳහන් කළේය.

සංවිධානාත්මක  අල්ලස හා දූෂණය අද සිදුවන බව කී ජනාධිපති එසේ සිදුවන දෙපාර්තමේන්තු නම් කළහොත් හෙට උදේ වර්ජනය කිරීමට ඉඩ ඇති නිසා නම් නොකියන බව ද ප‍්‍රකාශ කළේය.

සමහරුන් යම් ලිපිගොනුවක් ඉදිරිපත් කළ විට එෆ්.සී.අයි.ඞී යන්න වෙයි කියලා අත්සන් තැබීම ප‍්‍රතිෙක්‍ෂ්ප කරන තත්ත්වයක් ඇතැයි කී ඔහු තමන්ට අයිති දේ නිසිලෙස ඉටුකරනවා නම් එසේ සිතන්නට වන්නේ නැතැයි ද කීවේය.

විපක්‍ෂනායක ආර්. සම්බන්ධන්,කතානායක කරු ජයසූරිය යන මහත්වරුද එක්වූහ.



අදහස් (0)

“පගා ගන්න තැන් කිව්වොත් වර්ජන කරාවි“

කමල් Saturday, 10 December 2016 02:59 AM

වැඩ කළොත් මීටවඩා වටිනවා කියව කියවා ඉන්නවට වඩා. (නි)

:       0       0

බීනු Saturday, 10 December 2016 03:54 AM

ජනාධිපති වුණාම කෙළින් වැඩ කළයුතුයි. වැරදි දැක දැක වර්ජන වලට බයේ ඉන්න එක වැරදියි (නි)

:       0       0

විකී Saturday, 10 December 2016 05:30 AM

තනතුරේ රාජකාරි කරන්න ශක්තියක් නැත්නම් එවන් දේශපාලකයන් රට තවත් විනාශ නොකර ගෙදර යා යුතුයි (නි)

:       0       0

මාලනී Saturday, 10 December 2016 12:30 PM

මේ කතා කිවුවා කියලා අපිට ඇති වැඩේ මොකක්ද? (නි)

:       0       0

රජිත් Saturday, 10 December 2016 02:50 PM

වටිනා කතාවක් (නි)

:       0       0

දිලීප් Friday, 09 December 2016 01:07 PM

ඔබතුම පත්කළේ ඒවා නවතන්න තමයි (නි)

:       0       0

සරත් Friday, 09 December 2016 01:24 PM

සැබෑ ජනතා සේවකයාට ඕනෑම අභියෝගය ජයගත හැක. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 10 December 2016 05:30 PM

තමන් දුන්න පොරොන්දු හරියට ඉටුකරනවා නම් කවුරුන් කකුලෙන් අදින්න හැදුවත් දුෂිතයන් පළවා හරින්න ඡන්දය දුන් 60 ලක්ෂයක් සහායට ඉන්නවා කියන දෙය ඔබ පරිණත දේශපාලකයෙක් ලෙස කියනවා නම් නම් කිසිම ගැටළුවක් නැහැ. නමුත් යහපාලනය වෙනුවෙන් සටන් කර ඡන්දය දුන් ජනතාවගේ සිතුම් පැතුම් වලට මෙහෙම පයින් ගසන්න ගියොත් මේ ආණ්ඩුවටත් ජනවාරි 8 ක් උදාවෙනවා සිකුරුයි (නි)

:       0       0

උදාර Friday, 09 December 2016 01:51 PM

මට හිතෙන දේ මෙතන ලියන්න අමාරුයි (නි)

:       0       0

රවීන් Friday, 09 December 2016 02:01 PM

අපෝ අපෝ ජනාධිපතිතුමනි, තැන තැන උද්ඝෝෂණ අමතක වුණාද? එතකොට පාරදිගේ විරෝධතා? (නි)

:       0       0

ඉමේශ් Saturday, 10 December 2016 08:02 PM

එහෙම නොකියා හිටියා කියලා ප්‍රශ්නය විසඳෙනවද? (නි)

:       0       0

දුමින්ද Saturday, 10 December 2016 09:02 PM

මම නම් කරන සේවයට/වැඩට ගෙවන පඩිය මදි කියලා හිතුන හැම වේලාවේම රැකියා ස්ථානය වෙනස් කළා. මොකටද කෙඳිරිගගා ඉන්නේ, තම සුදුසුකම් වලට සුදුසු පඩියක් තියෙන රැකියාවක් සොයාගන්න එකනේ තියෙන්නේ. (නි)

:       0       0

සමන් Friday, 09 December 2016 02:13 PM

ඔක්කොටම කලින් ඔබතුමාගේ වියදම් අඩුකරලා රටට ආදර්ශයක් දෙන්නකෝ. එතකොට අනිත් අයගේ ඒවත් අඩුකරන්න පුළුවන්. අපිට ආරංචි හැටියට අයවැයෙන් සෑහෙන මුදලක් ඔබතුමාලගේ නඩත්තුවට වෙන්කරලා තියනවා (නි)

:       0       0

මෂූඩ් Friday, 09 December 2016 04:32 PM

මන්ත්‍රීවරුන් ජනතාවට පටි තදකරන්න කියා, හැන්ද අතේ තියන අය බෙදා ගන්න කුරුමානම් අල්ලනවා (නි)

:       0       0

රොකී Sunday, 11 December 2016 01:36 AM

වැටුප මදි නම් ඇයි මේ මන්ත්‍රීතුමාලා පාර්ලිමේන්තුවට රිංගාගන්න ඔච්චර වලිකන්නේ? ඕක ඇතුළට ඇවිල්ලා ඉන්න සමහර මහත්වරුන්ට දෙපාර්තමේන්තුවක පියන් කෙනෙක් වෙන්න තරම්වත් සුදුසුකම් නැහැ. වැටුපට අමතරව ගහන්න පුළුවන් හැම පැත්තෙන්ම පිල්ලි ගහ ගහා තවත් මදි කියනවා. අනේ මෙහෙම තණ්හාවක්! රටේ අවාසනාව! (නි)

:       0       0

කළ්‍යාණ Friday, 09 December 2016 05:17 PM

ජනාධිපතිතුමාගේ වැදගත් ප්‍රකාශයක්. (නි)

:       0       0

මිනිපෙ Friday, 09 December 2016 05:28 PM

අහා! එහෙනම් ඔබතුමා දන්නවා වෙන ජිල්මාට්.හොරුන්ව ඇල්ලුවොත් පාලක පක්ෂය දුර්වල වෙනවා දකින්න ඔබතුමා කැමති නැතුව ඇති. (නි)

:       0       0

ගුණසිරි Friday, 09 December 2016 06:02 PM

ලැජ්ජා නැතිකම මහරජකමටත් වඩා ලොකුයිලු කියලා වර්ජනයන්ට බයේ දුෂණයට ඉඩදීම කොතරම් බරපතලද? (නි)

:       0       0

වසන්ත Sunday, 11 December 2016 02:37 AM

ගිහිල්ල කුඹුරක් හෝ හේනක් වගා කරන්න. නැත්නම් පත්තරවලට ලියන්න. රට තවත් විනාස කරන්න එපා (හේ)

:       0       0

අජිත් Friday, 09 December 2016 09:47 PM

ඔහොම බය වෙලා නම් බැහැ හොඳේ (නි)

:       0       0

විකුම් Friday, 09 December 2016 11:43 PM

ඔබගේ රජයේ තියන දුෂණයන් ඔබතුමාම පිළිගන්නවා. (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 09 December 2016 11:57 PM

අනේ අනේ අපිව බදුවලින් හූරලා මෙයාලා සැප විඳින්න හදන හැටි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 6515 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4958 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 921 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1320 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 3179 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 4150 11

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40181 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26009 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 274 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1330 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site